- Advertisement -

දරු පිළිසිඳ ගැනීමක් සිදු වූ මුල් කාලයේ උදර වේදනාවක් ඇති වන්නේ ඇයි?

-

දරු පිළසිඳ ගැනීමකින් පසුව ඇතැම් කාන්තාවන් උදර වේදනාවක් පිළිබඳව පැමැණිලි කරනවා ඔබත් අසා ඇති. නැතිනම් ඒ අත්දැකීම ඔබටත් තිබෙනවා විය හැකියි. ඇතැම් කාන්තාවන් මේ සම්බන්ධව බියක් දක්වන්නේ එය දරු ගැබ ස්වභාවික ගබ්සා වීමකට ලක්වන්නට යනවාදෝ යන සැකයද සමගයි. 

අධි රෝපණය (Implantation) යනු සංසේචනය වූ ඩිම්බය (blastocyst) ගර්භාෂයේ ස්ථරය තුල තැන්පත් වීමයි. මෙම තැන්පත් වීමේදී  එක්තරා ආකාරයක ඇති වන වේදනාව Implantation cramp ලෙස හඳුන්වයි. මෙම සංසේචිත ඩිම්බය ගර්භාෂය බිත්තියෙහි ඇලී පෝෂණය ලබා ගැනීමට පටන් ගනී. මෙසේ සංසේචිත ඩිම්බය ගර්භාෂ බිත්තියට සවි වීමේදී ප්‍රොස්ටොග්ලෑන්සික් හෝමෝනය ශ‍්‍රාවය වේ. මෙම හෝමෝනය වේදනාව, ප‍්‍රදාහය ආශ‍්‍රිතව පවතී. මෙම වේදනාව සංසේචනය වූ දින සිට දින 10 – 14 කාලයකදී ඇති වේ. මෙහිදී ඇති වන වේදනාව සෑම කාන්තාවකටම ඇති නොවේ. මෙම වේදනාව සුළු සිට මධ්‍යස්ථ වේදනාව දක්වා පවතී. මෙම වේදනාව pricking (යමකින් අනින ලෙස) pulling (අදින ලෙස) tingling feeling ලෙස දැනේ. මෙම වේදනාව පහළ උදරය මධ්‍යයේ ඇති වේ. සමහර අවස්ථා වලදී කොන්දේ පහළ කොටසේ ද වේදනාව ඇති වේ. සමහර කාන්තාවන්ට මෙම වේදනාව විනාඩි කිහිපයක් පවතින අතර තවත් කාන්තාවකට එය දින 2 – 3 දක්වා පැවතිය හැක. මෙම වේදනාව තීව‍්‍ර ලෙස ඇති වුවහොත් පහත සාත්තුව ලබාදිය හැක. 

- Advertisement -
  • උණුසුම් තැවීම – 1000F වඩා අඩු උෂ්ණත්වයක් විනාඩි 10 න් හෝ ඊට අඩු කාලයක් එකවරකට යෙදීම. කිහිප වතාවක් කළ හැක. 
  • උණුසුම් නැහැවීම
  • ඉහිල්වීමේ ව්‍යායාම 
  • අවශ්‍ය වුවහොත් වේදනා නාශක. උදා: paracetamol

සංසේචිත ඩිම්බය අධි රෝපණ්‍ය වීමේදී පහත ලක්‍ෂණ ඇති වේ. 

  1. පියයුරු වල සංවේදීතාවය වැඩිවීම – පියයුරු වල ඉදිමුම, අල්ලන විට වේදනාව ඇති වේ. තුවාලයක්/වණයක් ලෙස වේදනාව ඇති වේ. පියයුරු පුඩු වලද මෙම වේදනාව පවතී. හෝමෝන වල වෙනස්කම් නිසා මේ තත්ත්වය ඇති වේ. 
  2. මනෝභාවයේ වෙනස්කම් – හෝමෝන වල වෙනස්කම් හේතුවෙන් සාමාන්‍ය දිනකට වඩා මෙම දින වල හැඟීම් වල, සිතුවිලි වල වෙනසක් ඇති බව දැනේ. 
  3. සුළු රුධිර වහනය – යෝනි මාර්ගය හරහා ඉතා සුළු රුධිර වහනයක් ඇති වේ. මෙය සංසේචනයෙන් දින 10 – 14 අතර කාලයේදී ඇති වේ. එහිදී දුඹුරු/රෝස පැහැති රුධිරය සුළු වශයෙන් පිටවන අතරම එය දිගු කලක් නොපවතී. මෙහිදී කිසිදු වේදනාවක් ඇති නොවන අතරම ඔසප් වීමේදී මෙන් රුධිර කැටි හෝ පටක රුධිරයේ දැකිය නොහැක. මෙම රුධිර ගැලීම් ඉබේ නවතින අතර අධික රුධිර වහනයක් වේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතුයි. 

4.විවිධ ගන්ධයන් හා රසයන් දැනීම

5.නාසය අවහිර වීම – මෙහිදී එනම් අධි රෝපණයේදී ඇති වන හෝමෝන වෙනස්කම් නිසා නාසා ශ්ලේෂ්මලය ඉදිමීමට ලක්වේ. මේ නිසා අවහිර විය හැක. එසේම තවත් සමහර කාන්තාවන්ගේ නාසයෙන් සුළු රුධිර වහනයක් පවා විය හැක. 

6.මළ බද්ධය – හෝමෝන වෙනස්කම් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ වෙනස්කම් ඇති වේ. මළ බද්ධය ආහාර නොදිරවීම වැනි තත්ත්ව ඇති විය හැක. 

සංසේචිත ඩිම්බය අධි රෝපණය වීමත් සමග වැදැමහ (placenta) සෑදීම ආරම්භ වේ. එවිට HCG හෝමෝන (Human Chronic Gonadotrophin) මට්ටම ඉහළ යයි. සති දෙකකින් පසු මුත‍්‍රා වල හා රුධිරයෙන් මෙම හෝමෝනය දැකිය හැක. මෙමගින් ගර්භනීභාවය තහවුරු කළ හැක. HCG strip (එනම් ගර්භනීතාවය පරීක්‍ෂා කරන පරීක්‍ෂණය) මගින් මෙම හෝමෝනය මුත‍්‍රා වල ඇත්නම් එය pregnancy test + VC ලෙස එනම් දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව පවසයි.

මේ තත්ත්වයේදීත් ගර්භනීතාවයේ පූර්ව ලක්‍ෂණවලට සමාන ලක්ෂණ පෙන්නුම් කරයි. 

  • පියයුරු හා එහි පුඩු අල්ලන විට වේදනාව, ඉදිමීම. 
  • තෙහෙට්ටුව
  • හිසරදය
  • උදර අපහසුව

උදා වමනය 

  • ගල්, අඟුරු, මැටි වැනි දෑ කෑමට සිතීම 
  • මනෝභාවයේ වෙනස්කම්
  • අසාමාන්‍ය ගන්ධයන් හා රසයන් දැනීම
  • මුත‍්‍රා පිටවීමේ වාර ගණන වැඩිවීම

කෙසේ වුවද මෙවැනි තත්ත්වයකදී ඔබට බියක් හෝ අසාමාන්‍ය තත්ත්වයක් ලෙස හැ‍ගේ නම් හෝ රුධිර වහනය මෙන්ම වේදනවාද අධික තත්ත්වයක පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වන බව අමතක නොකරන්න.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 

 


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article