- Advertisement -

දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි දරුවා ඇතිකරන අරගලය අවම කරගන්නේ කෙසේද?

-

රාත්‍රී නිදන ඇඳුම් ඇන්දවීමේදි, නෑවීමේදි හා වාහනයෙන් ගමනක් යෑමේදි දරුවා හා දෙමාපියන් අතර අරගල ඇතිවීම සාමාන්‍ය දෙයකි. මෙවැනි අවස්ථා දෙමාපියන්ව අපහසුතාවයට ලක් කරන අතර සමහර අවස්ථා වලදී ඔවුන් මෙම තත්ත්වයන් ඉදිරියේදි කෙසේ කටයුතු කල යුතුද යන්න පිළිබඳව නිසි අවබෝධයකින් පසු නොවේ. දරුවාට තමා විසින්ම , ස්වකැමැත්ත අනුව එම ක්‍රියාකාරකම් කිරීමට ඇල්මක් දැක්වීම මෙම මුරණ්ඩුකාරි හැසිරීමට හේතුවක් ලෙස දැක්විය හැකිය. “The Art of Empowered Parenting”  හි කතුවරයා වන මහාචාර්ය එරික් ඒ. ෆිශර් මහතා පවසන්නේ අවුරුදු 3, 4 වයසේ පසුවන දරුවන් ස්වෝත්සාහයෙන් ක්‍රියාකරම් වල නිරත වීමට පෙළඹීම නිසා මෙම දෛනික කටයුතු කලහකාරි අරගල බවට පත් වන බවය. නමුත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් කිසිසේත් කලබල විය යුතු නැත. දෛනික ක්‍රියාකාරකම් වලදී දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කල යුතු ආකාරය පිළිබඳ පිළිගත් ක්‍රම වේද ඔබට අනුගමනය කල හැක. මේ තුලින් අනවශ්‍ය ලෙස අරගලකාරි අවස්ථා ඇතිවීම වළක්වා ගත හැකි වේ.

දත් මැදීම.
දත් මැදීම යනු දරුවන්ට මෙන්ම දෙමාපියන්ට අත්විඳින්නට සිදුවන අරගලකාරි ක්‍රියාකාරකමකි. දරුවා විටෙක දත් මදින අතරතුර පිටතට දිව යන අතර මුව වසා දත් මැදීම ප්‍රතික්ෂේප කරයි. බලහත්කාරයෙන් දරු බුරුසුව දරුවාගේ මුව තුලට ඇතුල් කරනවා වෙනුවට ඔබට මෙවැනි අවස්ථාවකදී සංයමයෙන් දරුවාට සහනයක් සැලසෙන ලෙස කටයුතු කල යුතුය. චිකාගෝ හි Ann & Robert H. Lurie ළමා රෝහලේ, ළමා දන්ත වෛද්‍ය ග්‍රේස් යම් ට අනුව ඔබේ දරුවාගේ ප්‍රියතම කාටුන් චරිත ඇති හුරුබුහුටි , සුමුදු කෙඳි සහිත දත් බුරුසුවක් ගෙන විදුරුමස් වලට වේදනාවක් ගෙන නොදෙන අයුරින් ඉතා මෘදුව තම දරුවාගේ දත් දෙපල මැද්දවීම ඉතා සුදුසු ක්‍රමයකි. දරුවා දත් මදින අවස්ථා වලදී මුරණ්ඩුකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි ආකාර බොහෝමයක් ඇත. උදාහරණයක් ලෙස දරුවාගේ ප්‍රියතම දන්තාලේපයක් තෝරා ගැනීම, දරුවාට නෑමට පෙර හෝ පසුව දත් මැදිය යුතුද යන්න තීරණය කිරීමට සැලැස්වීම, මුව හොඳින් විවෘත කිරීම සඳහා දත් මදින අතර තුර දරුවාට ගීතයක් ගැයීමට පෙළඹවීම හා ඇයගේ/ඔහුගේ ප්‍රියතම බෝනික්කාගේ දත් දෙපල මැදීමට පැවසීම යන ක්‍රම වේද ගෙන දැක්විය හැක.

- Advertisement -

ඩයපරය මාරු කිරීම.
ඩයපරය මාරු කිරීමේදි දරුවා කෑමොරෙ දෙමින් හැසිරීම සාමාන්‍ය සිදුවීමකි. “If I Have To Tell You One More Time” හි කතුවරිය වන ඒමි මක්‍රේඩි ට අනුව සෙල්ලම් කරන අතර තුරදී බලහත්කාරයෙන් ඔහුව/ඇයව ගෙන ඩයපරය මාරු කරවීම දරුවාට එතරම් ප්‍රියජනක අත්දැකීමක් නොවේ. තව දුරටත් ඇය පවසන්නේ ඩයපරය මාරු කිරීමට අවශ්‍ය වූ විට දරුවාගේ අවධානය සෙමෙන් වෙනත් දෙයකට යොමු කොට (උදා – ගීතයක් ගායන කිරීමෙන් හෝ ඇයට ශරීරයේ අවයව නම් කිරීමේ කුඩා සෙල්ලමක නිරත වීමෙන්) දරුවාගේ ඩයපරය මාරු කරවීම ඉතා යෝග්‍ය බවයි. එසේම ඩයපරය මාරු කරන කාලය ඔබ දරුවාගේ දක්ෂතා පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ලෙස යොදා ගන්න. ඔබ ඩයපරය මාරු කරන වෙලෙහිදී, ඇයට/ඔහුට කලිසමේ පාදය එසවීමට, වෙල්ක්‍රෝ පටිය ඇලවීමට පුරුදු කරවන්න. බොහෝ දරුවන් මේසයට වඩා පොළොවේම ඩයපරය මාරු කිරීමට කැමැත්තක් දක්වයි.

නෑවීම.
සමහර දරුවන්ට නෑමට කැමැත්තක් නොදක්වති. මන්ද එය දරුවාට මෙන්ම දෙමාපියන්ට අරගලයක් වන හෙයිනි. මක්‍රේඩි මහත්මියට අනුව ඔබ වතුර බේසම පිරවීමේදි දරුවා කලබකාරි ලෙස හැසිරෙන්නේ නම් එයින් හැඟෙන්නේ ඔහු/ඇය වතුරට හෝ ඇස් තුලට සබන් යාම නිසා බියට පත් වන බවය. දෙමාපියන් ලෙස ඔබ එහිදි කල යුත්තේ දරුවා බියට පත්වන හේතු විමසා ඊට සරිලන ලෙස විසඳුම් ක්‍රියාත්මක කිරීමය. පිහිණුම් කණ්ණාඩියකින් දරුවාගේ ඇස් ආරක්ෂා කිරීමෙන් හා වතුර බේසමේ දරුවා කැමති සෙල්ලම් බඩුවක් පාවීමට සැලැස්වීමෙන් ඔබට දරුවා තුල වතුරට ඇති අනවශ්‍ය බිය පහ කල හැකිය. ජලයේ පාවෙන තාරාවන්, සෙල්ලම් බෝට්ටු, රබර් කතන්දර පොත් වැනි කෙලි බඩු වලින් ඔබට නාන කාලය දරුවාට දඬුවමක් වෙනුවට විනෝදජනක අත්දැකීමක් බවට පත් කල හැකිවේ.

රාත්‍රී කෑම මේසයේදි හැසිරීම.
බොහෝ කුඩා දරුවන් කෑම මේසයේදි හැසිරෙන්නේ දෙමාපියන්ට නොයෙකුත් අපහසුතා ඇතිවන පරිද්දෙනි. බත් කටවල් දෙකක් කා මේසයෙන් නැගිට යම් වේලාවක් සෙල්ලම් කොට නැවතත් කෑම පිඟානෙන් බත් කෑම අපට සාමාන්‍ය ජීවිතයේ දක්නට ලැබෙන සිදුවීමකි. වෛද්‍ය එරික් ෆිශර් මහතාට අනුව බොහෝ දරුවන්ව මුළුතැන්ගේ කෑම පිලියෙල කරන කර්තව්‍යය සඳහා ඔබට යොදා ගත හැකිය. එළවලු සේදීම, කුළුබඩු එකතු කිරීම, කෑම පිඟානේ පළමුවෙන් බෙදා ගත යුතු ආහාරය වැනි තීරණ දරුවාට ස්වාධීනව ගැනීමට ඉඩ දීම උදාහරණ ලෙස ගෙන දැක්විය හැකිය. කෑම කන වේලාවේදි රූපවාහිණිය අනිවාර්යයෙන් ක්‍රියා විරහිත කල යුතුය. වෛද්‍යවරයා වැඩි දුරටත් අවවාද කරන්නේ දෙමාපියන් ලෙස ඔබ අඩුම තරමේ විනාඩි 10ක් වත් එකට මේසයේ කෑම කෑමට උත්සාහ ගත යුතු බවය. ඊට හේතුව දරුවකුට සාමාන්‍යයෙන් එක දිගට බොහෝ කාලයක් එක තැන ඉඳගෙන සිටීම අසීරු කාර්යයක් වන හෙයිනි.

වාහනයෙන් ගමනක් යෑම.
වාහයනයෙන් යන කෙටි ගමනක් වුවද දරුවාට අසහනකාරි විය හැක. චිකාගෝ හි ලොයෝලා විශ්ව විද්‍යාලයේ ළමා විශේෂඥ වෛද්‍ය බ්‍රිජට් බොයිඩ් ට අනුව ගමන ආරම්භ කිරීමට ප්‍රථම නිසි ලෙස හැසිරෙන ලෙස අවවාද කිරීම මෙසේ දරුවා කලබලකාරි ලෙස හැසිරීම වළක්වා ගත හැකි එක් ක්‍රමයකි. ඔබට ගීතයක් ගයමින් දරුවාව උපක්‍රමශීලීව වාහනයේ අසුන වෙත රැගෙන යා හැකිය. තවද දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩුව රැගෙන යාමට අවසර දීම, ඔහු කැමති ගීත අසන්නට සැලැස්වීම, දරුවා සමඟ නිරන්තරයෙන් කතා බහෙහි නියැලීම වැනි ක්‍රියාකරකම් මඟින් පිටුපස අසුනේ සිටින දරුවාට වාහනයෙන් යන ගමන ඉතා විනෝදජනක අත්දැකීමක් පත් කල හැකි වේ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article