- Advertisement -

දරුවෙක් ප්‍රබන්ධ පොතක් කියැව්වාට ආවේශ වෙන්න එපා…

-

දරුවන් පමණක් නොවෙයි වැඩිහිටි අපි වුනත් යමක් කියවන්න කැමැති මව්භාෂාවෙන්. ඉක්මනින් තේරුම් ගැනීමට පහසු නිසා අපේ තීරණයන් ඒ විදිහට හැඩ ගැසුනත් අපි ලෝකය සමග ගණුදෙණු කරනවා නම් ඉංග්‍රිසි භාෂාව අමතක කරල බැහැ. ඒ නිසා පුංචි කාලයේ පටන්ම දරුවන්ට ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත්.පොත පත කියවීම මගින් අපට ලැබෙන ප්‍රයෝජන බොහොමයක් තිබෙනවා.

දරුවන් ප්‍රබන්ධ පොතක් කියවන විට දෙමව්පියන් ආවේශ වෙන්නේ “ඔය නවකතා පොත් කියවලා වැඩක්ද….” ඉස්කෝලේ පොතක් පතක් බලා ගන්න කියල වුනත් පසුගිය දිනක ඇට්ලන්ටා විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද මෙම වාර්තාව කියැව්වොත් දරුවන් ප්‍රබන්ධ සාහිත්‍යය වෙත යොමු වීම වරදක් නැති බව ඔබටත් තේරුම් යාවි.

- Advertisement -

ඇට්ලන්ටාහි එමෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ග්‍රෙගරි බර්නින්  විසින්  සිදු කරන ලද මෙම අධ්‍යනයේදී  ඔහු මුලින්ම දරුවන්ගේ මොළයේ එම්. ආර්. අයි ස්කෑන් ඡායාරූපයක් ලබා ගත්තා. එයින් පෙනී ගියේ මෙම දරුවන්ගේ මොළයේ බොහෝ කොටස් අක්‍රියව පවතින බවයි. එයින් පසුව ඔහු තමා විසින් තෝරා ගත් “ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ” නවකතාවේ පරිච්ඡේද නවය දින නවයක් පුරා දරුවන්ට කියැවීමට ඉඩ ලබා දුන්නා. ඒ අතරම ඔහු විසින් නැවත නැවත ලබා ගත් ස්කෑන් ඡායාරූප මගින් පෙනී ගියේ මුලදී ක්‍රියාකාරිත්වයක් නොදක්වන ලද භාෂාව වෙනුවෙන් වූ මොළයේ කලාපය මෙම ප්‍රබන්ධ පොත් පත් කියවන විට ඉතා හොදින් ප්‍රතිචාර දක්වන බවයි.

කියවිම, ලිවීම, සවන්දීම, කථනය වැනි චතුර්විධ කුසලතාවයන්ගෙන් සම්පූර්ණ වීමට නම් පොත් පත් කියවීමට යොමු වීම ඉතා වැදගත් වෙනවා. වෙනත් භාෂාවන් ඉගෙන ගැනීම දරුවන්ගේ මොළය පිලිබඳ වර්ධනයටත් හේතු වෙන බව පර්යේෂණයන් මගින් සනාථව තිබෙනවා. දරුවන් කියවන්න අකමැති වුනත් ඉංග්‍රිසි භාෂාවෙන් පොත් පත් කියවන්නේ හුරු කරන්නේ කොහොමද….?

දරුවන්ට ගැලපෙන ඉංග්‍රිසි පොත් මොනවාද?…

20 වන සියවසේ ළමා කතා ලෝකයේ රැජින ලෙසින් සැලකෙන “ඉනිඩ් බ්ලයිටන්” ගේ පොත් දරුවන්ට ඉතාම ගැලපෙන පොත් පත් විදිහට සැලකෙනවා. ඇය පුහුණු ගුරුවරියක ලෙසින් සේවය කළ අතර එම කාලයේදී පටන් ඇය “ටීචර්ස් වර්ල්ඩ්” සඟරාවට ලිපි ලේඛන රචනා කළාය. ඇගේ මුල්ම කෘතිය වූයේ ළමා කවි පොතකි. අභිරහස් කථා රචනයේදී ඉනිඩ් බ්ලයිටන් දැක්වූයේ අපූර්ව කුසලතාවයකි. දරුවන් කුතුහලය දනවන කථාන්දර වෙනුවෙන් දක්වනු ලබන්නේ විශේෂ ලැදියාවකි. මේ නිසා දරුවන් වෙනුවෙන් ඉංග්‍රිසි පොත් පත් තෝරා දෙන විට ඔබ ඉනිඩ් බ්ලයිටන්ගේ පොත් පත් අරගෙන දීමට උනන්දු වෙන්න.ලෝකය පුරා දරුවන්ගේ හිත් ඇද ගත් “ද ටේල් ඔෆ් ද පීටර් රැබිට්”  කෘතිය රචනා කරනු ලැබුවේ “බ්‍රියට්‍රිස් පෝටර්” විසින්ය. පින්තූර රැසක් සහිත මෙම පොත දරුවන්ගේ හිතට බෙහෙවින් සමීප වුණා. ඉංග්‍රිසි පොත් පත් කියවන මුල් කාලයේදී දරුවන්ට පින්තූර සහිත පොත් පත් ලබා දීම ඉතා වැදගත් වෙන්නේ නුහුරු භාෂාවක් තේරුම් ගැනීමේදී පින්තූර මගින් විශාල පිටුවහලක් ලැබෙන නිසාය.

20 වන සියවසේ ළමා කථා ලෝකයේ රජ්ජුරුවෝ විදිහට සැලකෙන “රෝල් ඩාලිං” නෝර්වේජියානු ජාතිකයෙකි. ඔහුගේ මුල්ම කෘතිය වූයේ  “ද ග්‍රිම්ලයින්ස් ” කෘතියයි. ග්‍රිම්ලයින් 1961 වසරේ රචිත ” ජේම්ස් ඇන්ඩ් පීච් ” කෘතියෙනි නතුරුව රචිත ” ද චොකලට් ෆැක්ටරි ” ළමා කෘතිය සියවසේ හොඳම ළමා කෘතිය බවට පත් විය.1966 වසරේ රචිත ” මැටිල්ඩා ” ළමා නවකතාවට බ්‍රිතාන්‍යයෙන්  සම්මාන ලැබුණි. ” චාලි ඇන්ඩ් චොකලට් ෆැක්ටරි ” කෘතිය ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්තය වුන කෘතිය ලෙස සැලකේ.ලොන්න බැරියේ එමිල් ළමා නවකතාව රචනා කරමින් ජගත් කීර්තියට පත් ” ඇස්ට්‍රිඩ් ලොන්ග්‍රින් ” ස්විඩනයේ ජාතික වස්තුවක් බවට පත් ලේඛිකාවකි.දරුවන්ගේ මනස කියවන ලේකිකාවක ලෙසින් ප්‍රකට ඇයගේ කෘති දරුවන් වෙනුවෙන් ඉතාම ගැලපෙන ළමා කතා රචනා කරන ලද ලේඛිකාවකි.

“එස්රා ජැක් කිට්ස්” දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මෙන්ම ගත්කතුවරයක් වන නිසාම ඔහු දරුවන්ගේ ලෝකය වඩාත් ග්‍රහණය කර ගත් අයෙකි.  මේ නිසා දරුවන් වෙනුවෙන් ළමා කථා ලිවීමට ඔහු දක්වනු ලැබුවේ අපුර්ව හැකියාවකි. ඒ නිසාම දරුවන් වෙනුවෙන් පොත් තෝරා ගැනීමේදී එස්රා ජැක් කිට්ස්ගේ කෘති වෙනුවෙන් දෙමව්පියන් විදිහට ඔබ උනන්දුවක් දැක්වීම වැදගත්.

“ජේ. කේ. රෝලිං” විසින් “හැරී පෝටර්” කථා මාලාව ජගත් කීර්තියට පත් වුනත් ඇතැම් රටවල් විසින් මෙම ඉන්ද්‍රජාලික තත්වයන් දරුවන්ගේ මනසට යොමු කිරීම එතරම් අගය කරන්නේ නැහැ. ඒ නිසා දරුවන් වෙනුවෙන් පොත් පත් තෝරා ගැනීමේදී ආදර්ශයක් ලබා ගත හැකි පොත් පත් තෝරා ගැනීම ඉතාම වැදගත්.

එංගලන්තයේ උපත ලද “ඩික් කිං ස්මිත්” විසින් රචිත ළමා කාති අතරින් වඩාත් ප්‍රකට කෘතිය ලෙස සැලකෙන්නේ “ද ෂීප් පිග්” කෘතියයි. ඔහුගේ බොහෝ නවකතාවන් වෙනුවෙන් පාදක වී තිබෙන්නේ සත්ව චරිත වීමත් විශේෂයි. දරුවන් අතර ජීවත් වෙන චරිත යොදා ගැනීමෙන් දරුවන් තුල කියවන රුචිය ගොඩ නැගීම පහසුයි.

ඉංග්‍රිසි කියවීම මුල් කාලයේදී සමහර විට දරුවාට අපහසු විය හැකියි. මේ නිසා සිංහල පරිවර්තනය ලබා දීම මගින් මෙම කථාව් අදහස සිතට ගත් විට ඉංග්‍රිසි පොත කියවා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ වගේම දරුවාට ගැලපෙන ශබ්දකෝෂයක් ලබා දෙන්න. එය පරිශීලනය කිරීමෙන් ගැටළු සහිත වදන් තේරුම් ගැනීම පහසු වෙනු ඇත.

බාලවියේ පසුවෙන දරුවන්ට ඉංග්‍රිසි පොත් කියවීම හුරු කිරීම සඳහා ඔබ කළ යුතු එකම දෙය වන්නේ ඇසට ආකර්ශනීය වන පොත් පත් ලබා දීමයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article