- Advertisement -

කිරි දෙන මවටත් කිරි බොන පැටියාටත් හිමි වන වාසි

-

“2016 වසරේ සිදු කළ සමීක්‍ෂණ වාර්තාවලට අනුව ලොව රටවල් 121ක් අතරින් දරුවන්ට මව්කිරි ලබාදීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව පළමු තැනට…”

අම්මාගේ ආදරයේ නාමයෙන් නිපදවෙන මව්කිරි මගින් ළරුවා උපරිමයෙන් පෝෂණය වෙනවා සේම මව්කිරි දීම නිසා මවකට ද වාසි රැසක් හිමිවන බව අද වන විට වෛද්‍ය විද්‍යානුකූලව ද සනාථ වී හමාරයි.

- Advertisement -

ළදරුවාට මව්කිරෙන් සැලසෙන වාසි :

  • උපතේ සිට වයස මාස 6 සම්පූර්ණ වන තෙක් දරුවෙකු පෝෂණය කිරීමේ උපරිම හැකියාව මව්කිරි සතුය
  • මව්කිරි පෝෂණ අගයෙන් ඉහළ නිසා දරුවාට අවශ්‍ය නිසි පෝෂණය හිමිවේ
  • මව්කිරි පහසුවෙන් ජීරණය වේ
  • ළදරුවන්ට ඇති විය හැකි නොයෙකුත් ආසාදන තත්ත්වයන්ට එරෙහිව ක‍්‍රියාකිරීමේ උපරිම හැකියාව පවතින බැවින් දරුවා රෝගවලින් ආරක්‍ෂා වීම සිදු වේ
  • දරුවා හා මව අතර බැඳිම වැඩි දියුණු කරයි
  • දරුවාගේ මානසික සංවර්ධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ
  • මව්කිරි බොන දරුවෙකු ආසාත්මිකතාවලට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය අවමය
  • ස්ථූලතාවය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්ත්වයන් ඇති දරුවන් බිහිවීම වළක්වා ගත හැකිය
  • වෙහෙස වී කිරි උරාබීමේ අත්දැකීම ලබන දරුවා තමාට යමක් ලබා ගැනීමට නම් වෙහෙසක් දැරිය යුතු බව වටහාගනී. එය ජීවිතයට මුහුණ දීමේදී දරුවාට විශාල ශක්තියක් සපයයි
  • ළදරුවා කිරි උරා බොන විට තම කුස පිරුණු පසු මවගේ පියයුරෙන් ඉවත් වේ. එමගින් ළදරු වියේ සිටම ඇති පමණට පමණක් ආහාර ලබාගැනීමේ හුරුව දරුවාට ඇති වේ
  • ශාරීරිකවත් මානසිකවත් ඉතා හොඳ පෝෂණයක් ලබන දරුවා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්නට පුහුණු වේ
  • මව්කිරි බී වැඩෙන දරුවන්ගේ බුද්ධි මට්ට ඉහළය
  • සාමාජයට, සොබාදහමට මෙන්ම රටට දැයට ආදරය කරන අනාගත පරපුරක් බිහිවේ

කිරි දෙන මවට සැලසෙන වාසි :

  • ප‍්‍රසූතියෙන් පසුව මවට ඇති වන රුධිර වහනය අවම වේ
  • මවත් ළදරුවාත් අතර මනා බැඳිමක් වර්ධනය වේ
  • ප‍්‍රසූතියත් සමගම මවකට ඇති විය හැකි මානසික අසහනය, ආතතිය, හැඬුම්බර ස්වභාවය පමණක් නොව විෂාදය වැනි තත්වයන් පවා මව්කිරි ලබාදීමත් සමග ඉවත් වී යයි
  • මව්කිරි දෙන මවකගේ සිරුරේ තැම්පත්ව ඇති මේද කොටස් දියව ගොස් අධික තරබාරු බවින් මුදවා ගනී
  • පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ඇති වීමේ අවධානම අවම කරයි
  • අස්ථි දුර්වල වීම්, ආතරයිටීස් වැනි රෝග ඇතිවීමේ අවධානම අවම කරයි
  • දියවැඩියාව, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග ඇති වීමේ අවධානම වළකයි
  • මව්කිරි ලබාදෙන මවකට ළඟ ළඟ ගැබ් ගැනීම් සිදු නොවේ
  • ඊළඟ ගැබ් ගැනීම සඳහා මානසිකවත් ශාරීරිකවත් උසස් මට්ටමක සිටීමට මවට හැකියාව ලැබේ
  • අනවශ්‍ය වියදම් සහ ගැටුම් නොමැති වීමෙන් පවුල තුළ මනා සමාජ මෙන්ම ආර්ථික පසුබිමක් ඇති වේ

මව්කිරෙන් පෝෂණය වන දරුවෙකුගේ මසකට ග‍්‍රෑම් 500 සිට කිලෝ ග‍්‍රෑම් 1 දක්වා පරාසයක් තුළ වැඩි වන අතරම සායන සඳහා සහභාගී වී දරුවාගේ වර්ධන සටහන් පොතෙහි ඒ දත්ත ඇතුළත් කිරීමට වගබලා ගත යුතුය. දරුවාගේ නිරෝගී අනාගතය වෙනුවෙන් ඔබේ ආදරයේ පෝෂණය හෙවත් මව්කිරිවල අගය වටහාගන්න.

මව් කිරෙන්සපිරි ජාතියක අසිරිතිරසර සංවර්ධනයකට මව්කිරි

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article