- Advertisement -

හැමදාමත් නාන්න අවශ්‍ය නැහැ

-

දිනපතා ස්නානය කිරීම හොඳ පුරුද්දක් විදිහට  අපි හිතුවත් ඒ ගැනත් දැන් දෙවරක් හිතන්න වෙලා තිබෙනවා. මේ ගැන අම්මලාගේත් වැඩි අවධානයක් යොමු වීම ඉතාම වැදගත්. ඊට හේතුව අපේ අම්මලාට දරුවන් නෑවීම ගැන තිබෙන්නේ ලොකු උනන්දුවක්. ඒ නිසාම යාන්තමින් උණක්, හෙම්බිරිස්සාවක් සමහන් වෙද්දීම දරුවා නාවන්නේ අනේ…දැන් දවස් දෙක තුනකින්ම නාවන්න බැරි වුනා කියන පශ්චත්තාපයත් සමගයි. ඒ විතරක් නොවෙයි, අපේ ජනවහරේ දෙයියන්ගේ ලෙඩ විදිහට හැදින්වෙන පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි සංක්‍රාමික රෝග හැදිලා හරියටම දින හත සම්පූර්ණ වුනාද …ඔන්න දරුවා නැවනන් හදිස්සිය පටන් ගන්නවා. ඒ වුනත් දරුවාගේ ඇග යට උන ගතිය ඒ වගේම මලබුරුල් ගතිය තිබුනොත් අතුරු ආබාධ ඇති වෙන අවස්ථාව ඉහලින්ම තිබෙනවා.එක් මවක් මේ වගේ තමන්ගේ දරුවා නාවන්න බැරි වීම ගැන වෛද්‍යවරයාගෙන් දිගින් දිගටම කරුණු විමසද්දී ඔහු කිව්වේ නෑවේ නැතුව තවම කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒත් උණ හෙම්බිරිස්සාව තියෙද්දී නැවොත් නිව්මෝනියාවෙන් මැරෙන්න පුලුවනි. ඒ නිසා නාවන්න ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ..එදා ඔහු මේ ගැන සරලව කිව්වත් අද ස්නානය සහ රෝග තත්වයන් ගැන වැඩියෙන් අවධානයක් දක්වා තිබෙනවා.

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මේ අධ්‍යනය කියවා බැලුවොත් අම්මලාට පසුතැවෙන්න අවශ්‍ය නැහැ.

- Advertisement -

කොලම්බියා විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පර්යේෂකයින් කීප දෙනෙක්ම සම්බන්ධ වුනා.

මෙම අධ්‍යනයයේ ප්‍රධානී සහ ආසාදිත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය එලනි ලාර්සන් සඳහන් කරන්නේ බොහෝ දෙනක් හිතන්නේ දිනපතා ස්නානයෙන් අපිට නීරෝගීව සිටීමට හැකියාව ලැබෙන බවයි. ඒ වුනත් මේ අදහසට දැන් එකග වීමට අපහසු බැව් අය සඳහන් කරනවා. දිනපතා ස්නානයෙන් අපේ හමේ ඇති දුගඳ ඉවත් වෙන බව නම් ඇත්ත. ඒ වුනත් පමණට වඩා ස්නානය කිරීමෙන් හම වියලීම, පැලීම විතරක් නොවෙයි, මේ තුවාල වුන සිදුරු ඔස්සේ විවිධ විෂබීජ අපේ සිරුරට ඇතුලු වෙන්නත් පුලුවනි.

ඒ සමගම මෙම අධ්‍යනයට සම්බන්ධ වුන ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ චර්ම රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සී. බ්‍රැඩ්සන් පෙන්වා දෙන්නේ නිතරම හම සෝදන විට සමේ ඇති ස්වභාවික තෙල් ගතිය ඉවත් වෙනවා මේ ස්වබාවික තෙල් ගතියෙන් අපිට ලැබෙන ආරක්ෂාව ඉතාම ඉහලයි. ඒ නිසා මේ තත්වය අපි ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. නමුත් ඉවක් බවක් නැතුව නෑමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට අපේ ප්‍රතිශක්තියට ආධාර වෙන හිතකර බැක්ටීරියාවන්ද ඉවත් වීම නිසා ඉතාම පහසුවෙන් ආසාදන රෝග තත්වයන්ට ගොදුරු වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා දිනපතා ඇඟ සෝදා ගෙන සතියකට වතාවක් පමණ ස්නානය කිරීම ප්‍රමාණවත්  බව ඔහුගේ අදහසයි.

ඒ වගේම සබන් නැතුව නෑවොත් හරියට නොනෑවා වගෙයි කියල අපි හිතුවට චර්ම රෝග වෛද්‍ය විශේෂඥයින් සබන් යොදා ගැනීමත් අනුමත කරන්නේ නැහැ. වෛද්‍ය මිචෙල් සඳහන් කරන්නේ කිහිල්ල, පාද ආදි දහඩිය ඇති ස්ථානවලට පමණක් සබන් යොදා ගැනීමප්‍රමාණවත්  බවයි. ඒ වගේම වියලි  හිසකෙස් නම් නිතරම සේදීම අවශ්‍ය නැහැ. හැබැයි…හිස්හොරි වැනි විවිධ ගැටලු ඇත්තේ නම් ෂැම්පු යොදා සතියකට  දෙවතාවක් පමණ සේදීම ගැටළුවක් නැහැ.

ඒ අතරම පර්යේෂකයින් විසින් බැක්ටීරියා නිසා සමප්‍රේෂනය වෙන රෝග ගැනත් මෙහිදී හදුනා ගත්තා. අපි නොහිතන විදිහට බැක්ටීරියාවන්ට අපි ගොදුරු වෙන්න පුලුවනි.

අපේ පරිගණකය, මවුස්, යතුරුපුවරු වගේම ජංගම දුරකථනයේ මිලියන 10 කටත් වඩා අධික බැක්ටීරියා ගහණයක් ඇති අතර වැසිකිලියේ ආසනයේ මෙම සංඛ්‍යාව මිලියන 400 ක් පමණ විය හැකියි. අපි නොදැනුවත්ම මේ බැක්ටීරියාවන්ට නිරාවරනය වීමට පුලුවනි. ඔවුන්ගේ අධ්‍යනයෙන් හදුනා ගත් අන්දමට  ලොව පුරා මේ අන්දමින් බැක්ටීරියාවන්ට නිරාවනරය වීම නිසා වසරකට මියයන පිරිස මිලියනයක් පමණ වෙනවා.

ස්ටැෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ලිසා ආර්කේලි පෙන්වා දෙන්නේ අපි විසිහතර පැයේම බැක්ටීරියාවන්ට නිරාවරනය වෙන බවයි. මේ නිසා දිනපතා ස්නනායට වඩා තමන් පරිහරනය කරන පරිගණක උපාංග , ජංගම දුරකථන සහ නිවසේ මෙන්ම කාර්යාල වැසිකිලි කැසිකිලි විෂබීජ තොර කලාප කර ගත් විට නීරෝගීව ජීවත්වීම එතරම් අපහසු කාර්යක් නොවන බවයි.  මේ ගැන වැඩි විස්තර MailOnline.වෙබ් අඩවිය පරිශීලනයෙන් ලබා ගන්නත් පුලුවනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article