- Advertisement -

ඔබේ දරුවාත් ”ඇස් කණ්නාඩි” පළදිනවාද ?

-

” ආනේ… දුව කණ්නාඩි දානවද ?”  දැන් නම් ඔයා වෙදාටත් වඩා ලස්සනයි. කණ්නාඩි පළඳින දරුවන්ට වැඩිහිටි කාන්තාවන් මෙසේ පවසන ආකාරය මට කිහිපවිටක්ම කන වැටී ඇත. ඒ සෑම අවස්ථාවකදීම මා සිතින් සිතුවේ එය දරුවෙක්ට ආභරණයක් ද යන්නයි. නමුත් ඇස්වල යම් දුර්වලතාවයක් නිසා දුකට පත්ව සිටින යමක් තේරුම් ගත හැකි වයසක දරුවෙකුට නම් එය යම් ආකාරයක සිතට සතුටක් දනවන කියමනකි. කෙසේ වුවද ඇස් කන්නාඩි පැළඳීමට ඔබේ අක‍ෂි වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළේ නම් ඒ දරුවාට එය අත්‍යවශ්‍ය නිසාම විය යුතුය. මව්පියන්ට එය හිතට ගෙනෙන්නේ දුකක්, කණගාටුවක් වුවද මේ ලිපිය හරහා ඔබට ගෙන එන්නේ ඔබේ දරුවා ඇස් කණ්නාඩි භාවිත කරයි නම් වැඩිහිටි ඔබ විසින් අවධානයට යොමු කළ යුතු කරුණ කිහිපයකි. දරුවා ඒ සඳහා හුරුකරවීමට සහ අවශ්‍ය පහසුව සලසා දීම පිළිබඳවයි.

දරුවාට උපැස් යුවළක් මිලදී ගැනීමේදී මේ කරුණු පිළිබඳව සැළකිලිමත් වන්න

  • තත්ත්වයෙන් උසස් නිෂ්පාදයක් ද යන්න
  • ඔබ තෝරා ගන්නා උපැස් යුවළෙහි ප්‍රමාණය, බර දරුවාගේ දෛනික කටයුතු කෙරේ බාධාවක් වේද යන්න
  • රාමුව සකසා ඇත්තේ ලෝහවලින් ද ප්ලාස්ටික්වලින් ද යන්න

උපැස් යුවළ පළදින මුල් අවස්ථාවේදී එය දරුවාට නුහුරු බවකින් යුතුය. එසේම එය දරුවාට ගෙන එන්නේ අපහසුතාවයකි. ඒ පිළිබඳව දරුවාට සරලව පහදා දෙන්න. පළමු දින කිහිපය අපහසුවක් හිරිහැරයක් සේ දැණුනද දින කිහිපයකින් එය දරුවාට හුරු වන බවත් එතැන් සිට එය පළඳා ඇති බව ඔබටම අමතකව යන තරමටම නොදැනෙන බවද වටහා දෙන්න. එසේම මෙය අවශ්‍යතාවය මත පැළදීම ඉතා වැදගත් බවත් දරුවාට පැහැදිලි කරන්න. යහළු යෙහෙළියන්ගේ උසුළු විසුළුවලට ලක්වුවහොත් ඒවා නොසළකා හරින ලෙසත් දෑස්වල දුර්වලතාවයන් සහිතව සිටින්නේ ඔබ පමණක් නොවන බවත් වටහා දෙන්න. උපතින්ම අන්ධ දරුවන් සිටින අතරම ඔවුන්ද ඉතා ඉහළට ඉගෙන ගනිමින් සමාජයේ ඉහළ තලයට පැමිණ ඇති බව දරුවාට පවසන්න. සිත ශක්තිමත් කරන්න. කැඩෙන, බිදෙන මෙවැනි දේ පාවිච්චිය පිළිබඳව දරුවන්ට අවබෝධයක් නොමැති නිසා ඉතා සංයමයෙන් ඒ පිළිබඳව අවබෝධ කරවන්න.

උපැස් යුවළ පාවිච්චි කිරීමේදී,

  • කාච පිරිසිදු කිරීම සඳහා සිනිඳු රෙදි කඩක් භාවිත කරන ආකාරය දරුවාට කියාදෙන්න
  • උපැස් යුවළ එක් අතකින් ඉවත් කිරීම නුසුදුසු බැවින් ඒ සඳහා නිවරදිම ක්‍රමය දරුවාට කියාදෙන්න
  • උපැස් යුවළ නිසි ලෙස ඇසිරීමට උපදෙස් ලබාදෙන්න
  • අන් දරුවෙකුගේ උපැස් යුවළක් සමග මාරු වී යා හැකි බැවින් ඔබේ දරුවාගේ උපැස් යුවලේ හඳුනාගැනීම සඳහා යම් සළකුණක් යොදන්න
  • උපැස් යුවළ නැතිවීම/කැඩී යාම නිසා දරුවාට ඇති විය හැකි අපහසුතා වළක්වාගැනීමට අමතර උපැස් යුවළක් ළඟ තබාගන්න
  • පන්තිභාර ගුරුවරයා වෙත ඔබේ දරුවාගේ නවතම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන්න

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article