ජීවිතයේ අත්දකින විවිධ සිදුවීම්, ජීවිතයට අනාගතයට කෙබදු බලපෑමක් එල්ල කරන්නේද යන්න සොයා බැලීමට කුඩා දරුවකුට අප විසින් කරනු ලබන බලපෑමක්, ජීවිතයට බලපාන අන්දම පිළිබඳ විමසුමක් ලෙසින් අපි මේ ලෙස දරුවන්ගේ මුල් ළමා වියේ හුරුවක්, පුරුද්දක් දෙස විමසුම් ඇසින් බලමු.
එනම් ළදරුවා වැඩෙත්ම මාස 2 – 3 දී පමණ දෑතින් යමක් අල්ලා ගැනීමට උත්සහ දරයි. එසේම අතට හසුවන දෑ තුලින් ග‍්‍රහණය කර ගැනීමට උපතේ සිටම හැකියාව ලබයි. මෙවන් හැකියාවන් ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වන විට අතට හසුවන කටට දමා ගැනීමටත් පෙළඹේ. මෙසේ පියවරින් පියවර දෑතින් කරන ක‍්‍රියාකාරකම් වැඩි වේ.
ඉපදී මුල් මාස 6 මව්කිරි පමණක් ලබන දරුවා මව්කිරි වල දරුවාට අවශ්‍ය පෝෂක ප‍්‍රමාණයක් අවශ්‍ය තරමින් අඩංගුව පවතින හෙයින් මව්කිරි නිසි පරිදි ලබන්නේ නම් වර්ධනය ප‍්‍රශස්ත ලෙස පෙන්නුම් කරයි. එසේම මාස 6 න් පසුව සීග‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරන දරුවා සඳහා ඔහුගේ ක‍්‍රියාකාරකම් වලට අදාලව අමතර පෝෂණයක් අවශ්‍ය වේ. මෙසේ හෙයින් එම අමතර ශක්ති පරාසය පුරවා ගැනීම සඳහා මාස හයෙන් පමණ පසුව අමතර ආහාර ආරම්භ කෙරේ. මේ ශක්ති පරතරය පියවා ගැනීමට හැකි වන සේ ආහාර ආරම්භ කරන දරුවාට පළමුව සිනිඳු ලෙස කුඩු කරන තලපමය ආහාර වලින් පටන් ගෙන ක‍්‍රමයෙන් ආහාර ප‍්‍රමාණය මෙන්ම ආහාර කැබිලි වල ප‍්‍රමාණය ද වැඩි කරමින් ලබාදීමෙන් අප දරුවාට අමතර ආහාර ලබා දෙන්නෙමු. එසේම කැබලි ආහාර හුරුවීමත් සමගම මාස 4 දී පමණ වන විට අතින් අල්ලාගෙන කෑමට හැකියාව දරුවා තුල ඇති වේ. මේ හැකියාව සමග අපට දරුවාට කෝප්පය හුරු කිරීම ආරම්භ කළ හැකිය.
දෑතින් අල්ලා ගත හැකි කෝප්පයක් වඩාත් උචිත වන අතර මෙයට එකතු කරන ද්‍රව ප‍්‍රමාණයන් මුලදී සුළු ප‍්‍රමාණයක් විය යුතුයි. මෙය දරුවාට තනියම නොව මවගේ උදව් ඇතිව ටිකින් ටික කෝප්පය ඇල කර බීමට අවස්ථාව දිය යුතුය. මෙසේ ක‍්‍රමයෙන් ටික ටික බීමට හුරු වූ පසුව මවගේ අධීක්‍ෂණය යටතේ දරුවාට කෝප්පයෙන් බීමට දිය හැකිය. එසේම බීමට දෙන විට ආහාරයෙන් පසු සුළු වතුර ප‍්‍රමාණයක් හෝ සීනි/ලුණු/වතුර/මිශ‍්‍ර නොකරන ලස පළතුරු යුෂ වැනි දේ බීමට ලබාදිය හැකියි. එහෙත් අප බීමට ගත යුත්තේ මාස 8 ක් වන දරුවාගේ ආමාශයේ පරිමාව 200ml ක් වැනි (අඩු කෝප්පයක ප‍්‍රමාණය) තරමක් වන හෙයින් එම 200ml තුල දියර ප‍්‍රමාණය අවම කර ආහාර ලබාදීම තුලින් වැඩි පෝෂණ ප‍්‍රමාණයක් ලබාදිය හැකි බැවිනි.
කෝප්පය පුරුදු කිරීමේදී දරුවා තනිව බොන විට feeding cup වැනි සුවිශේෂී කෝප්පයක් පළමුව හුරු කල හැකි අතර මේ මගින් එකවර පිට වන ද්‍රව ප‍්‍රමාණය කුඩා හෙයින් දරුවාට පාලනයක් ඇතිව බීමට හැකියාව ලැබෙන අතර දරුවාගේ ශ්වසන මාර්ගයට මේවා ඇතුළු වීම වළක්වාලීමටද හැකියාව ලැබේ.
සෑම විටම කෝප්පයෙන් ආහාර ලබා දීමේදී සැලකිල්ලට ගත යුතු වන්නේ භාවිතා කරන කෝප්පය හොඳින් පිරිසිදු කර ගත යුතු බවයි. දියර ලබාදීමෙන් පසු මේ කෝප්ප හොඳින් සබන් යොදා පිරිසිදු කර වසා තැබිය හැකි භාජනයකට දමා තැබීමටද වගබලා ගත යුතුයි.
මීට අමතරව කුඩාම දරුවන්ට මවගෙන් කිරි උරා බීමට අපහසු හෝ මව දරුණු ලෙස රෝගාතුරුව සිටින අවස්ථාවකදී ද දරුවාට මව් කිරි ලබාදීමට කෝප්පය භාවිත කළ හැකියි. මේ සඳහා කුඩා කෝප්පයක් භාවිත කළ යුතු අතර දොවාගත් මව් කිරි කෝප්පය දරුවා උකුලේ හිඳුවාගෙන යටි තොලේ ගෑමේදී ඒ ස්පර්ශය සමග මුව විවර කරයි. මෙවිට සෙමින් කෝප්පය ඇල කිරීමෙන් දරුවා දිව දිගු කර කිරි බීමට පුරුදු වේ. මේ ක‍්‍රමයට නව ජන්ම ළදරුවන් විශේෂ බේබි කාමර වලදී පවා කිරි ලබාදීමට උපයෝගී කරගනී.
මව් කිරි බොන දරුවන්ට කිරි දොවා දෙන විට එම කිරි ලබාදීම සඳහා වඩාත් සුදුසු වන්නේ කෝප්පයක් භාවිත කිරීමයි. කෝප්පය භාවිතා කිරීමේදී එම කෝප්ප පිරිසිදු කර ගැනීමද පහසු වේ. එසේම කෝප්පයෙන් කිරි ලබාදුන් විට පියයුරේ කිරි එරීමේ/ඉරීමේ ක‍්‍රියාවලියට බාධාවක් ඇති නොකරයි. කෝප්පයෙන් දෙන විට දරුවාට අවශ්‍ය පමණට පාලනය කරගැනීමේ හැකියාවද දරුවා තුලම නිතැතින් ඇති වේ. එසේ කිරි පොවන විට දරුවාට තනි බීමට නොහැකි නිසා මවගේ උකුල මතදී ඇති වන ආරක්‍ෂිත හැඟීම ආදරය දැනීමද මවගේ හා දරුවාගේ ඇසට ඇස සම්බන්ධතාවය මගින් ප‍්‍රබෝධජනක හැඟීම් වැඩි දියුණු වීම තුලින් මව් දරු සම්බන්ධතාවයද වැඩි දියුණු කරයි.
එසේම රැකියාවක් කරන මවකට දරුවා රැකබලා ගන්නාට පහසුවෙන් මෙම ක‍්‍රියාවලිය පුහුණු කිරීමෙන් මවට විශ්වාස දායක හැඟීමකින් හා තෘප්තියකින් තම රාජකාරියේ නිරත විය හැකියි. බෝතලය දරුවාට දීමේදී එය ආධාරයක් නොමැතිව දරුවාට දීමට හුරු කරවන ක‍්‍රියාවලි ඇති නිසා වඩාත් සුරක්‍ෂිත වන්නේ දරුවාට බෝතලයට වඩා කෝප්පය භාවිතා කිරීමයි.
සූප්පු බෝතල් භාවිත කිරීමේදී සූප්පුවේ සිදුර තුලින් කිරි ගලා ඒම නිරායාසයෙන් සිදුවන නිසා දරුවාට ආයාසයකින් තොරව බඩ පුරවා ගැනීමට මෙන්ම අනවශ්‍ය ලෙස කිරි වැඩිපුර ලැබීමටද ඇති ඉඩ හැකියාව වැඩි වේ.
මෙසේ ආයාසයකින් නොදරු කුස පිරෙන දරුවා ඊට හුරුවීම මත මවගේ පියුයර ඉරීම මැලි වේ. මෙහි ප‍්‍රතිඵලය වන්නේ මවගෙන් කිරි උරා බීම ප‍්‍රතික්‍ෂේප කිරීමයි. මේ නිසා ඉක්මණින් දරුවා කිරි අහිමි වීම සිදු වේ. එසේම බෝතලය ලබාදීමේදී මව් දරු සම්බන්ධතාවය ගිලිහීමද තුලින් දරුවාට මවගෙන් දැනෙන ආකර්ෂණීය ආදරයේ සුව ඵල අහිමිවේ.
මේ ආදරණීය හැඟීම් දරුවාට අහිමි කරවීම මවගෙන් ලැබෙන සෙනෙහෙස අහිමි වීම දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රබල බලපෑමක් එල්ල කරයි. එසේම කෝප්පයක් පිරිසිදු කිරීම පහසු වූත් බෝතලයක් හා සූප්පුවක් එසේ පිරිසිදු කිරීම පහසු කටයුත්තක් නොවේ. සූප්පු වේ දාර සහිත හා බෝතලයේ වක‍්‍ර දාර පිරිසිදු කිරීම අපහසු හෙයින් සෑම කිරි වේලකටම පසුව බෝතලය හොඳින් සේදීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ජීවාණුහරණය සඳහා තම්බා ගැනීම කළ යුතු වේ. එහෙත් කෝප්ප එසේ කිරීම අනවශ්‍ය අතර හොඳින් සබන් යොදා සෝදා ගැනීම පමණක් සෑහේ.
සූප්පුවෙන් කිරි ගලා ඒම නිකම්ම සිදුවන හෙයින් දරුවාට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා පානය කිරීමෙන් අහිතකර බලපෑම්ද එල්ල විය හැකියි. දරුවන්ගේ ස්ථූලතාවයටද මෙය හේතුවක් විය හැකියි. ස්ථූලතාවය මෙය ලෝකය තුලම මුහුණු දී ඇති ගැටළුවක් වෙන්ම දරුවන් තුලද මෙම තත්ත්වය ක‍්‍රමයෙන් වර්ධනය වන තත්ත්වයක් බවට පත්ව ඇත.
මේ ලෙස බලන කල බෝතලයෙන් කිරි දීම නොකරන ලෙසට උපදෙස් දෙනු ලබන්නේ,
ආයාසයක් නොමැතිව කිරි ගලා ඒම නිසා බෝතලයට ඇබ්බැහි වීමත්, මේ නිසා පියයුරෙන් කිරි උරා බීමට මහන්සි නොදරන නිසා පියයුරෙන් කිරි උරා බීම නතර කිරීමට එය හේතුවක් වන හෙයින් මෙන්ම මේ නිසා කිරි එරීමේ, ඉරීමේ ක‍්‍රියාවලි අඩපණ වීම නිසා කිරි නිෂ්පාදනය අඩු වීමක් සිදුවන හෙයින් දරුවාට මව් කිරි අහිමි වීමේ තත්ත්වයක් උදා විය හැකි නිසාය. එසේම මානවයාගේ පැවැත්මට බරපතල බලපෑමක් එල්ල කරන මව් දරු සබඳතාවද ගිලිහීම හේතුවෙන් දරුවාගේ සංවර්ධනය මෙන්ම මවගේ නිරෝගී බව වැලැකීමටද එය හේතුවක් වේ. දරුවා පාලනයක් රහිතව කිරි බීමට බෝතලයෙන් ඉඩ ලැබෙන හෙයින් ස්ථූලතාවයට පත්වීමත්, වැඩිහිටිවියට පත් වීමේදී බෝ නොවන රෝග එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා යනාදී රෝගයනට ගොදුරු වීමේ හැකියාව වැඩි දියුණු වීමත් සිදු විය හැකි බැවිනි.
කෙසේ වෙතත් දරුවාගේ සංවර්ධන ක‍්‍රියාවලියකට සමගාමීව දෑත් ක‍්‍රියාත්මක කරන කාලයේ දරුවා කෝප්පයට හුරු කිරීම තුලින් සංවර්ධන ක‍්‍රියාවලි හොඳින් උත්තේජනයට එය මහත් අනුබලයක් වේ. මෙසේ හෙයින් එයඉ හඳුනා ඒ සඳහා දරුවාට දිරිමත් කිරීම තුලින් දරුවාගේ හසුරු කුසලතා වර්ධනයත්, පංච ඉන්ද්‍රියයන් උත්තේජනය තුලින් සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමක් කරා ගෙන යාමට දරුවන්ගේ සියළු ක‍්‍රියාවලි හේතුවක් වන බව මොනවට පැහැදිලිය.
කෝප්පයකට ද්‍රවයක් ලබාගත් විට එහි පැහැය, ස්වභාවය, රසය, සුවඳ ආදී එකට විඳ ගැනීමටත් ඇඟිලි වලට දැනෙන සංවේදනය පවා දරුවාට ලබාගැනීමට හැකි වේ. එයින් නොනැවතී එම ද්‍රවය කෝපපයෙන් පිටට හලා බලන්නත් එවිට ගලායන ස්වභාවය පවා දරුවාට නිරීක්‍ෂණය කිරීමටත් ඒවා පිළිබඳ අධ්‍යයනයට අවස්ථාවක් පිටතට විවෘත කෝප්පය මගින් දරුවාට හිමි වේ.
දරුවාගේ වර්ධනය ගැන පමණක් නොසිතා සංවර්ධනයේ පැතිකඩ හඳුනා ක‍්‍රියාත්මක වීමට ලැබෙන අත්වැල හඳුනා ගැනීම මේ ලිපිය පිටුවහලක් වේ යැයි මගේ හැඟීමයි. කෙසේ වෙතත් කුඩා දරුවන් ස්වභාවධර්මයෙන්ම විමර්ශනාත්මක හෙයින් ලැබෙන හැම අවස්ථාවක්ම ඔවුනට ඉගෙනුමට ලැබෙන අවස්ථාවක් හැටියට සලකා ආරක්‍ෂාව සහිතව කටයුතු කිරීමට ඉඩ හසර ලබාදීම තුලින් පරිපූර්ණ දරුවකු බිහි කරගැනීමට ඔබට හැකියාව හා අවස්ථාව ලැබේ.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල