- Advertisement -

ඔබත් වැඩිවියට පත් වූ දියණියක් සිටින මවක් ද ?

-

තමන්ගේ ආදරණිය දියණිය වැඩිවියට පත් වුණා කියන්නේ අම්මා කෙනෙක් විදියට ඔබට විශාල කාර්යභාරයක් තිබෙනවා කියන එකයි. දියණියක් වැඩිවියට පත් වුනාට පස්සේ ඇයගේ ප්‍රධාන ගුරුවරිය බවට පත් වන්නේ ඔබයි. ඔබ ඇයට සමීපතම මිතුරියක් වන්න. විශේෂයෙන්ම වැඩිවියට පත් වූ අවස්ථාවේ පටන් මාසිකව ඔසප් වීමේදී ඇය ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව ඇය දැනුවත් කල යුතුයි. ඇතැම් දියණියන් මාසිකව ඔසප් වීමේදී ප්‍රබල වශයෙන් මානසික පිඩාවන්ට ලක් වන අවස්ථා තිබෙනවා. ඔවුන් ඔසප් වූ විට ඇති වන භිතින් නිසා දිවි නසා ගන්නා තත්වයට පත් වන අවස්ථා තිබෙන බව මනෝවෛද්‍යවරුන්  විසින් පෙන්වා දෙනවා. මේ නිසාම ගැහැණු ළමයෙකු වැඩිවියට පත් වීමේදී ඈ තුල කායික වශයෙන් ඇති වන වෙනස පිලිබවදව ඔබේ දියණිය දැනුවත් කරන්න. ඔබගේ නොදැනුවත්භාවය ඔබගේ දියණියට භයානක ප්‍රථිපල ගෙන දෙන්න පුළුවනි. බොහෝ දරුවන්ට ලිංගික කරුණු පිළිබදව තිබෙන්නේ ඉතාමත් අඩු දැනුමක්. මේ සදහා වගකිය යුත්තේ දෙමවුපියන් සහ පාසලේ ගුරුවරුන්ය. ලිංගික කරුණු ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු සැගවිය යුතු දෙයක් බවට පත් වෙලා තිබෙනවා.

වැඩිවියට පත් වුවාට පසු දියණියක් නව සමාජ තත්වයකට තමා ගමන් කරන්නේ. දරුවට උපදෙස් ලබා දීමේදී ඔබ අනවශ්‍ය ආකාරයට පාලනය කරන්න හදන්න එපා. එවැනි දෑ වලට දරුවන් ඉතාමත් අකමැති බවක් දක්වනවා. විශේෂයෙන් මේ කාලයේ තම දියණිය තමා හා සමාන තත්වයකින් සලකා දරුවාගේ විශ්වාසය දිනා ගන්න.

- Advertisement -

බොහෝ දෙමවුපියන් දියණියන්ට දක්වන දැඩි ආදරය නිසාම වගකීම් වලින් නිදහස් කෙනෙක් බවට පත් කරනවා. එසේ සිදු කරන්න එපා. ඇයට ජීවිතය පිලිබදව අවබෝධ කර ගත හැකි වයසේ සිටම වගකීම් පවරන්න. එසේ සිදු කිරීමේන් අනාගතයේදී තම සැමියාට මනා සහකාරියක් වීමේ හැකියාවක් ඇයට යොවුන් වියේදී සිටම පුරුදු  වෙනවා. ඇතැම් මවුවරුන් නිවසේ වැඩ කටයුතු වලට තම දියණිය සහභාගී කර ගන්නේ නෑ. එවිට තම දියණියට විවාහ ජිවිතේ වගකීම් වලට ස්‌වභාවයෙන්ම බියක් ඇති වෙනවා. එසේ වුවාම තමා දික්කසාද වැඩියෙන් ඇති වෙන්නේ. ඒ නිසාම ඔබ දරුවාට වයසට සුදුසු වන ආකාරයට වගකීම් පවරන්න. මේ කාලයේදී ඔබේ උපකාරය සෑම විටම දියණියකට අවශ්‍ය වෙනවා. ගැහැණු ළමයෙකු වැඩිවියට පත් වුවාට පසු තරුණ මමත්වය ඇති වන්නේ ස්වාභාවයෙන්මයි. විශේෂයෙන්ම ලිංගික අසාවන් මුල් තැනක් ගන්නවා. ලිංගිකත්වයට වැඩි කුතුහලයක් මේ කාලයේ දී ඇති වෙනවා. මේ කාලයේදී පාසලේදීත් ලිංගිකත්වය පිලිබදව වැඩි පුර දැනුමක් නොලබන නිසා ඔබේ දරුවා වෙනත් දෑ වලින් ඒවා පිලිබදව තොරතුරු සොයන්න පටන් ගන්නවා. මෙහිදී වැරදි ඉගැන්වීම් ඇති වන අවස්ථා වැඩියි. මෙහි භායනකම පැතිකඩ නම් ඔබේ දියණිය විවාහයට පත් වූ පිරිමින්ගේ උගුල් වලට හසු විය හැකිය. එවැනි සිදුවීම් පිලිබදව මාධ්‍ය හරහා අපට අනන්තවත් ඇසෙන්නෙමු.

දරුවන් මෙවෙනි සම්බන්ධතා වලට වැඩියෙන්ම යොමු වන්නේ දෙමවුපියන්ගේ නිසි සෙනෙහස, ආදරය නොලැබීම හේතුවෙනි. මේ වයසේදී ආදරවන්තයන් තෝරා ගැනීමේදී ගති ගුණ වලට වඩා මුල් තැන දෙන්නේ රූපයටයි. ඔවුන්ට ජිවිතයේ සැබෑ තත්වය අවබෝද කර ගැනීමේ හැකියාවක් නෑ. බොහෝ දියණියන් පවුලෙන් අහිමි වන ආදරය පෙම්වතාගෙන් බලාපොරොත්තු වේ. මේ වයසේ පසු වන දියණියන් තම පෙම්වතා වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට කැප වීමෙන් සිටි. වැඩිවියට පත් උනාම පෙම්වතෙක් සිටිය යුතුයි කියලා මේ වයසේ පසු වන දියණියන් අතරේ මතයක් තිබෙනවා. වැඩියෙන්ම සහෝදරයන් නැති දියනියන් මෙවෙනි ප්‍රේම සබදතා වලට යොමු වීමේ අවකාසය වැඩි බව සොයා ගෙන තිබෙනවා.

මේ නිසාම ඔබ ඔබේ දියණිය පිලිබදව දැඩිව සැලකිලිමත් වෙන්න. ඔබේ දියණිය යම් වැරැද්දක් කල විට ඇයට දක්වන සෙනෙහස නතර කොට ඇයගෙන් ඔබ ඈත් විය හැකිය. නමුදු කිසිදා එසේ නොකරන්න. ඇයගේ වැරදි ක්‍රියා ඉදිරියේ ඔබ දියණියගෙන් ඈත් වුවහොත් සදහටම ඔබේ දියණිය ඔබගෙන් මග හැරෙනවා නියතය.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article