දරුවන්ට බෙහෙත් දෙන විට මේ ගැනත් හිතන්න

child_helth

පොඩි දරුවන්ට විතරක් නොවෙයි, අපි කාට වුනත් ලෙඩක් දුකක් වුනාම ‍ප්‍රතිකාර ලබා ගත් වෛද්‍යවරයාගේ නමේ පිටුපසින් තිබෙන උපාධිවලින් පමණක් රෝග සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරයා අපේ රෝග තත්වය තේරුම් අරගෙන ඖෂධ නියම කිරීමෙන් පසුව ඒ ඖෂධ නිසා විදිහට ලබා ගැනීමට අපි වග බලා ගත යුතුයි. මෙහිදී අපි අතින් සිද්ධ වෙන වැරැදි කීපයක් තිබෙනවා. දරුවන් ඇති දෙමව්පියන් විදිහට ඔබ මේ ගැන දැනුවත් වීම අවශ්‍යයි.

ඖෂධ මාත්‍රාව තේරුම් ගන්න

අපිට ඖෂධ ලබා දෙන්නේ කිසියම් මාත්‍රාවක් අනුවයි. එය මිලිග්‍රෑම් පහක් , දහයක් හෝ වෙනත් මාත්‍රාවකින් නියම වෙනවා. ඇතැම් අවස්ථාවල වෛද්‍යවරයා අපිට නියම කරන්නේ මිලිග්‍රෑම් පහක් නම් පෙත්ත මිලිග්‍රෑම් දහයකින් යුක්ත නම් අපි ලබා ගත යුත්තේ එයින් බාගයක් පමණයි. ඒ වගේම මිලි දහයක් ලබා ගත යුතු අවස්ථාවක ඖෂධ ලැබෙන්නේ මිලිග්‍රෑම් පහක පෙති විදිහට නම් අපි එයින් පෙති දෙකක් ලබා ගත යුතුයි. ඇතැම් අවස්ථාවල මිලිග්‍රෑම් දහයක පෙත්තකින් අවශ්‍ය මිලිග්‍රෑම් පහ වෙනුවෙන් බාගයක් කඩා ගන්න වෙන අවස්ථාවන්ද තිබෙනවා. එහිදී ඇසුරුමේ තිබෙන බේත් ලබා දෙන පිළිවෙල හොඳින් කියවා බලන්න. මෙම කියවා බැලීමෙන් ලබන සහතිකයෙන් පසුව දරුවාට අවශ්‍ය බේත් ටික ලබා දෙන්න.

අවශ්‍ය මාත්‍රාව අඩු වුනොත් රෝග සුවය ගැන සහතික වෙන්න බැහැ. මාත්‍රාව අධික වුනොත් ඇති වෙන අතුරු ප්‍රතිඵලත් දරුණු වෙන්න පුළුවන්. මේ නිසා නිතරම ඔබ බෙහෙත් දීමට ‍පෙර මාත්‍රාව ගැන සහතික වීම අවශ්‍යයි.

ඖෂධයේ ස්වභාවය

අද ඉන්හේලර් මගින්ද ඖෂධ ලබා දෙන නිසා මේ ගැන දැඩි අවධානයක් දක්වන්න. කරල් ලෙස මේවා  පෙනුමෙන් බොන බෙහෙත්වලටම සමානය. එහෙත් මේ ගැන ඔබට දැණුවත්බව ලබා දී ඇත. ඒ නිසා බොන සහ උරන කරල් අතර වෙනස පැහැදිලිව හ ුනා ගත හැකි සේ වෙන් වෙන්ව තබන්න. මේ ගැන බේත් දෙන විට මතකයට නගන සේ නිවසේ තවත් උදවිය හෝ දැනුම් තේරුම් ඇති වයසක නම් දරුවාටත් දැණුවත්බව ලබා දෙන්න.

ප්‍රතිජීවක ලබා ගැනීම

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේදී  කාල අන්තරයක් තිබෙනවා. එය පැය, හයකට වරක්  විදිහට දිනකට වාර ගණන හතරක් . මේ වාර හතර  පැය හයෙන් හයට වුනත් ඇතැම් අවස්ථාවලදී උණ හෝ වේදනාව අනුව පැරසිටමෝල් ප්‍රතිජීවකයක් විදිහට පැය හතරකට නිර්දේශ වුනත් පැය විසිහතරක කාලයේදී වාර ගනන ප්‍රතිජීවක ලබා නොගත්තොත් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දරුවාට නින්ද ගියා, බොන්න බැහැ කිව්වා, ඉස්කෝලෙ යන නිසා දුන්නේ නැහැ ආදි ලෙසින් නිදහසට කරුණු කිව්වාම ප්‍රතිජීවක මගින් ලැබෙන ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අදාල වෙලාවට ප්‍රතිජීවක ලබා දීම අවශ්‍ය නිසා ඒ වෙනුවෙන් වේලාව දැනගන්න එලාම් ඔරලෝසුවක් හෝ භාවිතා කරන්න. අද ජංගම දුරකථනයෙන් වුනත් මේ සන්නිවේදනය ලබා ගන්න පුළුවන්.

දරුවා‍ට බෙහෙත් පොවන්න

දරුවාට ඖෂධ පෙවීම එතරම් පහසු නැහැ. එක අතකට යුද්ධයක්. ඒත් දරුවා අඬනවා කියල බේත් ටික නොදී හිටියොත් රෝගය එතැනම තිබෙන්න පුළුවන්. මේ නිසා බේත් පොවන විට දරුවාගේ කලබලය නිසා බේත් හැලෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් බින්දුබටයක් හෙවත් ඩ්‍රොපර් එකක් ‍යොදා ගන්න. දරුවාට අත පය විසි කරමින් ඖෂධ හලන්න ඉඩ නොදී අත් පා හො ඳින් ඔතාගන්න. කට අරින්නේ නැත්නම් නිකට පහතට ඇද හැන්ද යටිතොල මත තබන්න. එවිට බේත් මුඛය තුලට ගමන් කරනු ඇත. ඒ වගේම හිස තරමක් ඔසවා තබන්න. පැතැලි තලයක තිබීමෙන් පිටඋගුර යෑමේ අවදානම විශාලයි.

තිත්ත බේත් වෙනුවෙන් පැණිරස දෙන්න

දරුවාට ඉතා අමිහිරි ඖෂධයක් ලබා දීමත් සමග පැණිරස යමක් දෙන්න. මෙයින් දරුවා බේත්වලින් ලද අපහසුවට විසඳුම් ලබනු ඇත. අතීතයේ තිත්ත කසායෙන් පසුව දරුවන්ට හකුරු හෝ මීපැණි ලබා දුන්නා. පැණිරස බෙහෙත් සමග ගත් විට ඖෂධ අවශෝෂනය ඉක්මන් වෙනු ඇත. කනේරු ඇට කෑමෙන් පසුව සීනි ආහාරයට ගැනීම නිසා ඉතා ඉක්මනින් අවශෝෂනය වේ.

තේ හැන්ද එපා

ඖෂධ ලබා දීමේදී අපේ දෙමව්පියන් බොහෝ විට පාවිච්චි කරන්නේ නිවසේ තිබෙන තේ හැන්දයි.  මෙම තේ හැඳිවල අඩංගු වෙන ධාරිතාවය එකිනෙකට වෙනස්. ඒ නිසා හැන්දෙන් දරුවාට අවශ්‍ය ඖෂධ මාත්‍රාව ලැබෙන්නේ නැහැ. තේ හැන්දක අඩංගු විය යුතු ධාරිතාවය මිලිලීටර් පහක් විය යුතුයි. අද දවසේ තේ හැන්දකින් මේ ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. නිව්යෝක් විශ්ව විද්‍යාලයේ වරලත් මහාචාර්ය වෛද්‍ය ඇලන් මෙන්ඩිල්සෝන් සඳහන් කරන්නේ අවශ්‍ය ඖෂධ මාත්‍රාව නොලැබුනොත් රෝගය සුව වීමේ ප්‍රවනතාවය අඩකින් පහල බසින බවයි. මෙම අධ්‍යනය වෙනුවෙන් වයස අවුරුදු නවයට අඩු දරුවන්ගේ මව්පියන් තුන්සියයක් දෙනා තෝරා ගත්තා. ඔවුන් ඖෂධ දියර ලබා දීම වෙනුවෙන් යොදා ගන්නා උපාංගයන් ගැන විමසා සිටියා. එහිදී ලබා ගත් තොරතුරු අනුව මව්පියන්ගෙන් තුනනේ දෙකක්ම යොදා ගෙන තිබුනේ වැරැදි මිනුමක්. ඇතැම් අය නිවසේ තිබෙන කුඩා මේස හැන්ද යොදා ගෙන තිබුනා. නිසි ප්‍රමිතියේ තේ හැන්දක් යොදා ගත් පිරිස 28 % ක් වුණා.

මෙම තොරතුරු පාදක කරගත් මහාචාර්ය ඇලන් මෙන්ඩිනල් කියා සිටින්නේ ඖෂධ දියර සමග නිසි මාත්‍රාව සහිත තේ හැන්දක් නිකුත් කිරීම අනිවාර්ය බව නිවේදනය විය යුතු බවයි. ඒ සඳහා ආහාර සහ ඖෂධ පිළිබඳ අධිකාරියේ අවධානය යොමු නිරීම මෙම අද්‍යනයෙන් බලාපොරොත්තු විය.

අතට අසු වෙන මායිමේ තියන්න එපා

පොඩි දරුවන්ට තමන්ට අවශ්‍ය හා අනවශ්‍ය යැයි විකල්ප නැහැ. දකින දකින දෙය වෙනුවෙන් ඔවුන්ගේ දෙනෙත් යොමු වෙනවා. කැස්සට ලබා දෙන ඖෂධ පැහැයෙන් වගේම රසයෙන්ද මිහිරියි. එහි රසය දන්නා නිසා දරුවන් මෙම දියර පානයට යොමු වීමේ ප්‍රවනතාවය වැඩියි. එය ඉතා අහිතකර විදිහට දරුවාට බලපාන්න  පුළුවන්. ඒ වගේම වැඩිහිටියන්ගේ ඖෂධ වුනත් දරුවන්ට අත ගැටෙන මායිමේ තිබීම ඉතාම අන්තරාදායකයි. මේ නිසා බෙහෙත් ගබඩා කරන විටත් ඉතා ප්‍රවේසමෙන් එය කළ යුත්තක්. මව්පියන්ගේ සුලු පමාව වුනත් දරුවාගේ ජීවිතයට අනතුරක් වීමට විශාල අවස්ථාවක් තිබෙනවා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here