- Advertisement -

නිසි පෝෂණය, නිරෝගී දරු පරපුරක රහසයි.

-

මෙලොවට බිහිවීමත් සමගම හය මසක් සම්පූර්ණ වන තෙක් මව්කිරෙන් පමණක්ම පෝෂණය වන බිළ`දාගේ බුද්ධි වර්ධනයත්, ශක්තිමත් කායික වර්ධනයත් ඉතා හොඳින් සිදු වන අතරම දරුවාගේ නිරෝගී බවද එමගින් ආරක්‍ෂා වේ. ඒ, මව්කිරිවල අවශ්‍ය සියලූම පෝෂක ද ප‍්‍රතිශක්තිකරණ ප්‍රෝටීන ද උපරිමයෙන් අඩංගු බැවිනි. සාමාන්‍යයෙන් හො`දින් කිරි උරා බොන දරුවෙකුගේ බර මසකට  500ට සිට 1ණට දක්වා පරාසයක් තුළ වැඩි වේ. නමුත් මාස හය සම්පූර්ණ වූ දරුවෙකුගේ වර්ධන වේගය සලකා බැලූ කළ මව්කිරි මගින් හිමිවන්නේ 50%ක පමණ පෝෂණයක් වන අතරම මව්කිරිත් සමගම අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුය. මාස 6 සම්පූර්ණ වන තෙක් දරුවෙකුට යකඩ අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සිරුරේ ගබඩා වී ඇති යකඩවලින් හිමිවේ. මව්කිරි හරහා තවත් යම් ප‍්‍රමාණයක් ලැබෙන අතරම මාස හය සම්පූර්ණ වූ පසු අමතර ආහාර මගින් සිරුරේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගත යුතුය. දරුවාට අමතර ආහාර ආරම්භයේදී මව විසින් සිහි තබාගත යුතු තවත් කරුණකි. එනම් ආරම්භයේ සිටම දියර බවින් අඩු එනම් උකු ස්වභාවයෙන් ආහාර හ`දුන්වා දීමයි. මන්ද එවිට සුළු ප‍්‍රමාණයක වුවද උපරිම පෝෂණය අන්තර්ගත නිසා දරුවාගේ වර්ධනය හො`දින් සිදුවේ. ආහාර ලබාදුන් පසුව අවශ්‍ය යැයි සිතේ නම් උණුකර නිවාගත් වතුර දරුවාට දීමේද වරදක් නැත. දරුවාගේ ආහාර සකසා ගැනීමේදී පිරිසිදු බව උපරිමයෙන්ම පවත්වා ගැනීමට වග බලා ගත යුතුය. හැකි හැමවිටම කෘෂි රසායන නැති ආහාර වර්ග ලබාදීමට උත්සාහ කරන්න.

මාස හය සම්පූර්ණ කළ දරුවාට ඝන ආහාර පටන් ගනිමු

  • මව්කිරි සමග මිශ‍්‍ර කරන ලද මත් ගාගත් (කැබලි රහිත) බත් තලපය, ආරම්භයේදී දිනකට එක් වරක් තේ හැන්දක් හෝ දෙකක් ලෙස ලබාදෙමින් අමතර ආහාර ආරම්භ කරන්න. දිනෙන් දින ලබා දෙන ප‍්‍රමාණය වැඩි කරමින් දරුවා ආහාරයට හුරු කරවා ගන්න.
  • දිනෙන් දින බත් තලපයට පරිප්පු, අල, කැරට්, වට්ටක්කා, බෝංචි, අලූ කෙසෙල් වැනි එළවළු වර්ග සහ  ගොටුකොළ, මුකුණුවැන්න, සාරන වැනි පලා වර්ග හ`දුන්වා දිය හැකිය. දින කිහිපයක් මේ ආහාරවලට හුරු කිරීමෙන් අනතුරුව මාළු හෝ හාල් මැස්සන් වැනි සත්ත්ව ආහාර හ`දුන්වා දෙන්න. මේවා ලබාදෙන අතරවාරයේ මව්කිරි ද ලබා දෙන්න.
  • ඊට අමතරව පළතුරු සදඟා ද දරුවා හුරු කරන්න. උදාහරණයක් වශයෙන් හො`දින් ඉදුණු පැපොල්, කෙසෙල්, අඹ, අලිපේර වැනි පළතුරු වඩාත් සුදුසුය. සූරාගත් පළතුරු තේ හැ`දි එකක් හෝ දෙකක් දිනකට වරක් හෝ දෙවරක් ලෙස ලබා දෙන්න.
  • මාස හයහමාරක් පමණ වූ පසු දරුවාට බිත්තර කහමදය තේ හැ`දි 1/2 ලබා දිය හැකිය
  • මාස හත සම්පූර්ණ දරුවාට ආහාර සියුම් කැබලි සහිත ආහාර ලබාදීම ආරම්භ කරන්න. තෙල්, බටර් හෝ පොල්කිරි යොදා සකස් කරගත් බත්, පරිප්පු, එළවළුවක්, පලාවක් සහ සත්ත්වමය ආහාරයක් (මස්, මාළු හෝ කුඩු කරගත් හාල් මැස්සන්* ඇතුළත් ආහාර වේල් දෙකක් හෝ තුනක් වේලකට අ`ඩු කෝප්ප 3/4ක් පමණ වන පරිදි දිනකට වේල් දෙකක් හෝ තුනක් වශයෙන් ලබා දෙන්න. අතරමැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස අටේ සහ ප‍්‍රධාන ආහාර වේල සමගම අතින් අල්ලාගෙන කෑමට යමක් දරුවාට දෙන්න. එසේම අතර මැදට මව්කිරි ලබා දෙන්න.
  • මාස නවය සිට අවුරුද්ද දක්වා දරුවාට අතර වාරයේ මව්කිරි ලබා දෙන අතරම ඉහත පරිදි ප‍්‍රධාන ආහාර වේල් තුන ද සමග කෙටි ආහාර වේල් දෙකක් වන ලෙස ලබාදෙන්න. සුදුසු කෙටි ආහාර ලෙස අල වර්ගයක් හෝ රනිල බෝගයක්, පළතුර යුෂ (සීනි යෙදීමෙන් වළකින්න. පළතුරෙහි අඩංගු සීනි පමණක් ප‍්‍රමාණවත් වේ* ළදරු බිස්කට් වර්ගයක්, යෝගට්, මුදවපු කිරි දරුවාට ලබාදිය හැකිය. මේ කාලසීමාව තුළ බිත්තර සුදු මදය ද දරුවාට හ`දුන්වා දෙන්න.
  • වයස අවුරුද්දේ සිට දරුවා පවුලේ ආහාර වේලම ලබාගැනීමට හුරුකරවන්න. අවුරුද්ද සම්පූර්ණ දරුවා ආහාරයේ විවිධ රස සොයන අතරම පවුලේ අනෙක් අය සමග එකට හි`ද ආහාර ගැනීමෙන් ආහාර විකීමට හුරු වන දරුවා තනිව ආහාර ගැනීමට පුරුදු වේ.
  • නමුත් දරුවාට තුනපහ, මිරිස්, ලූණු, සීනි හැකි තරම් අවම කරන්න.
  • උපතේ සිට අවුරුදු 2 දක්වා කාලය දරුවකුගේ කායික සහ මානසික වර්ධනයට අතිශයින් වැදගත් වෙන අතරම මේ කාලය තුළ නිසි පෝෂණයක් ලබාදීම දෙමාපියන්ගේ වගකීමකි.

දරුවාගේ ආහාර වේලට ඇතුළත් විය යුතු අනිවාර්ය පෝෂකාංග

යකඩ

නිසි වර්ධනය උදෙසා නැතිවම බැරි පෝෂකාංගයකි.

- Advertisement -

යකඩ අඩංගු ආහාර වර්ග : 

  • පීකුදු/මාළු/හාල්මැස්සන්/මස් වැනි සත්වමය ආහාර
  • රනිල බෝග (පරිප්පු, මුං, කඩල, කව්පි)
  • පලා වර්ග (නිවිති, ගොටුකොළ, තම්පලා, සාරණ, මුරුංගා කොළ, කැරට් කොළ, බීට් කොළ, වට්ටක්කා කොළ, ගෝවා කොළ)

සිරුරට යකඩ උරා ගැනීම වැඩි කිරීමට ස`දහා දෙහි, සියඹලා වැනි විටමින් සී සහිත දේ ආහාරයට එක්කරන්න. ආහාර ලබාදීමෙන් පසුව විටමින් සී අන්තර්ගත පළතුරක් දිනපතා දරුවාට ලබා දෙන්න. නොමේරූ සහ අඩු බර දරුවන්ට මෙන්ම ආහාර මගින් ප‍්‍රමාණවත් ලෙස යකඩ නොලැබෙන දරුවන්ට යකඩ පරිපූරක වෛද්‍ය උපදෙස් මත ලබා දිය හැකිය.

විටමින් A

දරුවන්ගේ ඇස්වල නිරෝගී බව පවත්වා ගැනීමට මෙන්ම ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට ද විටමින් A වැදගත්ය. නියමිත වයසේදී (මාස හය සම්පූර්ණ වූ පසු) විටමින් A අධි මාත‍්‍රාව දරුවාට ලබාදෙන්න.

විටමින් A බහුල ආහාර වර්ග

  • මාළු, මස්, බිත්තර කහ මදය, පීකුදු
  • කිරි ආශ‍්‍රිත නිෂ්පාදක
  • තද කොළ පැහැති පළා එනම් කතුරු මුරුංගා, මුරුංගා, වට්ටක්කා කොළ, මුකුණුවැන්න යනාදියේ විටමින් ්  බහුලව ඇත
  • ගස් ලබු, අඹ, ලාවුලූ වැනි කහ පැහැති පළතුරු
  • කැරට්, වට්ටක්කා, කහ බතල

රෝගී දරුවාට ආහාර ලබාදීමේදී

  • දරුවා කැමති, පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර ඉතා කුඩා ප‍්‍රමාණයන්ගෙන් වරින් වර ලබාදෙන්න
  • දියර වර්ග වැඩි පුර ලබා දෙන්න.
  • ඉල්ලන සෑමවිටම මව්කිරි ලබාදෙන්න.

දරුවා ක‍්‍රමක‍්‍රමයෙන් සුව වන විටදී වැඩිපුර ආහාර වේලක් මෙන්ම වැඩිපුර මව්කිරි ලබාදෙන්න. විටින් විට හෝ පෝෂක බහුල වැඩි ආහාර ප‍්‍රමාණයක් ලබාදෙන්න.

දරුවාට කෑම කවද්දී :

  • කෑම කන්න බල කරන්නෙපා
  • ආහාරයේ රස ගුණ ගැන දරුවාට කියා දෙන්න
  • ආදරණීයව ඉවසීමෙන් ආහාර ලබා දෙන්න
  • විවිධත්වයෙන් යුතු ආහාර ලබා දෙන්න
  • විවිධ වර්ණයන්ගෙන් යුතු ආහාර ලබා දෙන්න
  • ආහාර ලබා දීමට පැය දෙකක පමණ පෙර වෙනත් කෙටි ආහාර ලබාදීමෙන් වළකින්න
  • පැණි රස කෑම සීමා කරන්න
  • දරුවාගේ දත් පිරිසිදු කරන්නට සිහිතබාගන්න

පෞද්ගලික ආයතනවල රැුකියාවේ නියුතු මව්වරුන්ට මාස හය සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම ලබා දීම අපහසු බැවින් මාස හතර සම්පූර්ණ වූ විගස නිසි වෛද්‍ය උපදෙස් මත අමතර ආහාර හ`දුන්වා දිය හැකිය. ආහාර හ`දුන්වා දීමට හැකි වන අතරම මසකට වරක් සායනයට සහභාගී වී දරුවාගේ වර්ධනය පිළිබ`දව දැනුවත් වන්න. දරුවන් යනු හෙට ලොව බබලවන්නන්ය. ඔවුන්ට නිසි පෝෂණයක් ලැබීම තුළින් ඔවුන්ගේ ජීවිත මෙන්ම අනාගත ලෝකය ද සුන්දර වනු නියතය.

කාසල් වීදියේ කාන්තා රෝහලේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන සහ මහජන සෞඛ්‍ය ඒකකයේ බී.එම්.එල්. බස්නායක හෙදි සොයුරිය සමග සකස් කරන ලද ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article