බොරු කියන දරුවන් බොහොම නිර්මානශීලි බව දැන් මනෝවිද්‍යාඥයන් විසින් පිලිගෙන තිබෙනවා. ඒත් දරුවන් බොරු කියන එක ගැන අපිට අනුමත කරන්න බැහැ. ඒ නිසා දෙමව්පියන් ඉතාම අසීරුතාවයට පත් වෙන අතරම සමාජය තුළ දරුවා ගැන තිබෙන විශ්වාසය බිඳවැටෙනවා. දරුවන් බොරු කියන විට ඒ වෙනුවෙන් දඬුවම් විදිහට දෙමව්පියන් ඔවුන්ගේ කටේ මිරිස් ඇතිල්ලීම, වැනි දැඩි දඩුවම් පමුණුවනවා. ඒ තත්වය නිසා දරුවන්ගේ මානසික බිඳවැටීම සිද්ධ වෙනවා. ඒත් බොරුවෙන් දරුවා මුදවා නොගෙන ඉන්නත් බැහැ. බොරුව නිසා ඇති වෙන තත්වයට ඔබත් කවදා හෝ දිනක මුහුණ දී ඇති…..
මව්පියන් නොමග යනවා
දරුවා කියන්නේ බොරුවක්ද නොඑසේනම් අැත්තක්ද යන්න මව්පියන්ට වටහා ගැනීමත් සමහර අවස්ථාවලදී අපහසුයි. දරුවාගේ බොරු කියන අවස්ථාවන් කිහිප විටකදීම අහු වුනොත් මේ ගැන චකිතය දෙමව්පියන්ට ඇති වෙනවා. ඒත් සමහර අවස්ථාවලදී මව්පියන් දරුවා ගැන උපරිම විශ්වාසය තබා සිටියදීම මේ විදිහට දරුවන් විසින් මව්පියන් නොමග යවන අවස්ථාවනුත් තිබෙනවා. පැරණි ජනකතාවක සඳහන් විදිහට කොටියා ආවා…වගේ ඇත්තක් කිව්වත් එය තේරුම් ගන්න අපහසු වෙනවා.
දරුවා බොරුකියන බව දැනගත්තොත් ආවේශ වෙන්න එපා
ඔබේ දරුවා බොරු කියන අවස්ථාවක් ගැන දැනගත් විට ඒ වෙනුවෙන් වූ ගණුදෙණුව ඉතා ප්‍රවේසමෙන් කළ යුතුයි. පංතියේ මිතුරන් අතර, ගුරුතුමියට මෙයා කියන්නේ බොරු …විශ්වාස කරන්න එපා යනුවෙන් ඔහු ප්‍රසිද්ධ බොරුකාරයෙක් බවට පත් කළ යුතු නැහැ. එහෙත් ඔහු කියන බොරු ඔබ කෙසේ හෝ හඳුනා ගත යුතුය.දෙවැනි වසරේ ඉගෙනුම ලබන දියනිය සතියේ දින පහට රැගෙන යා යුතු ආහාර වට්ටෝරුව ඊට පෙර දින ඉිදිරිපත් කලේ පාසලෙන් ලද නියෝගයක් විදිහටයි. එක් දිනක් ඇය කියා සිටියේ හෙට මඤ්ඤොක්කා ගෙනෙන්න කී බවයි. ඒ දිනවල දැරිය සෙම් රෝගය වෙනුවෙන් බෙහෙත් බොන නිසා මව මඤ්ඤොක්කා දීමට කැමැත්තක් නොදැක්වූ අතර ඇය පංති භාර ගුරුතුමියට දුරකථන ඇමතුමක් ලබා දී කියා සිටියේ මඤ්ඤොක්කා සහ ඖෂධ අතර අන්තර් සම්බන්ධතාවයක් තිබුනොත් එය අහිතකර විදිහට බලපා හැකි නිසා වෙනත් යමක් එවන්නදැයි යනුවෙන්ය.
කමක් නෑ ළමයා කැමැති දෙයක් එවන්න…දැරියගේ විධාන ගැන කිසිම සඳහනක් නැත අම්මාට සිද්ධිය තේරුම් ගියත් දියනිය අපහසුවට පත් කිරීමට අපහසු නිසා ඇය හා හොදයි යනුවෙන් නිශ්ශබ්ද වුවා පමණි.
පසුව ඇය දැරියට අවවාද කළා මිස මේ ගැන හාංකාවිසියක්වත් ගුරුතුමියට දැනගන්නට ඉඩ තැබුවේ නැත.
බොරුව වංචාවට හැරෙන්න පුළුවන්
සමහර අවස්ථාවලදී දරුවන් ගණුදෙණු මුල් කර ගෙන බොරු කියන අවස්ථා ඇත. මුලින් රුපියලක් දෙකක් වෙනුවෙන් පටන් ගන්නා මෙම බොරුව පසුව විශාල මුදලක් තෙක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ සිදුවීම් ගැන සෙමව්පියන් ඉතාම සියුම් ලෙසින් පසුවිපරම් කිරීම අවශ්‍ය වේ.
පුතා මේ පොත කීයද….සමහර විට ඔහු කියන මුදල සත්‍යක් නොවනු ඇත. ඔබ දරුවා එම පොත මිලට ගත් ආයතනයෙන් ඒ ගැන අසා දැන ගන්න. එවිට ඔබට දරුවා කියන දෙය ගැන නිශ්චිතවම බොරුව බැව් හඳුනා ගෙන එයින් පසුව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. පදනම් විරහිතව චෝදනා කිරීමත් ඒ තරම් සුදුසු නොවන නිසා මුලින් දරුවා කියන බොරුව පිලිබඳව තහවුරුව ඔබ ගොඩ නගා ගන්න.
බොරුවේ ආදීනව ගැන කියා දෙන්න
දරුවා බොරුවෙන් මුදවා ගැනීමට නම් එහි ආදිනව ගැනත් ඔහුට කියා දීම ඉතා වැදගත් වේ. මේ වෙනුවෙන් උපදේශාත්මක කවි ලෝවැඩ සඟරාව වැනි පද්‍ය ග්‍රන්ථයන්හි ඇත.
” ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා
නැතුව රිද්දි බලයත් ඒ මිනිස් කයා “
මේ අන්දමේ උපදේශ මගින් බොරුවේ ආදිනව දරුවාටත් ඒත්තු යනු ඇත. බොරු කීමේ ආදිනව නිසා කපිල මාලුවාගේ කටින් නික්මුන දුර්ගන්ධය ගැන කියා දීමට පුළුවන්.
බොරු කිව්වොත් නාසය දිග් වෙනවා
පිනෝකියෝ කතාව දරුවන් අතර මොනතරම් ජනප්‍රිය වූවාද යත් දරුවන් බොරු කියන විට දෙමව්පියන් ඔවුන් වෙනස් කරනු ලැබුවේ පිනෝකියෝගේ මෙන් නාසය දිගු වේය යන සියුම් උපක්‍රමයෙන්. එහෙත් නාසය සහ බොරුව අතර සම්බන්ධතාවයක් පවතින බව ස්පාඤ්ඤයේ ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. ඔවුන් මෙම තත්වය හඳුන්වන්නේ පිනෝකියෝ (Pinocchio effect) ආවරණය නමින්.මෙම අධ්‍යනය වෙනුවෙන් තාප රේඛන (thermography) පර්යේෂන ක්‍රමවේදය යොදා ගත්තා. මෙම ත්‍රමවේදය මීට පෙරාතුව යොදා ගෙන තිබුනේ දෙවැනි ලෝක මහා සංග්‍රාම කාලයේදියි. එහෙත් මනෝවිද්‍යාත්මක තොරතුරු වෙනුනේ මෙතෙක් මෙම ක්‍රමය යොදා ගත්තේ නැහැ.
ග්‍රැනඩා විශ්ව විද්‍යාලයේ එමිලියෝ ගෝමස් මිලාන් සහ එල්විරා සලාසාර් ලෝපස් විසින් ඔවුන්ගේ අධ්‍යනයන් වෙනුවෙන් තාපරේඛන ක්‍රමය යොදා ගත්තා. එහිදී පෙනී ගියේ අපේ මනසේ ක්‍රියාකාරිත්වයට අනුව සිරුර විවිධ ප්‍රතිචාර දක්වන බවයි.අපි බොරුවක් කියන්නේ අනුදැන්මක් ඇතුවයි. එවන් අවස්ථාවලදී නාදය සහ ඒ අවට ප්‍රදේශය උණුසුම් වී පිම්බීමක් සිද්ධ වෙනවා. දරුවන් ඉගෙනුම් කටයුතුවලට උදාසීන වෙන විට බූරුවන්ට මෙන් කන් එන බවත් බොරු කියන දරුවන්ට පිනෝකියෝ මෙන් නාසය දිගු වෙන බවත් කියමින් දරුවන් බිය ගැන්වීම පිළිබඳව අපි එතරම් තැකීමක් නැහැ. කොහොම වුනත් බොරුව සහ නාසයේ ප්‍රමාණය අතර සහසම්බන්ධතාවයක් ඇති බව දැන් නම් තේරුම් යනවා.
එහෙමනම් මේ විදිහට විවිධ ප්‍රයෝග මගින් බොරුවට තිත තියනු මිස දැඩි දඬුවම් පැමිණවීම නම් ඒ තරම් සුබවාදී නැත.