- Advertisement -

කුඩා දරුවෙකු සමාජයට අනුගත කරන්නේ කොහොමද

-

මාස 09ක් පමණ මවක් තම බිළිදා කුසේ දරා ගෙන ඔහු මෙලොව එලිය දුටු දා පටන් ක්‍රම ක්‍රමයෙන් සමාජයට අනුගත වන්නට උත්සහා කරනවා. එහි දී දරුවාගේ කායික සංවර්ධනය ඉතාමත් වැදගත්. දරුවාගේ කායික සංවර්ධනයට නිශ්චිත කාලයක් තිබුන ද ශාරීරික සංවර්ධනයට නිශ්චිත කාලයක් නැත. සමහර දරුවන් දන ගාන්න, හිද ගන්න, කතා කරන්න යම් කාලයක් ගත වෙනවා. ඇතැම් දරුවන් ඉක්මනින්ම තනිවම නැටින්න පුරුදු වෙනවා. ඒ නිසාම  වෛද්‍යවරුන් කියා සිටින්නේ තම දරුවාට කතා කිරීමට හෝ ඇවිදීමට යම් කාලයක් ගත වෙනවා නම් එතරම් බිය විය යුතු නැතැයි කියා. අනෙක් දරුවන් සමග තම දරුවා සංසන්දනය කොට අනියත බියක් හට ගැනීම සුදුසු නැහැ. මෙහි දී මවට අතිශය විශාල වගකීමක් තියෙනවා. දරුවා සමාජයට, පරිසරයට අනුගත කරවීම මවගේ කාර්යයක්.

විශේෂයෙන්ම දරුවන්ට ආරක්ෂාව අවශ්‍යයි. දරුවට මවගෙන්, පවුලේ පිරිසගෙන් ආරක්ෂාව දරුවාට ලැබෙන බව ස්භාවයෙන්ම අවබෝධ වීම වැදගත්ය. දරුවාට මේ ආරක්ෂාව ලැබීම හරහා ඔහුගේ සහජ හැකියාවන් වර්ධනය වන්නටත් යම් කිසි බලපෑමක් සිදු වෙනවා.

- Advertisement -

මෙසේ දරුවා ක්‍රමයෙන් වර්ධනය  වන විට සමාජයට අනුකූල වන ආකාරයට දරුවාට සමාජ ධර්ම, හොද ගති ගුණ මවක් විසින් ලබා දිය යුතුය. ඔබ දරුවාට ආදර්ශයක් විය යුතුය. මන්ද දරුවන් යනු ඉක්මනින් අනුකරණයට හුරු වූ පිරිසකි. ඔබ අනෙක් අයට ගරු කරන, ආචාර ධර්ම වලින් හෙබි, සහ වැඩිහිටියන්ට උපකාර කරන පුද්ගලයෙක් නම් දරුවා එවැනි ක්‍රියා දෙස හොදින් බලා සිටිනවා. ඉන් පසු ඔහුද තම මව අනුගමණය කරනවා. සමහර දෙමවුපියන් තම දරුවන් ඉදිරියේ ඉතාමත් නරක භාෂාවන් හසුරවනවා. එවැනි ආකාරයට ඔබ හැසිරෙන විට දරුවන් එම භාෂාව උකහා ගෙන කතා කරන්න පුරුදු වෙනවා. ඔබේ දරුවා නරක භාෂාවෙන් කතා කරනවා නම් එය ඔහුගේ වැරැද්දක් නොවේ. දරුවා ඔබෙන් හෝ සමාජයෙන් ඉගෙන ගත් දෙයක්.

දරුවන් වර්ධනය වන විට ඔවුන්ව විවිධ ක්‍රියාකාරකම් වලට යොදවන්න. ගැහැණු දරුවෙක් නම් බෝනික්කන් නාවනවා. පිරිමි දරුවෙක් නම් විවිධ සෙල්ලම් බඩු ගෙන වාහන එලවනවා ආදී ලෙස විවිධ අජීවී වස්තුන්ට පන පොවමින් සෙල්ලම් කරනු ලබනවා. ඔවුන් තමන්ගේම සෙල්ලම් ගෙවල් හදා ගෙන නෑගම් යනවා. සාරි ඇදගෙන ළමුන්ට උගන්වනවා.

දරුවන්ගෙන් මේ සියළු ක්‍රියාකලාප ගැන ඔබ අවධානයෙන් සිටින්න. දරුවන්ට නිදහසේ ඇවිදින්න, සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන්න. ඔහුගේ ක්‍රියාකාරකම් වලට අවහිර කරන්න එපා. දරුවන්ට ක්‍රීඩා භාණ්ඩ, පින්තුර පොත් ලබා දෙන්න. මේ පින්තුර හරහා දරුවන් පාට, සත්තු වර්ග හදුනා ගන්නවා. ඔවුන්ට උපතින්ම හොද නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. බොහෝ දෙමවුපියන් දරුවන් පෙර පාසලට ඇතුල් කරන තුරු පොත් අරගෙන දෙන්නේ ඉතමත් අඩුවෙන්. දරුවන්ට අකුරු තේරුම් ගැනීමේ හැකියාවක් නැති වුනාට වර්ණ, පින්තුර හදුනා ගන්න පුළුවනි. කුඩා කාලයේ සිටම දරුවන්ට පොත් සමීප කරන්න.

එසේම ඔබ ඔබේ දරුවා මනසින් බියගුලු පුද්ගලයෙක් බවට පත් කරන්න එපා. දෙමවුපියන් සිදු කරනු ලබන ඉතාමත් නරක ක්‍රියාවක් වනුවේ දරුවන් නිතර බිය ගැන්වීමයි. දෙමවුපියන් අකමැති යම් කිසිවක් සිදු කරන විට දරුවන්ව බියට පත් කරනවා. දරුවන්ව බියගුල්ලන්ගේ ලෝකයක අතරමං කරනවා. එවැනි දරුවන් පසු කාලීනව වන විට සමාජයට මුහුණ දෙන්න බය වෙනවා.

ඔබේ ආදරය, සෙනෙහස දරුවාට නොඅඩුව ලබා දෙන්න. ස්පර්ශය හරහා දරුවන් කීකරු පුද්ගලයන් බවට පත් කල හැකිය. ඔබ නිතර දරුවා ස්පර්ශ කරන විට ඔබේ සෙනෙහස, ආදරය දරුවාට වැඩි වැඩියෙන් දැනෙනවා. සිග්මන් ප්‍රොයිඩ් කියා සිටින්නේ ” අම්මාගේ සෙනෙහස වැඩියෙන් ලැබුණු තරමට දරුවා සමාජයට හුරු පුරුදු පුද්ගලයෙක් වන බවයි. දෙමවුපියන්ගේ සෙනෙහස දරුවෙකුට අඩුවෙන් ලැබෙන විට එම දරුවා ප්‍රචණ්ඩ වෙනවා. ඒ නිසාම සීමාවක් නොමැතිව ඔබේ දරුවාට ආදරය, සෙනෙහස ලබා දෙන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article