සෑම මවකගේ බලාපොරොත්තුව සියලු අංග සපිරි දරුවෙක්. ඒ වගේම නිරෝගි හොඳ ක්‍රියාශිලි බබෙක්. මේ හින්දා ගර්භනී කාලය තුල අම්මා තාත්තා වගේම නිවැසි ඥාති හිත මිත්‍රාදින්ගේත් බලාපොරොත්තු සමානය. ඒ වගේම ඒ වෙනුවෙන් හැම දෙයක් පිලිබඳවම වැඩි සැලකිල්ලක්.
ඉතින් කලලයක් පිලිසිඳ ගන්න දවසේ ඉදන් මේ කලලය වර්ධනය වෙන්න පටන් ගන්නවා . එතකොට මේ වර්ධනය කියන්නේ මොකක්ද ?
වර්ධනය කියන්නේ වැඩි වීම. දරුවගේ අඟපසඟ හැදෙන්න එහෙම නැත්නම් සියලු ඉන්ද්‍රීයන් විකසනය වීමත් ඒ විකසනය වූ ඉන්ද්‍රීයන් වර්ධනය වීමත් නිසා තමයි නිරෝගි අඟ පසඟ ඇති දරුවෙක් බිහිවෙන්නේ.
මේ ඉන්ද්‍රීයන් විකසනය බොහෝ වෙලාවට මුල් මාස තුන තුළ දී සිදුවෙනවා. එහෙම විකසනය වූ ඉන්ද්‍රියයන් ඒ කියන්නේ හිස, කඳ , ගාත්‍රා ඒ වගේම අභන්තර ඉන්ද්‍රියන් මොලය, ඇස්, කන්, නාසය, දිව, හෘදය, පෙනහලු, ආහාර මාර්ගය, වකුගඩු, අක්මාව ආදී ලෙසින් වූ සියලු ඉන්ද්‍රියන් විකසනය සිද්ධ වෙනවා. මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වයන් මත සිදුවන සේ වර්ධනය විම එහෙමත් නැතිනම් මේරීම සිද්ධ වෙනවා. ඊලගට මේ අභන්තර ඉන්ද්‍රියයන් වගේම නියපොතු හිස කෙස් ශරීරයේ රෝම ආදියත් සැකසෙනවා. මේවා සඳහාත් අවශ්‍ය පරිදි පෝෂණය දරුවා විකසන අවස්තාවේදීම ලැබිය යුතු වෙනවා. මේ නිසා මේ සියලු ඉන්ද්‍රියන්ගේ වර්ධනයට මවගේ පෝෂනය බලපානවා.
එසේ හෙයින් කාන්තාවක ගර්භනියක වන විටත් ගර්භනි වූ දිනයේ පටන් දරුවා බිහිකරන තෙක් හා බිහිවූ දරුවාගේ පෝෂනය සම්බන්ධයෙන්ද සියලු දෙනාගේ අවදානය යොමුවිය යුතු වෙනවා. මන්ද යත් දරුවාගේ වර්ධන සංවර්ධනය ක්‍රියාවලිය සඳහා අවැසි වූ පෝෂක සියල්ල මවගෙන් ලැබෙන පෝෂණය මත තීරණය වන්නක් හෙයින් මවගේ පෝෂනය නිසි පරිදි පැවතීම එනම් මව හොඳ පෝෂනයකින් යුක්ත වීම සිදුවිය යුතුමයි.
මවගේ පෝෂන තත්වය මත දරුවාගේ වර්ධන ක්‍රියාවලිය තීරණය වන හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විම වැදගත්. අන් ඉන්ද්‍රියන් වර්ධනය සේම දරුවාගේ හිසකෙස් වර්ධනයටද මෙය ඒ අයුරින්ම බලපානු ලබනවා . හිස කෙස් වල පැහැය ස්වාභාවය ආදිය සඳහා මවගේ පෝෂණය බලපානවා. පෝෂකාංග සැලකිමේදි වර්ධනයට අවැසි වන ප්‍රෝටීන වල අවශ්‍යතාවය හිසකෙස් වලට බලපාන අයුරින්ම ඒ හා සම්බන්ධ අනෙකුත් පෝෂන වර්ග ද මේ සමඟ බැදී තිබෙනවා.
ප්‍රෝටීන හා සම්බන්ධවන කැල්සියම් ලවණයද ඒ හා සම්බන්ධ විටමින් ඩී ලැබීමද මෙම අවයවයන් වර්ධනය සඳහා වැදගත් වෙනාව. අස්ති, නිය, දත් හා කෙස් සම්බන්ධව මෙම විටමින් මෙන්ම කැල්සියම් පොස්පරස් වැනි ලවණද මහගු කාර්යයක් ඉටුකරන ලබන හෙයින් ගර්භණී සමයේ මවගේ පෝෂනයේ මෙවැනි පෝෂක සංඝටක අඩුවක් නොමැතිව පැවතීම දරුවාගේ හිසකෙස්, දත්, නිය හා අස්ති වර්ධනයට මහඟු බලපෑමක් එල්ල කරනු ලබනවා . එසේ හෙයින් අඩුපාඩු විය හැකි ලවණ ලබාගන්නා ආහාර මඟින් මෙන්ම ලබාගන්නා අමතර විටමින් මඟින්ද සම්පූර්න කරගැනිමට හැකියාවක් ලැබෙනවා.
එසේ හෙයින් කිරි ආහාර, කුඩා කටු සහිත මාලු කරවල මෙන්ම රනිල ඇට වර්ග මඟින් මෙම පෝෂක කොටස් බහුල ලෙස ලබාගත හැකි අතරම ඒවා අවශෝෂණය සඳාහා හැකි අයුරින් ලබා ගැනිමද වැදගත් වෙනවා . එසේ වන්නේ ආහාරයේ යකඩ උරා ගැනිමට විටමින් සී හා විටමින් බී වැදගත් වන්නේ යම්සේද ඒ හා ලෙසින් විටමින් ඩි හා කැල්සියම් අතර බැදී පවතින බැදියාවද වැදගත් වෙනවා. එසේම මේ සියලු කාර්යයන් මවගෙන් දරුවා වෙත පරිවහනය කිරිමට මව තුල ඇති රුධිරයේ හිමොග්ලොබින්ද බලපෑමක් එල්ලකරනු ලබන හෙයින් මවගේ රුධිරයේ පවතින හිමොග්ලොබින් ප්‍රමාණය වැඩිකර ගැනීමද වැදගත් වනෙවා. මෙසේ ජීවිතයක පැවැත්මට මෙන්ම මෙවැනි වූ සියලු පෝෂකාංග සපිරි පරිසරයක් දරුවෙකුට දායාද කිරිමට අප සියලු දෙනා උත්සුක වීම වැදගත්.
මේ පෝෂණ ක්‍රියාවලියේ දුර්වලතා ඇති වු විට එය දරුවාගේ අන් ඉන්ද්‍රියයන් වලට වගේම හිස්කබලේ වර්ධනයට බලපෑමක් එල්ල විය හැකියි . එසේ හෙයින් ලැබෙන පෝෂන ඌනතා හේතුකොටගෙන දරුවන්ගේ හිසකෙස් වර්ධනය නොවන නිසා අලුත උපන් දරුවන්ගේ හිසෙහි කෙස් අඩුවීම හෝ කොන්ඩය දකින්නට නැතිවෙනවා. අවශ්‍ය පමණට පෝෂනය ලැබුනු දරුවන් තුල හොඳින් වැඩුනු කෙස් වගේම දිගට වැඩුනූ නියපොතු අපිට දක්නට ලැබෙනවා. එසේ හෙයින් පෝෂනය පිළිබඳව සැලකිලිමත් විම ඉතා වැදගත් වෙනවා.
පෝෂණය පැත්තෙන් එසේ වුවද ජානමය ගති ලක්ෂන නිසාද මෙවැනි අවස්තා අපිට දක්නට හැකියි. එසේ වන්නේ පරම්පාරමය ලක්ෂණ වශයෙන් කොණ්ඩය වැඩි නොමැති දරුවන් සිටීමයි. එසේම එම පරම්පරා තුල ඇති ලක්ෂන අනුව කෙස් නොමැති වීම, තිබෙන කෙස් තුනී වීම, බොකටු වීම, පැහැයේ වෙනස්කම් ආදිය දරුවන් තුල දක්නට ලැබනෙවා. එසේම විටමින් කැල්සියම් හෝ ප්‍රෝටීන ඌනතා නිසා කෙස් කුරු ගතියෙන් යුක්ත වීමද සමහර සහජ අසාමාන්‍යතා වලදීද උපතින්ම ඇතිවන තත්ව වලදීද කෙස් වල අසාමාන්‍ය බවක් දක්නට ලැබිය හැකියි.
නිෂ්චිත වශයෙන් හේතු පැවසිය හැකි නොවුනද පරම්පරාගත වන මේ ලක්ෂන හරහා සිතන්නට හැක්කේ පෝෂණ ඌනතා ලක්ෂන මෙන්ම බොහෝවිට පෝෂනය ලැබුනද ආවේනික හෝ පරම්පරාගත ලක්ෂන හේතුවෙන් එම පෝෂන ද්‍රව්‍ය ජීර්ණ ක්‍රියාවලියේ යම් යම් දුර්වලතා තිබිය හැකි බවයි . මෙසේ බලන විට කෙලින්ම හෝ වක්‍රාකාරව හෝ සිතිය හැක්කේ මේ සියල්ලටම හේතුව පෝෂණ දුර්වලතා බවයි.
එසේම කෙස් ඝනව නැතිව හෝ සුළු ප්‍රමාණයක් සහිතව උපදින දරුවන්ගේද ටික දිනක් යනවිට මේ කෙස් වැඩි ප්‍රමාණයක් ගැලවී යනවා දැකිය හැකි අවස්තාද දක්නට ලැබෙනවා. එයද පෝෂන ඌනතාවයක් මෙන්ම යම් දිලීරමය ආසාදන තත්වයක් විය හැකි අවස්තාද පවතිනවා. එසේම කුඩා දරුවන්ගේ කෙස් තදින් ඇතිල්ලීමට අපහසු අතර කෙස් මත රැදී ඇති දෑ එකතු වී කබොලු බැදීම වැනි තත්ව වලදිද එම කබලු සමඟ කෙස් ගැලවී යනු දක්නට හැකියි.
එවන් විටකදි දරුවන් නෑවීමේදි හිසට නොගැලපෙන කිසිදු සබන් හෝ ෂැම්පූ වර්ගයක් යොදා සේදීමත් සිනිදු පනාවකින් සෙමින් පිරීම මගින් මේවා ක්‍රම ක්‍රමයෙන් (එකවර ඉවත් නොකර) ඉවත් කිරිමට කටයුතු කිරිමත් කලහැකි වෙනවා. මෙවන් තත්ව වලදිද දරුවාගේ කොන්ඩය නැති වීමට පුළුවන්. තදින් කබොලු බැඳී ඉවත් කිරීමට අපහසු අවස්තා වලදි තදින් ඒවා ඉවත් කිරිමට නොගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනිමද වඩා වැදගත් වෙනවා. එසේ නොවී තදින් ඉවත් කිරිමට ගිය හොත් හිස කෙස් ගැලවි යාම පමණක් නොව හිසෙහි සමට හානි සිදුවිම නිසා දරුවා අපහසුතාවයටද පත්විය හැකිවෙනවා මෙන්ම දරුවාට වේදනාවක් ඇති වීමටද එය හේතුවිය හැකියි.
එසේම හිස් කබලේ සම මත ඇතිවෙන දිලිර ආසාදනද මෙවන් තත්ව වලට හේතු විය හැකි හෙයින් ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුය. සියල්ල මෙසේ සලකා බැලිමේදි ජීවිතයට පෝෂනය වැදගත් යම්සේද හිසකෙස් සඳහාද පෝෂණය, රැකවරණය අත්‍යාවශ්‍ය කරුණක් බව ඔබට වැටහෙනවා ඇති. එසේම මනුෂ්‍ය ජිවිතයේ සියලු අවස්ථාවන් සඳහා පෝෂණය වැදගත් වන්නේ යම්සේද සමහර පරම්පරාගත හෝ ආවේනික ලක්ෂන පවා ජයගැනිමට සාර්ථක පෝෂනයක් ලබාදීම තුලින් හැකි බව අවබෝධ වේ.
මීට අමතරව දරුවන් තබන විට එකම පැත්තට තැබිම නිසාද එම පැත්තට සැපයෙන වාතය, රැධිර සැපයුම වැනි හේතු මත මෙන්ම නිතරම ඔලුව ඇතිල්ලීම වැනි ක්‍රියා නිසාද හිසේ පවතින කෙස් ගැලවියාමට පුළුවන්. එසේ හෙයින් කුඩා දරුවන්ගේ හිස හැරවිම හිස අතුල්ලන විට එය සිනිදු මතුපිටක් සකසා තිබීම මගින්ද හිසකෙස් ගැලවී හැලියාම වලකා ගැනිමට හැකිවෙනවා. සියලු දෙය විමසා බැලිමේදි සෑම කටයුත්තකටම මිනිස් දිවියේ පෝෂණය මූලික වන බවත් ඒ හා සම්බන්ධ හුරු පුරුදු හෝ සිරිත් විරිත් අනුව පරම්පරාගත වීමට ඇති ඉඩකඩක් ඇති බවත් අපට ගම්‍ය වේ.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල