- Advertisement -

පුංචි දරුවෝ ඉන්න හැම දෙමව්පියෙක්ටම තරුණ අම්මෙක්ගෙන් පාඩමක්!

-

චමරි සහ සමීර කියන්නේ තරුණ දෙමව්පියන් දෙන්නෙක්. මෙයාලගේ පුංචි පැටියට තාම වයස අවුරුද්දක් විතර ඇති. එයා ලස්සනම ලස්සන පුංචි දුවෙක්. දරුවාගේ හැම වැඩක්ම කෙරෙන්නේ මේ අම්මගෙයි තාත්තාගෙයි අතින්ම තමයි. හදිස්සියකදී බබාගේ ආච්චිඅම්මත් උදව්වට එනවා.

නිවාඩු දවස වුණත් අද සමීරට හදිස්සියේම ඔෆිස් එකේ වැඩකට යන්න වෙලා. දරුවට ඕන දේවල් ටිකක් ගන්න යන්න උවමනාව තිබුණත් වෙනදට ඒ රාජකාරිය කරන දරුවාගේ තාත්තාව අදනම් අල්ලගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා දරුවට ඕන දේවල් ගන්න තමන්ම යනවා කියලා හිතන චමරි ආච්චි ළඟ බබාව තියලා ඉක්මනට ටවුන් ඒකට ගිහින් එන්න යනවා. දරුවත් හරි කැමතියි ආච්චි අම්මා එක්ක ඉන්න.

- Advertisement -

වෙළඳසලට ගිහින් පැටියට ඕන ළදරු නිෂ්පාදන කිහිපයක් තෝරාගෙන තමන්ගේ කූඩයට දාගත්ත චමරි තවත් ටිකක් වෙලා රාක්කය දිහා බලමින් ඉන්නේ දරුවට ගැළපෙන සබන් වර්ගයක් තෝරගන්න හිතාගෙන. චමරිව දැකපු නිශාදි එතනට එන්නේ මේ වෙලාවේ. නිශාදි කියලා කියන්නේ චමරිගේ ඉස්කෝලේ හොඳම යාලුවෙක්. දැන් ඉන්නෙත් එයාලගේ ගෙවල්වලට ටිකක් ළඟ පැත්තක.

ආගිය තොරතුරු ටිකක් කතා කරන අතරේ නිශාදිගේ ඇස් චමරිගේ අතේ තියන කූඩයට යොමුවෙන්නේ ආයාසයකින් තොරවමයි.

ඇයි චමරි ඔයා මේ දරුවට එක එක වර්ගයේ නිෂ්පාදන ගන්නේ?

එහෙම එකක් නෑ අනේ….. ටිකක් බලලා ඉතින් ඒ වෙලාවට හොඳයි කියලා හිතෙන එකක් ගන්නවා.

මොකක්? එතකොට දරුවට ගන්න නිෂ්පාදනවල ප්‍රමිතියක් තියනවද කියලා බලන්නේ නැද්ද? ඒ කියන්නේ SLS සහතිකය වගේ?

එහෙමනම් බලන්නේ නෑ. ඒක ඒ තරම් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් නෙමෙයි නේද? සල්ලි දීලත් ගන්න පුළුවන් එකක් කියලා නේද කියන්නේ?

පිස්සුද අනේ… ඒක බොරු කතාවක්. එහෙම හිතුන හිතුන වෙලාවට සල්ලි දීලා කිසිම නිෂ්පාදනයකට SLS සහතිකය ගන්න බෑ. SLS කියන්නේ ප්‍රමිති සහතිකයක්. ඒක දෙන්නේ ඕනම නිෂ්පාදනයක ප්‍රමිතිය, මුළු නිෂ්පාදන ක්‍රියාවලිය ගැන වගේම නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය ගැනත් හොඳින්ම සැලකිලිමත් වෙලා. ඒ නිසා අපට බය නැතුව ඒ ගැන විශ්වාසය තියන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවට ගන්න දේවල්වලදී මීට වඩා පරිස්සම් වෙන්න චමරි.

ඉතින් ලංකාවේ එහෙම ගන්න SLS තියෙන බේබි සබන් තියනවද? ඔයා මොනවද දරුවට ගෙනියන්නේ?

තියනවා, තියනවා… මොකද නැත්තේ. SLS සහතිකය තියන ලංකාවේ එකම බේබි සබන් වර්ගය බේබි ෂෙරමි සබන්. කොහොම වුණත් එහේ මෙහේ රටවල්වලින් ගේන දේවල්වලට වඩා ලංකාවේම හැදෙන දෙයක් ගැන අපිට විශ්වාසය තියන්න පුළුවන්නේ අනේ. අනික මේක අවුරුදු 57 විතර පරණ නිෂ්පාදනයක්. මටත් මේකම ගන්න කියලා කිව්වේ අපේ අම්මා.

අම්මෝ…… අවුරුදු 57 කියන්නේ ලොකු කාලයක්නෙ. අපි පොඩි කාලෙත් තියෙන්න ඇති?

නැතුව අනේ…. එකනේ මම කිව්වේ බය නැතුව විශ්වාසය තියන්න පුළුවන් ප්‍රඩක්ට් එකක් කියලා. සබන් විතරක් නෙවෙයි, බබාට ඕන හැම දෙයක්ම දැන් බේබි ෂෙරමිවලින් ගන්න තියනවා.

ඒ විතරක් නෙමෙයි චමරි. ඔයාට තේරෙනවනේ අපේ බබාලා තාම පොඩියි. එයාලගේ හමත් හරිම සිනිඳුයිනේ. ඒ නිසා ගොඩාක් රසායනික අමුද්‍රව්‍ය තියන සැරෙන් වැඩි දරාගන්න බැරි තරමේ සුවඳක් තියන නිෂ්පාදන මේ පුංචි දරුවන්ට ගැළපෙන්නේ නෑ. අන්න ඒ නිසාම අපි දැනගන්න ඕනේ ජාත්‍යන්තර සුවඳ පිළිබඳ ප්‍රමිතීන්ට (IFRA) අනුව නිපදවන මෘදු සුවඳක් තියෙන නිෂ්පාදන තෝරාගන්න.

ඉතින් බලන්න ගොඩක් අය වැඩිම සුවඳ තියන සබන් කැටයක් තෝරගන්නනේ පුරුදු වෙලා ඉන්නේ. ඒකෙන් දරුවාට හොඳ සුවඳක් එනවා කියන එකනේ හැමෝම හිතන්නේ….

ඒකනේ. බේබි සබන් විතරක් නෙමෙයි මේ වගේ ඕන දේකදී ගොඩක් අය බලන්නේ සුවඳ. ඒත් දරුවන්ට දෙයක් තෝරගන්න කොට නම් ඒ ගැන අනිවාර්යෙන්ම හිතන්න ඕන. නැත්නම් අපේ බබාලට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

ඒ නිසා පුංචි දරුවෙක්ට ගැළපෙන සබන් වර්ගයක් තෝරගනිද්දී ඒක දරුවන්ගේ සිනිදු සමට ගැලපෙන නිෂ්පාදනයක්ද කියන එකනම් බලන්නම ඕන. දෙමව්පියෝ විදිහට ඒක අපේ වගකීමක්නේ චමරි. අපි දරුවන්ට ගන්න හැම නිෂ්පාදනයක්ම එයාලගේ සිනිදු සමට ගැළපෙනවද කියලා සායනිකව තහවුරු කරලා තියනවද කියලා බලන්නත් අමතක කරන්න හොඳ නෑ.

ඒකනේ අනේ අනිත් දවසෙනම් මේවා ගන්න කලින් ලේබල් එක හොඳට කියවලා බලන්න ඕන. නැත්තම් අපේ නොසැලකිල්ල නිසා ප්‍රශ්නයක් වෙන්නේ මේ පුංචි පැටවුන්ටනේ.

මම ඔයාට බේබි ෂෙරමි සබන්ම ගන්න කියන්න තවත් හේතුවක් තියනවා චමරි. ගොඩක් සුවඳ නිෂ්පාදන දරුවන්ට ගැළපෙන්නේ නෑ කියන එක ඔයා වුණත් පිළිගන්නවනේ. බේබි ෂෙරමි සබන්වල තියෙන්නේ ජාත්‍යන්තර සුවඳ පිළිබඳ ප්‍රමිතීන්ට අනුව නිපදවන මෘදු සුවඳක්. ඒ නිසා අපිට බය නැතුවම ඒක තව කෙනෙක්ට නිර්දේශ කරන්නත් පුළුවන්. මම වුණත් ඒකයි බය නැතුවම ඔයාට ගන්න කිවුවේ.

අනේ තෑන්ක්යූ නිශාදි. හොඳ වෙලාවට අද ඔයා හම්බුනේ. නැත්තම් වෙනදා වගේම මම ඔහේ මොනවහරි අරගෙන යනවා. එහෙනම් ඉතින් මීට පස්සේ  SLS සහතිකය තියෙන බේබි ෂෙරමි සබන්ම ගන්න ඕන. මතක ඇතුව හස්බන්ඩ්ටත් කියන්න ඕන. ගොඩක් වෙලාවට එයානේ අපේ ගෙදර බඩු ගේන්නේ.

අපේ ගෙදරත් එහෙම තමයි අනේ. මාත් හරි කලාතුරකින් මේ එන්නේ. තාත්තලාටත් දරුවන්ගේ වැඩ දෙන්න එපැයි නේද චමරි?

*Sponsored Article.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article