- Advertisement -

ශිෂ්‍යත්වයට අනවශ්‍ය ලෙස දරුවන් වෙහෙස කරවන මව්වරුන් Writers Cramp ගැන දන්නවද?

-

ජනප්‍රිය පාසැලක්, අම්මලාගේ සිහිනයයි. ශිෂ්‍යත්වය, අම්මලාගේ විභාගයයි. නමුත් මේ ස`දහා මුහුණ දෙන්නේ මල් වැනි දරු පැටවුන්ය. දරාගත නොහැකි වැඩ ප‍්‍රමාණයක් හිස මත පැටවෙන මේ විභාගය දරුවන්ට නම් හිසරදයකි. අහස උසට නැගෙන මව්පියන්ගේ අසාවන්, බලාපොරොත්තු, ප‍්‍රාර්ථනා මැද අනේක වාරයක් දරුවන් වෙහෙසවෙයි. සෙල්ලම් ළමාවිය අමතක කොට තුන්වන ශ්‍රේණියේ සිට දරුවන් ශිෂ්‍යත්ව විභාගයට වෙහෙසිය යුතුමය.

අද දවසේ පවතින වේගවත් අධ්‍යාපනික රටාවට මල් වැනි දරුවන් බිලිවී හමාරයි. නමුත් දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුත්තේ ඔවුන්ට දරාගත හැකි සීමාවන් තුළයි. දරුවාට දරාගත නොහැකි තත්ත්වයකින් එය සිදු වුවහොත් ශාරීරික, මානසික හා චර්යාත්මක යන  ඕනෑම ආකාරයකින් ගැටලූ සහගත තත්ත්වයන් ඇති විය හැකියි. ඔබ කිසිසේත්ම නොසිතූ විශේෂ තත්ත්වයන් පිළිබ`ද අද දැනුවත් වෙමු. එනම් දරුවන්ගේ ලිවීම් රටාවන්, පෑන ඇල්ලීමේ ඉරියව්, හිඳගන්නා රටාව, හැසිරිම් රටා නිවැරදි නොවුණහොත් දරුවන්ට මුහුණපාන්නට සිදුවන අවාසනාවන්ත තත්ත්වයක් පිළිබ`දවයි.

- Advertisement -

ශිෂ්‍යත්ව විභාගයට මවගේ පෙරැුත්ත නොසලකා හැරීමට නොහැකි නිසාම ඒ වෙනුවෙන් අධික ලෙස වෙහෙස වුණු දියණියක් වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ස`දහා මා වෙත යොමු කෙරුණා. ඇයගේ කතාවයි මේ.

පාසැල අවසන පාසැලේ අමතර පන්ති ස`දහා සහභාගී වන මේ දැරිය ඉන් අනතුරුව අම්මාගේ පෙරැුත්ත මත තවත් ශිෂ්‍යත්ව පන්ති කිහිපයකටම සහභාගී විය. ග‍්‍රාමීය කුඩා පාසැලක ඉගෙනුම ලැබූ ඇයගේ මව්පියන් දුටු එකම සිහිනය වූයේ නගරයේ ජනප‍්‍රිය පාසැලක් වෙත කෙසේ හෝ ඇයව ඇතුළත් කරවීමයි. සති අන්තයේදීද ශිෂ්‍යත්ව පන්ති, දහම් පාසැල් නිසා ඇයට කිසිදු විවේකයක් නොවීය. වෙහෙස නොබලා නිවසේදී කරන්නට දුන් වැඩ කටයුතුද ඇයි විසින් සිදු කළේ අම්මාගේ ආසාව ඉටු කිරීමේ අරමුණෙන් විය හැකියි. මෙසේ ඇය ශිෂ්‍යත්වයට  සූදානම් වුවත් විභාගයට මාස හතරකට පමණ පෙර ඇයට අත් වූ ඉරණම අදහාගත නොහැකිව මව කදුළු සලන්නට විය. පන්තියේ සිටි දීප්තිමත්ම ශිෂ්‍යාවට සිදු වූ දෙය පිළිබ`ද ගුරුවරිය පුදුමයට පත්විය.

ඇයට සිදු වූයේ කුමක්ද?

ලීවීමේදී ඇ`ගිලිවල ඇතිවූ ගැටලූ සහගත තත්ත්වයක් නිසා ඇයට අකුරු ලියන්නට බැරි වීම මේ සියල්ලන් දුකට පත්වීමට මුල් වූ හේතුවයි. ඇය වෙහෙස වී අකුරු ලිව්වද ඒවා අවලස්සන, අපහැදිලි  තත්ත්වයෙන් ලියවිණි. අකුරුවල නිසි හැඩය අනුව ඇයට ලීවීමට නොහැකි විය. ඒ සියල්ලටම වඩා ඇයට මුහුණු දීමට සිදු වූයේ දැඩි වේදනාවකටය. විභාගයට ඉතා ආසන්නයේදී සිදු වූ මේ අනපේක්ශිත තත්ත්වය නිසා ඇයගේ ආත්ම ධෛර්යය හා විශ්වාසයද බි`දවැටෙන්නට විය.

මව්පිය දෙපළ ඇයව ඉක්මණින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ අතරම එතැනින් ඔහුව යොමු වූයේ ළමා මනෝ වෛද්‍යවරයෙකු වෙතයි. එහිදී සිදු කළ පරීක්‍ෂණවලට අනුව රෝග නිර්ණය වූයේ writers cramp යන තත්ත්වයයි. මේ තත්ත්වය ස`දහා වෘත්තීය චිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය යුතු යැයි ද තීරණය කෙරුණි. ඒ ආකාරයට ඇය මාගේ සායනය වෙත යොමු විය.

පූර්ණ රෝග තත්ත්ව වාර්තා සහ ඇගයීම්වලට පසුව සාමාන්‍ය ලිවීම් රටාව අරඹා අපහසුතාවයට පත්වන්නට ගත වන කාලයද එහිදී දරුවා පත්වන ගැටලූ හා අසීරුතාද මා නිරීක්‍ෂණය කළා.

Writers Cramp යනු අතේ හෝ යටි බාහුවේ මාංශ පේශීවල සිදුවන මස් පිඬු පෙරලීමකි. ලිවීමේදී හා සියුම් වාද්‍ය භාණ්ඩයක් වාදනයේදී මේ තත්ත්වය ඇති විය හැකියි. මේ තත්ත්වයට පැහැදිලි හේතුවක් නැතත් අධික ලෙස ලිවීම වැනි සියුම් ක‍්‍රියාකාරීත්වයන් සඳහා නිවැරදි ඉරියව් භාවිත නොකිරීම මේ ස`දහා බලපාන සොයාගෙන ඇති අතරම මේ දැරිය පෙන්නුම් කළ ප‍්‍රධානම තත්ත්වය වූයේ පෑන අල්ලා ගැනීමේ වැරදි ඉරියව්වයි.

අකුරු ලිවීමේදී පෑනක් අල්ලාගත යුත්තේ මහපටැ`ගිල්ල, දබරැු`ගිල්ල හා මැදගිල්ල එක්වන ^tripod grip& ඉරියව්වෙනි. ඇතැම් දරුවන් තමන්ටම අනන්‍ය වූ රටාවල් ඔස්සේ ඒ ඉරියව් සකසා ගන්නවා. ආරම්භයේ සිටම දරුවෙකු ලියන ඉරියව්ව වෙනස් නොකළද පසු කාලීනව වෙනත් අය අනුකරණයෙන් සිදුවන වැරදි ලිවීම් රටා අනිවාර්යෙන් වෙනස් කළ යුතු වේ. මේ දියණියද පසුකාලීනව මිතුරන් අනුකරණයෙන් ලත් වැරදි ඉරියව්වකට හුරුවී සිටි අතරම ඇය සමග කතාබහ කිරීමෙන් අනතුරුව වෙනස්කම් නිවැරදි කර පුහුණු ක‍්‍රියාකාරකම්වල ඇයව යෙදවීමට මට හැකි වූවා. තවද ඉඳ ගැනීමේ නිවැරදි ඉරියව් හා ලිවීමේදී සම්පූර්ණ යටි බාහුව හා අත මේසය මත තබා ගත යුතු බව පිළිබ`දවත් ඇයව දැනුවත් කළා.

අතට දැනෙනා වෙහෙස හා පීඩනය මත මාංශ පේශීන් තද වීම සිදු වූ අතර ඒ තත්ත්වය සමනය කරන්නට මාංශ පේශීන් සැහැල්ලූ කිරීමේ ව්‍යායාම මාලාවකට ^relaxation techniques& දැරිය යොමු වූවා. අවශ්‍ය අවස්ථාවන්හිදී මේ සැහැල්ලූ කිරිමේ ක‍්‍රම භාවිත කිරීමෙන් ඇයට ඇති වූ වේදනව සමනය වූවා. දෙමාපියන් ලෙස වඩාත් සැලකිලිමත් විය යුතු මෙවන් අවස්ථා බහුලයි. Writers Cramp තත්ත්වයට අමතරව අනෙකුත් ශාරීරික හා මානසික හේතූන් මත දරුවන් ලිවීමේ කුසලතාවල පසුබෑමකට ලක්විය හැකියි.

Writers Cramp තත්ත්වයට අමතරව ලිවීමේ නිවැරදිභාවය, පැහැදිලි හා හැඩතල නිවැරදි බව මෙන්ම ලිවීමට ඇති අකමැත්ත හා ප‍්‍රතික්ශේප කිරීම්ද දරුවන් තුළින් පෙන්නුම් කරන්නේ දරාගත නොහැකි පීඩන තත්ත්ව මතයි.

මෙම දැරියට ලබා දුන් මාංශ පේශි සැහැල්ලූ කිරීමේ සරල ව්‍යායාමවලට මෙන්ම පැහැදිලි කිරීම් රාශියකට අනතුරුව දෙමාපියන්ටද විශේෂයෙන් මේ පිළිබ`දව පැහැදිලි කළා. ශිෂ්‍යත්ව විභාගය සමත් වීම වැදගත් වුවත් දරුවෙකුට මානසිකව හා ශාරීරිකව දරාගත හැකි ප‍්‍රමාණය පිළිබ`දවද මව්පියන් දැනුවත් කළා. මසකට වරක් දැරිය සායනයට කැ`දවා ටිකෙන් ටික ඇයගේ තත්ත්වය සමනය වන බව තහවුරු කරගත් අතරම පාසල් වාර්තා සහ දෙමාපියන් ලබා දුන් තොරතුරු මගින් දැරියගේ තත්ත්වය බොහෝ දුරට සමනය වී ඇති බව තහවුරු වූවා. ඇය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බව මේ සියල්ල අවසානයේ අසන්නට ලැබුණු සතුටුම ආරංචිද වූවා.

කොළඹ ජාතික රෝහලේ භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක විද්‍යාලයේ වෘත්තීය චිකිත්සක
ආචාර්ය කිත්මා වාසනා දහනායකගේ  B.Sc (OT) වෘත්තීය අත්දැකීමක් ඇසුරෙනි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article