කොන්කිරීම්, කායික හින්සනයන් සාර්ථක හික්මීමකට විද්වතුන් නිර්දේශ නොකිරීම දෙමාපියන්ට පැනයකි. හේතුව නම් ඒවා දරුවා ස්වයං-හික්මුනු හා වගකිවයුතු පුද්ගලයන් කිරීමෙන් වලකන නිසාය.
දරුවන් තමන් විසින්ම හික්මීමට ඉගෙන ගන්නේ කෙසේද? දරුවන් තමා ජීවත් වන ආකාරයෙන් නොයෙක් දේ ඉගෙන ගනී. හොඳම හා කාර්යක්ශම ම ක්‍රමය නම් ආදරය හා තේරුම්ගැනීම වඩන ක්‍රියා කිරීමයි. කෑ මොර දීම්, ගැසීම් වැනි දෙයින් උගන්වන්නේ හින්සනයයි.
සාම්ප්‍රදායික කොන් කිරීම් දරුවාට තම හැඟීම් පාලනය කරන්නේ කෙසේද යන්න පහදන්නේ නැත. දරුවාගේ හැසිරීමට තහංචි නොදැමිය යුතුයි යන්න මෙයින් නොකියවෙයි. “ගුටි ඇනගන්න එපා, පාරේ දුවන්න එපා, නංගීට හිරිහැර කරන්න එපා” වැනි දේ දඬුවම් නොවන අතර සරල තහංචි වේ.
හැසිරීම් පර්යේෂණ අනුව දඬුවම අවක්‍රියා දිරිගන්වයි. මෙය දරුවන් තරහගන්වන අතර, රංඩු සරුවල් වීමේ ප්‍රතිචාර බලගන්වයි. මෙවා සිතීමේ ශක්තිය හා සාමූහික චින්තනය කප්පාදු කරයි. දඬුවමකදී දරුවා අකටයුත්ත අමතක කරන අතර ඉදිරියට මුහුන දිය යුතු තත්වයන් සිතයි. ඔවුන් තම වැරැද්ද වැසීමට බොරු කීමට පුරුදු වෙයි. තවද, දඬුවම දරුවා හා දෙමාපියන් අතර සම්බන්දය බිඳ හෙලයි. එය දරුවාගේ IQ මට්ටම පහත හෙලීමට හේතු වේ; ඒ මන්දයත් ඔවුන් නිදහසේ නොසිතන නිසාය. වටිනාම කාරනාව නම් දඬුවම වගකිවයුතු, සාමකාමී දරුවෙක් වැදීමට හොඳම ක්‍රමය නොවේ.
දරුවන්ට පාඩම් අභ්‍යන්තරීකරණය විය යුතු නම් ඔවුන් දෙමාපියන් සමඟ සම්බන්ධ විය යුතුය. හැඟීම්මත පදනම් වූ ස්වයං-නියාමනයක් ඇතිකරගන්නා දෙමාපියන් දරුවාට තම හැසිරීම් පාලනය කිරීමට කියාදෙයි.
එසේනම්, ශික්ශාමය ක්‍රම පිලි නොපැද දරුවා මෙහෙයවන්නේ කෙසේද?
- හැඟීම් නියාමනය කරන්න
දෙමාපියන් තම හැඟීම් පාලනය කරගත් විට දරුවාද එසේ කරයි. දෙමාපියන් දරුවන්ට සුවිශේෂ චරිත වේ. දරුවාගේ ක්‍රියාකලාපය දෙමාපියන් අපහසුතාවයට පත්කරයි නම් ඔවුන් එයට ප්‍රතිචාර නොදක්වා මඳක් සිටිනු ඇත. මෙසේ ආවේගය පාලනය කරගන්න. ප්‍රතික්‍රියා නොකරන්න. ක්‍රියා කරන්න!
- හැඟීම්වලට ගරු කරන්න
දරුවා ගුටි-ගැසීමේ ආවේගවලින් හෙම්බත් වුනු විට ඉගෙනගත නොහැක. අවවාද දීමෙන් වැලකී දරුවා සමඟ සිට යථා තත්වයට පත්වීමට හරින්න. දරුවාට තම හැඟීම් වැඩිහිටියෙකුට කීමට ඇති විට ඔහු/ඇය ස්වයං-සැනසීමකට ලක්වී ක්‍රමයෙන් තම හැඟීම පාලනය කිරීමට ඉගෙනගනු ඇත. තමන් දරුවාට යථා තත්වයට පත්වීමට ඉඩදෙන්නේ මන්ද යන්න නොකිව යුතුය. පසුව දරුවා දෙමාපියන් හා විවෘතව කතා කරනු ඇත.
- දරුවා ඉගෙන ගන්නේ කෙසේද යන්න සිතන්න
දරුවා තම හිස පීරීමට, දත් මැදීමට ඉගෙනගන්නේ කෙසේද යයි සිතන්න. දෙමාපියන් මුලදී එය කර පෙන්වා විනෝදාත්මක ආකාරයට පවසයි. ක්‍රමිකව, එය අත මත අත තබා දත් මැදීමටද, පසුව තනිව දත් මැදීමටද පුරුදු වේ. අන් සෑම දැයම මෙසේ ඉගෙනගනී. එතිනෙදා කරන ක්‍රියා දරුවාට ඉගෙනීමට ඉඩ-හසර ලබා දෙයි.
- හැදීමට පෙර බැඳීම
දරුවා හැදීමට පෙර දරුවා සම්ඟ සම්බන්ධ වන්නට පටන්ගන්න. දරුවන් අව-හැසිරීම් පෙන්වන්නේ ඔවුන් දෙමාපියන්ගෙන් වෙන්වූ විට හෝ තමන් පිලිබඳවම වැරදියට හිතූ විටය.
ඔවුන්ගේ ඇස් මට්ටමට ගොස් දුකෙන් සිටීමට හේතුව අසන්න.
වඩාගෙන ඔවුන්ගේ ගැටළුව නැවත අසන්න
දරුවාගේ ඇස් දෙස ආදරයෙන් බලන්න.
- සීමා පැනවීමේදී කාරුනික වන්න.
දරුවාගේ පාර්ශ්වයෙන් සිතා සීමා හෝ නීති පනවන්න. එවිට ඔවුන් ඒවා පිලිපදිනු ඇත. උදහරණ ලෙස, “ඔබට ක්‍රීඩා කල යුතු බව මා දනී. නමුත් දැන් නිදා ගන්න වේලාවයි. එනිසා හෙට සෙල්ලම් කරමු”
- සියලු අවක්‍රියා යම් අවශ්‍යතාවයක පෙන්නුම් කිරීමකි
දරුවෙක් “නරක” යයි කීම අමිහිරි වුවද එසේ වීමට හේතු ඇත. අව-හැසිරීම ඉවත්කිරීමට දෙමාපියන් දරුවාගේ අවශ්‍යතා හඳුනා ගත යුතුය.
- “ඔව්” කියන්න
ඉල්ලීමක් කාරුණිකව කල විට එය ඉටුවීමට ඇති ඉඩ වැඩිය. සීමා පැනවීමේදී බැහැ වෙනුවට ඔව් කියන්නට පුරුදු වෙන්න. දරුවා එවිට ප්‍රතිචාර දක්වනු ඇත.
- දරුවා සමග හුදෙකලාවී සිටින්න.
දුරකතන, රූපවාහිනී, පරිගනක වැනි වික්ෂේපයන්ගෙන් ඈත්ව නිදහසේ දරුවා සමග සිටිමට පුරුදු වන්න. එය විනාඩි 20ක ක්‍රීඩා කාලයක්, කියවීම් කාලයක් විය හැක. මෙමඟින් දරුවා දෙමාපියන්ට වඩාත් සමීප වන අතර එවිට ඔහු/ඇය ඔබට විවෘතව අදහස් දක්වනු ඇත. දරුවා සම්ඟ වර්තමානයේ ජීවත් වන්න. දරුවාගේ ජීවිතයේ වඩාත් ක්‍රියාකරී පුද්ගලයා මත ඔහු රඳා පවතිනු ඇත.
- සමාවී ඉගෙනගන්න
සෑමවිටම සාර්ථක දෙමාපියන් වීමට නොහැක. දෙමාපියන්ද වැරදි කරයි. එවායින් ඉගෙනගෙන ඉදිරියට යන්න.
- කායික ස්පර්ශය ලබාදෙන්න
වැලඳගැනීම් බැඳීම්, උනුසුම හා ආරක්ෂාව ගොඩනැගීමේ ප්‍රබල ක්‍රමයකි.