දරුවකු හදා ගත යුතු කාලය දැන් එළඹී ඇත්ද?

දරුවකු හදා ගත යුතු කාලය දැන් එළඹී ඇත්ද?

අප ජීවත් වන්නේ ආගන්තුක සත්කාර වලට ඉහල තැනක් ලබා දෙන අන් අයට උදව් උපකාර කරන සමාජයකින් සමන්විත කුඩා දිවයිනකය. දුකෙහිදි හා කරදරයකදී අන් අයගේ පිහිටට ඉදිරිපත්වීමේ ඒ යහපත් ගුණාංගය ආදී මුතුන් මිත්තන්ගෙන් පරම්පරාවට පැවත එන්නකි. ශ්‍රී ලාංකික සමාජයේ නිසැඟයෙන්ම පිහිටන මෙම පුරුද්ද සමහර අවස්ථාවලදී අන් අයගේ පෞද්ගලිකත්වයට හිරිහැරයක් වන අයුරින් ක්‍රියාත්මක වේ. වැඩිහිටියන් නිතරම ඔවුන්ට වඩා අත්දැකීම් අඩු, වයසින් ලාබාල තරුණ උදවියට අවවාද කිරීම, අන් අයගේ ජීවිත කෙරෙහි දැඩි උනන්දුවක් හා කුතුහලයක් දැක්වීම වැනි අවස්ථා මින් කිහිපයකි.

අපේ සංස්කෘතිය කසාදය, දරුවන් හදා ගැනීම හා උපයන ආදායම වැනි මූල්‍යමට තොරතුරු වැනි විශයන් සඳහා දක්වන්නේ සැහැල්ලු ආකල්පයකි. මේ නිසා සමහර පුද්ගලයින්, කුතුහලයෙන් එකිනෙකාගේ විස්තර කතා බස් කරති. මෙය සැම විටම ඕපාදුප ලෙස සැලකිය නොහැකි අතර ඔවුන් එසේ අන් අයගේ ජීවිත පිළිබඳව දැඩි උනන්දුවකින් කතා කරන්නේ සහජයෙන්ම පිහිටන කුතුහලය නිසාවෙනි.

බටහිර රටවල මෙන් නොව පෙරදිග සංස්කෘතින් බොහෝමයක් “තමන්ගේ වැඩක් බලාගෙන” ජීවත් වන පිරිසක් නොවේ. අපි ආත්මාර්ථකාමි ජීවන රටාවකට වඩා, ලෙඩකදී, දුකකදී, විපතකදී හා මරණයකදී අන අයට පිහිට වෙමින් ඔවුන්ගේ සහයෝගය අපේක්ෂා කරන පරාර්ථකාමි, පරෝපකාරි ජීවිතයකට හුරුවූ සමාජයක් වෙමු. නමුත් කසාදය, දරුවන් හදා ගැනීම හෝ රැකියාවන් වලට අයදුම් කිරීම වැනි පෞද්ගලික විෂයන් හිදී අන් අයගේ අනවශ්‍ය මැදි හත් වීම හෝ ඔවුන්ගේ මතයන් අපව නුරුස්සන අතර මෙවන් අවස්ථාවල අප බාහිර බාධාවන් වලින් තොරව ස්වාධීනව තීරණ ගැනීමට කැමත්තක් දක්වන්නෙමු.

කසාදය හා දරුවන් හදා ගැනීම සාර්ථක ජීවිතයක එක්  කොටසක්ද?

කසාදයට පෙර කෙනෙකුගේ මානසිත ආතතියේ තීව්‍ර බව පවුලේ කෙනෙකුගේ මරණයකදී පුද්ගලයෙකුට දැනෙන ආතතියට සමාන බව ඔප්පු වී ඇත. තරු පහේ මංගල උත්සව, සුන්දරම මනාලිය, මධු සමය සඳහා පිටර යාම වැනි නූතන සමාජ සම්මතයින් සාක්ෂාත් කර ගැනීමට මුදල හා ශ්‍රමය යොදවන විවාහ ජෝඩුවට දැඩි මානසික පීඩනයක් ඇතිවේ. මට ලඟකදී විවාහ වූ ජෝඩුවක් මුණ ගැසුණු අතර, ඔවුන් සමඟ ඇතිවූ සංවාදයකදී මට දැන ගන්නට ලැබුනේ දෙදෙනා අතර ඇතිවූ  දරුණුම වාද විවාද මංගල උත්සවයට දින කිහිපයකට කලින් සිදුවූ බවය. කෙසේ නමුත් මංගල උත්සවය දවසේ ඔබට මෙවන් අමිහිරි අත්දැකීම් අමතක වනු ඇත. අභියෝග මැඩලමින් මධු සමයට එක්වන විවාහ ජෝඩුව නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා පිය තබයි.

කසාද බැඳීම, ආදර සම්බන්ධතාවක් පවත්වනවාට වඩා වෙනස් අත්දැකීමකි. දෙදෙනා සතියකට වරක් කිහිප වේලාවකට මුණ ගැසෙනවාට වඩා තවත් කෙනෙකු සමඟ එකම වහලක් යට එකට ජීවත් වීම ඉතා ගැඹුරු වගකීමක් දැරිය යුතු කර්තව්‍යයකි. ජීවිතයේ අභියෝගාත්මක අවධිය ආරම්භ වන්නේ ඥාතීන්ගේ අපේක්ෂා මධ්‍යයේ තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ කාලයේදියි. සමහර අවස්ථාවලදී ඔබ සමාජය සතුටු කරවීමට යන ගමනේදි ඔබට ඔබ තනි පුද්ගලයකු බව අමතකවන්නට ඉඩ ඇත. ඥාතීන්ගේ නිවෙස්වලට යාම, මූල්‍යමය කටයුතු කළමනාකරණය සිට නැන්දම්මා සමඟ කටයුතු කිරීම වැනි අභියෝග සමඟ ඔබට පොර බදින්නට සිදුවේ. විවාහ වී පලමු සංවත්සරය සැමරීමේදි තමන් දරුවකු හැදිය යුතු දැයි යන තීරණය සම්බන්ධ ප්‍රශ්න ඔබ දෙපල වෙත යොමු වනු ඇත.

මෙම කාලයේදි ඔබ දරුවකු හැදීමට තීරණය කල හොත් එම පුවත ඔබේ පවුලේ ඥාතීන් ව ප්‍රීතියට පත් කරනු නොඅනුමානයි. (එම කාලය වන තෙක් ඔබට දරුවකු නොසිටියි නම්) වැඩිහිටියන්ගේ ආකල්ප හා අදහස් වලට අනුව එය සාර්ථක විවාහ ජීවිතයක තවත් එක් කොටසකි. අලුතින් විවාහ ජීවිතයට එක්වූ ජෝඩුවකට එකට එක්ව ජීවත් වීමද තරමක් අසීරු කාර්යයක් වන අතර එම කාලයේදීම දරුවකු හදා ගැනීම හා ගර්භනී අවධියට සූදානම් වීම පහසු දෙයක් නොවේ. අලුත බැඳපු බිරිඳ හා සැමියා එකිනෙකට වෙනස් මෘදුකාංග දෙකක් ලෙස ක්‍රියාත්මක වන බව ඔබ සිහි තබා ගත යුතුය.

විවාහ වී වසරක් ගත වූ සැණින්ම දරුවකු හදා නොගැනීම ශ්‍රීලාංකික සම්මතයට අනුව තරමක එඩිතර තීරණයකි. නමුත් ඔබ යම් වයස් සීමාවක් පසු කල විට වැඩිහිටියන් ඔබට පවුල් පන්සල් වන කාලය එළඹ ඇතැයි ඉඟි කරයි. දෙමාපියන් වයසට ගිය කල ඔබේ පවුල ඔවුන් දෙපල රැක බලා ගනිතියි යන බලාපොරොත්තුව ඔවුන් තුල ඇත. ඔබ තවමත් දරුවකු හදා ගැනීම පිලිබඳ තීරණයක් ගෙන නැත්නම් වැඩිහිටියන් ඒ සම්බන්ධව ඔබෙන් ප්‍රශ්න අසයි. වෛද්‍යවරයෙකු අනුමත කිරීම, සඵලතාවයේ ප්‍රශ්නයක් යැයි නිගමනය කරමින් ඒ සඳහා ප්‍රතිකාර යෝජනා කිරීම, ආගමික වතාවත් සිදු කිරීම වැනි දේවල් අද සමාජයේ නිතර අපට දක්නට ලැවේ. සමහර අවස්ථාවල පුද්ගලයින් ඔබගේ දැනුවත්වීමකින් තොරව, සහකාරියගෙන් හෝ සහකරුගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න විමසයි. කසාදය යනු පවුලක් නඩත්තු කිරීමත් , විවාහක ජෝඩුවකට විනෝද විය නොහැකියි යන ආකල්පය සමහර වැඩිහිටියන් දරති.

ලිංගිකව එක්වීම සහ උපත් පාලනය.

මානසික ආතතිය අතරේම ඔබට පැන නැගෙන ප්‍රශ්නයක් ලෙස විවාහ ජීවිතයේ ලිංගික පැතිකඩ හැඳින්විය හැක.
මෙය දෙපලටම බියක්, ව්‍යාකූල බවක්, සැකයක්,මානසික අසහනයක්  හා ශාරීරික පීඩාවක් ගෙන දෙයි. සමාජයක් ලෙස ගත් කල අපි විවාහයට පෙර විධිමත් ලිංගික අද්‍යාපනයක් නොලබන්නෙමු. නමුත් රෝමානු කතෝලික පල්ලියේ “pre-cana arrangement” ආගමික පැතිකඩකින් විවාහ ජීවිතයේ ලිංගික එක්වීම පිළිබඳ කතා කරයි. මා කතෝලික නොවන නමුත් මේ පිළිබඳ මම දැනුවත් ව සිටියෙමි. මෙ සඳහා සහභාගි වන අතලොස්සක් ඇරෙන්නට අනෙකුත් බොහෝ දෙනා ලිංගික අධ්‍යාපනය ලබා ගන්නේ තම මිතුරන් සමඟ දැනුම බෙදා හදා ගනිමිනි. අද සමාජයේ බොහෝමයක් ලිංගික ජීවිතයේ ප්‍රශ්න වෛද්‍යවරයකු සමඟ කතා කිරීමට මැලි කමක් දක්වයි. තවද තමාගේ දැනුමට අනුව සමහර උදවිය හිතු මතේ උපත් පාලන ක්‍රම අනුගමනය කරයි. අද සමාජය ලිංගික සංසර්ගය දකින්නේ හුදෙක් ජීවින් තම ශාරිරික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නියැලෙන ක්‍රියාකාරකක් ලෙසටය. නමුත් එය ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ගෙන දෙන වගකීමක් දැරිය යුතු ක්‍රියාවකි. මේ නිසා සැලසුමක් නොමැතිව ඇතිවූ හදිසි ගැබ් ගැනීම් සංඛ්‍යාව ඉහල ගොස් ඇත. උපත් පාලන ක්‍රම වල නිසි අවබෝධයක් නොමැති වීම නිසා ඇතිවන මෙවැනි අනපේක්ෂිත සිදුවීම් විවාහක යුවල අතර ආරවුල් ඇති කරන තත්ත්වය දක්වා දුර දිග යයි. වෛද්‍ය සාක්ෂි නොවූවත් මා දන්නා පරිදි ගැබ් ගැනීමේ අපහසුතා ඇතිවූ බොහෝ පිරිස් කියා සිටියේ ඔවුන් මුඛයෙන් ගන්නා උපත් පාලන ක්‍රම අනුමත නොකරන බවය.

වෘත්තියෙන් මනෝවෛද්‍යවරියකි, උපදේශකවරියකි. ඇය මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සක දෙපාර්තමේන්තුවේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙන්ම ICF (International Coach Federation) හි අධ්‍යාපන සුදුසුකම් ලබා ඇත. ඇය පුහුණු ලත් ප්‍රාථමික පාසල් ගුරුවරියකි. ඇය වසර ගණනාවක් තිස්සේ දෙමාපියන්, ගුරුවරුන්, වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, හමුදා භට පිරිස් මෙන්ම සමාජ සේවකයින් වෙනුවෙන් මනෝ විද්‍යා උපදේශ ලබා දී ඇත. වෘත්තියෙන් ඇය කුසලතා ප්‍රවර්ධන හා කළමනාකරණ විශේෂඥවරියක් වන අතර දැනට විවිධ සමාගම් වල හා ශාස්ත්‍රාල වල උපදේශ, මනෝ විද්‍යාව හා ළමා/වැඩිහිටි ඉගෙනුම් හා හැසිරීම සම්බන්ධ පර්යේෂණ වල උපදේශිකාවක් ලෙස කටයුතු කරන්නීය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here