- Advertisement -

දරුවා සමඟ හොඳ බැඳිමක් ඇතිකරගැනීමට උදව් වන උපදෙස් 20 ක්

-

දරුවා සමඟ ඇති බැඳීම ඇතිවීමට පටන්ගන්නේ දරුවා ගර්භාෂයේ සිටින කාලයේදීමය.කළලය වැඩෙනවාත් සමඟම මව සහ නුපන් දරුවා අතර විශේෂ සම්බන්ධයක් ගොඩනැඟීමට පටන් ගනී.මෙම සම්බන්ධතාවය බිළිදා ඉපදුනු පසුවත් දරුවාගේ මුළු ජීවිත කාලය පුරා නොනැසී පවතී.

සමහර මවුවරු දරුවා ඉපදුනු සැනින් දරුවා සමඟ ඉක්මන් බැඳීමක් ඇතිකර ගන්නා අතර අනිත් අය සමඟ බැඳීමක් ඇතිකර ගැනීමට දරුවාට ටික කාලයක් ගනී.

- Advertisement -

බැඳීම ක්‍රියාවලියක් වන අතර එය නොනැවතෙන ගමනකි. පසු කරන සෑම දවසක් ගානේම මව තම දරුවාගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දක්වන අතර එය තම දරුවා සමඟ ඇතිවෙන බැඳීම ශක්තිමත් වේ.

මව සහ දරුවා අතර ඇති බැඳීම ශක්තිමත් වීමට උදවු වන කරුණු 20 ක් පහත දැක්වේ.

1.මවුකිරි දීම තුළින් ඇතිවන බැඳීම

මවුකිරි දෙන ක්‍රමය මඟින් මව සහ දරුවා එකිනෙකාට සමීප කරයි. මවුකිරි දීම තුලින් මව තම දරුවා දිනකට 18 වතාවක් පමණ අල්ලා ගනිමින් ළඟින් තියාගනී.

2.ස්පර්ශය තුළින් ඇතිවන බැඳීම.

උණුසුම් ස්පර්ශ වලට බිළිඳා ප්‍රතිචාර දක්වයි.සමට සම ස්පර්ශ වීමෙන් බිළිදාට අරක්ෂාව,උණුසුම හා බැඳීම වැඩි වන බව හැඟෙයි.බිළිඳාට පහසු වන පරිදි ඔබගේ පපුවට තුරුලුකර තබා සිනිඳු පොරවනයකින් බිළිඳාව පොරවන්න.

3.බැල්ම තුළින් ඇතිවන බැඳීම.

බිළිදාට තම මවගේ ඇස් දිහා නොනවත්වා බලා ගත හැක.අලුත උපන් බිළිදාට තම මව පෙනෙන්නේ අඩියක් ඇතුලත සිටියහොත් පමණි. බිළිදාට මවුකිරි ලබා දීමේදි දරුවා සමඟ සිනාසී දරුවාගේ ඇස් දිහා බලා සිටීමෙන් බැදීම තවත් වර්ධනය වේ.

4.හඬ මඟින් ඇතිවන බැඳීම.

දරුවන් කටහඬවලට බොහෝ සේ කැමතිය.විශේෂයෙන් මවගේ කටහඬ ට ය.නිතරම දරුවා සමඟ කතාකරන්න. ගීත ගායනා කරන්න.මවගේ කටහඬ දරුවාට හුරුපුරුදු කමක් හා සැපපහසුව සලසයි.දරුවා මවගේ ලයහි තබා මවගේ හෘද ස්පන්දනයේ නාදය ඇසෙන විට දරුවාට සැනසීමක් දැනේ.ඒ මඟින් දරුවා නිස්කලංකව සිට නින්දට යයි.

5.අවශ්‍යතා වලට ප්‍රතිචාර දැක්වීමෙන් ඇතිවන බැඳීම.

දරුවාට මවුකිරි හෝ අඳුම් මාරුකිරීමට අවශ්‍ය වන වේලාවේදී දරුවා හැඬිමට පටන් ගනී.එම අවස්ථාවේ දී මව තම දරුවා අතට ගැනීමෙන් දරුවාට විශ්වාසය ඇති වී බැදීම වැඩිදියුණු වේ.

6.දරුවා ඔබ තුරුලේ එල්ලා ගැනීම තුලින් ඇතිවන බැදීම.

දරුවා ඔබ තුරුලේ එල්ලා ගැනීම විශ්වාසය සහ ආරක්ෂාව ගොඩනැගීමට සුදුසු හා සුරක්ශිත ක්‍රමයක් වේ.

7.ළදරුවා සම්බහනය කිරීම මඟින් ඇතිවන බැඳීම

ක්‍රමවත් සම්බාහනය බිළිඳාගේ කායික හා මානසික සෞඛ්‍යට හිතකර වේ.මව තම දරුවාව සම්බාහනය කිරීම මඟින් මවගෙන් oxytocin මුදාහැරෙන අතර එමගින් දරුවා සමඟ ඇති බැඳීම තවදුරටත් ගොඩනැගේ.

9.දිනපතා පුරුද්ද හරහා ඇතිවන බැඳීම.

දිනපතා පුරුදු පරිදි කරන වැඩ තුලින් දරුවාගේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදුවේ. තවද මේ තුලින් බිළින්දාට ආරක්ෂාකාරී හා සුරක්ෂිත බව දැනී එමඟින් ද බැඳීම් ඇතිවේ.

10.සුවඳ මඟින් ඇති වන බැඳීම.

බොහෝ බිලින්දන් කපුරු සහ ලැවෙන්ඩර් සුවඳ හමන බිලිඳු ආලේපන වලට ප්‍රියකරයි. බිලිඳන් මුරන්ඩු ලෙස හැසිරෙන අවස්ථාවලදී මේ සුවද හමන තෙල් හෝ ආලෙපන ටිකක් දරුවාගේ ඇදුමේ තවරන්න.

11.කියවීම හරහා ඇතිවන බැඳීම.

දරුවා සමඟ එකට සිට පින්තූර පොතක් බලාසිටීම හරහා දරුවා සමග හැගීම්බර සම්බන්ධතාවයක් හා ධනාත්මක අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගේ.වර්ණවත් හෝ පින්තූර බොහෝමයක් තිබෙන, විශේෂයෙන් මුහුණු තිබෙන පොත් නැරඹීම සුදුසුය.

12.ස්නානය කිරීම හරහා අතිවන බැඳීම

දරුවන් තරමක් උණුසුම ඇති ජලයෙන් ස්නානය කිරීමට කැමති ය.එයින් ඔවුන් නිස්කලංකව හා සතුටින් තබයි. රාත්‍රී නින්දට යාමට පෙර ස්නානය කිරීම සඳහා වේලාවක් එකාකාරී දින චර්යාවට එකතු කරන්න.

13.සෙල්ලම් කිරීම හරහා ඇති වන බැඳීම

ළදරුවන් සමඟ සෙල්ලම් කිරීම මඟින් ප්‍රිතිමත් අන්තර් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට හැකි ය.

14.නිරීක්ෂනය හරහා ඇතිවන බැඳීම.

ළදරුවන් තම ලෝකය සමඟ ක්‍රියාකරන හැටි හොදින් නිරීක්ෂනය කරන්න.මේ නිරීක්ෂනය මගින් තම දරුවාගේ ඕනෑ එපාකම් පිලිබද හොද අවබෝධයක් ලබාගත හැක.

15.තුරුල් කර සිටීමෙන් ඇතිවන බැඳීම.

ළදරුවන් තුරුල් වී සිටීමට බොහෝ සේ ඇලුම් කරයි.මවගේ උකුල මත තුරුල් කර සිටීම මඟින් ඔවුන්ට ප්‍රීතියක් ගෙන දෙයි.

16.රංගනය හරහා ඇතිවන බැඳීම.

බොහෝ ළදරුවන් සංගීතයට සවන්දීම හා ඒ අනුව චලනය වීමට ඇලුම් කරයි.වේගවත් සංගීතයක් දරුවාට ඇසීමට සලස්වා මව තම දරුවා හොඳින් අල්ලාගෙන එම නාදය අනුව වටේට පැද්දීමක් සිදු කරන්න.එයින් දරුවා සමඟ හැඟීම්බර බැඳීමක් ඇතිවේ.

17.කථා කිරීම හරහා ඇතිවන බැඳීම.

දරුවා සමඟ නිතරම කථා කරන්න.දරුවා සමඟ කුස්සියේ උයන දේවල් ගැන හෝ දුරකථනයෙන් කතා කළේ කවුද කියන ඒවා පිළිබඳ කතා කල හැක.

18.ආහාර ලබාදීම මඟින් ඇතිවන බැඳීම.

දරුවාට කෑම කවන අවස්ථාවේදී මුහුණ එක එක චර්යාවලට අනුව හැඩ ගැස්සීම,සිනාසීම,සිංදු ගායනා කිරීම හෝ දරුවා සමඟ කෙඳිරි ගැසීම සිදු කළ හැක.දරුවන් තවත් ඉදිරියට වැඩුණු පසු ඔවුන් තම මව ගේ ක්‍රියාකලාපයන් අනුගමනය කිරීමට පටන් ගනී.

 

19.ඩයපරය මාරුකිරීම මඟින් ඇතිවන බැඳීම.

ඩයපරය මාරු කරන අවස්ථාවේදී දරුවා යන්තම් කිති කැවීමෙන් දරුවාට සතුටක් ඇති කරයි.

20.ස්වයං සාත්තුව මඟින් ඇතිවන බැඳීම.

තමා පිළිබඳ සැලකිලිමත් වීමෙන් සිය ජීවිතයේ වටිනාකම හා සතුට ගොඩනගා ගත හැක.එයින් දරුවා සමඟ ඇති බැඳීම තවත් වැඩිවේ.

මව සහ දරුවා අතර ඇති බැඳීම අරුම පුදුමය, ඒ සඳහා කාලය සහ පරිශ්‍රමයක් දැරීමට සිදුවන නමුත් එය මුළු ජීව්ත කාලය පුරාවටම නොනැසී පවතී.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article