“අනේ අම්මේ සෙල්ලම් කරන්න එන්නකෝ ”
“මේ වැඬේ ඉවර නැහැ පුතා”
“ඕක පස්සේ කරන්නකෝ ”
“බැහැ මේක හෙට යවන්න ඕනී එකක් මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න”
මූණ බෙරි කරගත්ත පුතා පැත්තකට වුණා. ටික වෙලාවකට පසු අයියයි මල්ලි නිහඬ නිසාම පරිඝණකයෙන් දෙනෙත් ඉවතට ගත්ත මම නිහඬතායට හේතුව බැලුවා. දිග ඇඳි පුටුවෙ දිගා වුණ ලොකු පුතා බර කල්පනාවකය. අවුරුදු දෙකක්වක් නැති පොඩි පුතා ඒ අහු අස්සේ අයියගේ පොත් පැන්සල් අරගෙන ලොකු පාඩමකය. පරිඝණකය ක්‍රියාවිරහිත කළ මා සීරුවෙන් ලොකු පුතා ළඟින් වාඩි වුණා.
“මොකද රොකට් එකක්වත් යවන්නද කල්පනාව?”
“රොකට් හදන එක ගැනත් හිතනවා ඒත් දැන් ඒ ගැන නෙමෙයි හිතුවෙ”
“එහෙනම්”
“අම්මට ඔය වැඩ කරන්නෙ නැතිව ඉන්නම බැරිද කියලා”
“ඇයි එහෙම හිතුවෙ? ඔයාලට කරදරයක්ද මම වැඩ කරන එක”
“අම්මා ඕවා කළාම අපිට පා`ඵයි… අනේ අම්මේ මගේ පොත් මල්ලි අරගෙන”
“හරි ,හරි පරණ ඒ පරණ පොතක් අරන් තියෙන්නේ ”
“පැස්ටල් සේරම කඩලා, දුවන්න මගේ බඩු තියලා ”
“අම්මා… අයියා නන්න කුවුවා…” අයියා ගෝරනාඩු කරද්දි අඬමින් ගතු කියාගෙනම පොඞ්ඩා දුවගෙන ආවා. විසිරුණු පැස්ටල් පැන්සල් එකතුකරන ලොක්කට මමත් එකතු වුණා.
“තැන්ක් යූ අම්මා…”
“හරි අපි ඉස්සෙල්ලා ඉස්කෝලේ වැඩ ඉවර කරමු ඊට පස්සේ සෙල්ලම් කරමු.”
පැයක් පමණ ඉගෙනීමේ කටයුතු වල යෙදිලා පුතාලා දෙන්නත් එක්ක මම සෙල්ලම් කරන්න මිදුලට බැස්සා. ක්‍රිකට් අල්ලන සෙල්ලම් කිරි කිරි බෝලේ සෙල්ලම් කිහිපයකම යෙදුනත් කාලය ගත වෙනවා දැනුනෙම නැහැ. පැටවු දෙන්නා කෑ ගසමින් හිනැහෙමින් සතුටු වන ආකාරය මම මොහොතක් බලා උන්නෙමි. ඇත්තටම මේ ළමා කාලය තව කොයි තරම් සු`ඵ කාලයක්ද තියෙන්නෙ. මේ හුරතලය දඟය විඳගන්නට ඇත්තේ සු`ඵ කාලයක් නේදැයි සිතුන මට මහා ලෝභකමක් සිතට දැනුනා. ඇත්තටම වර්තමානයේ මේ ගෙවිලා යන හැම තත්පරයක්ම අතීතයට එක්ව මතකයක් පමණක් වෙනවා. ජිවිතයෙ මතකය නම් කෞතුකාගාරයේ තැන්පත් කරන්නට වටිනා දෑ අපම එකතු කර ගත යුතුය. නැතහොත් අපට දරුවන්ට වෙනුවෙන් අතපසු වූ දෑ පිළිබඳ දුක්වන්නටත් පසුතැවිලි වන්නටත් සිදුවනු ඇත. මා මේ අකුරු කරන්නේ සත්‍යම කතාවකි.
පුංචි දියණියක් සිටියා. ඇයගේ පියා හරිම කාර්යයබහුල කෙනෙක්. උදෑසනම නිවසින් පිටව යන ඔහු ආපසු නිවසට එන්නේ රාත්‍රී එකොළහට දොළහට පමණය. තාත්තා එනතුරු නිදි වර්ජිතව සිටින දියණිය ඔහු ආ සැනින් කරේ තබාගෙන යන්නට ඇවිටිලි කරයි. අධික තෙහෙට්ටුව නිසාම තාත්තාට මෙය වදයක් විය. ඉඳ හිට දියණියගේ ඉල්ලීම ඉටු වූවද බොහෝ විට සිදුවුයේ දියණියගේ ඉල්ලීම මඟහැරීමය. කාලය වේගයෙන් ගෙවී යද්දී තාත්තාට “අද වේලපහ ගෙදර එන්න” යැයි බිරිඳගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. වෙනදාට කලින් ගෙදර එන අතර තුර “අද නම් දෝණිව ඇති වෙන්න කරේ තියාගෙන යන්නම ඕනී ” යැයි ඔහු සිතීය.
“චූටී දූ ඔන්න අද නම් මම ඔයාව කරේ තියාගෙන වටේම යනවා පැයක් විතර ”
ඒත් චූටී දූ වෙනුවට ආවේ අම්මාය. ඇගේ දෙනෙත් කාන්තියෙන් බැබළි ඇත. එහෙත් නව වගකීම් සමුදායක් හිස මත දරා සිටින්නා සේ ඇගේ බැල්ම බැරෑරුම් විය.
“ඇයි?”
“ඔයාගේ දුව දැන් ලොකු ළමයෙක් කරේ තියාගෙන යන කාලේ ඉවරයි ”
බිරිඳ පවසන විට ඔහුට ඔහු අතින් මහා අතපසු වීමක් ඇති වු බව තදින්ම සිතට දැනෙන්නට විය. කාලය සියල්ල වෙනස් කර කිසිවක් සිදු නොවුනා සේ හිඳින්නට සමත්ය. දියණියගෙ ළමා කාලයේ ඇය සමඟ ඔහුට ගෙවන්නට තිබූ කාලය අවසන්ව ඇත.
“කොයි තරම් වැඩ කටයුතු තිබුණත් දරුවො සමඟ ඔවුන්ගෙ ළමා කාලය ගත කරන්න කිසිසේත්ම අමතක කරන්නට එපා. මන්ද දරුවන්ගේ ළමා කාලය ගෙවි යනු මිස නැවත උදාවන්නේ නැත. ඔවුන්ගේ ළමා විය ගොඩ නඟන්නට අත් වැල අපය. ඔවුන් ජිවිතය විඳින්නට උත්සහ දරන්නේ දෙමාපියන් හා කාලය ගත කිරීමෙන්ය. අපේ කාර්්‍යය බහුලත්වය ඔවුන්ට අදාලවත් එය අපේ නිදහසට කාරණාවක්වත් නොවන්නේය. මට මගේ දියණිය මඟ හැරුණි. ගෙවී ගිය ඒ කාලයට නැවත කිසිදා පියමං කළ නොහැකිය. එනිසා දෙමාපියන් දරුවන් සමඟ ජිවිතය විඳින්නට කාලයක් සොයා ගත යුතුමය. ඔහු වරදකාරී හැඟීමෙන් යුතුව දින පොතේ සටහන් කරන ලදි.”
ඉතින් ඒ තාත්තාගේ කතාව තුලින් ඔබටත් සිතන්නට යමක් ඉතිරි වූවායැයි මා සිතමි.