- Advertisement -

දරුවන්ගේ කකුල් බකල වීමට වගකිව යුත්තේ කවුද?

-

වෛද්‍ය විද්‍යාත්මකව ජිනු වේරම් ලෙස හැඳින්හෙවන කුඩා දරුවන්ගේ පාදවල දක්නට ලැබෙන බකල තත්ත්වය දෙමාපියන්ට මහත් මානසික අසහනයකි. අන්න ඒ නිසා මෙම ලිපිය හරහා පාදවල ඇති වන බකල තත්ත්වයට සිදු කළ හැකි  භෞතචිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳව මව්පියන් දැනුවත් කිරීමටයි මේ සූදානම. උපතින් බොහෝ දරුවන්ගේ පාද බකල ආකාරයක් කරන අතරම වයස අවුරුදු එකහමාර දෙක පමණ වන විට එය ක‍්‍රමක‍්‍රමයෙන් මගහැරී යයි. වසර දෙකක් යන තුරු එය මගහැරී යයි ද නැතිනම් ප‍්‍රතිකාර කළ යුතුද යන්න නිගමනය කළ නොහැක. නමුත් මුල් අවස්ථාවේදීම තත්ත්වය හ`දුනාගෙන ප‍්‍රතිකාර ආරම්භ කළ යුත්තේ වර්ධනයත් සමග මාංශ පේශි හා අස්ථි ඝන වීම නිසා ප‍්‍රතිකාර ප‍්‍රමාද කළහොත් දැඩි ආයාසයක් දැරිය යුතු බැවිනි.

බකල කකුල් ඇති වීමට හේතු

- Advertisement -
  • දරුවන් ස්වෝත්සහයෙන් නැ`ගී සිටීමට පෙර දෙමාපියන් විසින් දරුවන් නැ`ගිටුවා තැබීමට උත්සාහ දැරීම
  • දරුවන්ගේ අධි බර  තත්ත්වය නිසා සිරුරේ බර පාදවලින් දරා සිටීමට අපහසු වීම
  • ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය
  • මාංශ පේශිවල දුර්වලතා
  • දරුවකු  නිසි  වයසට  පෙර  සිටගන්නා විට
  • ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම
  • ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය

 

රතිකාර ඇරඹීමට පෙර තහවුරු කරගත යුතු මූලික තත්ත්වයන් වන්නේ

  •  ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය වැලඳී ඇත්දැයි යන්න
  • දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් තිබේද යන්න
  • සීරම් කැල්සියම් මට්ටම යන කරුණු පිළිබ`දවයි.

මෙම ප‍්‍රතිකාර ක‍්‍රමයේදී මූලික අවධානය යොමු වන්නේ විශේෂයෙන්ම පාදයේ Quadriceps පේශි ශක්තිමත් කිරීම සම්බන්ධවයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථි වෙත යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකර්මවලට අදාළ වන ව්‍යායාම ක‍්‍රම කිහිපයකි.ග‍්‍රෑම් 100ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වළලූ කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස් වීම ඒ අතරින් එක් ප‍්‍රතිකර්මයකි. පාදයේ මාංශ පේශි ශක්තිමත් වීම එමගින් සිදු වන අතරම අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථාතත්ත්වයට පත් වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදු කිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග‍්‍රෑම් 50කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථාතත්ත්වයට පත් වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතිය ග‍්‍රෑම් 50ක පමණ ප‍්‍රමාණවලින් වැඩි කිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීම ද සුදුසු ප‍්‍රතිකර්මයක් වේ. එහිදී ද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ.

ඊට අමතරව ට‍්‍රයිසිකල් පැද වීම, තරප්පු නැ`ගීම, දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඞ් ස්පලින්ට් (Mermaid splint) හෝ මිඩියල් ස්පිලින්ට් (Medial Splint) යෙදීම ද කළ හැකිය. දරුවා රාත‍්‍රියේ නිදාගත් අවස්ථාවේ පැය 5ක් 6ක් පමණ පතුරු තබා බැඳීම (පතුරු බැඳීමේදී තද වැඩි වුව හොත් රුධිර ගමනාමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැ වී, සීතල වී ඉදිමිය හැකි බැවින් ඒ පිළිබ`දව සැලකිලිමත් විය යුතුය.

ප‍්‍රතිකාර කරන අතරතුර දරුවාගේ වළලූ කර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර පරතරය තිබූ තත්ත්වයට වඩා ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වී ඇති බව තහවුරු වන්නේ නම් ආබාධය යහපත් තත්ත්වයට පත් වී ඇති බව නිවසේදීම ඔබට තහවුරු කරගත හැකිය.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article