විභාගයට තවත් ඇත්තේ සති කිහිපයක් පමනයි. මේ කෙටි කාලයෙන් වුනත් එකම අරමුණක් ඇතුව ඉලක්කයක් ගොඩ නගා ගෙන අවධානයෙන් සහ උනන්දුවෙන් කටයුතු කලොත් විභාගය ජය ගැනීම එතරම් අපහසුවක් නොවෙයි. එහෙම නම් මේ පුංචි කාලය තුළ ඔබ විභාග ඉලක්කය වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද ? ….
පෙර සූදානම
විභාගයට නම් පෙර සූදානම ඉතාම වැදගත්. විභාගය වෙනුවෙන් ඔබේ විශ්වාසය ගොඩ නැගෙන්නේ එවිටයි. සූදානමක් නැතුව විභාගයට මුහුණ දීම තුළ එතරම් සාර්ථකත්වයක් ඇති නොවන්නේ ඔබට ආත්ම විශ්වාසයක් නොමැති නිසයි. මේ නිසා විෂය නිර්දේශය ඉතාම හොදින් අධ්‍යනය කර ගෙන සූදානම් ශරීරයෙන් විභාගයට පිටත් වෙන්න.
විභාගය කියන්නේ ඔබට අවශ්‍ය විදිහට පිලිතුරු සපයන්න පුලුවන් අවස්ථාවක් නොවෙයි. සමස්ත විෂය නිර්දේශයම ආවරන වෙන විදිහට ලබා දෙන ප්‍රශ්න පත්‍රයට ඔබ පැය තුනක කාලයකින් පිලිතුරු ලබා දීම අවශ්‍යයි. ඒ නිසා මම අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්න අතහරිනවා. අහවල් මාතෘකාවෙන් ලැබෙන ප්‍රශ්නවලට පමණක් පිලිතුරු ලියනවා යැයි පූර්ව නිගමන ගොඩ නගා ගන්න එපා. ඔබේ රුචිය අනුව එම අවස්ථාවේදී ප්‍රශ්න තෝරා ගන්න. එසේ නැතුව ඔබ යම් රාමුවක් තුළ සිටියොත් හදිසියේවත් ඔබ බලාපොරොත්තු වුන විදිහට ප්‍රශ්න පත්‍රය නොතිබුන විට ඔබේ බලාපොරොත්තු ලත් තැනම ලොප් වෙනවා. ඒ නිසා පෙර සූදානම තුළ ගොඩ නැගෙන ආත්ම විශ්වාසය විබාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සපයනු ඇත.
අපහසු තැන් වෙනුවෙන් උපකාර ලබා ගැනීම
විභාගය වෙනුවෙන් නිර්දේශිත විෂය නිර්දේශයේ ඔබට යම් යම් ගැටළු සහගත තැන් ඇත්තේ නම් ඒ වෙනුවෙන් උදව් උපකාර ලබා ගැනීම ඉතාම අවශ්‍ය වේ. මේ වෙනුවෙන් පුද්ගලිකව ගුරුවරයෙක් වෙත හෝ උපකාරක පංතියක් වෙතට ගොස් හෝ මෙම අපහසුතාවයන් ඇති පාඩම් කොටස් කිරවුල් කර ගැනීම අවශ්‍ය වේ.
සිතියමක් ගොඩනගාගන්න
පාඩම් සටහන් තමන්ට වඩාත් පහසුවෙන් ධාරනය කර ගත හැකි සිතියමක් ගොඩ නගා ගන්නමෙතෙක් ඔබ විසින් කරන ලද විෂය කරුණු වඩාත් පහසුවෙන් මතකයට නැගෙන අන්දමින් ගොඩ නගා ගැනීම අවශ්‍ය වේ. මෙය හදුන්වන්නේ “මයින්ඩ් මැප්” යනුවෙන්ය. විෂය කරුණු ඉතා පහසුවෙන් මතකයට නැගෙන සේ කරුණු පෙල ගසා ගන්න. ඒවා කෙටි සටහනක් අන්දමින් හෝ කරුණු හයිලයිට් කරමින් හෝ සකසා ගත හැකිය. එය ඔබ උගත් දෙය සාරාංශ කර ගැනීමක් වන අතර ඉතාම ඉක්මනින් අවශ්‍ය කරුණු මතකයේ පෙලගස්වා ගැනීමකි.
කෙටි විවේකයබොහෝ දරුවන් පාඩම් කිරීමේදී විභාගය ආසන්න වෙත්ම දැඩි සේ වෙහෙසට පත් වෙනු ඇත. නින්දක්, ආහාරයක් වා නොලබමින් මහත් සේ වෙහෙසීම නිසා විභාග දිනයන්හිදී ශාරිරිකවත් දුර්වලතාවයන්ට පත් වේ. ඒ නිසාම දක්ෂතාවයන් තිබුනද පැය තුනක කාලයේදී දැනුම ඉදිරිපත් කිරීමේදී ඇති වෙන දුෂ්කරතාවය නිසා ප්‍රතිඵල අතින් අසාර්ථකත්වයට පත් වීම අද බොහෝ දරුවන්ට බලපාන තත්වයකි. මේ නිසා පාඩම් කටයුතු කරන කාලයේදී කෙටි විවේක ලබා ගැනීම වැදගත් වේ. පැය දෙකකට වරක් විනාඩි පහළොවක හෝ කෙටි විරාමයක් ලබා ගන්න. මෙම කෙටි විවේකයේදී,
- හිතේ නැගෙන අනවශ්‍ය දේ බැහැර කරන්න.
- ගීතයක් හෝ වෙනත් විනෝදාත්මක ආශ්වාදයක් ලැබෙන යමක් කරන්න.
- උණුසුම් පානයක් හෝ වෙනත් ආහාරයක් ලබා ගන්න.
- අද අධ්‍යාපන විද්‍යාඥයන් පවා පෙන්වා දෙන අන්දමට එක දිගටම විවේකයක් නොමැතිව පාඩම් කටයුතුවල යෙදීමෙන් මතකයේ ධාරනය කර ගැනීම එතරම් සාර්ථක නැත. අර්ල් මිලර් නම් වූ මනෝ විද්‍යාඥයා සඳහන් කරන අන්දමට එකම කාර්යක දිගටම නිරත විට ඇති වෙන ආතතිය නිසා ඇඩ්රනිල් ශ්‍රාවය වැඩි වෙනවා. එය මහත් සේ වෙහෙසකර තත්වයක් ලෙසින් ඔබට දැනෙනු ඇත. එහෙත් කෙටියෙන් හෝ විවේක ගන්නා විට “ඩොල්මින්” වැඩි වශයෙන් ශ්‍රාවය වෙන අතර එය මානසික සතුට වෙනුවෙන් බලපාන තත්වයක්. වෙහෙසක් සේ කටයුතු කරනවාට වඩා සැහැල්ලු මනසකින් කටයුතු කිරීම ඉතාම වැදගත්.
තාක්ෂණික මෙවලම් ඈත් කරන්න
සන්නිවේදන තාක්ෂණය අද සැම දෙනාගේම අවශ්‍යතාවය බවට පත්ව ඇත. සන්නිවේදනය වෙනුවෙන් පමණක් නොව ඉගෙණුම් කාර්යය සඳහාද මෙවැනි මෙවලම් අත්‍යවශ්‍ය වී තිබේ. එහෙත් මේ කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණු හැර වෙනත් කටයුතු වලදී මේවා භාවිතයෙන් දුරස්ථ වීම ඉතා වැදගත් වේ. අද ඇතැම් දරුවන් විභාග ආසන්නයේදී ෆේස් බුක් ගිණුම් පවා අත්හිටවන්නේ දුර දක්නා නුවනින් කටයුතු කරන නිසාය. මේ නිසා ඉදිරියේ ඇති කෙටි කාලයේදී ඉගෙණුම් අරමුණ වෙනුවෙන්ම අවධානය ලබා දීම ඉතා වැදගත් වේ.
අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඇත්තටම පලක් නැත. ඒ නිසා කළ යුතු එකම දෙය වන්නේ විභාගයට ඇති කාලරාමුව තුළ උපරිම ලෙසින් කටයුතු කොට විභාග ඉලක්කය ජය ගැනීමයි.