- Advertisement -

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – පළමු කොටස

-

ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.මූලිකවම අපි ඉතා ඕනෑකමින් අවබෝධ කලයුතු දෙයක් තමයි අපේ මුතුන්මිත්තන්, අපේ දෙමාපියන් මෙන්ම අපිද ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් යුගයක අපේ දරුවන් ජීවත් වන බව.

මම මෙහෙම කියන්න හේතුව තමයි අපි පැරණ්නන්ගේ මත වලට ගරු කලයුතු උනත් අපේ ගොඩක් අලුත් අම්මලා තවමත් සමහර පැරණි මතවල එල්බගෙන ඉදල අපේ පොඩ්ඩන්ට ලොකූ අසාධාරණයක් කරනව.

- Advertisement -

ඉතිං මම මේ හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ ලිපි පෙල කියවීමෙන් පසුවවත් අලුත් විදියට හිතන්න. දියුණු වෙන ලෝකයේ දොර කවුලු අපේ දරුවන්ට විවර කරන්න ඔබේ දායකත්වය උපරිමයෙන් ලබා දෙන්න.

මම මේ ලිපි පෙල මගින් බලාපොරොත්තු වන මූලිකම දෙය තමයි ඒ ඒ වයස් මට්ටම් වල දරුවන්ගේ වර්ධනය වන මොළය තව තවත් ඔප මට්ටම් කරන “බුද්ධි වර්ධන ක්‍රියාකාරකම්” ගැන අපේ අලුත් අම්මලාව දැනුවත් කරන එක.

මේ සියලුම ක්‍රියාකාරකම් අන්තර්ජාලය ඔස්සේ කරනලද සොයාබැලීම් සහ විවිධ රටවල දරුවන්ගේ මොළය වර්ධනයට කරන ක්‍රියාකාරකම් පිලිබඳව කල සොයාබැලීමකින් පසුව සහ මේ ක්‍රියාකාරකම් මගින් දැනට අවුරුද්දයි මාස 11ක් වන මගේ දියණියගේ මම දකින හැකියාවන් වලින් ලත් අත්දැකීම් වලින් තමයි මේ ලිපි පෙල ඔයාලට අරගෙන එන්නෙ.

මුලින්ම මම මගේ මුල්ම ලිපියෙන් උපතේ සිට වයස මාස 3ක් වන දරුවන්ගේ මොළයේ වර්ධනයට කල හැකි ක්‍රියාකාරකම් ඔයාලට පැහැදිලි කරනව.

ඔයාලට හිතෙන්න පුලුවන් මේ තරම් පුංචි වයසෙ බබාලට මොනවද තේරෙන්නෙ කියල.

පුංචි බබෙක් ඉපදුණු දවසේ ඉදල අවුරුදු 3ක් පමණ වෙනකන් කාලය තමයි දරුවෙකුගේ මොළයේ වර්ධනයේ වැදගත්ම අවධිය විදියට ලෝකයේ විවිධ රටවල් කරනලද පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙන්නෙ.

ඉතිං ඒ අනුව මේ ලිපියෙන් විස්තර කරන ක්‍රියාකාරකම් මේ වයසේ දරුවන්ට කරවීම තුලින් ඔවුන්ගේ ඉතා විශාල දියුණුවක් දකින්න පුලුවන් කියල හොයාගෙන තියනව වගේම මා මගේ දරුවාගෙන් ඒ වෙනස ඉතා මැනවින් අත්දකිනව.

පිළිවෙලින් අපි බලමු ඒ ඒ ක්‍රියාකාරකම් සහ ඒවා කරවීම තුලින් දරුවාගෙ කිනම් හැකියාවන් උත්තේජනය වෙනවද කියල.

සර පත් හෙවත් උත්තේජන කාඩ්පත් පෙන්වීම

අපි ගොඩක් දෙනෙක් දන්න විදියට ඉපදිලා සති කිහිපයක් යනකන් දරුවෙකුට පෙනෙන වර්ණ විදියට සලකන්නේ “කලු සහ සුදු” වර්ණ.

ඒ නිසා කලු සුදු වර්ණ භාවිතයෙන් නිර්මාණය කරනලද පින්තූර කාඩ්පත් ,රටා මෝස්තර ,හැඩතල මේ කියන දේවල් දරුවාට දකින්න සැලැස්වීම තුලින් දරුවාගෙ දෘෂ්‍ය සංවර්ධනය ඉතා දියුණු වෙනව.ඒ වගේම ඔවුන්ට දැකිය හැකි පරාසය තුල එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීම,ඉලක්ක කර බලා සිටීම වගේ දේවල් දියුණු වෙනව.

සන්වේදන ක්‍රියාකාරකම්

සන්වේදන ක්‍රියාකාරකම් විදියට අපිට මූලිකවම හදුන්වන්නට පුලුවන් විවිධ සන්වේදන දරුවාට ස්පර්ශ කිරීමට සැලැස්වීම.

උදාහරණ විදියට විවිධ සෞම්‍ය, රලු, පෘෂ්ඨ දරුවාගේ ස්පර්ශයට යොමුකිරීමෙන් මෙන්ම මද උණුසුම් වතුර,සීතල වතුර දරුවාට ස්පර්ශ කරවීම මගින් ඒ ඒ ස්පර්ශයන්ගේ වෙනස හදුනාගන්නට දරුවා විසින්ම තමන්ගේ මොළය උපයෝගී කරගන්නව.

එමගින් ඒ ඒ පෘෂ්ඨයේ මතුපිට ස්වභාවයන්ගේ වෙනස,දැනීමේ වෙනස වටහාගන්නට මොළය දරුවා විසින්ම වෙහෙසවමින් උත්තේජනය කරනව.

කියවීම

මම මගේ දුවට ඇහෙන්න කියවන්න පටන්ගත්තෙ එයා ඉපදෙන්නත් කලින් ඉදන්.අද ඒවගෙ ප්‍රතිඵල මම ඉතා සතුටින් අත්විදින මවක්.

මගෙ දූගෙ වයසට එයා කතාකරන වචන.එයාගෙ වාග්මාලාවේ තියන වචන ප්‍රමාණය ඉතා විශාලයි.

අවුරුද්දයි මාස 10ක් උනත් පින්තූර යක් බලාගෙන ඒක විස්තර කිරීමේ හැකියාවක් මගෙ දූට ලැබුණෙ ඉඩක් ලැබෙන හැම වෙලාවකම මම එයාට ඇහෙන්න පොත් කියවපු නිසා.

නොතේරුම්කමින් අහගෙන හිටියට අපි ශබ්ද කරන විදිය,උච්චාරණය කරන විදිය එයාලගෙ මතකයේ රැදෙනව වගේම ඉතා විශාල පරාසයක වචන ගොන්නක් එයාලගෙ මතකයට යනව කතාකරන්නට බැරි උනාට.

මේ අවධියේ දී පොත් කියවනවිට ඇහුම්කන් දෙන බබාලගෙ කථන හැකියාව ඉතා ඉක්මනින් වර්ධනය වෙනව කියල මම දැනගත්තෙ අත්දැකීමෙන්මයි..

ශබ්ද නැගෙන පාට පාට සෙල්ලම් බඩු

මේක ඉතාම වැදගත්ම ක්‍රියාකාරකමක්.

හැරෙන්න පෙරලෙන්න අමාරු උනත් මේ වයසෙ පැටව් ආසම දෙයක් තමයි මේ පාට පාට සෙල්ලම් බඩු.

මම මගෙ දුවට වයස සති අටේ විතර ඉදල වෛවර්ණ පාට වල ශබ්ද නැගෙන සෙල්ලම් බඩු ගෙනත් එයාට ඇහෙන්න ශබ්ද කලා. ඒ වගේම එක පැත්තක ඉදල තවත් පැත්තකට ඒ සෙල්ලම් බඩු ශබ්ද නොනැගෙන්න බබාට පෙනෙන්න අරගෙන ගියා. ඒ පාට දිහා බලාගෙන එයාගෙ ඇස් වලින් ඒ බඩුව යන දිහාවටම ගියා.

තවත් වතාවක් ශබ්දය පමණක් ඇහෙන්න ඒ සෙල්ලම් බඩුව එහාට මෙහාට අරගෙන ගියා.

ඒ යන හැම වතාවකම ශබ්දයට වර්ණයට අනුව බබාගෙ උත්තේජනයක් දැක්කා.

තවත් වතාවක් ඒ ඒ සෙල්ලම් බඩුවේ වර්ණ මම එයාට ඇහෙන්න කිව්ව.

අද මගෙ දුවට වර්ණ 10 අදුනගන්න වගේම ,දෙයක් දැක්කොත් ඒ දෙයෙහි වර්ණය කීමේ හැකියාව තියනව.

බබාට කතාකිරීම

මේ ක්‍රියාකාරකම මම ඉතාම අසාවෙන් මගෙ දුවට කලේ එයාට වයස සති දෙකේ ඉදල.

මම කරන කියන හැම දෙයක්ම එයාට ඇහෙන්න කිය කිය කලා.

ලෝකයේ විද්වතුන් සොයගෙන තියන විදියට කථන හැකියාව සහ වාග් මාලාවේ වචන ප්‍රමාණය ගොඩක් වැඩිවෙනව කියල හොයාගෙන තියනව මේ ක්‍රමය තුලින්.

ඒක ඇත්තක් බව මම අද අත්දැකීමෙන් දන්නව.

අවුරුදු දෙකක් වෙන්නත් කලින් වචන පහ හයක වාක්‍යය මෙන්ම “පුටුව උඩ තියන පොත මේසය උඩින් තියල සපත්තු අල්මාරියෙන් දාන්න” වගේ සම්බන්ධ වුණු වාක්‍යය හරි ලස්සනට ගලපල කියන්න මගෙ දුවට පුලුවන් උනේ මේ ක්‍රියාකාරකම තුලින් කියල මම ඉතා පැහැදිලිව කියනව.

ඒ වගේම බබාගෙ මතක ශක්තිය වර්ධනය කරන්නත් මේ ක්‍රමය ඉතා උපකාරී වෙනව.

උදාහරණයක් විදියට “අම්මා නිල්පාට ගවුමක් බබාට අන්දවනවා. බබාගෙ සපත්තු සුදු පාටයි, බබාට රවුම් තොප්පියක් තියනව” වගේ එයා නිතර පාවිච්චි ඉතා දියුණු තාක්ෂණික යුගයක ජීවත් වෙන අපිට කුඩා දරුවන් සම්බන්ධ කටයුතු වලදී පෙරදාට වඩා වැඩියෙන් අවධානය දිය යුතු අංශ රාශියක් තියනවා.

මේ වගේ විවිධ වයස් කාණ්ඩ වලට ගැලපෙන ක්‍රියාකාරකම් රැසක් එක්ක තවත් ලිපි පෙලක් ඉදිරියේ ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනව.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article