- Advertisement -

ඔබත්, ඔබේ දරුවා නිවසට කොටු කර තබන්නේ ද ?

-

ඔබට සිටින වටිනාම වස්තුව දරුවන්ය. අපි දරුවෝ ආරක්ෂා කරන්නේ අපේ ඇස් මෙන්ය. ඔබේ දරුවෝ ඔබේ පනටත් වඩා ආරක්ෂා කරනවා නොඅනුමානය. ඔබේ කෙසේ දරුවන් ආරක්ෂා කලත් ඔවුන්ටත් ආදරේ කලත් ඔබගෙන් දරුවට ලැබෙන්න ඕනි බොහෝ දේවල් ඔබට මග හැරෙන බව ඔබ දන්නවා ද?සැබවින්ම ඒ පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ඔබට නැතුව ඇති.

පාසල සහ පවුල තමා දරුවන් සමාජයට අනුගත කරනු ලබන ප්‍රධාන ස්ථාන දෙක. අද පවතින තරගකාරිත්වය සමග දරුවන් ද අප්‍රාණික භාණ්ඩ මෙනි. ඔවුන්ගේ මුළු ජිවිතයම අධ්‍යාපනයට යට වී ඇත. සෙල්ලම් කරන්න, විනෝද වන්නට, හිත මිතුරන් සමග නිදහසේ හැසිරෙන්නට දරුවන්ට තිබෙන්නේ ඉතාමත් සීමිත කාලයක්.

- Advertisement -

අද දරුවා වැඩෙන පරිසර වටපිටාවත් සමග ඔවුන්ට පවතින දරා ගැනීමේ ශක්තිය ද හීන වෙමින් පවතී. මේ නිසා දරුවා සමාජයට පිවිසෙන්න බියකමක් දක්වයි. ආත්මාර්ථකාමී හැගීම් ඉස්මතු වේ. මේ නිසා අද දරුවන් දිවි නසා ගන්න ප්‍රමාණයද වැඩි වී ඇත. විශේෂයෙන්ම ඇතැම් දරුවන් තම පියා හෝ මව යම් වැරද්දකට දඩුවම් කලත් දිවි නසා ගන්නට තැත් කරයි. එසේම විභාගය අසමත් වූ විට ද ඔවුන් ඒ සදහා විසදුම ලෙස තෝරා ගන්නේ මරණයයි. පරාජයක දී දරුවන්ට නැවත නැගී සිටීමේ ශක්තියක් නැත. මෙසේ වන්නේ මන්ද?

ඔබ ඔබේ දරුවා කුඩා කල සිටම නිවසට කොටු කර තබන්නට උත්සහා කරනවා ද? අද සිටින දෙමවුපියන් නිවස අසල සිටින දරුවන් සමග සෙල්ලම් කිරීමටවත් දරුවන්ට ඉඩ ලබා දෙන්නේ නැත. එසේ සිදු කරන්න එපා දරුවන්ගේ ළමා කාලය ඔවුන්ට දෙන්න. ඔවුන්ගේ ළමා කාලය අධ්‍යාපනයට කොටු කර තබන්න එපා. දරුවන් අනෙක් අය සමග සෙල්ලම් කරන විට අනෙකාගේ හැගීම්, අදහස් තේරුම් ගැනීමේ හැකියාව ඔහුට ස්වභාවයෙන්ම ලැබෙනවා. ඔහු යම් වැරද්දක් හෝ යම් සොරකමක් කල විට ඔහුගේ වයසේ පසු වන දරුවන් ඔහුගේ ක්‍රියාකාරකම් වලට විරුද්ධ වනු ඇත. එසේම දරුවා තවත් ළමයින් පිරිසක් සමග සෙල්ලම් කරන විට අන්‍යන්ගේ අදහස්, කණ්ඩායම් කටයුතු වැනි දෑ දරුවන් හරහාම ඉගෙන ගන්නවා.

නමුදු අපේ දෙමවුපියන් සිදු කරනු ලබන්නේ සෙල්ලම් බඩු ගොඩක් නිවසට ගෙනත් දමා දරුවා කාමරය තුලට කොටු කිරීමයි. දරුවා එතැන් පටන් හුදෙකලා වෙන්න පටන් ගන්නවා. ඔහු සෙල්ලම් කරන්නේ අප්‍රාණික භාණ්ඩ සමගයි. තවත් කෙනෙකුගේ හැගීම් පිලිබදව ඔහුට අවබෝධයක් නැත. දරුවට නිතරම සොබාදහම සමග ගැටෙන්න ඉඩ දෙන්න. වැස්සේ තෙමෙන්න, වැලි, මැටි සමග සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. ඒ හරහා දරුවා විවිධ නිර්මාණාත්මක දේවල් කිරීමට පෙළඹෙනවා.

විභාග වලටම දරුවා මැදි කරන්න එපා. බොහෝ දෙමවුපියන් නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස් වලටද යන්නේ ඉතාමත් අඩුවෙනි. ” මගේ පුතාට ලබන මාසේ ශිෂ්‍යත්ව විභාගේ. එයාට පන්ති යන්න තිබෙනවා. පාඩම් කරන්න ඕනෑ.” ආදී ලෙස පවසනවා. කොතරම් විභාග පාස් උනත් ජිවිත විභාගය සමත් වන්න බැරි නම් දරුවාගෙන් සමාජයට වැඩක් නැත. විභාගය අසමත් වුවත් දරුවාට අනාගතයක් නැති වන්නේ නැත. අද ලෝකයේ බොහෝ උසස් තැන් වලට ගොස් ඇත්තේ පාසල් වලින් කොන් වී සිටි දරුවන්ය. දරුවා මෙසේ නිවසට කොටු කර තැබීමෙන් ඔහුට මිතුරන් නැති හුදෙකලා පුද්ගලයෙක් බවට පත් වනු ඇත. එවැනි දරුවන් ලොකු වූ පසුද නෑයකගේ ගෙදරකට, බණ ගෙදරකට යන්නේ නැත. මන්ද ඔහුට තවත් අය සමග කටයුතු කොට පුරුද්දක් නැත.

මේ සියල්ලටම වරදකරු ඔබ බව ,ඔබ පිලි ගන්නේ කවදාද?

කුඩා කාලයේ සිටම දරුවාගේ සතුට වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔහුගේ ලෝකයේ ඔහු ඉතාම වටිනා ආදර්ශමත් දරුවා වීමට ඔබේ දරුවාට සෑම අතින්ම මග පෙන්වන්න. ඔහුට ලෝකයේ සුන්දරත්වය තනිව භුක්ති විදීමට නොව බෙදා ගන්න කියා දෙන්න. ඔහුට පොතේ දැනුම පමණක් නොව මේ ලෝකයේ මිනිසුන්ට ගරු කරන්න, මිතුරන්ට උදව් කරන්න කියා දෙන්න. පරිසරයට ආදරේ කරන්න, තවත් කෙනෙක් විචාරය කරන්නේ කොහොමද කියා ඔහුට මග පෙන්වන්න. ඔහුව මේ ලෝකයට ආදර්ශමත් පුද්ගලයෙකු කරන්න.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article