Home Blog Page 5

ඔයාට ඕනී දුවෙක්ද? පුතෙක්ද?

0
ඔයාට ඕනී දුවෙක්ද? පුතෙක්ද?

වර්තමානයේ බොහෝ විට සැමියාත් බිරිඳත් දෙදෙනාම රැකියා වල නියුතු නිසා ඉතාමත් කාර්්‍යය බහුලයි. එනිසාම දුවෙකුයි පුතෙකුයි කියන සංකල්පයට අපි නිරායාසයෙනම නැඹුරු වෙනවා. බොහෝ විට එක දරුවකුට හෝ දරුවන් දෙදෙනෙකුට පමණයි පවුලක ඉඩ කඩ හිමි වෙන්නේ. ඒත් දරුවො කිහිපදෙනෙක් සිටින නිවසක් කොයි තරම් පිරිපුන්ද කියලා මට හිතෙනවා. පහුගිය දවසක යෙහෙළියකගෙ අලුත ඉපදුන දූ පැටියෙක් බලන්න ගියා. අනේ ඉතින් රෝස මලක් වගේ ලස්සන දෝනී පැටියා හරිම ලස්සනයි.

“අපිට නම් දැන් ඉතින් දුවයි පුතයි ඉන්නවා. පුතාල දෙන්නෙක් ඉන්න නිසා හදන්නකො දුවෙක් ”

“ දුවෙක් හදන්න හිතලා තුන්වෙනියත් පුතෙක් වුණොත් ”

“ අයියෝ ඒවට ක්‍රම තියෙනවා මමත් ඒ ක්‍රමයට තමයි දුව හදා ගත්තේ ”

“ ඒ කොහොමද? ”

අපේ සිංහල වෛද්‍යක්‍රමයට අනුව ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන් ක්‍රම තිබිලා තියෙන බවට මමත් අහලා තියෙනවා. ඒ එක් ක්‍රමයක් තමයි මේ

  • කාන්තාවකට ඔසප් වීම ඇරඹුන දින සිට ඉරට්ටේ දින වල එනම් 06, 08, 10, 12, 14,16 යන දිනවල ලිංගිකව එක්වීමෙන් දියණියක් අපේක්ෂා කළ හැකිය.
  • ඔසප් වීම ඇරඹුණු දින සිට ඔත්තේ දිනවල එනම් 5, 7, 9, 11, 13, 15 යන දින වල ලිංගිකව එක්වීමෙන් පුතෙකු අපේක්ෂා කළ හැකිය.

දරුවකු පිළිසිඳ ගන්නට පෙර දුවෙක්ද පුතෙක්ද කියලා ඔබට තීරණය කරන්න පු`ඵවන් අනිත් ක්‍රමය තමයි  චීනයේ පීකිං නුවර රාජකීය පවුලකින් උපුටා ගන්න ලද වගුව. මගේ යෙහෙළියගෙ රහස වුණේ මේ වගුව.

Boy-or-girl

මෙම වගුවෙ හරහට කාන්තාවගේ වයස දක්වා තිබෙනවා. වගුවෙ පහළට ගැබ් ගන්නා මාසය දක්වා තිබෙනවා. ඒ අනුව කාන්තාවගේ වයස 20ක් වන විට ගැබ් ගන්නේ මාර්තු මාසයේ නම් ඇයට උපදින දරුවා ගැහැණු දරුවකු වේ. වයස 20ක් වන විට ගැබ් ගන්නේ මැයි මාසයේ නම් ඇයට උපදින දරුවා පිරිමි දරුවකු වේ. මේ අනුව ඔබේ දරුවා පිරිමි ද, ගැහැණු ද යන්න නිශ්චය කර ගන්නට හැකි වෙනවා. මෙය සියයට අනූ නවයක්ම සාර්ථක ප්‍රතිඵල ලබා දී තිබෙනවාලු. කලින් අත්දැකීම් එක්ක ගලපලා බලන්නකො. මට නම්  මේ ක්‍රම දෙකම නිවැරදි වුණා.

මවක් විමට ඔබත් සුදානම් ද?

0
මවක් විමට ඔබත් සුදානම් ද?

ඕනෑම කාන්තාවක් විවහා දිවියට පත් වූ දා සිට සිහින මවන්නේ මවක් වීමටය.මවක් විම සෑම කාන්තාවකගේම සිහිනයක් වුව ද එකී මාතෘ ධුරයට හිමිකම් කීමේ වාසනාව උදා වෙන්නේ කිහිප දෙනෙකුට පමණි.කෙසේ වෙතත් මවක් වීමට සුදානම් වන විට සැලකිලිමත් විය යුතු කාරණා ගණනාවකි.

බිය විය යුතු නැත

කාන්තාවක් ගර්භනී වූ විට ඇය තුල ප්‍රසූතිය පිලිබදව අනියත බියක් හට ගැනීමක් දක්නට ලැබේ.විශේෂයෙන්ම පළමු දරුවා බිහි කිරීමට සුදානමින් සිටින සමයේ දී මෙය දැකිය හැකි තත්වයකි.සත්‍ය වශයෙන්ම මෙය නොපැවතිය යුතු බියකි.ඇතැම් විට මෙම බිය ප්‍රසුතියට හානිකර අන්දමින් බලා පෑ හැකිය.ප්‍රසුතිය සම්බන්ධයෙන් මව නිසි පරිදි දැනුවත්ව සිටින්නේ නම් මෙවන් ගැටළු ඇති වීමේ අවධානම් හට නොගනී.

වසරකට ලොව පුරා මාතෘ මරණ 585000ක් සිදු වන අතර මින් 99%ක්ම සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවතින අප වැනි රටවල් වල බව අප අමතක නොකළ යුතුය.එනම් මෙමගින් පැහැදිලි වන්නේ සෑම මිනිත්තුවකට වරක්ම ලොව කොතැනක හෝ මාතෘ මරණයක් සිදු වන බවය.ඒ අනුව වසරකට ලොව පුරා උපදින දරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට පත් වේ.මේ නිසාම ගර්භනී සමය ඉතා වැදගත්ය.

ඔබේ වයස ද වැදගත්

දරුවෙකු මෙලොවට බිහි කරන විට මවගේ වයස ද බලපානු  ලබයි.මන්ද දරුවාගේ නිරෝගී භාවයට මවගේ වයස ද අනියම් අන්දමින් බලපාන බව මේ වන විට සොයා ගෙන ඇත.සාමාන්‍යයෙන් පළමු දරුවා ලැබෙන විට මවගේ වයස අවුරුදු 40 ඉක්මවා තිබෙන විට බිහි වන දරුවාගේ මානසික වර්ධනය හා සම්බන්ධව ගැටළු ඇති වීමට ඉඩ තිබේ. Down’s Syndrome (මන්ද බුද්දික) නමින් හදුන්වන දරුවන් ලැබීම කෙරෙහි ද මවගේ වයස බලපානු ලබයි.මෙවන් දරුවන් බුද්ධි මට්ටමින් හීනය.වයස අවුරුදු 40 ඉක්මවන විට දියවැඩියාව,හදවත් රෝග වැනි තත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩකඩ පවතින අතර විවිධ රෝග සදහා ප්‍රතිකාර ලබන තත්වයක් ඔවුන් පසු වේ.

මවගේ වයස වැඩි වීම මෙම ඉතා ලාබාල මවක් විසින් බිහි කරන දරුවන් අතර ද විවිධ ආකාරයේ ගැටළු ඇති වීමට ඉඩ තිබේ.සාමාන්‍යයෙන් කාන්තාවකගේ වයස අවුරුදු 20-21 පමණ වන තෙක්   ඇගේ ප්‍රජනන පදධතියේ වර්ධනය සිදු වේ.එහි වර්ධනය දරුවෙකු දැරීම සදහා අවශ්‍ය මට්ටමින් සිදු වන්නේ වයස අවුරුදු 20-22 පමණ වන විටදීය.ඊට පෙර ඇගේ ගර්භාෂය තුල දරුවෙකු පිළිසිද ගත්ත ද එම දරුවා වර්ධනය වීමට සහ නියමිත කාලයෙන් පසු දරුවා බිහි විමට අවශ්‍ය පරිදි ඇගේ ප්‍රජනක පද්ධතිය වර්ධනය වි නොතිබීම හේතුවෙන් එම දරුවා තුල විවිධ අකාරයේ ගැටළු පැන නැගේ.එනම් නොමේරූ දරුවන් බිහි වීම,බුද්ධි මට්ටමින් හීන දරුවන් බිහි විම ආදී තත්වයන් දැකිය හැකිය.

රෝග පිලිබදව සැලකිලිමත් වන්න

ගර්භනී සාමය තුල සරම්ප,පැපොල.කම්මුල්ගාය,දියවැඩියාව වැනි රෝග මවට වැලදුනහොත් එය කලලයට අහිතකර බලපෑම් ඇති කරයි.ජරම්න් සරම්ප වැළදුණු මවකට බොහෝ දුරට මල දරු උපතක් සිදු විය හැකිය.උපදින දරුවා ජිවත් වුවත් ඔහු අන්ධ බිහිරි දරුවෙකු විය හැකිය.මේ නිසාම බොහෝ  ffjoHjreka විවාහයට පෙර ජර්මන් සරම්ප එන්නත ලබා ගැනීම සුදුසු යැයි නිගමනය කොට ඇත.

සතුටින් සිටීම වැදගත්

ගර්භනී සමයේ මවගේ සිතුවිලි පවා වැදගත් වේ.මව නිතර නිතර දුකින් කනගාටුවෙන් පසුවන්නේ නම් දරුවාගේ ස්නායු පද්ධතියේ දුර්වලතා සදහා බලපානු ලබයි.මව සතුටු වන සැම මොහොතකදීම දරුවා සතුටු වන බව පර්යේෂණ හරහා සොයා ගෙන ඇත.මේ නිසාම මවක් නිතරම සතුටින් සිටීම ඉතා වැදගත් වේ.

මවක් වීමට සිහින මවන ඔබ සහ ,දරු ප්‍රසුතියට සුදානම් වන ඔබ ද මෙවෙනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වටි.

ඔබේ දරුවාට පලමු මාස 12 තුලදී අවශ්‍ය කරන දේවල් මොනවාද?

0
ඔබේ දරුවාට පලමු මාස 12 තුලදී අවශ්‍ය කරන දේවල් මොනවාද?

දරුවාගේ ජීවිතයේ පලමු වසර තුලදී නිතරම ඇඳුම් මාරු කිරීමේ අවශ්‍යතාවය මතු වේ. දරුවාගේ වර්ධන වේගය පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් ඉහල යාම හා නිරන්තරයෙන් මුත්‍රා, මලපහ පිට කිරීමේ සිදුවීම් ඇතිවීම මීට හේතුව ලෙස සඳහන් කල හැක. අද වෙලඳපොලේ තේරීම් ගණනාවක් යටතේ විවිධ විලාසිතාවන්ගෙන් පිරි සිඟිති ඇඳුම් ලබා ගත හැක. මේ නිසා බොහෝ මව්වරු තම සිඟිති දරුවාට ඇදුම් මිලදී ගැනීමට කැමත්තක් දක්වති. නමුත් දරුවා පලමු මාස 12 තුලදී සීඝ්‍රයෙන් වැඩෙන බැවින් මෙසේ තම සිත්ගත් සියලුම ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරු දෙයක් නොවේ.
පලමු වසර තුලදී, දරුවාට අවශ්‍ය කරන මූලික ඇඳුම් මොනවාද?
පෙර සඳහන් කල පරිදි , ඉපදී වසරක් පිරෙන කාලය තුලදී දරුවා සීඝ්‍ර වර්ධන වේගයක් පෙන්නුම් කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට නිතරම වැඩෙන සිරුරට සරිලන ඇඳුම් ඇන්දවිය යුතු වේ. ඔබ බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි, එකම ප්‍රමාණයේ ඇඳුම් ගණනාවක් මිලදී ගැනීමෙන් වැලකී සිටින්න. කෙසේ වෙතත් අමතර ඇඳුම් වල අවශ්‍යතාවය නිතර පහල වුවත්, තරමක ලොකු ප්‍රමාණයෙන් යුතු ඇඳුම් මිලදී ගැනීම නුවණට හුරුය. තවද බිළිඳාට ඇඳුම් මිලදී ගැනීමේදි එහි මෘදු බව, නිම වී ඇති රෙද්දේ තත්ත්වය (සැහැල්ලු කපු ඇඳුම් වඩාත් සුදුසුය.) පිලිබඳ ඔබ සැලකිලිමත් විය යුතු වේ.

අලුත උපන් දරුවාගේ සම ඉතා මෘදු බවින් යුක්ත වේ. මේ නිසා ඉපදී පලමු මාස කිහිපය තුලදී බිළිඳාට සැහැල්ලු, අලුත් හා පිරිසිදු රෙදිපිළි වලින් නිමවූ ඇඳුම් ඇන්දවිය යුතුය. ඉන්පසු කෙමෙන් කෙමෙන්, ඔබට මදක් පාවිච්චි කල, වෙනත් හිතවත් දරුවකුගේ ඇඳුම් භාවිතා කල හැක. පොලියෙස්ටර් වැනි සින්තටික් තන්තු වලින් නිපදවූ කෘතිම රෙදිපිලි වලින් නිමවූ ඇඳුම් ඇන්දවීමෙන් වලකින්න. ඉලාස්ටික් පටි සහිත මේස් හා කලිසම් ඇන්දවීමේදි, එවා සිඟිති සිරුරට තද නොවන සේ ලිහිල් ලෙස තිබේ දැයි පරික්ෂා කරන්න.

නැපී රෙදි මිලදී ගැනීම මීලඟට කල යුතු ප්‍රධානම දෙයකි. පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි,දැන් වෙලඳ පොලේ වෙලඳ නාම ගණනාවක් යටතේ මිලදී ගත හැක. කාර්යබහුල ඔබට මෙය ඉතා සුදුසු විකල්පයක් වුවත්, මිලෙන් අධික විය හැක. මීට හොඳම ක්‍රමය, සැහැල්ලු තුනී රෙදිපිළි වලින් නිපදවූ නැපී රෙදි භාවිතා කිරීමයි. අලුත උපන් බිළිඳාට දිනකට අඩුම තරමේ නැපී රෙදි තිහක් පමන අවශ්‍ය වේ. හදිසි අවස්ථාවකදි අමතර නැපී රෙදි නිවසේ නිතරම තිබේ දැයි වග බලා ගන්න. මේ සමඟම නැපී කටු, නැපී ලයිනර්, වතුරට ඔරොත්තු දෙන කලිසම් මිලදී ගන්න. ජීවානුහරණය කල පිරිසිදුකාරක හා පියරු කුඩු ලබා ගැනීමද අනිවාර්ය වේ.
බිළිඳාට මිලදී ගත යුතු රෙදිපිලි සහ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය දේ සහිත ලැයිස්තුවක් පහත දැක්වේ.
රෙදිපිළි.
රාත්‍රි ඇඳුම් කට්ටල 5ක්.
වෙස්ට් 5ක්.
බිළිඳු පාවහන් (baby booties) හෝ කපු රෙදි වලින් නිමවූ මේස් කුට්ටම් 4ක්.
බිබ් පහක්.
ගෙත්තම් හිස්වස්නයක්. (baby bonnet)
මෘදු බ්ලැන්කෙට්ටුවක් හෝ සළුවක්.
ස්වෙටරයක්, සීතලට අන්දවන වූල් රෙද්දෙන් නිමවූ කාඩිගන් කෝට් එකක්.
ළදරු ඩයපර් ඇතුලු අනෙකුත් දෑ.
පාවිච්චි කර ඉවත දැමිය හැකි නැපී රෙදි.
කපු රෙදි රෝලක්.
බිළිඳු ක්‍රීම්.
පැම්පස් නිසා සමෙහි ඇතිවන උෂ්ණ පලු සඳහා ක්‍රීම්, එඬරු තෙල්, සින්ක් හෝ වැස්ලීන්.
නෑවිම සඳා අවශ්‍ය කරන දෑ.
ස්පන්චියක්.
මුහුන පිසීම සඳහා සැහැල්ලු තුවා.
දිව පිරිසිදු කරන උපකරණයක්.
බිළිඳු දත් බුරුසු තුනක්.
මෘදු කෙඳි සහිත කෙස් බුරුසුවක්.
බිළිඳු නියපොතු කපන කතුරක්.
ඉහත ලැයිස්තුව සම්පූර්ණ කර ගත හොත්, දෙමාපියන්ට කිසිදු බාධාවකින් තොරව තම බිළිඳාගේ ප්‍රසූතිය සඳහා සූදානම් විය හැක.

ගර්භණී කාලයේ ආහාර රුචිය අඩුවීමට බලපාන හේතු පහක්

0
ගර්භණී කාලයේ ආහාර රුචිය අඩුවීමට බලපාන හේතු පහක්

බොහෝ දෙනෙකු හට ගර්භණී භාවය දිස්වන්නේ, කාන්තාවක් දොල දුක සංසිඳුවා ගැනීම සඳහා ඇඹුල් ආහාර ඇතුලු අනං මනං අසාමාන්‍ය ලෙස භුක්ති විඳින දර්ශනයකි.
මෙය මිථ්‍යාවකි. ගර්භණී අවධියේ මුල් අවධියේ බොහෝ මව්වරු කෑම අරුචියෙන් පෙලෙති. ආහාර දිරවීමේ අපහසුතාවය මෙන්ම අරුචිය මෙම කාලයේදි සාමාන්‍යයෙන් දක්නට ලැබෙයි. කෙසේ නමුත් ඊට බලපාන හේතු සොයා බලා මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට කටයුතු කල යුතුය. මන්ද, මවකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ප්‍රමාණයෙන් ලැබිය යුතු හෙයිනි.
පහත දැක්වෙන්නේ ගර්භණී අවධියේ මුල් අවධියේ, මවකට දැනෙන ආහාර අරුචිය සඳහා සමාන්‍යයෙන් බලපාන හේතු කාරක පහකි.

උදෑසන වමනය යාම. (උදා ආබාධය )
ගර්භණී සමයේ පළමු කාර්තුව තුල මෙය සාමාන්‍ය සංසිද්ධියකි. දරුවකු කුස තුල දරා ගැනීම සඳහා ශරීරය ඒ අනුව හැඩ ගැස්වීමේදි හෝමෝන වෙනස්වීම් ඇතිවේ. උදෑසන වමනය යාම හා ඔක්කාරය ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ තත්ත්වය මඟ හරිනු පිණිස සමහර මව්වරුන් කෑම කෑමෙන් වැලකී සිටීයි.

ඔක්කාරය
ගර්භණී අවධියේ පලමු සමයේ ඇතිවන ඔක්කාරය, මවගේ කෑමර අරුචිය සඳහා බලපායි. ඇමරිකානු ගර්භණීභාවය පිලිබඳ සමාගමට අනුව ගැබිනි මව්වරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඔක්කාරය නිසා කෑමර අරුචියෙන් පෙලෙන බව සොයා ගෙන ඇත. පලමු කාර්තුවේ, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මන්දගාමි වන හෙයින් කෑම අරුචිය ඇතිවීමට ඉඩ ඇත.

ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල යාම.
ප්‍රොජෙස්ටරෝන් මට්ටම ඉහල අගයක් ගැනීම, ආහාර ජීර්ණය කෙරෙහි බලපානු ලැබේ. ජලය උරාගැනීම ඉහල යාම මේ සඳහා හේතුකාරයක් වේ.

යකඩ මට්ටම ඉහල යාම.
වෛද්‍ය උපදෙස් මත බොහෝ ගැබිනි මව්වරුන් යකඩ පෙති ලබා ගනිති. නමුත් යකඩ මට්ටම ඉහල යාම, කෑම අරුචිය මෙන්ම මල බද්ධය ඇතිවීමට බලපානු ලැබේ.

ආඝ්‍රාණය කිරීමේ සංවේදනය තීව්‍ර වීම.
සමහර ගර්භණී මව්වරුන්ගේ ආඝ්‍රාණය කිරීමේ සංවේදනය මෙම කාලයේදි තීව්‍ර වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සමහර ආහාර ඔවුන්ට අරුචියක් ගෙන දේ.
ගර්භණී මව්වරුන් සෑම දෙනෙකුටම ඉහත සඳහන් අවස්ථා වලට මුහුණු දීමට සිදු නොවන බව සැලකිය යුතු කරුණකි. තවද මෙම අත්දැකීම එකිනෙකාට වෙනස් අයුරින් දැනිය හැක. ඔබ නිතරම කෑම අරුචියෙන් පෙලෙන්නේ නම්, වෛද්‍ය උපදෙස් වෙත පිවිසිය යුතු වේ.

නිවුන් දරු උපත් ලැබීමේදී ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතු සංකුලතාවයන් කිහිපයක්

0
නිවුන් දරු උපත් ලැබීමේදී ඔබ අනිවාර්යෙන්ම දැන සිටිය යුතු සංකුලතාවයන් කිහිපයක්

එක් ගර්භයක් සහිත ගැබ් ගැනීමක, වැදෑමහ එක් දරුවකු දරා සිටියි.නිවුන් දරු ගැබ් ගැනීමකදී ගර්භයට දරුවන් දෙදෙනෙකු දරා සිටීමට සිදු වේ.සමහරවිට මෙම නිවුන්නු එක් වැදෑමහක සිටිනු ඇත.මෙය “මොනොසයිගොටික් නිවුන්නු” (Monozygotic Twins) ලෙස හඳුන්වනු ලැබේ.වෙනස් වැදෑමහ දෙකක සිටින නිවුන්නු “ඩය්සිගොටික් නිවුන්නු” හෝ එක කුස උපන් නිවුන්නු ලෙස හඳුන්වනු ලැබේ.නිවුන් දරුවන් දරා සිටීම බරපතල සංකුලතාවයන්ට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇත.

එක කුස උපන් නිවුන්නුන්ට ඔවුන්ගේම වැදෑමහ තිබෙන අතර ඔවුන්ගේම වැදෑමහ කෝශවල දරාගෙන සිටියි. කෙසේ වෙතත් එකම කෝශයක සිදුවන නිවුන් උපත් වලින් 70% දක්වා ප්‍රමාණයක් බරපතල සෞඛ්‍ය අවදානම් වලට මුහුණ දීමට සිදුවනු ඇත.මෙවැනි සිදුවීමකදී පෙකණිවැල කුමන හෝ ස්ථානයක රෝපණයවීමට ඉඩ ඇත. මෙම රෝපණය සිදුවන ස්ථානය අනුව ගර්භයන් දෙකටම පෝෂණය බෙදාහැරීම අසමතුලිතව සිදුවීමට සහ අඩු රුධිර ප්‍රමාණයක් ලැබීමටද මග පාදනු ඇත.විද්‍යාඥයෝ මෙය අසම ඩිම්බබන්ධන බෙදාගැනීම ලෙස හඳුන්වයි.බොහෝ නිවුන්නු එකම ජාන ද්‍රව්‍ය බෙදා ගත්තද වෙනස් අන්දමට වැඩෙන්නේ මේ නිසාය.සමහරවිට එක් එක් රැහැන් ඔස්සේ ගමන් කරන රුධිරවාහිණී එකට සම්බන්ධ වීමෙන් එක් ගර්භයකින් අනෙක් ගර්භයට රුධිරය සංසරණය ( පාරවිලයනය ) වීමට හේතු විය හැක.මෙවැනි සංකූලතාවයන් twin to twin transfusion syndrome හෝ TTTS ලෙස හඳුන්වනු ලැබේ.

TTTS
එක වැදෑමහක් බෙදාගන්නා නිවුන් දරුගැබකදී (MZ Twins) එක් එක් ගර්භයන් වෙන්කර ගැනීමට බාධාවක් නැත.එම නිසා අවසානයේදී රුධිර වාහිණී බෙදා ගනු ඇත.MZ නිවුන් දරු උපතකදී 15% ක ප්‍රමාණයක අසමතුලිත රුධිර සංසරණයක් සිදු විය හැක.මෙහිදී එක් ගර්භයක් අනෙක් ගර්භයට වඩා වැඩි රුධිරය ප්‍රමාණයක් ලබා ගැනීමක් සිදු වීමෙන් TTTS වලට යොමු විය හැක.TTTS වලට මතුවිය හැකි තවත් සංකූලතාවයක් acardiac twins හෝ Twin Reversed Arterial Perfusion (TRAP) ලෙස හඳුන්වනු ලැබේ.මෙය MZ ගැබ්ගැනීම් වලින් 1% ක ප්‍රමාණයකින් සිදුවිය හැකි දුලභ අවස්ථාවකි. TTTS අවස්ථාවක එක් ගර්භයක් සාමාන්‍ය ලෙස වැඩෙන අතර අනෙක් ගර්භය අවයව,ඉන්ද්‍රියයන් සහ ශරීර කොටස් සහ සාමාන්‍යයෙන් හෘදය වස්තුව නොමැතිව අසාමාන්‍ය ලෙස වර්ධනය වීමක් දැකිය හැක.බොහෝ විට මෙය හෘදය වස්තුව නොමැතිව දැකිය හැකි බැවින් මෙය acardiac ලෙස හඳුන්වනු ලැබේ.සාමාන්‍ය ලෙස වැඩුණු ගර්භය අනෙක් ගර්භයට රුධිරය සපයන නිසා කලින් සඳහන් ගර්භයේ උන්නතිය ශුන්‍ය අගයක් ගනී.

Preterm Labour යනු නිවුන් දරු ගැබකදී ඇතිවිය හැකි සුලබම සංකූලතාවයයයි.මෙය 70% ක පමණ ප්‍රතිශතියක් දරණ අතර 100% ක ප්‍රමාණයක් නොමේරූ ( අපරිණිත ) දරු උපත් වේ.

Intrauterine Growth Retardation (IUGR)
මෙය දරුගැබ් වලදී සිදුවිය හැකි වූවත් බහු උපත් වලදී මෙය සාමන්‍ය සිදුවීමකි.මෙම තත්වය ඇතිවන්නේ එක් ගර්භයක් ගර්භාශය තුල සිටින විට ගර්භයේ වර්ධනයට සහ දියුණුවට බාධා ඇතිවෙන විටකදීය.
ඔබ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන්නේ නම් සෑම වෛද්‍යවරයෙකුගේම අවධානය සහ පූර්වාරක්ෂාව අනුගමනය කල යුතු වේ.මෙයට ප්‍රමාණවත් ව්‍යායාම සහ ආහාර පාලනයද ඇතුලත් වේ.
(තිලෝතමා චටර්ජී onlymyhealth.com වෙත ලියන ලද ලිපියක් ආශ්‍රයෙනි.)

වැඩ කරන මව්වරුන් සේවා ආයතනයට අඩු දායකත්වයක් දෙන්නේද?

0
වැඩ කරන මව්වරුන් සේවා ආයතනයට අඩු දායකත්වයක් දෙන්නේද?

තමා ගර්භණීභාවයට පත්ව ඇති බව තම සේවා දායකයා දැන ගැනීමෙන්, ඔවුන් කෙසේ එයට ප්‍රතිචාර දක්වයිද යන්න රැකියාවක නිරත වන සියලුම මව්වරුන්ට පීඩාවක් ගෙන දෙන කරුණකි. මෙරට නීතියට අනුව අලුත් මව්වරුන් හට දින 84 ක කාලයක් දක්වා නිවාඩු ලබා ගත හැක. එහෙත් සේවා දායකයා තම කැමැත්තෙන්ම එකී නිවාඩු අනුමත කරන්නේද නැතහොත් ඔවුන් හුදෙක්ම නීතිමය රෙගුලාසි වලට එකඟ වීමක් හෝ යටත් වීමකින් කරන්නේද?

දෙවැනි කාරණය සත්‍ය බව මට පෞද්ගලිකව හැඟේ. දශකයකට වඩා වැඩි කාලයක් සමාගම් ශ්‍රේණියේ සේවා කර ඇති මා නීතිමය රෙගුලාසි වලට යටත්ව නිවාඩු ලබා දීම පිළිබඳව සේවා දායකයාට දොස් පවරන්නේ නැත. මීට හේතුව මම වැඩි දුරටත් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

රැකියාවල නිරතවන අඹු සැමියන් බොහෝමයක් තමන්ට දරුවකු ලැබීමට යන බව දැන ගැනීමෙන් ඉමහත් සතුටට පත් වේ. එහෙත් ඉතා සුළු කොටසක් මෙම පුවතින් විමතියට පත් වේ. මා විශ්වාසය කරන ආකාරයට, සැමියා හා බිරිඳ යන දෙදෙනාම ගර්භණීභාවයේ අත්දැකීම එකට අත් විඳිය යුතු ය. “අපට දරුවකු ලැබෙන්නයි යන්නේ” යන කියමන ඔවුන්ගේ මුවින් පිටවන්නේ මේ නිසාවෙනි.

ගැබ්ගත් බව දැනගැනීමෙන් අනතුරුව පළමුව ඇතිවන ප්‍රීතිය සහ උද්යෝගය කෙමන් පහවී යයි. ගර්භණීභාවයේ නියම ස්වභාවය ආරම්භ වන්නේ මින් මත්තෙනි. වැඩකරන අඹු සැමි යුවලක් නම්, ඔවුන්ගේ ඊලඟ පියවර වනුයේ මේ පිළිබඳව සේවා දායකයා දැනුම් දීම හා සේවා ස්ථානයෙන් නිවාඩු ලබා ගැනීම ආදියයි. සැලසුම් නොකරන ලද ගැබ් ගැනීමක් නම් මාස නවයකට පසු ඉපදීමට සිටින තම දරුවා වෙනුවෙන් තම ජීවන රටාව කෙසේ සකස් කර ගත යුතුද යන්න ඔවුන්ට තරමක අභියෝගයක් වනු ඇත. තමා සේවය කරන්නේ ඉතා තරඟකාරි සහ අභියෝගාත්මක පරිසරයක් නම් සේවා දායකයාට මේ පිළිබඳව දැන්වීම ඉතාමත් අපහසු කටයුත්තක් විය හැක. කෙසේ වෙතත් තම සේවා ප්‍රධානියා මේ සම්බන්ධයෙන් ඉතා තැන්පත් ව කටයුතු කරන පුද්ගලයෙකු නම් ඔබ නැවත සේවයට පැමිණීමේදි රැකියාවේ විශ්වාසය තහවුරු කරගැනීමට මෙය හොඳ සඥාවකි.

බොහෝ කාන්තාවන්ට තම ගර්භණීභාවයේ මුල් අවධියේ යම් අපහසුතාවයන් අත් විඳීමට සිදු වනු ඇත. ගර්භණී පළමු අවධියේ උදෑසන ඔක්කාර ගතිය හෝ අනෙකුත් අසහනකාරි රෝග ලක්ෂණ වලින් මිදී සිටින්නේ ඉතා අතලොස්සක් පමණි.
මුලු දවසම වමනය දැමීමෙන් තම සේවා ස්ථානයේ සේවය කිරීමේ ප්‍රති විපාක ඔබට සිතා බැලිය හැකිද? මෙම තත්තවය ඔබගේ ඵලදායිතාවයාට ඍණාත්මක ලෙස බලපායි. ගර්භණීභාවයේ වර්ධනයත් සමඟම ඉදිරි මාස කිහිපය සාපේක්ෂව අපහසුතාවයෙන් තොරව ගෙවී යා හැක. එහෙත් ඒ සමඟම ඔබට තෙහෙට්ටු ගතියක් දැනීමට ඉඩ ඇති අතර ඔබගේ උද්‍යෝගිමත් පෞර්ෂත්වය ද වෙනස් වීමට ලක්වේ. මෙයින් අදහස් කරන්නේ ඔබට මින් ඉදිරියට පෙර සේ ගමන් බිමන් වල නිරත විය නොහැකි බවයි. දරුවකු ලැබීම පිළිබඳව ඔබ ගත් තීරණය ගැන කිසිවකුටත් දොස් පැවරිය නොහැක.

ඉන්පසු ඉක්මණින්ම ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. ඔබේ කකුල් ඉදිමීමට හා ශරීරයේ බර වැඩිවීමට පටන් ගැනේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ ඔබගේ කාර්යක්ෂමතාවය අඩු වේ.ඔබගේ ඵලදායිතාවය කෙටි කාලීනව ඉතා උසස් මට්ටමක පැවතුනත්, මාස නවයක ගර්භණී අවධිය ඔබගේ රැකියා ඉතිහාසය හා සසඳා බලන විට අඩුම ඵලදායිතාවයක් ඇති කාලය වූ බව ඔබට පෙනී යයි. දරුවා ලැබීමෙන් පසු එළඹෙන මාස 3ක කාලය මාතෘ නිවාඩු වලින් ආවරණය වේ. මෙය අද ලෝකයේ පවතින සාමාන්‍ය දැනීමක් ලෙස මම සිතන්නෙමි.

පලමු වරට මවක් වීමේ අත්දැකීම මමත් විඳ ඇත්තෙමි. එහෙත් සෑම සුන්දර ගර්භණී මාතාවකටම මා වැදගත්කොට පවසන්නේ ඔබට ඔබේ රාජකාරිය තවමත් මැනවින් ඉටු කල හැකි බවයි. සම්පූර්ණ පරිශ්‍රමයක් දරා තම වැඩ කටයුතු වල නිරත වීමට උත්සාහ ගත යුතුයි. ඔබ සැමට අවශ්‍ය වන්නේ තමන්ගේ අභිප්‍රායයන් වැඩියෙන් සුරක්ෂිත කර ගනිමින් තමන් තුල ඇති ඉදිරියට යාමේ බලවේගය හඳුනා ගැනීමයි. ඔබගේ සාමාන්‍ය ගැම්මෙන් මෙය කල යුතුව ඇතැයි මා නොකියන නමුත් අඩුම වශයෙන් එසේ කිරීම සඳහා ඔබට වෑයම් කල හැක.

ඔබගේ සේවා ස්ථානයේ සමහර දිනයන් හිදී, ඔබට නිතරම ඔක්කාර ගතිය දැනීම, තමා අඳින කලිසම හෝ සාය දිනෙන් දින හිර වීම, කාර්යාලයේ විදුලි සෝපානයක් තිබීමේ අවශ්‍යතාව වැටහීම, ක්ෂණික , කෘතිම ආහාර වලින් වැළකී පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍යයට හිතකර ආහාර ගැනීම හේතුවෙන් නුරුස්නාවෙන් පසුවීම. ඔබගේ දෙපා ඉදිමීම නිසා ඔබගේ ප්‍රියතම පාවහන් කුට්ටම පැලඳීමට නොහැකි වීමෙන් කේන්ති යාම වැනි ආවේගශීලි හැඟීම් මේ අවධියේ පහල විය හැක. කෙසේ වෙතත් ගර්භනී කාලය අවසන් වී ඔබගේ කිරිකැටි ගැහැණු හෝ පිරිමි දරුවා ලැබීමෙන් පසු ඔහු හෝ ඇයව පළමු වරට වඩා ගැනීමෙන් ඉහත සඳහන් සිතිවිලි කිසිවක් ඔබේ මතකයට එන්නේ නැත. බොහෝ මව්වරු මෙම අත්දැකීම කෙතරම් කටුක හෝ අප්‍රසන්න වුවත් එය නැවත විඳගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව මට සක්සුදක් සේ විශ්වාසයි.

සේවා දායකයාගේ පැත්තෙන් බලන විට කාන්තාවකගේ ගර්භණීභාවය් හේතුවෙන් ආයතනයට යම් පාඩුවක් වන බව මාගේ අවංක අදහසයි. කෙසේ වෙතත් ආයතනයෙන් තමාට ලැබෙන් වරප්‍රසාද හිතුමතේ භාවිතා නොකර තමාට හැකි පරිදි 100%ක දායකත්වයක් ආයතනයට ලබා දීම සේවකයාගේ වගකීමයි. ගර්භණී අවධිය ආරම්භ වීමෙන් පසු ඔබේ හැකියාවන් හි සීමාවන් තිබුණත් මේවා හුදෙක් ඇත්තේ ඔබගේ සිත් තුලය. මනස එක්තැන් කර ගැනීමෙන් ඔබට ඕනෑම කර්තව්‍යයක් සාර්ථකව ඉටු කල හැකි වේ. මෙය ඔබ තම රාජකාරිය වගකීමකින් ඉෂ්ට කරන බවත් රැකියාවේ ස්ථාවර බව පිළිබඳ ඔබ තුල ඇති උනන්දුව සේවා දායකයාට වටහා ගැනීමට ඉඩ සලසනු ලැබේ.

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

මාගේ නූපන් දරුවාට මා ඇසීමට සැලැස්විය යුත්තේ කුමන සංගීත වර්ගයක්ද?

0
මාගේ නූපන් දරුවාට මා ඇසීමට සැලැස්විය යුත්තේ කුමන සංගීත වර්ගයක්ද?

සංගීතය මිනිසාගේ මනස සංසිදුවන අතර අපට මතක ඇති කාලයක සිට මිනිසා පීඩාව හා දොම්නස නැති කිරීමේ පරිපූර්ණ සුවදායි අංගයක් ලෙස සංගීතය භාවිතා කර ඇත.
මවක් වශයෙන් මා, මාගේ දරුවන් නිදි කරවීම සඳහා හිත සන්සිඳවන වේගය අඩු රිද්මයක් ඇති සම්භාවනීය ශ්‍රී ලාංකික සංගීතය ඇසීමට සැලැස්වූ අතර එය බොහෝ අවස්ථාවලදී සාර්ථක වී ඇත. දරුවා එක්තරා සංගීත මාදිලියකට බෙහෙවින් ප්‍රතිචාර දක්වන බව මට ඉතා ඉක්මනින් වැටහිණි. මාගේ පුතා, ඔහු වැඩෙන වයසේ පසුවන සමයේදී, අඩු වේග රිද්මයක් ඇති පැරණි සංගීතයට මැනවින් ප්‍රතිචාර දැක්වූ අතර, විමතියට මෙන් මාගේ දෙවන ගැහැණු දරුවා රූපවාහිනියේ හා ගුවන් විදුලියේ වාදනය වූ වැඩි වේග රිද්මයක් ඇති ගීතවලට ප්‍රීතියෙන් ප්‍රතිචාර දක්වන ලදී. අප නිවසේදි, ළමුන්ගේ මනස එක්තැන් කර ගැනීමේ ක්‍රමයක් ලෙස තවමත් සංගීතය භාවිතා කරනු ලබනවා. මෙය අපට අත්දුටු හා ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාරයක් විය.

මීට සති කිහිපයකට පමණ පෙර මා රූපවාහිනියේ නාලිකාවන් ගවේෂණය කරමින් සිටි විට අහම්බෙන් මෙන් Discovery Science නාලිකාවේ ඉතා සිත්ගන්නා සුලු වැඩ සටහනක් බැලීමට හැකි විය. එහිදී සාකච්ඡා වූ කරුණ අනුව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හඳුනාගෙන ඇති පරිදි ගර්භණි කාලයේදි, සම්භාවනීය පැරණි සංගීතයට සවන් දුන් මව්වරුන්ගේ දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ගර්භාෂය තුල සිටින සමයේදීත් දරුවා සමඟ සන්නිවේදන කටයුතු වල යෙදීම හොඳ යහපත් දරුවෙකු බිහි කිරීමට උපකාරි වන බව ශ්‍රී ලාංකික අප විශ්වාස කරන නිසා එය අපට පුදුමයට කරුණක් නොවීය.

මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ගෙන එන ඥානයකි. මෙම විශ්වාසය ඉහත සඳහන් කෙරුණු සමීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වේ. මා පළමු වරට ගර්භණිභාවයට පත්වූ අවධියේ මාගේ ස්වාමි පුරුෂයා පැරණි රූපවාහිනි වෙළඳ දැන්වීමක (පියකු සිය පුතුට ගායනා කල ) කන්කළු සිංහල ගීතයක් ගායනා කල සැටි මගේ මතකයට නැගේ. ඔහු මෙම ගීතය ගායනා කල සෑම අවස්ථාවකම ගර්භාෂය තුල සිටින දරුවා එයට ප්‍රතිචාර දැක්වූවේය. පුතා ඉපදීමෙන් පසුවත්, අපි මෙම ගීතය දරුවාව නිදි කරවීම සඳහා ගායනා කලෙමු. දරුවා මෙම ගීතයට දක්වන ප්‍රතිචාරය අප විසින් ගායනා කරන ලද හෝ ගායනා කිරීමට සැලැස්වූ අනිකුත් ගීත වලට වඩා වැඩි බට අපට අවබෝධ වුණි. හෙල්සින්කි විශ්ව විද්‍යලයේ පවත්වන ලද සමීක්ෂණයකට අනුව දරුවන්ට ඔවුන් ගර්භාෂය තුල සිටින කාලයේ ඇසීමට සලස්වන ලද සංගීතයේ තාලය එම දරුවා මෙලොව එලිය දැක මාස කිහිපයකට පසුත් ඔවුන්ගේ මතකයේ රැඳෙන බව සොයා ගෙන ඇත. එම සමීක්ෂණයෙන්ම අනාවරණය කර ඇත්තේ, මව්වරුන් වීමට නියමිත කාන්තාවන් තම කුසෙහි වූ දරුවාගේ අභිවෘද්ධිය ප්‍රගුණ කිරීමේ බලාපොරොත්තුවෙන් පැරණි සම්භාවණීය සංගීතයට ඇල්මක් දැක්වීම නිශ්ඵල කාර්යයක් නොවන බවය.
දරුවා ඉපදීමට පෙර දරුවාට නිතර නිතර ගීතය ගායනා කිරීමේ හෝ වාදනය කිරීමට සැලැස්වීමේ තරමට දරුවාට එහි තාලය හඳුනා ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ගර්භණි කාලය තුල ඔබ සැහැල්ලුවෙන් පසුවීම සඳහා සංගීතයට සවන්දීම, ඔබේ දරුවාටත් උපකාරි විය හැක. ගර්භණී අවධිය තුල ඔබ ආතතියෙන් පසුවන විට ඔබේ කුසෙහි සිටින දරුවාටත් එලෙසම හැඟෙන බැවින් ඔබගේ ප්‍රියතම ගීත වලට සවන් දීමට කාලය වෙන් කර ගන්න.
අමරදේව, නන්දා මාලිනි සහ වික්ටර් රත්නායක විසින් ගායනා කරන ලද සම්භාවනීය ගීත වලට වැඩියෙන් සවන් දීමට මම පුරුදු වී සිටියෙමි. “ආදරයේ උල්පත වූ අම්මා යන ගීතය මව් පදවියට පිය නගන අවස්ථාවේ පසුවන කෙනෙකුට කදිම තාලයකි. දේශීය සම්භාවනීය ගීත හැරුණු කොට මෝට්සාට් (Mozart) සහ බීතෝවන් (Beethoven) වැනි තවත් බොහෝ බටහිර සංගීතඥයින්ගේ සම්භාවනීය නිර්මාණ වලට සවන්දීමට උත්සාහ ගන්න.

ඔබ කුමන මාදිලියේ සංගිතය තෝරා ගත්තද එය ගර්භණි කාලය තුල ඔබගේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමේ මනා ප්‍රතිකාරයක් ලෙස කටයුතු කරයි. සතුටින් සහ සැහැල්ලුවෙන් පසුවන මවකට සැමවිටම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින දරුවකු බිහි කල හැක්කේ ඒ නිසාවෙනි. සමහර බටහිර සම්භාවනීය සංගීත BeeMp3 හෝ 4Shared වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබට නොමිලේ ලබා ගත හැක. 60, 70 සහ 80 දශකයේ සිටි ජනප්‍රිය ගායකයන්ගේ පැරණි සම්භාවනීය ගීත සමූහයක් Ananmanan.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට උත්සාහ කර බලන්න.

සෞඛ්‍ය සම්පන්න දරුවෙකු බිහි කිරීමට ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න

0
සෞඛ්‍ය සම්පන්න මව : සෞඛ්‍යමත් ළඳරුවා

ශ්‍රී ලාංකික සංස්කෘතික රාමුව තුල, කාන්තාවන් තම ගර්භණී කාලය තුල කල යුතු හා නොකල යුතු දෑ බොහෝ ඇත. අඩු බරක් ඇති මවක් බිහි කරන දරුවා සෞඛ්‍ය සම්පන්න නොවන බව සමාජයේ පවතින පොදු මතයකි. ගර්භණී අවධිය තුල සාමාන්‍යයෙන් බර වැඩි වූවත්, එම ක්‍රියාවලිය ශරීරයට හිතකර අන්දමින් සිදු විය යුතුය. මාගේ ගර්භණී කාලය තුල එක් අවස්ථාවක දී වැඩිහිටි කාන්තාවක් නිතරම පැවසූ දෙයක් නම් මාගේ බර නිසි පරිදි වැඩිවී නොමැතිවී බවයි. මා මේ සම්බන්ධයෙන් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුගෙන් විමසීමක් කලෙමි. ඔහු පැවසූවේ අධි බරකින් යුත් කාන්තාවන් පවා බර අඩු දරුවන් බිහි කරන බවය. මාගේ බර සෞඛ්‍යයට හිතකර පරාසයක තබා ගන්නා කල්, මා හට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

එම නිසා සෑම දෙනෙකුටම මා කරන යෝජනාව නම්, ඔබගේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයා ඔබේ බර පිළිබඳව ප්‍රශ්නයක් නොනඟන තාක් ඔබටත් බියවීමට හේතුවක් නොමැති බවයි.

මාගේ පළමු දරුවා මාස 7 සම්පූර්ණ කලා පමණි. කියන්නත් සතුටුයි ! මාගේ ශරීරය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වීමට අවශ්‍ය වනුයේ කිලෝ 2ක බර අඩු වීමක් පමණයි. මම දින කිහිපයක් තුල සිසේරියන් සැත්කමකින් සුවය ලබා පැමිණියෙමි. මාගේ දරුවා දැන් මනා සෞඛ්‍ය තත්තවයේ පසුවන්නේය. රෝහලින් පිට වී දින දෙකක් ගතවන විට, මට මාගේ සියලු වැඩ කටයුතු තනියෙන් කර ගැනීමට හැකිවුණා. සිසේරියන් සැත්කම සිදුකල ස්ථානයේ යම් වේදනාවක් පැවතුනත්, වෛද්‍ය නිර්දේශය මත සතියක් සඳහා ලබා දුන් වේදනා නාශක පෙති වලින් එම කැක්කුම සමනය වුණේය. ඉන් අනතුරුව, සුපුරුදු අන්දමට මම වැඩ කටයුතු වල යෙදුණෙමි. සෞඛ්‍යමත් දරුවකු ලැබීමෙන් පසු සෞඛ්‍ය සම්පන්න බවින් පසු වීමටත්, ඉක්මන් සුවය ලබාගැනීමටත් මා හට හැකිවූයේ කෙසේද? ගර්භණී අවධියේ අභිරහස් මා සමඟ බෙදා හදා ගැනීම වෙනුවෙන් මාගේ සොහොයුරියට මා ස්තූතිවන්ත විය යුතුයි. American Pie චිත්‍රපටයේ, කෙවින් ඔහුගේ වැඩිමහල් සොහොයුරාට බයිබලයක් ලබා දෙන දර්ශනය මේ මොහොතේදි මාගේ සිහියට නැගේ.

සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සේම තමා මනා සෞඛ්‍ය තත්ත්වයේ පසුවීමේ රහස පෝශ්‍යදායි ආහාර ගැනීමයි. එය ඒ තරමට සරලයි. මාගේ ගර්භණී අවධියේ මාස 9ක කාලය තුල , මා සුපුරුදු ආහාර වේල් ලබා ගත් අතර, මාගේ රුචිය අනුව ආහාර ප්‍රමාණය මම වෙනස් කර ගත්තෙමි. ගැබ්ගත් මවක් දෙදෙනෙකුට සෑහෙන අහාර ප්‍රමාණයක් ගත යුතු බව සඳහන් මිත්‍යාවක් සමාජයේ පැවතේ. මා ගර්භණී මාතාවන් සඳහා විශේෂයෙන් සකස් කල පිටි කල කිරි හෝ ආහාර ලබා ගත්තේ නැත. මාගේ ප්‍රධාන ආහාර වේලෙහි බොහෝ විට අඩංගු වුනේ රතු බත්, එළවලු බත්, පළා වර්ග සහ මාලු ය. මා අනුභව කලේ, මට දරා ගත හැකි ප්‍රමාණයට පමණකි. එය මා සුපුරුදු ලෙස ගත් ආහාර ප්‍රමාණයයි. පසුව මම එය ක්‍රමක්‍රමයෙන් වැඩි කලෙමි. තවද, මාගේ මුහුණේ කිසිදු ඉදිමුම් ස්වභාවයක් නොතිබුණු අතර ගර්භණී අවධිය මුළුල්ලේම එය දීප්තිමත් ව තබා ගැනීමට මම සමත් වුණෙමි.

කෙසේ වෙතත් මම දොල දුක් ආශාවන් පාලනය කර ගතිමි. මා නිතරම ප්‍රිය කල ආහාර ජාති අතර අයිස් ක්‍රීම්, දැල්ලෝ, තෙම්පරාදු කරන ලද බත්, වඩේ සහ අනෙකුත් අනං මනං ඇතුලත් විය. ශරීරයට හිතකර නොවන ආහාර කෙරෙහි ද සිත ඇදී යන වේලාවන් තිබුණි. සමහර අවස්ථාවන්හි දී, මා මෙම දැඩි ආශාවන් වලට අවනත වී ඒවා සපුරා ගත් බව පිළිගත යුතුව ඇත. මෙම විශේෂ ආහාර සඳහා ඇති ලොල් බව ඉක්මවාලිය නොහැකි තරමක පැවතුණි. කෙසේ වෙතත් මෙම ප්‍රමාණය, මා දැනුවත්වම, ගර්භණී කාලයට පෙර මා ගත් ප්‍රමාණයටම සීමා කලෙමි. මෙය ඉතා දුෂ්කර කාර්යයක් විය. එහෙත් සෞඛ්‍ය සම්පන්න දරුවකු ලැබීම සහ සුන්දර පෙනුමකින් පසු වීම සඳහා මෙය අනුගමනය කිරීම ඉතා වැදගත් බව මා තරයේම මතක තබා ගත්තා.
ගර්භණී භාවයට එළඹීම හෝ මවක් වීම කාන්තාවකගේ බර සහ පෙනුම පිළිබඳ නොසලකා හැරීමට නිදහසට කාරණාවක් නොවේ. කෙසේ වෙතත් තම රූ සපුව හෝ ශරීරය පිළිබඳව නොසලකා හැරීම සමහරක් අපේක්ෂිත පවුල් ප්‍රශ්න වලට මුල පිරීමට ඉඩ ඇත.
පළා වර්ග සහ ජලය මම මැනවින් පරිභෝජනය කලෙමි. මා කෙතරම් පළා ජාති අනුභව කලාද කිවහොත් මාගේ නැන්දම්මා මා නිවසේ වෙසෙන එළුවකු කියා සිතන්නට ඇති. මම අධික ලෙස ජලය පානය කිරීමට පුරුදුව සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මා දරුවාට මව් කිරි දීමේදි දවසට කිහිප සැරයක් බිළිඳාගේ ඉණකඩ (nappies) මාරු කිරීමට සිදු වුණේය.
Image Credit: celebrityparentsmag.com

 කතුවරිය ගැන බිඳක් :
BLOG_TITLEමාරි කෲස් යනු රැකියාවක නිරත වන කාර්ය බහුල මවකි. ඇයත් ඔබ වගේම වගකීම් සහ අභියෝග රැසක් සමඟ පොර බඳින කෙනෙකි. අලෙවිකරණ වෘත්තීයේ සාර්ථක ඉණිපෙත්තක් පසු කරමින් සිටින අතරේදි, ශ්‍රීලංකාවේ මව් පදවිය ලැබීමට නියමිත කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මැය විසින් ඇය ප්‍රථම වරට මවක් වූ අත්දැකීම් පිළිබඳව ඔබත් සමඟ බෙදා හදා ගනියි. මාරි කෲස් ගේ තවත් ලිපි සඳහා Parenting.lk වෙබ් අඩවියේ ""First Time Mom" කොලම වෙත පිවිසෙන්න.

ගර්භණී අවධියේදී ඔක්සිටෝසින් (Oxytocin) සක්‍රීය කර සතුටින් පසුවන්න

0
ඔක්සිටෝසින් (Oxytocin) සක්‍රීය කර සතුටින් පසුවන්න.

සමහර කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට වඩා හොඳ මව්වරුන් වන්නේ ඇයි? මේ කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම ඉහළ අගයක පැවතීම මීට හේතුවක් විය හැක. මෙය “සෙනෙහස් හෝමෝනය” (Love Hormone) ලෙසද හඳුන්වනු ලැබේ. ඔක්සිටෝසින් ඉතා අත්‍යවශ්‍ය මාතෘ හෝමෝනයකි. මෙය කාන්තාවන්ගේ මාතෘත්වය වර්ධනය කරනවා පමණක් නොව ඔවුන්ව වඩාත් සතුටට හා ස්නේහවන්ත බවට පත් කරයි.
සමීක්ෂණ වලින් නැවත නැවතත් අනාවරණය වී ඇත්තේ, අඩු ඔක්සිටෝසින් මට්ටමක් ඇති සතුන් ඔවුන්ගේ පැටවුන් මුවින් පිරිමැදීම සහ ලෙව කෑම වැනි සෙනෙහස පාන හැසිරීම කෙරෙහි මන්දගාමි ඇල්මක් දක්වන බවයි. මේ දක්වා, ,මනුෂ්‍ය වර්ගයා සම්බන්ධයෙන් මේ පිළිබඳ එතරම් සමීක්ෂණ කර නැති බව පෙනේ. ගර්භණී අවධියේ පළමු මාස 3 හිදී කාන්තාවන්ගේ ඔක්සිටෝසින් මට්ටම, ළඳරුවාගේ පලමු මාසය තුල, ළඳරුවාත් මවත් අතර ඇති බැඳීම පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වන බව සොයා ගෙන ඇත. මීට අමතරව ගර්භණී අවධිය ඔස්සේ හා දරු උත්පත්තියෙන් පසු පලමු සති 6 තුලදී අධික ඔක්සිටෝසින් මට්ටමක් පෙන්නුම් කල මව්වරුන්, දරුවා සමඟ සමීප සම්බන්ධතා පෙන්නුම් කර ඇති බව අනාවරණය කර ඇත. එම නිසා ඔක්සිටෝසින් අගය වැඩි වන තරමට දරුවා කෙරෙහි මවගේ ඇති ආදරය සහ අවධානය වර්ධනය වන බව නිසැකය.

තවද අනතුරක් යටපත් වූ පසු ඔක්සිටෝසින් විසින් ආතති හෝමෝනය ප්‍රතිවර්තනය කර ශරීරයේ මාතෲ සෞඛ්‍යය සහ තැන්පත්භාවය නැවත ඇති කරනු ලැබේ. හිතවත් භාවය, රුධිර පීඩනය අඩු අගයක තබා ගැනීම සහ අනිත් අය සමඟ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාමට ඇති ලැදියාව වැඩි දියුණු කිරීම ඔක්සිටෝසින් හෝමෝනයේ මූලික කර්තව්‍යයකි.

මින් අදහස් කරන්නේ කාන්තාවකගේ ගර්භණී අවධියේ පළමු මාසය තුල ඇයගේ ඔක්සිටෝසින් අගය පහල මට්ටමක පවතී නම් ඇය හොඳ මවක් නොවන බවද? මෙම හෝමෝනය වැඩි කරග ගත හැකි ක්‍රම තිබේද?

මෙම ඔක්සිටෝසින් හෝමෝනයේ රුධිර මට්ටම වැඩි කිරීම සඳහා ඔක්සිටෝසින් පෙති භාවිතා කිරීම කියා දෙයක් නැත. මෙම හෝමෝනය, නාස් ඉස්නය (Nasal Spray) හි තිබුනත් දීර්ඝ කාලයක් භාවිතා කිරීමෙන් මොළයට හානි පැමිණවිය හැකි බව වෛද්‍ය මතයයි. මෙය ක්‍රියාවෙන් කල යුතු දෙයකි.

සුභදායි අන්දමට බලන විට ශරීරයේ ඇති ඔක්සිටෝසින් අගය ඉතා පහසුවෙන් වැඩි කර ගත හැක. සුරතලෙකු හෝ ළඳරුවෙකු ස්පර්ශ කිරීම, භාවනාව, ශරීර සම්භාහනය, ස්වේච්ඡා සේවය , පොතක් රස විඳීම, ගී ගැයීම, ලිංගික සේවනයේ නිරත වීම, යෝගා සහ ව්‍යායාම් වල යෙදීම මෙම හෝමොනයේ අගය වැඩි කිරීමට ඉවහල් වන බව දැන ගත යුතු කරුණකි. දෙමාපියන්, මිතුරන් හෝ අසල්වැසියන් සමඟ සුහද සම්බන්ධතා පැවැත්වීමෙන්ද ඔක්සිටෝසින් මට්ටම වර්ධනය වේ. මෙම හෝමෝනය ” සෙනෙහස් හෝමෝනය” ලෙස සමීක්ෂකයින් හඳුන්වන්නේ ඒ නිසාවෙනි.

ගර්භනී මාතාවන් තම දරුවන්ට මව්කිරි දීම ඔක්සිටෝසින් අගයන් වැඩි කර ගැනීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගයකි. මෙසේ ඔක්සිටෝසින්හි රුධිර මට්ටම ඉහල යාම හේතුවෙන් සෙනෙහසේ සහ සෙනෙහස දැක්වීමේ හැඟිම් උත්තේජනය කරයි. ශරීරයේ ඔක්සිටෝසින් ප්‍රමාණය වැඩිපුර නිෂ්පාදනය වන තරමට ස්නායු පද්ධතියේ ඇති ප්‍රතිග්‍රාහක මඟින් ඉහත සඳහන් කාර්යයම කරනු ලැබේ. මෙය උඩුකුරු වර්ධනයකි.

අලුත් දෙමව්පියන් වීමට ඇති බිය මඟහරවා ගැනීම

0
අලුත් දෙමව්පියන් වීමට ඇති බිය මඟහරවා ගැනීම

ඔබ, පලමුවරට මවක් වීම සහ අලුත් බිලිඳෙකු රැකබලා ගැනීම, ඔබේ ජීවිතේට අලුත් අත්දැකීමක් වන බව නොඅනුමානයි. ඔබේ සිතට ඇතිවන දෙගිඩියාව, බය වැනි සිතිවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක් වේ. ඔබේ ජීවිතය ප්‍රශ්න, සිතිවිලි සහ දුකින් පිරී තිබුනත්, ඔබේ අලුත් සුරතල් සිඟිත්තා සමඟ ඇති ගැඹුරු සම්බන්ධතාවය නිසා ඒවා ඔබේ මනසෙන් නැතිවී යා හැක.

ඔබට දෙගිඩියාවෙන් මිදීමට සහ මාතෘත්වයේ ප්‍රතිලාභ නිසිලෙස විඳ ගැනීම සඳහා උදව්වන පහත දක්වා ඇති කරුණු කිහිපයක් පිලිබඳව සලකා බලන්න.

ඔබේ බිලිඳා සමඟ එලියට යාමට බිය නොවන්න.
ඔබේ සිඟිත්තාට ඔබට වගේම නැවුම් වාතය ලබා ගැනීමට අයිතියක් ඇත. එලිමහනෙන් ලැබෙන නැවුම් වාතය දරුවාට ඉතා වැදගත් වේ. දරුවාට මාස 3ක් වන තෙක් සෙනඟ ඇති තැන් වලට යාමෙන් මඟහරින්න. ඔබ, නෑදෑ හිතමිතුරන් බැලීමට යනවා නම්, ඔවුන් දරුවාව ඇල්ලීමට පෙර අත් සෝදන ලෙස ඔවුන්ට උපදෙස් දෙන්න. කුඩා දරුවන්ට ඔබේ බිලිඳා ඇල්ලීමට ඉඩ නොදෙන්න.

ඔබේ හඬන දරුවා ඇඳ උඩ තබන විට, එය වරදක් යැයි නොසිතන්න.

ඔබේ ආතතිය වැඩි නොකර, සන්සුන්ව සිටීමට උත්සහ කරන්න. ඔබ නිරන්තරයෙන් සිඟිත්තාව උසුලාගෙන් සිටීමෙන් වලකින්න. එසේ කලහොත් ඔබේ සිඟිත්තා ඇඳ උඩ තබනවිට කලබලකාරී ලෙස හැසිරීමට පුලුවනි. සිඟිත්තාට ඔබ සමඟ සන්නිවේදනය කිරීමට ඇති එකම හැකියාව හැඬීම පමනි. එහෙත්, ඔබේ දරුවා පැය 3කට වඩා හඬයි නම්, ළමා විශේෂඥයකුගෙන් උපදෙස් ගැනීමට අමතක කරන්න එපා. එය සමහරවිට ආමාශයේ තිබෙන ඇසිඩ් නැවත ආහාර මාර්ගය උඩට ඇදී ඒම නිසා නැතහොත් වෙනත් හේතුවක් විය හැක.

ඔබේ දරුවා නිදාගෙන සිටින අවස්ථාවලදී, ඔබ කකුලේ ඇඟිලි තුඩු අගින් ඇවිදිනවාද නැතහොත් රහසින් කතා කරනවාද?

කතා කිරීම හෝ ඇවිදීම දරුවාට කරදරයක් නොවේ. එයට හේතුව නම්, දරුවා ගර්භාෂයේ සිටින කාලයේදී, ඔහු වටේ තිබෙන ශබ්ද වලට හැඩ ගැසී ඇත. දරුවා ශබ්ද වලට හැඩගැසී ඇති නිසා, ඔබට රෙකෝඩර් (Recorder) එක වැඩි ශබ්දයකින් දැමිය හැකි යැයි නොසිතන්න. ඔබේ දරුවා ඉක්මනින් නැගිටුනහොත්, විදුලි පංකාව ලඟින් දමන්න. එයින් පිටවන කුඩා ශබ්දය නිසා, SIDS සහලක්ෂණය ඇතිවීමේ අවස්ථාවන් අඩුවෙයි.

නිරන්තරයෙන් ශබ්දය වැඩිවශයෙන් ඇති ස්ථානයක ඔබ සිටිනවානම්, විවිධ සුළු ශබ්ද වන දියඇල්ලක ශබ්දය හෝ සුලඟේ ශබ්දය නිකුත් කරන White Noise Device යන උපකරණය දැමීමෙන්, දරුවා හොඳින් සැනසී නිදාගනී.

ඔබේ ළදරුවා මුනින් අතට දැමීම පිලිබඳ බිය නොවන්න.

ළදරුවන් සෑම දවසකම ටික වේලාවකට මුනින් අතට හිඳ කාලය ගත කිරීමට ඉඩ දෙන්න. එයින් ඔවුන් ඔළුව උස්සා බඩගා යන ක්‍රමය ඉගෙන ගනී. දරුවාට මෙම ක්‍රමය පිලිබඳව එතරම් සතුටු නොවූවද, දිනපතා එක වේලාවකට අඩුම තරමින් විනාඩි 5ක් එහෙත් විනාඩි 20ක පමණ නොවැඩි කාලයක්, දරුවා මුනින් අතට තැබිය යුතුය. දරුවා එම ක්‍රමය ඉගෙනගන්න තාක්, ඔබ මෙය සිදුකල යුතුය.

විශේෂයෙන්ම ඔබේ ස්වාමි පුරුෂයාගෙන් හෝ උදව් කිරීමට කැමති අයගෙන් උදව් ලබා ගන්න.

ඔබ දරුවා ලඟ නිරන්තරයෙන් සිටීම හේතුවෙන් ඔබේ ආතතිය වැඩිවිය හැක. එමනිසා ඔබ විටෙන් විට කෙටි විවේකයක් ගැනීමට අමතක නොකරන්න. ඔබේ ස්වාමි පුරුෂයා දරුවා ටික වේලාවකට බලාගන්නා තෙක් ඔබට, ටික වේලාවකට විවේකීව ඇවිදීම හෝ රූපවාහිනිය නැරඹීම කල හැක.