දරුවෙකු කුස පිළිසිඳ ගත් බව දැනගත් මොහොතෝ ඇතිවන හැගිම වචන වලට පෙරලන්නට නොහැකි වන්නේ එය එතරම් ප්‍රීතිමත්ම හා ආදරනිය දැනීමක් හෙයිනි. එමෙන්ම ඒ බව දැනගත් මොහොතේ සිට ඊලග අපේක්ෂාව ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන වග මෙන්ම බබා දඟලනවා දැනීම ආදි ලෙසින් දැන ගැනිමේ අවශ්‍යයතාවයයි.
එමෙන්ම දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම මවගේ උදරය විශාල වෙන්නට පටන් ගනී. ඒ දරුවාගේ වැඩීමත් සමඟ අවශ්‍ය ඉඩකඩ සැපයීමට, දරුවාට ජීවය සපයන අපරාවේ වැඩීමට සහ දරුවාට ආරක්ෂාව සපයන උල්බ තරලය ආදි සියල්ලේම එකතුවෙනි. මෙසේ උදරය විශාල වන විට ගර්භාෂය ඇදී විශාල වෙනවා. එසේම ඒ ආශ්‍රිත අනෙකුත් ඉන්ද්‍රීයන්ද පීඩනයට ලක්වේ. මෙසේ හෙයින් වෙනදා මෙන් දිගු වේලාවක් මුත්‍රා දරා සිටීමට නොහැකි විම ආදී ලෙසින් මෙය ගම්‍ය වේ. එසේම ඉහලින් ආමාශය තෙරපිම නිසා වෙනදා මෙන් බඩපුරා කන්නට අපහසු වේ. එසේ හෙයින් වරන් වර කුඩා ප්‍රමාණ වලින් ආහාර ගැනීම සිදුවේ. දරුවාගේ වර්ධනය සතියකට 1 CM වන සේ බුදනය ඉහලට එසවෙයි. මෙසේ වැඩෙනා දරුවන් මුල්කාලයේ කුඩා නිසා මෘදු පැටියෙකු සේ කුසපුරා පීනමින් සිටින ආකාරයක් වගේ දකින්න පුළුවන්. සති විසිඅටෙන් පස්සේ දරුවාගේ සියලු අවයවයන් වර්ධනය වෙලා අවසන් . ඊට පස්සේ සිද්ධ වෙන්නේ හමයට මේද තැන්පත් වෙමින් අවයව මේරීමයි.
කුස තුළ සිටින දරුවා මෙසේ දිනෙන් දින වර්ධනය වෙත්ම කුස තුළ දරුවාට ලැබෙන ඉඩ ප්‍රමාණය මත දරුවාගේ හැරීම සිදු වේ. ප්‍රසූතියට ආසන්න වනවිට බොහෝ දරුවන් 97 % ක් පමණම හිස ප්‍රමුඛ ඉරියව්වක සිටිනවා. මෙසේ සිටින දරුවාගේ හිස ක්‍රමයෙන් යෝනි කුහරය තුලට යනවා . එය අපි හෙඩ් එන්ගේජ් ලෙසින් හදුන්වනවා. බොහොවිට සති තිස් හයෙන් පසුවත් එය සිදු විය හැකියි. එය අම්මාට පහසුවක් දනවනවා. සමග පපු කුහරය දෙසට ඇති වන තෙරපුම වැඩි නිසා හුස්ම ගැනීමට යම් අපහසුතාවයක් අම්මාට දැනෙනවා. ඒ්ත් බබා හැරුණු පසු ඒ් අපහසුව යම් තාක් දුරට මගහැරී යනවා. ඒ මඟින් දරුවා පහත් වෙලා කියලා අම්මාටම යම් අවබෝධයක් ලබා ගත හැකියි. වෙනදට වඩා සැහැල්ලුවක් නොමැතිව අම්මට එක දිගටම වෙනිදා තිබුණු අපහසුකම් දැනෙනවා බාබා හැරී නැති වෙන්න පුළුවන්. ඒය ඒසේ අම්මාට දළ අවබෝධයක් ලබා ගත හැකි ලක්ෂණ වුවත් ඒමගින් බබා හැරී ඇතිද යන්න ගැන 100%ක්ම ස්ථිරව පවසිය නොහැකියි. ඒ නිසා වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පරීක්ෂා කිරීමේදී ස්ථිරව ඒය හඳුනා ගත හැකියි.
බොහෝ විට 95% – 97 % දරුවො හිස ප්‍රමුඛව ඉරියව්ව පවත්වා ගන්නා ආකාරය දිස් වුවත් ඇතැම් දරුවන් හිස ප්‍රමුඛ නොවී පිහිටිය හැකියි. ඇතැම් දරුවන් ප්‍රසූති අවස්ථාවේදී හැරිය හැකියි.
හිස ප්‍රමුක නොවී දරුවෙක් සිටිය හැකි ආකාර
- තට්ටම ප්‍රමුඛව
- උරහිස් පුමුඛව
- පාද ප්‍රමුඛව
- පාද ප්‍රමුඛව
- දණහිස් ප්‍රමුඛව
- මුහුණ ප්‍රමුඛව
දරුවෙකු හිස ප්‍රමුඛ නොවන ඉරියව්වට පත්වීමට බලපෑ හැකි හේතු
- නොමේරු ළදරුවෙකු ප්‍රසූතියේදී
- කුමක් හෝ හේතුවක් මත සිදුවන හදිසි ප්‍රසූතියකදී දරුවාට හැරෙන්න කාලයක් අවම වීම
- නිවුන් දරුවන් සිටින විට ගර්භාෂය තුළ ඉඩ අවම වීම
- පෙකනි වැල දිගින් අඩු වීම (පෙකෙනි වැල අධිකව දිගු වීම නිසා දරුවා දගලන විට ඒය ගෙල වටා ඒතිතී කෙටි වීම නිසාත් දරුවාට හැරීමට නොහැකි විය හැකියි)
- ගර්භාෂයේ ඉඩකඩ අවම වීම නිසා
- ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි වල වර්ධනය නිසාත් ගර්භාෂයේ ඇති වූ ආසාදන තත්ත්වයන් නිසා
- වැදෑමහ ගර්භාෂයේ පහළ ඛන්ඩයේ පිහිටා තිබීම
- ගර්භාෂයේ පිහිටි තරල ප්‍රමාණය වැඩිවිම හෝ අධික ලෙස අඩුවීම නිසා ගර්භාෂය තුල දරුවාගේ චලනයට ඒය බලපෑම නිසා
- පලමු ප්‍රසූතිය නම් මවගේ උදරයේ හෝ ගර්භාෂයේ දැඩි ගතිය හෝ අධික ලිහිල් බව නිසා
- මවගේ වයස අවුරුදු 18 ට අඩු අවස්ථාවකදි ශරීර වර්ධනය අඩුවීම හෝ ඉඩ අඩුවීම නිසා යෝණි කුහරයේ පළල් අඩු වීම
- පෙර ප්‍රසූතියක් නොමේරු ලෙසට සිදු වූ මවක් වීම
- කුසේ සිටින දරුවාගේ වර්ධනයේ දුර්වලතා, හිස් කබල නොපිහිටිම හෝ වෙනත් ආබාධ නිසා
මෙසේ සලකා බැලීමේදි සාමාන්‍ය පිහිටීමෙන් වෙනස් වන 3% සඳහා තිබිය හැකි හේතු කාරණා ඔබට පැහැදිලි වන්නට ඇති. සාමාන්‍යෙයන් කුසේ සිටින දරුවෙකු මුල් කාලයේ සිටින ස්ථාපිතයෙන් මෙය තීරණය කල නොහැකි වුවද සාමාන්‍යයයෙන් සති තිස් හතර පමණ වනවිට එය පැහැදිලි ලෙස අදහසක් ගත හැකියි . මුල් කාලයේ සිදුකරන ස්කෑන් පරික්ෂනයකදී හිස ප්‍රමුඛ නොවේ යැයි පැවසුවද ඔබ කලබලයට පත්විය යුතු නොවේ. මන්ද සති තිස්හතරින් පසුව පමණක් ඒ පිළිබඳව පැහැදිලි තීරණයක් ගත හැකි හෙයිනි.
මෙසේ හිස ප්‍රමුඛ නොවන දරුවන් පෙර කාලයේදි විශේෂඥ වෛද්‍යවරයෙකු රෝහල තුලදී පිටතින් හැරවීම සිදුකරනු ලැබුවත් අද වන විට ඒසේ කිරීම අවම වි ඇත්තේ දරුවා නොහැරිමට බලපා ඇති හේතු හා ගලපා බලා දරුවාට මවට ඇතිවිය හැකි සංකූලතා වලක්වා ගැනීමේ අරමුනිනි. එසේ හැරවීම සිදුකලද නැවත එම දරුවන් පෙර සිටි ඉරියව්වටම පිවිසීමටද බොහෝ විට දක්නට ලැබෙන්නකි. මෙසේ හිස ප්‍රමුඛ නොවී සිටින දරුවන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑමෙන් දරුවාගේ අත් පා උරහිස් ආදීය හරස් වීම හේතු කරගෙන දරුවාට උග්‍ර සංකූලතා මෙන්ම මවටද දීර්ඝ ප්‍රසවයකට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් යෝනී මාර්ගය ආශ්‍රිතව ඇති විය හැකි ඉරීම් මෙන්ම තදබල රක්තපාතයකට ලක්වීම හෝ ප්‍රසූත වේදනාව සමඟ ඇතිවන සංකෝචන හා ලිහිල් විම් තදබල ලෙස බලපෑම හේතුවෙන් ගර්භාෂය පිපිරීමට ලක්වීම පවා ඉඩ ඇත. ඒවැනි සංකූලතා හේතුවෙන් නව ජන්ම ළදරු මරණ මෙන්ම මාතෘ මරණ අවදානමක් පවතී.
එසේ හෙයින් බොහෝ විට මෙවන් මව්වරුන්ට සැලසුම් සහගත සීසර් ශල්‍ය කර්මය මගින් ප්‍රසූතිය සිදුකිරීමට විශේෂඥ වෛද්‍ය වරුන් තීරණය කරනු ලබනවා. මව මෙන්ම ළදරුවා සිටින අවදානම වේලාසන හඳුනාගෙන මවගේත් දරුවාගේත් ජීවිත අනතුරට ලක්නොකර ශල්‍ය කර්මයක් මගින් ප්‍රසූතිය සිදුකිරිම මගින් මවටත් දරුවාටත් ලැබෙන සැනසීම සැහැල්ලුව මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලයටද ලැබෙන අස්වැසිල්ල අති මහත්ය.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල