Parenting.lk සමග නිතර සම්බන්ධ වන ඔබ වෙත කෙරෙන කාරුණික ඉල්ලීමක්

ආදරණීය Parenting.lk පාඨකයන් වෙත,

ලංකාවේ අපේ මිනිස්සු Facebook එකේ වැඩිපුරම share කරන්නේ එක්කෝ gossip news නැතිනම් ජාතිවාදී හෝ දේශපාලනමය අවලාද සහිත දේවල්.
මෙවැනි තත්වයක් යටතේ, Parenting.lk වගේ වෙබ් අඩවි වලට Facebook wall එකේ ලැබෙන ඉඩකඩ බොහොම සීමිත වෙනවා. මොකද, අපේ ලිපි ප්‍රයෝජනවත් වෙන්නේ දරුවන් සිටින දෙමාපියන් සුළු පිරිසකට විතරක් නිසා, ලිපි වල කොතරම් වටිනා කරුණු ඇතුලත්ව තිබුනත් share කරන්න යන්නේ නැහැ.

බොහොමයක් gossip pages වල වගේ, අපි පල කරන හැම post එකක්ම “හැකිතාක් share කරන්න” කියලා අපි අපේ පාඨකයන්ට බලකරන්නෙත් නැහැ.

එත්, අපි සැවොම එකට එක්ව, අන්තර්ජාලය කියන්නේ gossip පමණක් share කරන මාධ්‍යයක් නොවන බව ඔප්පු කල යුතුව තියෙනවා. අපි එසේ නොකලොත්, නොබෝ දිනකින්ම ලංකාවේ අන්තර්ජාල මාධ්‍යය මඩ සහ කුණු පමණක් පිරුණු තැනක් බවට පත් වෙන එක නොවැලක්විය හැකියි.

Parenting.lk සමග නිතර සෘජුවම සම්බන්ධ වන (messaging සහ comments හරහා) අපගේ හිතවත් පාඨක ඔබගෙන් අපි මේ පුංචි ඉල්ලීම කරනවා.

අපි පලකරන ලිපි ඔබට ප්‍රයෝජනවත් වූවා සේම, තව දස දහස් ගණන් දෙමාපියන්ට ප්‍රයෝජනවත් වනවා විය හැකියි. ඔවුන්ට අපේ ලිපි කියවීමට ලැබෙන්නේ, අපේ සමීපතම පාඨකයන් වැඩි වැඩියෙන් අපේ ලිපි Facebook හරහා share කලොත් පමණයි. මන්ද යත්, අපගේ එක ලිපියක් 100 වාරයකට වඩා Facebook ඔස්සේ share වන සෑම විටම, එම ලිපිය 10,000කට වඩා අධික පිරිසකට ලඟා වනවා.

එනිසා, හැකි සෑම විටම Parenting.lk වෙබ් අඩවියේ පලවන ලිපි, සෘජුවම ඔබගේ Facebook profile එක හරහා share කිරීමට කාරුණික වන්න. Parenting.lk වෙබ් අඩවිය ගැන වචන කිහිපයක සටහනක්, ඔබේ මිතුරන්ට පෙනෙන සේ පලකිරීමට හැකිනම් එයත් අපගේ වපසරිය පුළුල් කිරීමට උපකාරී වේවි.

අපගේ ලිපි පමණක් නොව, කෙනෙකුට අධ්‍යාපනික වශයෙන් සිතන්නට යමක් ලැබෙන ඕනෑම දෙයක් වැඩි වැඩියෙන් share කිරීමට අපි පෙළඹුණහොත්, අන්තර්ජාල මාධ්‍යය වඩා යහපත් අරමුණු කරා යොමු කිරීමට අපිට හැකිවේවි.

මෙතෙක් අප හා රැදී සිට අපව ධෛර්යමත් කලාට ස්තුතියි. ඉදිරියේදී ඔබ වැනි සුහද පාඨකයන් සමග නිතර සම්බන්ධ වීමට අපි සිතා සිටිනවා.

ස්තූතියි!
Parenting.lk Admin කණ්ඩායම.