- Advertisement -

ළමා අපචාර වළක්වාගන්න නම්…

-

හැම දවසකම ළමා අපචාර සිද්ධවෙනවා.මේ සිදුවීම් විවිධ ආකාරයෙන් වාර්තා වෙනවා.දෙමව්පියන් විසින්,ගුරුවරුන් විසින්,ඥතියෙක්‌ විසින්,නාඳුනන්නෙක් විසින් මෙලෙස ළමයින්ට අපචාර සිදුවෙනවා.ළමා අපචාර බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ.නමුත් හොඳින් සොයා බැලුවොත් එවන් සිදුවීම් ගැන අපට යම් යම් ලකුණු ලැබෙන්න පුළුවන්.ඇතැම් ලකුණු බොහෝ සියුම් විය හැකියි.ඇතැම් ඒවා ඔබට සෘජුවම හඳුනාගත හැකියි.ළමා අපචාර වලක්වාගැනීම සම්බන්ධයෙන් අපට උදව් කළහැකි ආකාර කිහිපයක් parenting.lk අපි මෙහිදී කියන්න සුදානම්….

1. දරුවන්ට  කතාකරන්න

ජීවිතය තුල දරුවන්ට ආරක්ෂාවීමට අයිතියක් තිබෙනවා.අපචාරයකට ලක්වෙන්නේ නම් එය ඒ දරුවාගේ වරදක් නොවේ.මේ අයිතිය ගැන දරුවන් දැනුවත් කිරීම තුලින් යම් අපචාර තත්වයක් ඇතිවී ඇත්නම් ඒ පිලිබඳ දරුවා ඔබට පවසන්න පෙළඹෙනවා.

- Advertisement -
2. මේ පිලිබඳ වැඩසටහන් වලට සහයදෙන්න

යම් අපචාරයක් වීමට මත්තෙන් ඉන් වලක්වා ගැනීමට අදාල විවිධ සමාජ වැඩසටහන් දකින්න ලැබෙනවා.අපයෙදුම් සිදුවෙන්න පෙරම වලක්වා ගන්න මින් හැකිවන්නේ මේවයින් සමාජය යම් පුර්ව දැනුවත්භාවයක් ලබාගන්නා නිසයි.මන්ද බොහෝ විට අපචාරයක් සිදුවීමෙන් අනතුරුවයි අපට ඒ පිලිබඳ දැනගන්න ලැබෙන්නේ.මෙවැනි වැඩසටහන් වලට දායක වීමෙන් පෙර සිටම සිදුවීම් පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙන්නේ තමා ආරක්ෂා වන ආකාරය අප හරහා ළමුන් දැනුවත් වන නිසයි.

3.අපයෙදුම් සිදුවන ආකාර  පිලිබඳ අවබෝධය ඇතිකරගැනීම

ශාරීරිකව,බාහිරින් පමණක්ම නොවේ අභ්‍යන්තරව හෝ මානසිකව වුවත් දරුවෙකු අපයෝජනයට ලක්වෙන්න පුළුවන්.ජීවත්වීමට එපා කරවීම,මානසික පිඩනයට ලක් කිරීම,නිතර සෘනාත්මකව සිතීමට පෙළඹවීම වැනි අවස්ථා මෙහිදී දරුවාගේ හැසිරීම් රටාව හොඳින් අධ්‍යයනය කළහොත් ඔබට දකින්න  පුළුවන්.

4. අපයෙදුම් ගැන ලකුණු හඳුනාගැනීම

ඇතැම් ලක්ෂණ අපට භෞතිකව දකින්න පුළුවන් වුනත් ඇතැම් ලක්ෂණ එලෙස පෙනෙන්නේ නැහැ.සාමාන්‍යයෙන් මෙම තත්වයේ පසුවෙන දරුවන් කම්පනයකින් පසුවෙන අතර අන්‍යයන් දෙස සැකයෙන් බැලීම,නුසුදුසු ලිංගික හැසිරීම්,පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ අවධානය අඩුවීම, අන් අය කෙරෙහි වෛරයෙන් පසුවීම මෙලෙස දකින්න ලැබෙන ලක්ෂණ කිහිපයක්.ඔවුන් සාමාන්‍යයෙන් යහළුවන් ඇතිකරගන්න අකමැත්තක් දක්වනවා.තනියෙන් ඉන්න කැමැත්තක් දක්වනවා.මේවගේ පෙරමං ලකුණු කුමක් හෝ කරදරයක් ඔවුන්ට ඇතිවෙන බව පෙන්වන මාර්ගයක් බව ඔබ වටහාගන්න ඕනේ….

5. චර්යා වෙනස්වීම්

දරුවන් පමණට වඩා අධික ලෙස ආහාරගැනීම,ඉතාම අඩුවෙන් ආහාර ගැනීම,වැඩිපුර නිදාගැනීමට පෙළඹීම මෙවන් අවස්ථාවකදී අපට දකින්න පුළුවන් චර්යා වෙනස්වීම්.බොහෝවිට ඔවුන් ආක්‍රමණශීලි වෙනවා.නිතරම අනික් අය රුස්සන්නේ නැති බවක් ඔවුන්ගෙන් පෙන්නුම් කෙරෙනවා.

මෙවැනි අවස්ථාවකදී ඔබ කල යුත්තේ දරුවන්ට තරවටු කිරීම නොවේ.බොහෝ විට ඔබ කලයුත්තේ ඔවුන් හා සුහදව කතාබහ කිරීමයි.කතාබහ කිරීමෙන් බොහෝ ප්‍රශ්න විසඳාගෙන දරුවන්ගේ අනාගතය සාර්ථක කරගන්න ඉඩකඩ විවර වෙන බව ඔබ අමතක කරන්න එපා.

Article written by Sathya Wijewardena

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article