උණ යනු සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළයාමයි. එසේම සිරුර තුළ පවතින යම් රෝග තත්ත්වයක් පිටතටපෙන්නුම් කෙරෙන ප්‍රධාන රෝග ලකෂණයයි. දරුවෙකුගේ සිරුරේ උෂණත්වය මවගේ අතට දැනෙන ආකාරයටනිගමන තීරණ වෙත එළැඹීම කිසිසේත්ම නිවැරදි නොවේ. දරුවාගේ නළල, ඛෙල්ල, අත්ල පරීකෂා කරමින් උණ තත්ත්වය පිළිබඳව සොයා බැලූවද උෂ්ණත්වමානයෙන් පරීකෂා කළ විට දරුවාගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයක් විය හැකිය. දරුවන් සිටින සෑම නිවසකම පාහේ උෂ්ණත්ව මානයක් තිබිය යුත්තේ එබැවිනි.
කුඩා දරුවන් සිටින නිවසකට උෂ්ණත්වමානයක් තෝරාගැනීමේදී රසදිය උෂ්ණත්වමානයකට වඩා ඩිජිටල්උෂ්ණත්වමානයක් තෝරාගැනීම වඩාත් සුදුසු වේ. මන්ද යම් හෙයකින් රසදිය උෂ්ණත්වමානය බිදී ගියහොත්දරුවා අධික විෂ සහිත රසදිය වාෂ්පයට නිරාවරණය විය හැකි බැවිනි.
ඉතා සංකීර්ණ මිනිස් සිරුර රෝගී වූ විට රෝගියාගේ ආරකෂාව වෙනුවෙන් සිරුර තුළ රසායන ද්‍රව්‍ය ක්‍රියාත්මක වීම ආරම්භ වන අතරම ඒ මගින් රෝග ලකෂණයක් ලෙස සිරුරේ උෂ්ණත්වය ඉහළ යයි. එසේ ශරීර උෂණත්වය ඉහළ යාම එනම් උණ ඇති වීම රෝග ලකෂණයක් පමණකි. සැබවින්ම උණ ඇති වීම සිරුරේ රෝගී තත්ත්වයක් පිළිබඳ අප වෙත දැනුම් දීමක් යැයි පැවසීමේ වරදක් නැත.
පාචනය, අතීසාරය, මුත්‍රාබාධ, සෙම්ගෙඩි වැනි අවස්ථා වලදීදල මැද කනේ ආසාදන, ආසාදිත තුවාල, ශ්වසන පද්ධතියේ ඇති විය හැකි නිව්මෝනියාව රෝගී තත්ත්වය, කෂය රෝගය, හන්දි අමාරු වැනි රෝග පමණක් නොව පිළිකා වැනි දරුණු රෝගවලද රෝග ලකෂණයක් ලෙස උණ ඇති වේ. මේ නිසා උණ යනු, රෝගී තත්ත්වයක් ලෙස නොව සිරුරේ පවතින යම් රෝගයක ලකෂණයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි වේ.
එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම්වලින් ඈත්ව කාලය ගතකරන විට, සාමාන්‍ය දිනයන්හිදීට වඩා නිදිමතගතියෙන් සිටින විට, වමනය, දරුවා වේදනාවකින් පසුවන අවස්ථාවලදී දරුවාගේ උණ පරීකෂා කිරීම වැදගත් වේ. එසේම දරුවන්ගේ උණ පරීකෂා කරන ආකාර ද කිහිපයකි. එනම් අත යට හෝ දිව යට උෂ්ණත්ව මානය තබාය.
උණ තත්ත්වයෙන් පෙලෙන ඔබේ දරුවා පහත සඳහන් රෝග ලකෂණ පෙන්නුම් කරයි නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
- තද හිසරදය
- උගුරේ වේදනාව සහ ඉදිමුණු ස්වභාවය
- උණ ඇති වීමෙන් පසුව සම මත දදයක ස්වභාවයක් මතුවීම
- තද ආලෝකයට සන්වේදී වීම
- හිස ඉදිරියට නවන විට ගෙලෙහි දැඩි වේදනාවක් ඇතිවීම
- මානසික ව්‍යාකූල බව
- දිගටම පවතින වමනය
- හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ වේදනවා
- උදාසීන බව සහ නුරුස්නාගතිය
- උදර වේදනාව හෝ මුත්‍රා පිටකිරීමේදී වේදනාවක් ඇති වීම
- මාංශ පේශීවල දුර්වල බව
- ඉහත සඳහන් නොවූ වෙනත් අනපේකෂිත සංඥා හෝ රෝග ලකෂණ
උණ තත්ත්වයෙන් පෙලෙන දරුවා රැකබලාගැනීමේදී :
- සුව පහසු සරල ඇඳුමක් දරුවාට අන්දවා පහසුවෙන් ඉන්නට සැලස්වන්න
- ඇල් මැරුණු ජලයෙන් සිරුර තෙතමාත්තු කර විදුලි පංකාව අසල දරුවා රඳවන්න
- දියර වර්ග වැඩිපුර ලබාදෙන්න
- දරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි නම් බල කිරීමෙන් වළකින්න
- දරුවා පිළිබඳව සුපරිකෂාකාරීව සිටින්න
දරුවෙකුට දින දෙකකට වඩා වැඩි කාලයක් උණ තත්ත්වය පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වේ.
දරුවාගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 99 ට වඩා වැඩි නම් පමණක් දරුවාගේ බරට අනුව නියමිත පැරසිටමෝල් ප්‍රමාණය ලබාදිය හැකිය.
- දිනකට පැරසිටමෝල් පැය හයකට වරක් බැගින් දිනකට පැරසිටමෝල් වේල් හතරක් පමණි. මන්ද අනවශ්‍ය පරිමාවක් ලබාදීම දරුවාගේ අක්මාවට බලපෑම් ඇති කළ හැකිිය.
- උණ අවම කිරීම සඳහා පැරසිටමෝල්වලට අමරව වෙනත් ඖෂධ ලබාදීමෙන් වළකින්න. මන්ද උණ ඇති වීමට හේතුව ඩෙංගු වෛරසය ද නැතිද යන්න නිෂ්චිතව නොදැන උණ අවම කිරීමේ ඖෂධ ලබා දීම නිසා දරුවාගේ ජීවිතය අවදානමට ලක්විය හැක.
- බොහෝවිට දරුවන්ට උණ ඇතිවීමට හේතුව වන්නේ වෛරසයක් බැවින් තත්ත්වය සිරුර විසින්ම පාලනය විය යුතු අතරම ඒ සඳහා දින කිහිපයක් ගත වන බව මව්වරුන් සිහිතබාගන්න.
- වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපඳින්න.
දරුවාට උණ ඇති වීම මව්වරුන් බියට පත්වන හේතු තුනකි.
- උණ වැඩිවීම නිසා දරුවාට උණ වලිප්පුව ඇති වේය යන බිය
- දරුවාට ඩෙංගු වැළඳී ඇතැයි යන සැකය
- මොළයට හානි සිදුවේයයි යන සැකය
උණ වලිප්පුව
අධික උණ ඇති වන සෑම අවස්ථාවකදීම උණ වලිප්පුව ඇති වීම හෝ මොළයට හානි සිදුවීම හෝ සිදු නොවේ. උණ වලිප්පු හේතුවෙන් ජීවිතයට අනතුරක් සිදු නොවේ. අධික උණ තත්ත්වය අවම කළද පෙර උණවලිප්පුව ඇති වූ දරුවෙකුට නැවත ඇති විය හැකිය. මව්වරුන් මේ පිළිබඳව අසාමාන්‍ය බියක් ඇති කරගත යුතු නොවන්නේ එය විනාඩි පහකට වඩා වැඩි කාලයක් නොපවතින අතරම තත්ත්වය සිරුර තුළින්ම පාලනය කරගන්නා බැවිනි. ඉතා කලාතුරකින් විනාඩි පහකට අධික කාලයක් පැවතිය හැකි අතරම එවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ. පෙර උණ වලිප්පුව තත්ත්වයට මුහුණ දුන් හෝ මව්පියන්ට කුඩා කාලයේදී උණ වලිප්පුව තිබුණු දරුවනහට මේ තත්ත්වය ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී.
බොහෝවිට අවුරුදු පහෙන් පහළ දරුවන්ට උණ ඇති වී පැය 24ක් ඇතුළත උණ වලිප්පුව ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව වෛද්‍ය විද්‍යාවේ සඳහන් වුවද උණ ඇති වී පැය 24කින් පසු උණ වලිප්පුව ඇති නොවේ යැයි නිශ්චිතව තහවුරු කිරීමට ද නොහැකිය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මංජුල අතුකෝරාල සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ (ලේඛකාධිකාරී) වෛද්‍ය මහේෂ් කුඹුකගේ යන වෛද්යවරුන් සමග සකසන ලද ලිපියකි.