අද වන විට බාල මහලූ කා අතරත් නිරන්තර අසන්නට ලැඛෙන තත්ත්වයක් ලෙස රක්තහීනතාවය (නීරක්තිය) දැක්විය හැකියි. දරුවෙකු යම්හෙයකින් මෙම රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වෙයිද එම දරුවාගේ වර්ධනය අඩාල වීමට එය මූලික හේතුවත් බවට පත්වනු ඇත. රක්තහීනතාවය යනු රුධිරයේ ඇති හිමොග්ලොබින් සාන්ද්‍රණය පහත බැසීම නිසා ඇති වන තත්ත්වයයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නම් පුද්ගලයාගේ වයසට අනුව පැවතිය යුතු රුධිරගත හිමෝගලොබින් ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පවත්වා ගත යුතුමය.
රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට හේතු කිහිපයක්ම බලපෑ හැකි අතරම මූලිකම හේතු ලෙස දැක්විය හැකිකේ එදිනෙදා ලබාගන්නා ආහාර වේලේ අන්තර්ගත විය යුතු නියමිත යකඩ පරිමාව නොමැති වීමේ තත්ත්වයයි.මේ හේතු මත සාමාන්‍යයෙන් අලූත උපන් දරුවන්, පෙර පාසල්/ප්‍රාථමික අංශවල දරුවන් මෙන්ම වැඩි වියටපත් ගැහුණු දරුවන් සහ ගැබිනි මව්වරුන් ද මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.
සාමාන්‍යයෙන් වයස අනුව ඕනෑම පුද්ගලයෙකුගේ හිමොග්ලොබ්න් සාන්ද්‍රණය පැවතිය යුතු ප්‍රමාණයන් මෙසේය. අලූත උපන් බිලිඳකු මාස හය සම්පූර්ණ කරන තෙක් එම බිළිදාගේ රුධිරගත හිමොග්ලොබින් සාන්ද්‍රණය 11.1 -12.6 g/dl ද මාස හය සිට අවුරුදු දෙක දක්වා 10.5 – 12.0 g/dl ද වයස අවුරුදු දෙක සිට හය දක්වා 12.5 – 11.5 g/dl ද අවුරුදු 6 සිට 12 දක්වා 11.5 – 13.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා වූ පිරිමි ළමුන්ගේ 13. 00 – 14.5 g/dl ද අවුරුදු 12 සිට 18 දක්වා ගැහැණු ළමුන්ගේ 12.00 – 14.0 g/dl ද රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණයක් අන්තර්ගත විය යුතුය.
ඔබේ දරුවා මෙම ලකෂණ පෙන්නුම් කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පමා නොවන්න
- අලස බව
- අධික නිදිමත ස්වභාවය
- අප්‍රාණිකක ස්වභාවයක් පෙන්නුම් කිරීම
- විඩාබර බව
- ස්වසන අපහසුතා ඇති වීම
- තොල්, ඇසි පිය යට සාමාන්‍ය රෝස පැහැය නැතිව සුදුමැලි බවකින් යුතු වීම
- ක්ලාන්තය
නීරක්තියට බලපෑ හැකි වෙනත් හේතු?
ආහාරවල අන්තර්ගත නියමිත යකඩ ප්‍රමාණය නොමැති වීම රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති වීමට මූලිකම හේතුව බව ලිපියේ ඉහළින් අපි සඳහන් කළා. ඊට අමතරව තවත් හේතු සාධක කිහිපයක්ම මේ තත්ත්වයට හේතු විය හැකියි.
- ඇසට නොපෙනෙන ආකාරයෙන් අපගේ සිරුරෙන් සිදුවන රුධිර වහනයන් (මුත්‍රා, මලපහ සමග/දත් මුල්වලින් රුධිරය පිටවීම/වැඩිවිය පැමිණි ගැහැණු දරුවන්ගේ මාසික ඔසප් චක්‍රය) ද මෙම රක්තහීනතාවය හෙවත් නීරක්තිය තත්ත්වයට හේතු විය හැකියි.
- කලාතුරකින් දැකිය හැකි ඇටමිදුළුවල රතු රුධිරානු නිසියාකාරව නිපද නොවීමමේ තත්ත්වය නිසාද රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති විය හැකියි.
- ජානමය හේතු ඇතැම් ආසාදන තත්ත්වයන් හා සමහර ඖෂධ වර්ග ද මේ තත්ත්වයට බලපෑ හැකිය
- පණු රෝග තත්ත්ව විශේෂයෙන්ම කොකු පණු රෝගය නිසා මේ තත්ත්වය ඇති විය හැකියි.
- තැලසීමියා/ලියුකේමියා තත්ත්වයන්මට ගොදුරු වූ දරුවන් රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු වීම දැකිය හැකිය. සුළු තැලිසීමියා තත්ත්වයට මුහුණ දෙන දරුවන්ට වැඩි අවදානමකට ලක්විමට සිදු විය හැකිය. ඔවුන්ට වෛද්‍යවරුන් නියම කරනු ලබන කාල සීමාවන්වලදී රුධිර පාරවිලයනය කිරීමට සිදුවනු ඇත.
- කිරිදෙන මව්වරුන් ද රක්තහීනතාවය තත්ත්වයට ගොදුරු විය හැකිය. ඒ මාස හයක් සම්පූර්ණ වන තුරු දරුවෙකු පෝෂණය වන්නේ මව්කිරෙන් පමණක් නිසාය.
රක්තහීනතාවය හෙවත් නීරක්තියන් මිදීමට
- යකඩ අඩංගු ආහාර ආහාර වේලට එක්කරගන්න
උදා : රතු පැහැති මස්/මාළු, පීකුදු (මස් මාංශ හරහා ලැඛෙන යකඩ ඉකමනින් සිරුරට අවශෝෂණය වේ), සෝයා බෝංචි, කතුරුමුරුංගා/මුරුංගා වැනි කොළ පැහැ පළා වර්ග
සිරුරට හොඳීන් යකඩ අවශෝෂණය වීමට විටමින් සී අත්‍යවශ්‍යය. ඒ නිසාම ආහාර පිසීමේදී විටමින් සී අඩංගු දෙහි, නාරන්, සියඹලා, ගොරකා එකතු කිරීමට සැලකිලිමත් වෙන්න. විටමින් ක බහුල පළතුරු ආහාරයට ගන්න.
- විටමින් බී12 සහ ෆෝලික් ඇසිඩ් අඩංගු ආහාර සිරුරට අවැසි ප්‍රමාණය ලබාගන්න
උදා : සත්ව ආහාර, යෝගට්, කිරි, මී කිරිවලින් ලබාගත හැකිය
- තේ, කෝපි වැනි කැෆේන් අන්තර්ගත පානයන් යකඩ අවොශා්ෂණයට බාධා ඇති කරන බැවිනි ආහාර වේලෙන් පසු එවැනි පානවර්ග ලබාගැනීමෙන් වළකින්න
කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේකකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි.