අපි ගැන

අන්තර්ජාලයේ දෙමාපියකරණය පිලිබඳ සිංහලෙන් පලවන ලිපි සහ රචනා වල ඇති අඩුව පිරවීමට 2014 වසරේදී ආරම්භ කරන ලද වෙබ් අඩවියකි Parenting.lk. දැනටමත් දෙමාපියන් වී සිටින ඔබටත්, දෙමාපියන් වීමට බලාපොරොත්තුවෙන් සිටින සැමටත් එක සේ වැදගත් වන අධ්‍යාපනික වටිනාකමකින් යුතු දැනුම් සම්භාරයක් ලෙස අප වෙබ් අඩවිය එලි දුටුවේ, ඔබ වැනිම තවත් දෙමාපියන් කිහිප දෙනෙකුගේ උත්සාහයක ප්‍රතිඵලයක් හැටියටයි.

වෛද්‍ය, මනෝ වෛද්‍ය, පූර්ව ළමාවිය සංවර්ධනය පිලිබඳ විශේෂඥ, ගුරු වෘතිය, ආයුර්වේද ඇතුළු විවිධ ක්ෂේශ්ත්‍ර වල වෘතීය ප්‍රවීනයන් රැසකගේ සම්පත් දායකත්වයෙන් ඉතා වටිනා ලිපි සහ වීඩියෝ රැසක් මේ වනවිටත් අප වෙබ් අඩවියේ පල කිරීමට අපට හැකිවී තිබෙනවා.

අපගේ වෙබ් අඩවියේ පල වන්නේ ශ්‍රී ලාංකික දෙමාපියන්ට කෙලින්ම අදාළ කරගත හැකි ලිපි පමණයි. ශ්‍රී ලාංකික සංස්කෘතික හා සමාජීය පරිසරයට නොගැලපෙන, බටහිර සහ වෙනත් ආසියාතික සංස්කෘතීන්ට අදාළ වන දෙමාපියකරණ තොරතුරු කෙලින්ම පරිවර්තනය කර පල කිරීමක් කිසිදු අයුරකින් නොකිරීමට අපි සැම විටම උත්සාහ ගන්නවා.

2017 වසරේදී මුල් වතාවට මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන කලාවට පිවිසි Parenting.lk, අපගේ මුල්ම මුද්‍රිත කෘතිය ලෙස ‘මව් පදවිය පළමු වසර’ පොත එලි දැක්වූවා.

අපේ අනාගත දැක්ම

හෙට දින ශ්‍රී ලංකාව වඩා යහපත් රටක් බවට පත් කිරීමට නම්, මතු පරපුරේ වත්මන් භාරකරුවන් වන අද දින දෙමාපියන්ව නිසි දෙමාපියකරණ දැනුමෙන් පෝෂණය කල යුතු බව අපගේ විශ්වාසයයි. වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් හෙට දිනයේදී බිහි කිරීමට, අද දිනයේ දෙමාපියන් දැනුමෙන් සහ ධනාත්මක සිතුවිලි වලින් සවිබල ගැන්වීම Parenting.lk වන අපගේ උත්සාහයයි.