- Advertisement -

අලුත් අවුරුද්දක් ඇවිත්

-

කැලැන්ඩරයේ කොළ ගිලිහී තවත් අලුත් අවුරුද්දක් ලබන විට ඒ ගැන දෙයාකාරයකින් හිතන අය ඉන්නවා. සමහර අය කියන්නේ ඔව් ඉතින් …අවුරුද්දක් කියන්නේ අපේ වයස ගෙවෙන එකනේ..තවත් අය හිතන්නේ අවුරුද්දක් ගෙවුනා..තව අවුරුද්දක් ආවා..ඒක සාමාන්‍ය දෙයක් …ඒත් අලුත් අවුරුද්දට අපි අලුත් විදිහට අපේ ජීවිතය හැඩගසා ගන්න උවමනායි.. මේ කථාන්දර දෙකම ඇත්ත. ඒ වුනත් අනේ ඉතින් අපි මැරෙන මිනිස්සු නේද කියල සෘන විදිහට හිතනවාට වඩා ජීවත්ව ඉන්නා තෙක් හොදින් ඉන්න පුලුවන් නම් මොනතරම් අගෙයිද.. ඒ තැනට පත් වෙන්න අපිට බැරි කමක් නැහැ. කෙනෙකුට එහෙම හිතන්න අපහසු වුනත් ඔන්න එළැඹෙන වසරේදීවත් මේ ගැන හිතන්න…

ගෙවුන වසර ආවර්ජනය කරන්න

වසරක් ගෙවුන විට ඔබ නැවත ගෙවුන වසර ගැන ආපසු හැරී බලන්න. බොහොම දෙනෙක් කියන්නේ අතීතය ගැන හිතල වැඩක් නැහැ කියල වුනත් අපි මෙතැනදී ගතවුන කාලය ගැන හිතන්නේ වෙන කිසිම දෙයක් නිසා නොවෙයි..අනාගතය අපිට අවශ්‍ය විදිහට හැඩගසා ගැනීමට බව අමතක කරන්න එපා…සමහර විට ගතවුන වසරේදී ඔබේ ඉටු නොවුන බලාපොරොත්තු ඇති. ඒ නිසා ලබන්නා වූ වසර තුළ ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර ගන්න.

- Advertisement -
සැලසුම් සහගත වෙන්න

සැලසුමක් නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැහැ අවුරුද්දක් කියන්නේ අසුරු සැනින් ගෙවෙන කාලයක්. මේ කෙටි කාලයට අනුව ඔබේ අපේක්ෂාවන් ගලපා ගැනීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් ඔබ සැලසුම කාලරාමුව සමග ගලපන්න.උදාහරණයක් විදිහට පවුලේ දරුවෙක් විභාගයට සූදානම් වෙන බව හිතන්න. ඒ වෙනුවෙන් වූ කාලය ගැන දැනටමත් ඔබ දන්නවා ඒ නිසා දරුවාට අවශ්‍ය අතිරේක පංති, පොත් පත්, පසුගිය විබාග ප්‍රශ්න පත්‍ර ආදිය ලබා දිය යුතු කාලය ගැන සැලසුම් ගොඩ නගනන්. දෙසැම්බර් මාසයේ විභාගය ලියන දරුවාට අවශ්‍ය පොත් පත් නොවැම්බර් අවසානයේදී නොව ජනවාරියේදී ලබා දෙන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලබා දිය යුත්තේ ජනවාරියේදී නොව නොවැම්බර් මාසයේදී බව හිතන්න. මේ අන්දමින් කාලයට අනුව ඔබේ අවශ්‍යතාවයන් ගලපා දෙන්න.

සමාජශීලිත්වය

රටේ ලෝකයේ ජීවත්වෙන විට ඔබ මාවත් මගේ පවුලත් රැකුනොත්යන සංකල්පයෙන් මිදෙන්න. අසල්වැසියාගේ මෙන්ම නෑ හිතමිතුරන්ගේ දාන, මගුල් වැනි දේ ගැන දැනටමත් දැණුම් දීමක් ලැබී තිබෙන්නනට පුලුවන්. ඊට අමතරව අවමංගල්‍යන් ගැන අනපේක්ෂිතවත් පණිවිඩ ලැබේවි. මේ සියල්ලටම ඔබ සහභාගී වීම අවශ්‍ය වෙනවා. අනේ නිවාඩු තිබුනේ නැහැ…කියනවාට වඩා වසර මුලදීම ඔබේ දිනපොතේ මේ ගැන සටහන් තබා ගන්න. එවිට කිසිම ගැටළුවක් නැතුව ඔබට මේ අවස්තාවන් වෙනුවෙන් සහබාගී වීමට පුලුවන්කම ලැබෙනවා විතරක් නොවෙයි, සුහදතාවය ගොඩ නනගා ගැනීමටත් අපහසුවක් නැහැ.

විනෝදංශයක් වෙනුවෙන් කාලය යොදවන්න

බොහෝ දෙනා කියන්නේ ජීවිතය හරිම වෙහෙසකර බවයි. මේ වෙහෙසකර සිතුවිලි නිසා ඔබ නොදැනීම සිරුරෙන් වෙහෙසකර හෝර්මෝන නිදහස් වීමත් සමග විවිධ ශාරිරික හා මානසික රෝගාබාධයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ජීවිතයට මොනයම් හෝ විනෝදාංශයක් තෝරා ගන්න. ඒ වෙනුවෙන් මුදල් වැය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය වන්නේ ඔබ කරන දෙය විනෝදයක් විදිහට සිතීම පමණයි. බොහෝ උදවිය මල් වැවීම, සතුන් ඇති කිරීම, ඉවුම් පිහුම්, අත්කම් වැනි කටයුතුවල යෙදෙන්නේ විනෝදාංශයක් විිහටයි. මේ නිසා නිවස ලස්සනට , පිලිවෙලට තබා ගැනීමට වගේම අතිරේක ආදායමක් ලැබීමටත් පුලුවනි.

නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න

මව් දෙමව්පියන් විදිහට ඔබට වගේම පවුලේ දරු මල්ලන්ටත් නිවාඩුවක් අවහ්‍ය වෙනවා. අද කාලයේ ජීවිතය හරිම එකාකාරයි. මේ රටාවෙන් අපි මදකට හෝ මිදෙන්න අවශ්‍යි. අපේ ජීවිතය අලුත් වෙන්නේ එවිටයි. මේ නිසාම ඔබ කෙසේ හෝ නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න. අපි පුරුදුව ඉන්නේ වැඩ..වැඩ දින.තුන්සිය  හැටපහත් මදි…එහෙම නැත්නම් අනේ අපිට හුස්ම ගනන්වත් වෙලාවක් නැහැ කියන කටපාඩම් වුන වාක්‍ය කීපයක් පමණයි. එයින් මිදී නිවාඩුවක් වෙනුවෙන් කාලය තෝරා ගන්න.අඩුම වශයෙන් මුහුදු රැළ බලන්න, සත්තු වත්තට හෝ යෑමට දිනයක් ඉදිරි කැලැන්ඩරයෙන් අදම වෙන් කර ගන්න. දරුවන්ගේ අතිරේක පංති, ඔබේ කාර්යාලයේ වැඩ කටයුතු වැනි දේ සමග මනා ගැලපීමකින් පසුව මේ දිනයන් කල් තබාම වෙන් කර ගත හැකියි.

ව්‍යායාමවලත් යෙදෙන්න

අපි මේ දවසේ කරන වැඩ කටයුතු හොදටෝම ඇති කිව්වත් අපි අද දවසේ කරන වැඩකටයුතු වලින් සිරුරට කිසිම ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ.සිරුරෙන් දහඩිය වැටෙන කටයුතු වලින් සිදු වෙන යහපත් රුධිර සංසරණය නිසා මොළයට ඉතා හොදින් ඔක්සිජන් ලැබෙනවා.එය මානසික සෞඛ්‍යයට හේතුනක්. අද බොහෝ දෙනාට තිබෙන්නේ හිතේ ලෙඩ. හිත ගිලන් වුන අයට වඩාත් හොඳ මානසික ‍සෞඛ්‍යක්ලබා ගැනීමට ව්‍යායාම වඩාත් ඵලදායක විදිහට යොදා ගැනීමට පුලුවන්.

ආගමික කටයුතුවලටත් යොමු වෙන්න

ඉස්සර කාලයේ උදවිය සඳහන් කල අන්දමටම ආගමික කටයුතුවල නිරත වුනාම මෙලොව පරලොව දෙලොව වැඩ සිද්ධ වෙනවා. අද බොහෝ දෙනාගේ සිතුවිලි ඉතාම අයහපත් විදිහට ක්‍රියා කරන්නේ ආගමික කටයුතුවල නිරත නොවන නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඔබ කුමන ආගමක වුනත් තම ආගමට අදාලව වත් පිළිවෙත්වල යෙදෙන්න. ප්‍රායෝගිකව විවිධ ආගමික කටයුතුවල දරුවන් සමග සම්බන්ධ කරන්න.

කනස්සල්ලෙන් මිදෙන්න

අපි කිසිම කෙනෙකුට අවශ්‍ය සියලුම දේ ජීවිතයේදී ලැබෙන්නේ නැත.නොලැබුන දෙයට වඩා ලැබුන දේ ගැන තෘප්තිමත් වෙන්න..මිරිවැඩි සගලක් ඉල්ලා ඇඬුවෙමි….පා යුග නැති ඔහු දකින තුරා යනුවෙන් නොලැබෙන දෙයට වඩා තමාගේ තරමට තමා ලද දේ ගැන සෑහීමෙන් හිතන්න. අනුන් කරන දෙය නොව ඔබට හැකි දේ කරන්න. එවිට කනස්සලක් කිසිම දවසක ඇති නොවෙන්නට තම් ඔබේ ජීවිතය වාසනාවන්ත වේ.

සුබවාදීව සිතන්න

වසරක් ගෙවී තවත් වසරක් එලැඹීම අපට වලක්වා ගත නොහැකියි. ඒ නිසා අනේ අපේ ජීවිතය එන්න එන්නම කෙටි වෙනවා යැයි නොසිතන්න. එය අපිට පාලනය කළ නොහැකි හේතුවකි. ඒත් ඉන්නා කෙටි කාලය ඉතාම ඵලදායක ලෙසින් යොදවා ගැනීම එතරම් අපහසු නැත.නැපෝලියන් බොනපාට් සදහන් කළ අන්දමට නැහැ…බැහැ…යන්න ඔබේ ජීවිතයෙන් ඉවත් කරන්න. ඔව්..එය මට කළ හැකියි…සිතන්න. සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් වන්නේත් නැත. ඒ අනුව යමින් කටයුතු කරන්න එළැඹෙන හැම දවසක්ම ඉතාම හොදින් ගෙවුන බවට සහතිකයක් ඇත්තේ නම් ඔබ ජීවිතය දිනුවා වෙනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article