- Advertisement -

දරුවන්ට වකුගඩු ආශ්‍රිතව ගල් ඇති විය හැකි බව ඔබ දන්නවාද?

-

දරුවන්ට ඇති වන රෝගාබාධ තත්ත්වයන් පිළිබ`දව මව්වරුන් දැනුවත් වීම වඩා වැදගත් වන්නේ අප නොහිතන ආකාරයේ රෝග තත්ත්වයන්ට ද ඇතැම්විට ඔවුන්ට මුහුණදීමට සිදුවිය හැකි බැවිනි. වකුගඩු අශ‍්‍රිතව ගල් ඇති වීමේ තත්ත්වය එවැන්නකි. මේ තත්ත්වය බහුලව අසන්නට, දකින්නට ලැබෙන්නේ වැඩිහිටි පිරිස් අතර වුවද බිළි`දු වියේ සිටම දරුවන්හට වකුගඩු ආශ‍්‍රිතව ගල් ඇතිවීමේ තත්ත්වය පිළිබ`දව වාර්තා වී තිබේ. අද වන විට ශ‍්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙක් රටවල ද මේ තත්ත්වයට මුහුණු දෙන දරුවන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.

ගල් සෑදීම සිදු වන්නේ සාමාන්‍ය පරිදි මුත‍්‍රාවල දියවී පිටතට යන ලවණ වර්ග සාන්ද්‍රණය මුත‍්‍රාවල වැඩිවීම හේතුවෙන් දිය නොවීම සහ ඒවා වකුගඩු ආශ‍්‍රිත තැන්පත් වීමයි. දිගින් දිගටම මෙසේ සිදු වී එක් තැනක තැන්පත් වීමෙන් ගල් ඇති වීම සිදු වේ. එසේ සෑදෙන ගල් ඇතැම්විට වකුගඩුවලම රැු`දී පවතින අතරම ඇතැම්විට මුත‍්‍රා මාර්ගය දිගේ පහළට ගමන් කොට පටු ස්ථානවල සිරවී තිබිය හැකිය.

- Advertisement -

කුඩා දරුවන්ගේ ගල් සෑදීමේ ප‍්‍රවණතාවය වැඩිවීමට බලපාන්නා වූ හේතු කිහිපයකි. එනම්, අධික ලෙස ලූණු භාවිතය, නිතර නිතර මුත‍්‍රා ආසාදන ඇතිවීම, නිදන්ගත රෝග තත්ත්වයන් (වකුගඩුවලට බලපෑ හැකි ආකාරයේ), මුත‍්‍රා පහළට ගලා යාමට බාධා වන මුත‍්‍රා මාර්ගයේ විවිධ ස්ථානවල අවහිරතා ඇතිවීම සහ ක‍්‍රියාශීලී බවින් තොරවීම (විවිධ රෝගී තත්ත්වයන් මත හෝ) යන කරුණු ඒ අතරින් ප‍්‍රධාන වේ.

වකුගඩු ආශරිත ගල් ඇති වූ දරුවෙකු විසින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ

සෑදී ඇති ගල් ප‍්‍රමාණයෙන් විශාල වන විට

  • බඬේ වේදනාව
  • මුත‍්‍රා සමග ලේ පිට වීම
  • උණ,  මුත‍්‍රා දැවිල්ල
  • මුත‍්‍රා කිරීමේ අපහසුව

ප‍්‍රමාණයෙන් කුඩා ගල් ඇතැම්විට මුත‍්‍රා සමග පියව යන අතර සමහරක් ගල් කිසිදු රෝග ලක්‍ෂණයක් පෙන්නුම් නොකරයි. ඒවා හ`දුනා ගැනෙන්නේද වෙනත් රෝග ස`දහා සිදුකෙරෙන පරීක්‍ෂණවලදී අහඹු ලෙසය. ඉහත දැක්වූ රෝග ලක්ෂණ සහිත දරුවන් ඉක්මණින් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතරම ඔවුන් වකුගඩුවල අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්ෂණයකට එසේත් නැත්නම් එක්ස්රේ පරීක්ෂණයකට යොමු කර තත්ත්වය පිළිබ`දව නිෂ්චිත නිගමනයකට එළැඹේ. එසේත් නොමැති අවස්ථාවලදී ක්‍ඔ ස්කෑන් පරීක්‍ෂණය ස`දහා යොමු කරයි.

මීට අමතරව වකුගඩු ආශ‍්‍රිත ගල් ඇතැයි සැක කෙරෙන දරුවන්ගේ ලේ සහ මුත‍්‍රා පරීක්ෂාවට ලක් කෙරේ. එසේ කරනුයේ වකුගඩුවල ගල් ඇති කළ හැකි නිදන්ගත රෝගවලින් පෙළේදැයි සොයා ගැනීමටය.

මේ ස`දහා ලබා දෙන ප‍්‍රතිකාර ක‍්‍රම ගලේ ප‍්‍රමාණය, තිබෙන ස්ථානය හා රෝග ලක්‍ෂණ අනුව තීරණය කෙරෙන අතරම ප‍්‍රමාණයෙන් විශාල ගල් ශල්‍යකර්ම මගින් ඉවත් කිරීම හෝ තරංග මාර්ගයෙන් කුඩු කර මුත‍්‍රා සමග පිටවීමට සලැස්වීම සිදු කරයි. එසේම ප‍්‍රමාණයෙන් කුඩා ගල් ස`දහා ද සිදු කරන ප‍්‍රතිකර්මය වන්නේ හොඳින් දියර පානය කොට මුත‍්‍රා සමග පහළට ගලා ගොස් ශරීරයෙන් පිටවීමට සැලැස්වීමයි. නිදන්ගත රෝග තත්ත්ව ඇති නම් ඒවාටද ප‍්‍රතිකාර කරනු ලබයි. ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ වැඩිපුර ජලය, දියර වර්ග පානය කිරීමෙන්, අධික ලූණු භාවිතයෙන් වැලකී යහපත් ආහාර රටාවන්ට හුරුවීමෙන් මේ තත්ත්වය වළක්වා ගැනීමට උනන්දු වීම පිළිබ`දවයි.

පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ළමා වකුගඩු රෝග පිළිබ` විශේෂඥ වෛද් ඉනෝකා පෙරේරා මහත්මිය සමග සකසන ලද ලිපියකි

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article