ශ්වසන රෝග හෙවත් ශ්වාස නාල පද්ධතිය සම්බන්ධව ඇති වන රෝග තත්ත්වයන් වලට ප්‍රධාන හේතු වෛරසයක් හෝ නියුමොකොකස් නියුමෝනියේ, ස්ටේරප්ටොකොකස් නම් වූ බැක්ටීරියාවක් වැනි විෂබීජයක් ශ්වසන නාල පද්ධතියට ඇතුළු වීමයි. තවද මේ තත්ත්වය රසායනික ද්‍රව්‍ය, විෂ වායු සහ ආසාත්මිකතා ද දූවිලි ආඝ්‍රාණ වීමෙන් හෝ වෙනත් රෝගී පුද්ගලයෙකුගෙන් හෝ නිරෝගී පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු විය හැකියි.
ශ්වසන රෝග
- නිව්මෝනියාව (Pneumonia) – විෂබීජයක්/යම් විෂක් පෙනහලු කරා ගොස් එම පෙනහලු පටක ආසාදනය වීම
- බ්‍රොන්කයිටීස් (Bronchitis) – ශ්වාසනාල ආසාදනයකට හෝ ආසාත්මිකතාවයට ලක්වීම
- බ්‍රොන්කියෝලයිටිස් (Bronchiolitis) – වයස අවුරුද්දට අඩු ළදරුවන්ට විශේෂයෙන්ම ඇති විය හැකි අනුශ්වාසනාලික ආසාදනයට කල්වීම
- බ්‍රොන්කියෙක්ටේසිස් (Bronchiectasis) – ශ්වාසනාලවල අසාමාන්‍ය පලල්වීම නිසා ඇති වන නිදන්ගත රෝග තත්ත්වයක්
- ඇදුම (Asthma) – විවිධ දේවලට ආසාත්මිකතා නිසා ශ්වාසනාලවල පේශී දරදඩු වී එම නාල සිහින්වීම
- ප්ලූරල් එෆියුෂන් (Plural effusion) – පෙනහලූ වටා ඇති හිස් අවකාශය නැතහොත් ප්ලූරල් කුහරය ආසාදනයට ලක් වී තරලයකින් පිරී යාම
- පෙනහලූ හැකිලීම (Atelectasis) – ස්‍රාවයන් නිසා හෝ වෙනත් සිරවීමකදී හෝ ප්ලූරල් එෆියුෂන් තත්ත්වය නිසා පෙනහලූ හැකිලී යාම සිදු විය හැකිය.
ශ්වසන රෝග ඇති වීමට බලපෑ හැකි වෙනත් හේතු
- අනතුරුවලට මුහුණ දී එක්තැන් වී සිටීමයි.
(උදා.. අංශභාගය වැනි රෝග/කැඩුම් බිදුම්වලට ලක්වීම/ශල්‍යකර්මවලට මුහුණ දීම මත එක්තැන් වී සිටීම නිසා) - ශ්වසන පද්ධතියේ ඇති අර්බුද (Tumour) නිසා
- ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසා
- මානසික හේතු
ශ්වසන රෝග තත්ත්වයන්වලදී පෙන්නුම් කරන රෝග ලකෂණ
- වියළි හෝ බුරුල් කැස්ස
- හතිය නැතහොත් මහන්සිය
- හුස්ම ගැනීමේදී පපුවේ ඇති වන වේදනාව
- උණ
- වමනය
- කෑම අරුචිය
- බඩේ වේදනාව
- හිසේ කැක්කුම
මෙම රෝග සඳහා වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ.
භෞත චිකිත්සක ප්‍රතිකාර
— පොස්වරල් ඩ්‍රේනේජ් ˜ (Postural drainage) ක්‍රමය – රෝගියා ගුරුත්වාකර්ෂණය උපයෝගී වන ලෙස ඉරියව්වල තබා පෙනහලූවල සෙම තිඛෙන තැන අනුව එම ස්ථානයට අතින් තට්ටු කර සෙම ඉවත් කිරීමයි. රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිඛෙන ස්ථානය අනුව වෙනස් වේ. මෙම ප්‍රතිකාරයට පෙර සමහර රෝගීන්ට වතුර වාෂ්ප අඝ්‍රාණයද අත්‍යවශ්‍ය වේ.
හුස්ම ගැනීමේ ව්‍යායාම – බොහෝ දෙනෙක් අතර බහුලව දක්නට ලැඛෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් පාලනය කර ගත හැක. ඔවුන් සඳහා හුස්ම පිට කිරීමේ ව්‍යායාම වැදගත් වේ.
හුස්ම පිටකරන වේගය මනින උපකරණ උපයෝගී කරගෙන දල මිනුමක් ලබාගනිමින් හුස්ම ගැනීමේ ව්‍යායාම වෙනස් කරමින් සිදුකළ යුතු වේ. පෙනහලූවල ඇති එක් එක් කණ්ඩිකා පිම්ඛෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞත චිකිත්සකවරු අතින් සිදුවේ. සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර සමහර රෝග සඳහා කෙටි හුස්ම ගත යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇත . ශ්වාස නාලිකා සිහින් වී ඇති අවස්ථාවල හුස්ම පිට කිරීම රෝගියාට අපහසුය. එවිට රෝගියාගේ ඇතුළත කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවී ශ්වසන වේගය වැඩි වේ. රෝගියාගේ පපු කූඩුව ඇතුළට තෙරපීම මගින් පෙනහලූවල ඇති වැඩි කාබන්ඩයොක්සයිඩ් පිට කළ හැක. තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කිහිපයක්ද භෞත චිකිත්සාවේදී උගන්වනු ලැබේ. භෞත චිකිත්සක ප්‍රතිකාර කෑමට පෙර කල යුතුය. නැතහොත් වමනය ඇති විය හැකිය.
කුඩා දරුවන්ට අධික ලෙස සෙම ඇති විටදී ඒවා ඉවත් කිරීමට කැස්ස ඇති කිරීම – ඒ සඳහා උත්තේජන ක්‍රම තිබේ. දරුවාට කැස්සක් ඇති වූ විට කලබල නොවිය යුතුය. එය ශරීරයේ ඇති මහගු ප්‍රතික්‍රියාවකි. එමගින් පෙනහලූවල ආරකෂාව සැලසෙන බව සිහි තබා ගත යුතුය. බොහොමයක් දෙමාපියන්ගේ මතය වන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා රෝගී තත්ත්වය අඩු නොවන බවයි. දරුවා කැස්සත් සමග සෙම ගිල දැමූ විට ඒවා ආමාශයට ගොස් මල සමග පිටවේ. ඒ නිසා කුඩා දරුවන් ඒවා ගිල දැම්මාට බිය විය යුතු නැත . දරුවා සෙම ශ්‍රාවයන් ගිල දමන නිසා ආමාශය ඒවායින් පිරී ගෙස් කෑම රුචිය අඩු වීයයි. තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැකිය.
කුඩා දරුවන්ගේ නහස් කුහර ශ්‍රාවයන්ගෙන් පිරී යා හැකිය. එවිට හුස්ම ගැනීමට මුඛය විවෘත කරයි. එවිටද දරුවා කිරි උරා බීම ප්‍රතිෙකෂ්ප කරයි. මෙවැනි අවස්ථාවලදී සක්ෂන් උපකරණයක් මගින් සෙම ශ්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරුවී යයි.
කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.