- Advertisement -

යොවුන් වියේ දරුවන්ට මුදල් පරිපාලනය ගැන කියාදෙන්න

-

අද පවතින සමාජ ක්‍රමය, යමෙකු සතු ධනය හෝ වත්කම් ප්‍රමාණය මත එම පුද්ගලයාගේ ජීවිතයෙහි සාර්ථක අසාර්ථකභාවය තීරණය කරයි. නමුත් ධනය තිබූ පමණින් ජීවිතය සාර්ථක නොවූ පිරිසක් ද සිටී. මන්ද ඇතැමුන් තමා සතුව කෙතරම් ධන සම්භාරයක් තිබුණද නිසි ලෙස ඒවා පරිභෝජනයට ගනිමින් තෘප්තිමත්ව දිවි ගෙවීමට අසමත් වන අතරම තවත් සමහරුන් කෙතරම් මුදල් ඉපැයූවද ඒවා සුදුසු ලෙස වියදම් කිරීමෙන් උසස් ජීවන මට්ටමක් සකසා ගැනීමට අසමත් වේ. මේ තත්ත්ව දෙකටම හේතුවන්නේ මුදල් පරිපාලනය පිළිබඳව වූ නොදැනුවත් බවයි. ඉතුරු කිරීම හොඳ පුරුද්දක් වුවද එයට සීමාවක් පැවතිය යුතුමය. මන්ද ඉතුරු කිරීමට පමණක්ම ඇති ආශාව, වියදම් කිරීමට ඇති බිය, දිනෙන් දින තම වත්කම් ඉහළ යෑම දෙස බලා සතුටු වෙමින් වියදම් කිරීමට අකමැති වීම වැනි අදහස් පවතින පුද්ගලයන් මෙන්ම තම ධනයට අධික ලෙස ආශා කරන පිරිස් මෙන්ම මුදල් පිළිබඳ කිසි සැලකිල්ලක් නොමැති අයද මුදල් පාලනය කිරීමේ හෝ වියදම් කිරීමේ කලාව උගත යුතුමය. මන්ද මේ දෙකොටසටම ජීවිතය සතුටින් ගත කිරීමේ හැකියාව නොමැත. අන්න ඒ නිසාම දරුවන්ට දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම මෙම මුදල් පරිපාලනය පිළිබඳව යම් අවබෝධයක් ලබාදීම ඔවුන්ගේ අනාගතය සාර්ථකත්වයට ඉතා වැදගත් වේ.

වියදම් සැලසුම් කිරීමේදී ඥානාන්විත වන්න දරුවන්ටත් කියා දෙන්න. ඔබේ වියදම් අතරට ආහාර, භාණ්ඩ මිලදී ගැනීම්, බිල්පත් සහ දරුවන්ගේ වියදම් ප්‍රධානව ඇතුළත් වේ. මේ සියලු කාරණාවලදී යොවුන් දරුවන් ඒවා සමග සම්බන්ධ කරගැනීම ඉතා වැදගත් වේ. ඒ තුළින් ඔවුන් මේ පිළිබඳව දැනුවත්වනවා සේම දෙමාපියන්ගේ හැකියාව පිළිබඳව ද යම් අවබෝධයක් ලබාගනී. තවද අනවශ්‍ය වියදම් කපාහැරීමටත් ඔවුන් හුරු වේ.

- Advertisement -

අපට ඇති වියදම් අතරින් ඇතැම් වියදම් සඳහා යම් කාලයක් හිමිවන අතරම ඇතැම් ඒවා කොටස් වශයෙන් ගෙවීම් සිදුකළ හැකි ඒවා වේ. එබැවින් සිදුකිරීමට ඇති ගෙවීම් පිළිබඳව ඉවසිලිවන්තව මෙන්ම සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වීමට ඔබට හැකියාව ඇත. දුරකථන බිල්, විදුලි බිල් ආදයෙහි ගාස්තු භාවිත කළ ඒකක ගණන අනුව සෑදෙන ආකාරය, ණය වාරික නියමිත දිනට නොගෙවූ විට අමතර පොළියක් ඊට එක් වන බව දරුවන්ට අවබෝධ කරදීම ඉතා වැදගත් වේ. මුදල් පරිහරණයේදී තමා සතු විය යුතු විනය පිළිබඳ ඔවුන්ට යම් අදහසක් ඇති වන්නේ එවිටයි. වැඩිහිටි ඔබ, ඔබේ මුදල් පරිපාලනය පිළිබඳව සෑහීමකට පත්ව සිටියත් දෙමාපියෙකු ලෙස ඔබේ වගකීම් ඉන් අවසන් නොවේ. ඒ මුදල් පරිපාලනය පිළිබඳව දරුවන් දැනුවත් කිරීමත් ඔබගේ යුතුකම් අතරට එක්වන නිසායි.

යොවුන් දරුවන්ට ඉතිරි කිරීමේ වටිනාකම මෙන්ම අවශ්‍යතාවය අනුව වියදම් කිරීම පිළිබඳවත් දැනුවත් කිරීම මෙන්ම සාර්ථක ජීවිතයකට මුදල් කළමනාකරණය වැදගත් බව ඔවුන්ට වටහා දීමත් වැදගත් කරුණකි. ඔබේ දරුවන්ට කුඩා කල සිට මුදල් පාවිච්චිය හා ගනුදෙනු කිරීම පිළිබඳව යම් අදහසක් ලබාදීමට දැන් ඔබට පහසුවෙන්ම අවස්ථාව උදා වී ඇත. ඒ HNB වෙතින් යොවුන් දරුවන් වෙනුවෙන්ම වෙන්වූ නවතම පෙරගෙවුම් HNB Wally – E වීසා කාඞ්පත නිසයි. නව යොවුන් වියේ පසුවන දරුවන් වෙනුවෙන්ම සැකසී ඇති HNB Wally – E පෙරගෙවුම් වර්ගයේ වීසා කාඞ් පත මුදල් පරිපාලනය පිළිබඳව පාඩමක් ලෙස ඒ පිළිබඳව යොවුන් දරුවන්ට අවබෝධ කර දේ.

HNB Wally – E වීසා කාඞ්පත සමග එක්වන ඔබට ATM මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර මගින්, ඩෙබිට් කාඞ්පත භාවිත කරමින් ATM යන්ත්‍ර මගින්, HNB හෝම් කවුන්ටර් සේවාව මගින් හෝ ඕනෑම HNB බැංකු ඒකකයකින් කාඞ්පත රීලෝඞ් කිරීමේ පහසුකම් සළසා ඇත. ඔබට අවශ්‍ය පරිදි මෙන්ම ඔබේ හැකියාව අනුව රු. 1000/ සිට රු. 100,000/- දක්වා වූ ඕනෑම මුදල් ප්‍රමාණයක් රීලෝඞ් කිරීමට හැකිය. මුදල් පරිපාලනය පිළිබඳව යොවුන් දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමට HNB Wally – E වීසා කාඞ්පත හා අදම එක්වන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article