අම්මෙක් වෙන්න යන අලුත් ආරංචිය ඇසුණු සෑම කාන්තාවකගේම හිත වචනයට නගන්න බැරි තරම් සතුටකින් පිරී යනවා. ඒ ඇයගේ පළමු ගැබ් ගැනීමේදී පමණක් නොවේ. කාන්තාවක දෙවෙනි, තුන්වෙනි වරට ගැබ් ගත්තද අම්මෙක් වෙන්නට යන ආරංචිය ඇයට මහමෙරක් මෙනි. කුස තුළ වැඩෙන කීවෙනි දරුවා වුවද සෑම දරුවෙක්ම මවකට ගෙන එන්නේ අලුත් අත්දැකීම් සමුදායකි. ඒ ගැබිනි සමය තුළ තමන්ට අත්දකින්නට සිදුවන ඇත්දැකීම් පිළිබඳව දෙගිඩියාවකුත් සමගයි. වටපිටාවෙන් බොහොමයක් උපදෙස් ගැබිනි මවකට නිරන්තරයෙන්ම හිමි වුවද එහි සත්‍ය අසත්‍ය බව පිළිබඳව ඇතිවන්නේ ගැටලුවකි. අන්න ඒ නිසාම විශේෂඥ වෛද්‍ය සාකච්ඡාවක් සමගින් parenting.lk හරහා මෙතැන් සිට දිග හැරෙන, පළමු ත්‍රෛමාසිකය පිළිබඳව එනම් පළමු සතියේ සිට දොළොස් වන සතිය දක්වා සතියෙන් සතිය සවිස්තරාත්මක සැකසුණු ලිපි පෙළ ගැබිනි සමය පිළිබඳව නිවැරදිම දැනුම ලබා දෙනු නිසැකය.