- Advertisement -

මනාලියක වන යොවුන් දියණියට මවක් වීමට කල වයස හරිද?

-

යොවුන්විය යනු සිතූ මනාපේ තීන්දු තීරණ ගන්නා වයස් සීමාවයි. වැඩිහිටියන්ට දරුවන්ගේ ජීවිතවලට වැඩි අවදානයක් යොමු කිරීමට සිදුවන කාල පරිච්ඡේදයයි. මක්නිසාදයත් ඔවුන් ජීවිතය පිළිබ`ද වටහා ගත හැකි තරම් පරිණත වී නැති බැවිනි. යොවුන් දරුවෙකුට දැනුම් තේරුම් නැත්ද? ඔබට සිතෙනු ඇත. නමුත් වෛද්‍ය විද්‍යාවට අනුව ද නව යොවුන් දරුවන්ගේ මොළය වැඩෙමින් පවතින නිසා සිතා බලා නිවැරදි දේ කිරීමට හැකියාවක් ඔවුන් තුළ නොමැති බව සත්‍යයකි. විවාහය, දරුවන් ලැබීම යන කරුණු හමුවේ නිසි වයස එළැඹෙන තුරු සිටීමේ වැදගත්කම එයයි. ජීවිතය සහ එහි වටිනාකම මෙන්ම ඒ හා සම්බන්ධ වගකීම්, කාර්යභාරයන්, හො`ද නරක පිළිබ`ද සැමවිටම දරුවන් දැනුවත් කිරීම දෙමාපියන් සතු විශාල වගකීමකි. විශේෂයෙන්ම දරුවෙකුගේ විවාහයේදී මව්පියන් දරුවා පිළිබ`ද විශාල අවදානයක් යොමු කරමින් නිසි වයස එළැඹි කල සුදුසු තීරණ ගැනීමට සහයෝගය ලබා දිය යුතුය. නිසි වයස එළැඹෙන්නට පෙර ඔබේ දියණිය ගැබ්ගත හොත් ඇයට මුහුණ දීමට සිදු විය හැකි තත්ත්වය පිළිබ`ද දැනුවත් වීම වඩා වැදගත් වන්නේ ඒ නිසාය. මේ ලිපිය අඩු වයස් ගැබ් ගැනීම් සහ එහි අවධානම් තත්ත්වයන් පිළිබ`දවයි.

දරුවා, විවාහය සවිමත් කරන බැම්මයි. දරුවෙකු ලැබීමෙන් යුගදිවිය සම්පූර්ණ වන බව සමාජය තුළ පවතින මතයයි. නමුත් දරුවෙකු මෙලොවට බිහිකිරීම ස`දහා යුවතියක් වයස අවුරුදු 20 සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය සාධකයක් යැයි පැවසීමේ වරදක් නැත. වෛද්‍ය විද්‍යානුකූලව අවුරුදු 20ට අඩු යුවතියක් ගැබ් ගත්තේ නම් එය අඩු වයස් ගැබ් ගැනීම් ලෙස හ`දුන්වයි. අවුරුදු 20 අඩු ගැහැණු දරුවෙකුගේ සිරුර මෙන්ම මනස ද දරුවෙකු බිහිකිරීමට අවශ්‍ය පරිදි සූදානම් වී නැත.

- Advertisement -

අඩු වයස් ගැබ් ගැනීම් නිසා මවකට :

  • අධි රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • පෝෂණ ඌණතා
  • ගබ්සා වීම්
  • ගර්භ විෂ රෝග තත්ත්වය ද ඇතැම් විට මෙම තත්ත්වය දරාගැනීමට තරම් මානසික ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇතැම් මව්වරුන් සියදිවිනසා ගැනීමට පවා පෙළඹේ. එසේම අඩු වයස් ගැබ් ගැනීම් මාතෘ මරණවලට ද හේතුවකි.

අඩු වයස් මවකගෙන් මොලොවට බිහිවන දරුවාට ද යම් යම් සංකූලතාවයන්ට මුහුණු දීමට සිදු විය හැකිය. උදාහරණයක් වශයෙන් ගත් කළ කුස තුළ නියමිත කාල පරිච්ඡේදය ගත නොකර, දරුවා බිහිවීම. එනම් නොමේරු ළදරුවන්, ළදරු මරණ, අඩු උපත් බර, මව්කිරි උරා බීමට තරම් ශක්තිමත් නොවීම වැනි තත්ත්වයන් දැක්විය හැකිය.

බොහෝවිට මෙම අඩු වයස් ගැබ්ගැනීම් ස`දහා ගොදුරු වන දරුවන් අතර අධ්‍යාපනික අතින් මෙන්ම ආර්ථික අතින් ද අඩු මට්මමක සිටින ගැහැණු දරුවන්ගේ ප‍්‍රතිශතය ඉහළය. එසේම දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ මව්පියන් විදෙස් ගතව සිටීම නිසා දරුවන් කෙරේ නිසි අවදානය යොමු කිරීමට නොහැකි වීමද මෙවන් තත්ත්වයන් ඇති වීමට බලපාන හේතුවකි. ඇතැම් දෙමාපියන් සිය දියණියන්ව අඩු වයසින් විවාහ කරදීමට වෙහෙස වන්නේ අඩු වයසින් ගැබ් ගැනීම ඉතා හො`ද තත්ත්වයක්ය යන මිත්‍යා මත තුළ හි`දගෙනයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස විවාහ වන තරුණියන් තුළ නිවැරදි පවුල් සංවිධාන ක‍්‍රම පිළිබ`දව ඇති නොදැනුවත්කම, පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය තෘප්තිමත් ලිංගික ජීවිතයකට බාධාවක් යැයි සිතා සිටීම ද අඩු වයසින් ගැබ් ගැනීමට හේතු විය හැකිය.

අඩු වයසින් ගැබ් ගැනීම නිසා අධ්‍යාපනය අඩාල වී යයි. නිසි අධ්‍යාපනය නොමැතිකම හේතුවෙන් රැුකියා අවස්ථා නොලැබී යයි. නැතිනම් අඩු ආදායම් සහ අස්ථිර රැුකියා වෙත යොමු වීමට සිදු වේ. එය දරිද්‍රතාවයට හේතු වන අතරම දරුවන්ගේ පෝෂණයට මෙන්ම අධ්‍යාපනයටද බලපෑම් ඇති කරයි. එසේම නිවස තුළ ගැටුම් ඇති වීමට ද දරිද්‍රතාවය හේතු විය හැකිය. තවද ඔවුන්ගේ දරුවන් ද අඩු වයස්වලින් විවාහ කරදෙයි. මෙය වක‍්‍රාකාරයෙන් පරම්පරා ගණනවකට බලපාන ගැටලූවක් බවට පත්වේ.

දෙමාපියන් වශයෙන් ඔබේ අවදානය පළමුව යොමුවිය යුත්තේ පුතුට මෙන්ම දියණියට ද නිසි අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධවයි. දියණියක මනාලියක ලෙස දකින්නට මවකගේ සිත තුළ පවතින ආසාව අසීමිත වුවද අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් කිරීම ඔබ අතින් සිදු විය හැකි වරදක් යැයි කිවහොත් නිවැරදිය. ජීවිතයේ එක් එක් කඩඉම් නියමිත ආකාරයට ගලායන්නට දී තම දියණිය නිසි වයසේදී විවාහ ජීවිතයට ඇතුළත් කරමින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න, සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම සහයෝගය ලබාදීමට වැඩිහිටියන් වන ඔබ පළමුව දැනුවත් වන්න.

බණ්ඩාරගම, ආයුර්වේද රජා සෞඛ් නිළධාරී වෛද් කසුන් කිරුලපන මහතා සමග සකස් කරන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article