- Advertisement -

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද?

-

ඔබගේ දරුවා පාසල් යාමට මැලි කමක් දක්වනවාද? එසේත් නැත්නම් ප්‍රතික්ශේප කරනවාද?

“මට අද ඉස්කෝලේ යන්න බෑ, මට ඉස්කොලේ පේන්න බෑ” යනුවෙන් ඔබේ දරුවා පැවසූ විටකදී, ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?
බොහෝ දෙමාපියන් මෙවන් තත්ත්වයකදී ඉමහත් පසුතැවීමටකත්, අපහසුතාවයකටත් පත් වන්නේ තම දරුවාව ලෑස්ති කොට පාසල් යැවීම තමන් සතු බලවත් වගකීමක් වන නිසාවෙනි. සත්‍ය වශයෙන්ම මෙම අරගලය, කෙසේ හෝ ජයග්‍රහණය කල යුතු අභියෝගයක් බවට පත් වේ. මදක් සිතා බලන්න. මෙවැනි අවස්ථාවල ආවේගශීලිව හෝ කලහකාරිව ප්‍රතික්‍රියා කරනවාට වඩා සංයමයෙන් හා බුද්ධිමත්ව දරුවා සමඟ කටයුතු කිරීම ඔහුව/ඇයව නිසි මාර්ගය කරා යොමු කිරීම සඳහා උපකාරි වේ.

- Advertisement -

මෙවැනි නොසන්සුන්කාරි අවස්ථාවල බොහෝ දෙමාපියන් බලහත්කාරයෙන් දරුවාගේ අතින් ඇද ඔහුව කාරය වෙත රැගෙන යයි. දෙමාපියන්ට දරුවාව පාසල තුලට පවා රැගෙන යාමට සිදුවන්නේ අරගල, හඬා වැලපීම් මධ්‍යයේ වඩා ගෙනය. රැකියාවට නියමිත වේලාවට සිටිය යූතු හෙයින් දරුවාව මෙසේ පාසල වෙත භාර දුන් පසු කරදර සියල්ල නිමා වී ඇති බව ඔවුන්ට සිතෙන්නට පුළුවන. නමුත් ප්‍රශ්නයේ බරපතල බව කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට ඔවුන් අරගල කෙරෙහි ශරීර ශක්තිය වැය කිරීම නිෂ්ඵල දෙයකි. දරුවාට අරගල වලට මැදිහත් වීම තුලින් කිසිදු පාඩමක් ඉගෙන ගත නොහැකි බවත්, ඒයින් සිදුවන්නේ තත්ත්වය තවත් උත්සන්න වීමත් බව දෙමාපියන් ලෙස ඔබ මතක තබා ගත යුතු කරුණකි.

සමහර දෙමාපියන් දරුවන්ගේ මෙම කලහකාරි, ප්‍රචණ්ඩ හැසිරීමෙන් වෙහසට පත්ව දරුවාගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිදු උනන්දුවක් නොගනී. ඉවසීමේ සීමාව ඉක්මවූ පසු දෙමාපියන් තම දරුවාගේ අධ්‍යාපනය අත් හිටුවන තත්ත්වයකට වුවද පැමිණේ.

තම දරුවා පාසල් යාමට මැලි කමක් දැක්වූ විට ඊට ප්‍රතිචාරයක් වශයෙන් නව යොවුන් වියේ පසුවන අකීකරු දරුවන්ගේ දෙමාපියන් විටෙක කෑමොර දෙමින් ඔවුන්ට බැණ වදී. ඔවුන්ට සෙල්ලම් කිරීම හෝ තමන් කැමති විනෝදජනක ක්‍රීඩා වල නිරත වීමේ තහංචි පනවයි. මෙයින් දෙමාපියන් අපේක්ෂා කරන්නේ දරුවාට පාසල් යාමේ ඇති වැදගත්කමත්, හොඳින් ඉගෙන ගැනීමේ වගකීමත් පහදා දීමය. එකෙත් මෙහි ප්‍රතිවිපාකය වන්නේ දරුවා තුල ඍණාත්මක ආකල්ප හටගැනීමය. එනම් තමාට තවත් නැති වීමට දෙයක් නැති නිසා මට ඕනෑම දෙයක් කල හැකියි යන ප්‍රචණ්ඩකාරි සිතුවිලි දරුවා තුල හට ගන්නට ඉඩක් ඇත.
එබැවින් ප්‍රශ්නයේ බරපතල බව තේරුම් ගෙන එයින් දරුවාව ගලවාගෙන නිවැරදි මග කරා යොමු කිරීම දෙමාපියන්ගේ වගකීමයි.

දරුවා පාසල් යාම ප්‍රතික්ෂේප කිරීමට හේතු සොයා බලන්න.

ළමා මනෝවිද්‍යාවේ ප්‍රවීණයන්ට අනුව, පාසල් යාම ප්‍රතික්ෂේප කරන ළමයින් කාණ්ඩ 4කට බෙදිය හැක.

-සම වයසේ දරුවන් සමඟ එකට එක්වී කටයුතු කල නොහැකි දරුවන් හා කිසියම් දෙයක් සම්බන්ධයෙන් දිගු කාලින හා කෙටි කාලිනව යම් බියකින් පසුවන දරුවන්.

-පාසලේ වැඩ කටයුතු වල මන්දගාමි වර්ධයක් පෙන්නුම් කරන දරුවන්.

-නීති අනුගමනය කිරීමට හා එක් පාලකයෙකු යටතේ (පාසලේ නම්, විදුහල්පති හෝ ගුරුවරයා) කීකරුව හැසිරීමට අපහසුතා ඇති දරුවන්.

-වෙන් වීමෙන් අතිවුණු මානසික අසහනය, විභාග යනාදිය නිසා හට ගන්නා ආතතිය දරුවන් පාසල් යාම ප්‍රතික්ෂේප කරයි.

ඔබගේ දරුවා මානසික ආතතියෙන් පීඩා විඳින බව දැන ගත් වහාම හැකි ඉක්මණින් මනෝ වෛද්‍යවරයෙකුගේ හෝ වෛද්‍ය උපදේශකයෙකුගේ සහාය පතන්න.

දරුවා මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන බව දැන ගත් විට දෙමාපියන් කිසිම හෙයකින් කලබලයට පත් විය යුතු නැත. මෙහිදී ප්‍රශ්නයට අවධානය යොමු කර ඒ සඳහා දිගු කාලීන විසඳුමක් සොයා ගැනීම අනිවාර්ය වේ. යහපත් හැසිරීම් රටාවක් සඳහා දරුවා තුල ධනාත්මක චින්තන හා ආකල්ප ඇති කිරීම මීට උදාහරණයකි. දෙමාපියන් මතක තබා ගත යුතු තවත් කරුණක් නම් දරුවන්ගේ සමාජ හා අධ්‍යාපනික ගැටලු නිරාකරණය කිරීම සඳහා විසඳුම් පවතින බවයි. එම ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබා ගැනීමට දරුවාට ඉඩ දෙන්න. ඔහුගේ උත්සාහයෙන් හා නිර්භයව ඊට මුහුණ දීමෙන් තමාට තමාව වෙනස් කල හැකි බව පහදා දෙන්න.

බුද්ධිමත් හා කාර්යක්ෂම ලෙස මෙයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

මෙම බල අරගලය දරු-දෙමාපිය දෙපාර්ශවයම ඍණාත්මක චක්‍රයකට ඇද දමයි. නිතරම කෑ කෝ ගැසීමෙන්, රණ්ඩු කිරීමෙන්, හඬා වැලපීමෙන් සිදුවන්නේ ඔබ දෙපල නිකරුණේ වෙහෙසීමයි. ආවේග හා ආතතිය පසෙක ලා ඔබගේ ඉදිරි වගකීම් හා විසඳුම් ගැන ක්‍රමවත් ලෙස සිතන්න. දරුවාට මෙන්ම ඔබට මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා කල හැකි දෑ පිළිබඳ ක්‍රමවත් විශ්ලේෂණයක් කර විසඳුම් සොයා ගන්න.

මෙම තත්ත්වය වෙනස් කල හැකි ආකාරය.

1.ඔබගේ දරුවා මෙස පාසල් යාමට මැලි කමක් දැක්වීමට හේතුව සොයා බලන්න. බොහෝ අවස්ථාවන්හි දී ප්‍රශ්නය සමඟ නිසි ලෙස ගණුදෙණු නොකිරීම තත්ත්වය බරපතල වීමට හේතු වෙයි. දරුවා පාඩම් කෙරෙහි අවධානය යොමු නොකිරීම සැබෑ ප්‍රශ්නය නොවිය හැකි තර එය තමාට ගුරුවරයාගෙන් හෝ සම වයසේ තම මිතුරන්ගෙන් සහාය ලබා ගැනීමට ඇති මන්දගාමි බව විය හැකියි. දරුවා සමඟ කතා බස් කොට ප්‍රශ්නයේ නියම ස්වරූපය හඳුනා ගන්න. ඔහු/ඇය පාසලේදි මුහුණ දෙන අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් සරල ප්‍රශ්න විමසන්න. ඔබට ගුරුවරුන්ගෙන් හා උපකාරක මණ්ඩලයෙන් වැඩි දුර සහාය ලබා ගත හැක, මන්ද ඔවුන් ඔබේ දරුවා ඔබට නොපවසන දෑ පිළිබඳ දැන ගෙන සිටීමයි.

2.පාසල් හා නිවසේ මට්ටමින් විසඳුම් ක්‍රියාත්මක කරන්න. ඔබට මෙන්ම ගුරුවරයාටත් තම ශිෂ්‍යයා අධ්‍යාපනික හා පෞද්ගලික වශයෙන් නිවැරදි මඟට යොමු කිරීමේ පරම බලාපොරොත්තුව ඇති බව ඔබට වැටහේ. ‍ගුරුවරුන් හා කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ සම්බන්ධ වී ප්‍රශ්නය සඳහා ස්ථාවර විසඳුම් පිළිබඳ සාකච්ඡා කරන්න. සමහර දෙමාපියන් දරුවාගේ පාසලේ ගැටලු විසඳීමේ තනි වගකීම ගුරුවරයාට භාර දෙයි. පාසලේ කාර්ය මණ්ඩලයෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන සහාය දරුවාව මෙම අරගලයෙන් මුදවා ගැනීම සඳහා උපකාරි වෙයි. ගුරුවරුන් සමහර අවස්ථාවලදි මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඵලදායි යෝජනා ඉදිරිපත් කරයි. එම නිසා ගුරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අමතර සහාය මේ සඳහා ලබා ගැනීමට නොපැකිලෙන්න.

3.නමුත් මෙම තත්ත්වය වෙනස් විය හැකිය. දරුවන් හා ඔහුගේ ගුරුවරුන් සමඟ නිරන්තරව සන්නිවේදනය කිරීමෙන් ඔබට දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා ඔහුව නිවැරදි මගට යොමු කල යුතු ආකාරය පිළිබඳ අදහසක් ගත හැක. අභියෝග ජය ගැනීම සඳහා නිර්භීත බව හා ආත්ම විශ්වාසය අත්‍යවශ්‍ය ගුණාංග දෙකකි. දරුවෙකු තවත් දරුවෙකුට තරවටු හෝ අපහාස කල විට ඔහු ඊට ප්‍රචණ්ඩකාරිව හැසිරෙන්නේ නම් ඊට හේතුව ඒ දරුවා එවන් අවස්ථාවල කෙසේ කටයුතු කල යුතුද යන්න නිසි අවබෝධයක් නොමැති නිසාය. දරුවන් අතර භුමිකා නිරූපණය (role-playing) තුලින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වන අතර මෙම තත්ත්වය යම් දුරට පාලනය කල හැක.

4.ධනාත්මක පෙළඹවීම් හා දරුවාට ප්‍රශ්නයෙන් ගැලවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමෙන් මෙම අභියෝගය ජය ගත හැක. දරුවාගේ හැසිරීමේ සිදුවන කුඩා හෝ යහපත් වෙනසක් ඇත්නම් ඔබ එය හඳුනාගෙන ඔහුගේ ඒ ප්‍රයත්නය අගය කල යුතුය. ඔහුගේ අරගල වලින් හෝ හඬා වැලපීම් වල අඩුවක් ඇතොත් ඒ බව පවසා දරුවාව දිරිමත් කරන්න. ධනාත්මක පෙලඹවීම් වලින් සමන්විත වගකීමක් ඇති පාලන ක්‍රමයක් සකසන්න. උදහරණයක් ලෙස ” හැමදාම ඔයා මේ දේ කලොත් ඔයාට වැඩිපුර විනාඩි 15ක් ලැප්ටොප් එකේ ගේම් ගහන්න පුලුවන් වැනි ඔබ මේ දේ කලොත් මේ දේ ඔබට ලැබෙයි යන ධනාත්මක පෙළඹවීම් හා කොන්දේසි තුලින් දරුවා ඔවුන්ට අපහසු දේ කිරීමට වෑයමක් යොදයි.  මෙම ක්‍රමය ODD හා මානසික ආතතියෙන් පෙලෙන දරුවන් සඳහා යෝග්‍ය වේ. සතියක් නොකඩවා පාසල් ගියොත් සති අන්තයේදි ඔබට මේ දේ ලැබෙයි යන ප්‍රතිලාභ දරුවාට ලබා දීමෙන් මෙම අයහපත් හැසිරීමෙන් දරුවා ගලවා ගත හැක.

5.තත්ත්වය තුලනය කර, ප්‍රශ්න හඳුනාගෙන නිසි පියවර ගත යුතුය. සතියක් හෝ දෙකකට පසුවත් ඔබට දරුවාගේ ප්‍රචණ්ඩකාරි හැසිරීමේ වෙනසක් දක්නට නොලැබෙන්නේ නම් හෝ ඉහත සඳහන් කල පාලන ක්‍රමයන්ට දරුවා ධනාත්මක ලෙස ප්‍රතිචාර නොදක්වන්නේ නම්, විශේෂඥ මනෝ වෛද්‍ය උපදෙස් හෝ උපදේශකයෙක්ගේ සහාය පතන්න. රටේ, පලාතේ හෝ පාසලේ කට්ටි පැනීමේ නීති සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම අනිවාර්ය වේ. සමහර දෙමාපියෝ තම දරුවන් පාසල මඟ හැර කට්ටි පැනීම පිළිබඳ මහත් කනස්සලකින් පසු වෙති. නමුත් මෙය නිතරම පැන නඟින ප්‍රශ්නයක් නොවේ. ඔබට උසාවිය හා පාසලේ පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට දරුවාගේ පැමිණීම, උසාවියේ බාල වයස්කාර අපරාධ හා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙන දඬුවම් ගැන යම් දැනුවත්වීමක් ලබා ගත හැක.

පාසලට නොපැමිණෙන සිසුන්ගේ වාර්තාවක් හා එසේ නොපැමිණීමට හේතු දක්වා ඇති වාර්තාවක් තබා ගැනීමෙන් ඔබට දරුවන්ගේ හැසිරීම් රටාවේ වෙනස්කම් මැනවින් හඳුනා ගත හැක. එලෙසම දරුවා පාසලට නොයන සෑම දිනයකදීම (අසනීප වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා) ඒ පිළිබඳව පාසලට හේතුත් සමඟ දැනුම් දීම දෙමාපියන්ගේ වගකීමකි. දරුවාව ඔහුගේ වැරදිවලින් ආරක්ෂා කිරීම නුවණට හුරු නොවේ. දරුවාගේ හැසිරීම කෙරෙහි ඔබගේ ක්‍රියා කලාපය ඔබ අවංක, කැපවුණු , ක්‍රියාශීලි දෙමාපියෙක්ද යන්න තීරණය කරන බව මතක තබා ගන්න.  එය දරුවාගේ නීති උල්ලංඝනය කිරීම් වලින් ගැලවීමට උපකාරි නොවේ.

ඉහත සඳහන් කල සියලුම පියවර ජේම්ස් ලේමන්ගේ “විශේෂ අවධානය” Selective Attention යන සිද්ධාන්තය සමඟ අනුගත වේ. ඔබ යම් දේකට වැඩි අවධානයක් යොමු කරනවාද, එයින් ඔබට වැඩි ප්‍රතිලාභයක් හිමිවේ. මෙයින් අදහස් කරන්නේ දරුවන්ගේ යහපත් හැසිරීම් රටාවන් හඳුනාගෙන ඔවුන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම හා දරුවන් තුල ඇති අයහපත් හැසිරීම් රටාවන් සමඟ සාර්ථකව ගණුදෙනු කිරීම සඳහා ඔවුන්ව හුරු කරවීම කල යුතු බවයි.

ප්‍රවීණයන්ගේ අත්දැකීම් වලට අනුව සති ගණනාවක් දුෂ්කරතා සමඟ ගැටුණු ළමයින් විශ්වාස කල නොහැකි අන්දමට වෙනස් වී ඇත. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේ බාධක හා ප්‍රමාද වීම් පැවතුණි. ළමයින් ස්වභාවයෙන්ම ප්‍රතිරෝධි බවක් පෙන්නුම් කරත්, ක්‍රමක්‍රමයෙන් තම දෙමාපියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දී එය ජය ගත හැකිය. අවශ්‍ය නම් සමාජ සේවකයින්ගේ, පාසල් උපදේශකවරුන්ගේ හා මනෝ වෛද්‍යවරුන්ගේ සහාය ලබා ගන්නාට නොපැකිලෙන්න. ඔවුන්ගේ වටිනා අවවාද මෙම ගමනේදි ඔබට රුකුලක් වනු ඇත.  ස්වෝත්සාහයෙන් මෙම අරගලය ජයගන්නවාට වඩා ඔබට කණ්ඩායම් වශයෙන් එක්ව සමාජ සම්පත් පරිශීලනය කරමින් උපරිම ප්‍රතිඵල ලබා ගත හැක. එබැවින්, අන් අයගේ සහාය හා උපදෙස් පැතීමට බැගෑපත් නොවන්න. මන්ද, ඔබට ලැබෙන ඒ රුකුල දරුවාගේ ඉදිරි ගමන සඳහා මහඟු ලෙස වැදගත් විය හැකි බැවිනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article