මල්වර වියේ දී සිදු කරන චාරිත්‍ර පිලිබදව ඔබ දැනුවත් ද

puberty

ගැහැණු ළමයෙක් වැඩිවියට පත් වීම කොටහළු වීම, මල්වරවීම කියලා තමයි කියන්නේ. ගැහැණු ළමයෙක් වැඩිවියට පත් උනාම කරන්න ඕනි චාරිත්‍ර ගැන කියන්න තමයි මේ සුදානම. ළමා වියේ පසු වුනු කුඩා දියණියන් නව  යොවුන් තරුණියන් වුනාම ඇගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. දියණිය තාවකාලිකව හුදෙකලා කොට ඇයට වගකීම් පැවරීමක් සිදු වෙනවා. අලුත්ම අවධියකට පිවිසෙන ඇයට තිබෙන යුතුකම් වගකීම් වලින් ඇයව දැනුවත් කරන්න මේ මංගල්‍යය ඉවහල් වෙනවා. ඒ විතරක් නෙමේ කායික හා ලිංගික වශයෙන් පිරිපුන් ඇය කෙරෙහි අනෙක් අය ආකර්ෂණය කර ගන්න ද මේ චාරිත්‍ර බලපානවා.

වැඩිවියට පැමිණි තරුණියක් තනි නොකිරීම සදහා ගැහැණු කෙනෙක් නැවතීම හා යකඩයකින් තැනු යමක් ඇද අසලින් තැබීම සිදු කරනවා. මෙහිදී පළමුවෙන්ම අධික රුධිරය වහනය වීමෙන් දියණිය ඒවා දැකීමෙන් බිය විය හැකිය. ඒ නිසාම ඇගේ තිගැස්සිම, භීතිය නැති කිරීමට ඇය හුදෙකලා නොකිරීම වැදගත්. ගැහැණු ළමයෙක් වැඩිවියට පත් උනාට පස්සේ තනිව හැසිරීමෙන් ඇයට විපත් පැමිණෙන්න පුළුවනි. ඇතැම් ගම් වල අමනුෂ්‍ය දෝෂ වලින් දියණියට සිදු වන බලපෑම් නතර කර ගන්න ඇය තනි කිරීම හොද නැති බව පිලි ගන්නවා.

මල්වර වියේදී ක්‍රියාත්මක වන තහංචි අතර පිරිමින් දැකීම ප්‍රධාන ස්ථානයක් ගන්නවා. මෙය බොහෝ ප්‍රදේශ වලට පොදු දෙයක්. පිරිමි සමග ඇසුරෙන් ඇය කාමය අධික තැනැත්තියක් වීමේ අවස්තාව වැඩි වී අයහපත් දේ කරා යොමු වේ යැයි සිතා ඇතැම් ප්‍රදේශ වල මෙම චාරිත්‍ර දිගටම පවත්වා ගෙන යනවා. එම නිසා මිට පසුව පිරිමින්ට ලැදිකමක් දැක්වීමෙන් ඇති වන භයානක තත්වයන් පිලිබදව වැඩිහිටියන් දිගින් දිගටම අවවාද කරනවා. ඒ වගේම මෙම අවධියේදී හඩ නගා කතා කිරීම, සිනාසීම ආදිය තහනම් වේ.

පිරුවට හැදීමද අප අතර ඉතාමත් ප්‍රසිද්ධයි. මේ කාලයේදී පිරිසිදුව සිටීම ඉතාමත් වැදගත්. පිරුවට හැදීම තුලින් මුලික වශයෙන්ම දියණිය විෂබීජ වලින් ආරක්ෂා කරනු ලැබේ. සුදු පිරුවට ඇදීම මගින් ඔසප් කාලයේදී පිරිසිදුව සිටීමේ වැදගත්කම දියණියට කියා දීමේ මුල්ම අවස්තාව වශයෙන් මෙය හැදින්විය හැකිය.

ගැහැණු ළමයෙකු වැඩිවියට පත් උනාම ලබා දෙන ආහාර පිලිබදව විවිධ මත තිබෙනවා. තෙල් හා පිලි ආහාර , අළු කෙසෙල් ආදිය කිලි සහිත ආහාර ලෙස සලකනු ලබනවා. සාමාන්‍යයෙන් අළු කෙසෙල් මගින් ලිංගික ශක්තිය හීන වන බව බොහෝ අය පිලිගන්නවා.

තවද වැඩිවිය පැමිණි දැරිය ඇද පැලදී සියලුම දේ දැමු කිලි මුට්ටියක් රදා කනතාවක් විසින් බැද්දට ගෙන යනු ලබයි. මෙම කිලි මුට්ට්ය රැගෙන යාමේදී පෙර මගට කිසිවෙකු හමු නොවිය යුතු බවත් එය යමකු දැකීම ඉතා කිලි සහිත දෙයක් ලෙස සලකයි. අද වන විට නම් මෙම චාරිත්‍රය සමහරක් ප්‍රදේශ වල ක්‍රියාත්මක් වන්නේ නැත. මල්වර වියේදී කෙරෙන  සිරිත් විරිත් වලදී කොස්, පොල්, බුලත් වලට මුලික තැනක් ලැබෙනවා. කොස් ගස වාසනාවේ සංකේතයක් විදියට සලකනවා. එසේම පොල් ගසට ද මුලික තැනක් ලැබෙන අතර පොල් ගෙඩියක් බිදීම සිදු කරයි. මේ සියලු සිරිත් වලදී සශ්‍රීකත්වය පෙන්නුම් කරයි.

ඇතැම් ප්‍රදේශ වල නැකතට දිය නහවා ගෙන එන දියණිය මුලින්ම කිරි හෝ ජල කොරහක් තුල දමා ඇති කැඩපතකින් තමාගේ රුව දකී. ඉතිහාසයේ නම් ගැහැණු ළමයෙකුට කැඩපතකින් හෝ ලිං පතුලට එබී බැලීමෙන් තම මුහුණ දැකීමට ඉඩ නොදේ. තම මුහුණ දැකීමෙන් නිසි වයසට පෙර දියණිය තුළ මේරූ අදහස් පහල විය හැකි බව පැරැන්නන් විස්වාස කළහ.

අද වන විට මල්වර උත්සව ඉතාමත් ඉහලින් සිදු කරනු ලැබේ. බොහෝ මව්වරුන්ට මෙම චාරිත්‍ර ගැන නිසි අවබෝධයක් නැත.

හැමෝම ඇයට කියන්නේ මාලි කියලා. දැනට ඇය කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී පාලී මණ්ඩපයේ ජනමාධ්‍ය විශේෂවේදී උපාධිය හදාරමින් සිටිනවා. මේ ඇගේ අවසාන අවරුද්දයි. අවරුදු හතරක් තිස්සේ නිදහස් ජනමාධ්‍යවේදිනියක් හැටියට විවිධ මාධ්‍ය ආයතනවල වැඩ කරමින් සිටිනවා. මේ වන විට ඇය “Young Media” සඟරාවේද වැඩ කරමින් සිටිනවා. ඇය සැමවිටම කාර්යබහුලයි.හැම මොහොතක්ම කුමන හෝ වැඩක යෙදී සිටිනවා.කාලය පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වෙනවා.නිතරම ඇය පුස්තකාලය පරිශීලනය කරනවා.මොකද වීධ්‍යාර්තයෙක් හැටියට දැනුම නිතරම අලුත් කර ගැනීම් වටිනා බව ඇය විශ්වාස කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here