අලුත උපන් බිළිඳාගේ පලමු කොණ්ඩය, සිනහව, ග්‍රහණය කර ගැනීම, පෙරලීම හා මුවින් පිටවන පලමු වචනය මවගේ හා පියාගේ ජීවිතයට ප්‍රීතියක් එක් කරන අවස්ථාවන් වේ. දරුවාගේ සෑම ක්‍රියාකාරකමක්ම දෙමාපියන්ගේ මුවට සිනාවක් ගෙන දෙන්නේ රාත්‍රී නින්ද හා විවේකය නොබලා, තම ආදරණීය දරුවා වෙනුවෙන් ඔවුන් හෙලූ ඒ දහඩිය, මහන්සිය මදකට අමතක කරමිනි.
දෙමාපියන් තම දරුවන් ජීවිතයේ ඉලක්ක සපුරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටියි. ඇවිදීමේදි, කතා කිරීමේදි ඇතිවන ප්‍රමාද දෙමාපියන් කනස්සල්ලට පත් කිරීම සාධාරණය. මා දන්නා මිතුරන් කිහිප දෙනෙකු තම දරුවාගේ යම් ක්‍රියාකාරකම් වල ප්‍රමාද හේතුවෙන් මිත්‍යාවන් කෙරෙහි විශ්වාසය තබා විවිධ ආගමික වතාවත් වල නිරත වන අතර, ENT විශේෂඥයින් මුණ ගැසී තම දරුවාගේ කථනයේ හා අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට පියවර ගනියි.
භාෂා නිපුණතාවන් කෙරෙහි එකිනෙකට වෙනස් සිද්ධාන්ත 3ක් ළමා මනෝ වෛද්‍ය විද්‍යාවේ දක්වා ඇත. හැසිරීම් වලට අදාල දෘෂ්ටි කෝණයකින් බලන කල, භාෂා නිපුණත්වය දරුවා තුල ප්‍රගුණ වන්නේ “Operant Conditioning” නම් බාහිර උත්තේජකයකට අනුව දරුවාගේ හැසිරීම ධනාත්මහ හෝ ඍණාත්මක ලෙස වෙනස් වීමයි. එනම් දෙමාපියකු සිනහවකින්, බදා ගැනීමකින් හෝ කතා බස් කිරීමෙන් ලබා දෙන ප්‍රතිචාරය දරුවාගේ හැසිරීමේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා උත්තේජකයක් ලෙස කටයුතු කරන බවයි. භාෂාවේ උත්තේජක ලෙස වදන් හා ශබ්ධ කටයුතු කරයි. තවද, අනුකරණය කිරීම යන ක්‍රියාදාමයද දරුවාගේ භාෂාව ග්‍රහණය කර ගැණීමේ නිපුණතාවය වර්ධනය කිරීමට ඉවහල් වේ. රූපවාහිණියේ හෝ වැඩිහිටියන්ගේ කතා බස් වලට සවන් දීමෙන් ඔවුන් කතා කරන දේවල් පැවසීමට, ශබ්ද උච්චාරණය කිරීමට උත්සාහ ගැනීම, මීට කදිම උදාහරණයකි.
දෙවන සිද්ධාන්තය වන්නේ දේශවාදයින්ගේ දෘෂ්ටි කෝණයයි. ඔවුන්ගේ මතයට අනුව, දරුවාගේ මොළය තුල LAD (Language Acquisition Device) නම් භාෂා ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් ඇත. මේ තුලින් විවිධ වදන්, ව්‍යාකරණ රීති වලට අනුව සම්බන්ධ කිරීමටත්, තමා සතු වාග් මාලාවේ ප්‍රමාණය අනුව ඇසෙන වාක්‍යයන් හි තේරුම වටහා ගැනීමටත් දරුවාට හැකියාව ලැබේ.
ප්‍රසිද්ධ භාෂාවේදියකු මෙන්ම මනෝ වෛද්‍යවරයකු මේ සම්බන්ධව වාද කලේය. මෙහිදී ඔහු තෙවන සිද්ධාන්තයක් ඉදිරිපත් කල අතර එහිදි ඔහු බාහිර උත්තේජක හා අභ්‍යන්තර ව්‍යුහයේ ක්‍රියාකාරිතවයේ යන සාධක දෙකම දරුවාගේ භාෂා නිපුණත්වය කෙරෙහි බලපාන බව අවධාරණය කලේය. ඔහු පෙර ඉදිරිපත් කල සිද්ධාන්ත දෙකෙහිම වටිනාකම හා වැදගත්කම පැහැදිලි කරන ලදී.
හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැයි මට විටෙක සිතේ.
දෙමාපියන් ලෙස ඔබ දරුවාගේ භාෂා නිපුණතාවන් වර්ධනය කිරීමෙහි ලා වගකීමකින් කටයුතු කල යුතු වේ. මට ලඟකදී, තම ආච්චීගේ නිවසේ සිටින ගොළු පුද්ගලයෙකුගේ ශබ්ධ අනුකරණය කරන දරුවකු මුණ ගැසුණේය. මෙය වෙනත් සිද්ධියකි. කෙනෙක් ගැහැණු දරුවකු වූ අතර අනෙත් දරුවා පිරිමි දරුවෙකු විය. අවුරුදු 3 තෙක් කතා කිරීමේ අපහසුතා ඇති දරුවන් දෙදෙනෙකි.මෙම දරුවන්ගේ දෙමාපියන් දෙපළම ආගමික ආශිර්වාදය පතා විවිධ වතාවත් වල නිරත වූහ. මෙහිදී මට අවබෝධ වූයේ ඔවුන් පවුලේ එකම දරුවා වන බවත්, දෙමාපියන් වෙනම නිවසක වාසය කරන බවත්, දරු දෙදෙනාගේම පියා සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස කාර්යබහුල ජීවිත ගත කරන බවත්, මව්වරුන් දෙදෙනාම නිවසේ ගෘහණියකගේ වැඩ රාජකාරි වල නිරත වන බවත්ය. මව්වරුන්ට තම දිවා කාලයේදි දරුවා සමඟ කතා බහෙහි නියැලීමට තරම් විවේකයක් නැත. ඔවුන් දෙදෙනාම එතරම් සමාජශීලි නොවන අතර පාඩුවෙ තම ජීවිතය ගත කරන කාන්තාවෝ වෙති. එම නිසා මෙහිදී මා හට පැන නැඟුනු ප්‍රශ්නයක් වන්නේ උපතින්ම දරුවාගේ මොළයේ අභ්‍යන්තරව භාෂාව ග්‍රහණය කර ගැනීමේ පද්ධතියක් තිබුණත් එය භාවිතා කිරීමට ඔහුට/ඇයට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එහි ඇති ඵලය කුමක්ද යන්නයි.
මාගේ ඥාති පුතණුවන් ළඳරුවකු ව සිටියදි ඔහුව බලාගත්තේ එකල ගුරුවරියකව සිටි මාගේ මවය. ඇය ඉතා උනන්දුවෙන් තම මුණුබුරා සමඟ සංවාදයේ යෙදුනු සැටි මට තාමත් මතකයි. ඇයගේ වදන්වලට ප්‍රතිචාර දැක්වීමට තරම් දරුවාගේ භාෂා නිපුණත්වය වර්ධනය නොතිබුණත් දරුවා තම මිත්තණිය නැවතත් යම් දෙයක් පවසන තෙක් උද්යෝගයන් ඇය දෙස බලා සිටියේය. මුලදී මෙය අනර්ථ කාර්යයක් ලෙස පෙනුනත් පසුව දරුවා හැකි ලෙස සංවාදයේ යෙදෙන්නට පටන් ගත්තේය. මෙහිදී මා මගේ මවගේ උනන්දුව හා කැපවීම කෙරෙහි විස්මයට පත් විය. හරිහැටි කතා බස් කල නොහැකි කුඩා දරුවකු සමඟ සංවාදයේ යෙදීම නීරස දෙයක් ලෙස අපට දැනුනත් එය දරුවකුගේ භාෂා නිපුණත්වය වර්ධනය කිරීමෙහි ලා උපකාරි වේ.
සමහර අවස්ථාවන්හිදී, දරුවාගේ මානසික ආබාධ ඔහුගේ/ඇයගේ භාෂාමය හැකියාවන් වල වර්ධනය හීන කිරීමට බලපායි. ඔබ හැකි පමණ අලුත් වචන හා ශබ්ධ දරුවන්ට ඇස්සවීමට සැලැස්විය යුතුයි. එසේම ඔවුන්ට ඒවා උච්චාරණය කිරීමටද ඉඩ දිය යුතුයි. ඔබට දරුවා සමඟ සංවාදයේ යෙදිය නොහැකි නම ගීත ගායනා කිරීමෙන් හෝ පොතක් කියවීමෙන් ද මෙම අරමුණ සාක්ෂාත් කර ගත හැක.දරුවාගේ මුල් ළමා කාලයේදි භාෂා නිපුණතාවන් සීඝ්‍ර ලෙස වර්ධනය වේ. එමෙන්ම, මෙම අවධියේදි දරුවකුට මව් භාෂාවට අමතරව තවත් ද්විතියික භාෂාවක් ග්‍රහණය කර ගැනීමට තරම් හැකියාවක් පවතියි. මෙහිදි ඔබට භාෂාවේ ව්‍යාකරණ රීති දරුවාට උගන්වන්නට අවශ්‍ය නොවන අතර, ඔහු/ඇය භාවිතයෙන් හා ශ්‍රවණයෙන් භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට ඉගෙන ගනියි.
දෙමාපියන්ගේ හැසිරීම් රටාවන් හා ඔවුන්ගේ කුඩා කාලයේ වර්ධන රටාව දරුවාගේ ළමා කාලය හැඩගැස්වීමේහි ලා ඉමහත් ලෙස බලපායි. උදාහරණයක් ලෙස, ඔබ කුඩා කලදී එතරම් සමාජශීලි නොවන, නිශ්ශබ්ද දරුවකු ලෙස වැඩුනේ නම් ඔබගේ දරුවාද වැඩිය කතා බස් නොකරන, නිශ්ශබ්ද දරුවකු වන්නට පුලුවන. පැස්බරකු කවදාකවත් ගිරවකු මෙන් නාද කරන්නේ නැත. අප හැදෙන වැඩෙන පරිසරය අප ඉගෙන ගන්නා දේවල් හා හැසිරීම් රටාව කෙරෙහි ඍජු ලෙස බලපායි.
තම දරුවාගේ හැසිරීම් රටාවේ වෙනස්කම් හා වර්ධනය කෙරෙහි දෙමාපියන් ඉතා සංවේදි විය යුතුය. මන්ද භාෂාව ග්‍රහණය කරගැනීමේ හා කථන හැකියාවන්හි අඩු වර්ධනය මානසික අසහනයන් වල ප්‍රතිඵලයක් විය හැකි හෙයිනි. ඔබගේ දරුවාට දෙමාපිය රැකවරණය නිසි ලෙස නොලැබෙන්නේ නම් හෝ දරුවා නිවසේ අත් උදව්කරුන් සමඟ වැඩි කාලයක් ගත කරන්නේ නම් ඔබ මීටත් වඩා දරුවාගේ හැසිරීම් රටාවන් පිළිබඳ විමසිලිමත් විය යුතු වේ.
හැකි පමණින් සරල විසඳුමක් වෙත යන්න. ඕනෑවට වඩා කල්පනා කරමින් හෝ කනස්සල්ලට පත් වීමෙන් වලකින්න. මට හැඟෙන දෙයක් නම්, නූතන දෙමාපියන් සුලු දෙයක් ගැන වුවද ඕනෑවට වඩා වද වෙන බවය. ඔවුන්ට ඉන් සැනසීමක් ලැබෙනවා දැයි මට විටෙක සිතේ.
ළමයින් මල් වගේය. ප්‍රශ්නය ඇත්තේ බීජයේ නොව වැඩෙන පසෙහි බව ඔබ මතක තබා ගත යුතුය.