- Advertisement -

ගැබේ ඉන්නේ දුවක්ද…පුතෙක්ද….?

-

අදින් වසර හාරදහසකට පමණ පෙරාතුව දරුවෙක් බිහිවීමට පෙරාතුව ඔවුන්ගේ ගැහැණු පිරිමි බව තීරණය කරන සාධක සමාජගතව තිබුණා. අපේ අම්මලා වුනත් ගැබේ බර වැඩියෙන් ඇති පැත්ත දෙස බලා දුවද , පුතාද යන අනුමානය ගොඩ නගනවා. එහෙම නැත්නම් ගැබේ හැඩය, ගැබිණිමවගේ රුව ලස්සන..මේ වගේ විවිධ අනුමානයන් ගොඩ නගා ගත්තා. අම්මා ලස්සන වුනොත්…වෙනදා තියෙන ලස්සන අඩු වුනොත් …ගැබේ ඉන්න දරුවාගේ ලිංග තීරණය ගැන අනුමානයන් තිබෙනවා.

මිසරයේ පැරණි ලියවිල්ලක තිබෙන විදිහට ගැබිණිමවගේ මුහුණේ කොළ පැහැයක් ඇත්නම් ඇයට පිරිමි දරුවෙක් ලැබෙතැයි අපේක්ෂා කරනු ලැබුවා. ඒ වගේම තවත් පිලිගැනීමක් අනුව ගැබිණි මවගේ පයෝධර ඉතාම පුෂ්ටිමත්ව ඇත්තේ නම් සහ එක හා සමානව තිබේනම් මෙන්ම උදරය මතුවී උස්ව පිහිටා තිබේ නම් ඇය ප්‍රසුත කරන්නේ පිරිමි දරුවෙකි.

- Advertisement -

ඇරිස්ටෝටල් වැනි දාර්ශණිකය අදහස් අනුව දරුවන් වෙනුවෙන් අඹු සැමියන්ගේ එක්වීමකදී හිස උතුරට සහ පාද දකුණට තිබීමෙන් පිරිමි දරුවන් පිලිසිඳ ගැනීමට ඉඩ ඇත. “ටැල්මඩ්” නම් පැරණි  යුදෙව් ග්‍රන්ථයක ද මෙම අදහස පිලිගෙන ඇත.

ඉතාලි ජාතිකයන් අතර ඇති විශ්වාසයට අනුව සැතපෙන විට බිරිඳ විසින් සැමියාගේ කණ සැපීමෙන් පිරිමි දරුවන් උපදින බවයි. ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි ඇති විශ්වාසයන්ට අනුව අදින පලඳින දේ යහනේ දකුණු පසින් එල්ලා තැබීමෙන් ගැහැණු දරුවන් බිහිවිය හැකියි. ඒ වගේම බුදුදහමට අනුව නම් ඉතාම යහපත් සිතුවිල්ලෙන් සහ පිරිසිදුව අඹු සැමියන්ගේ එක්වීම පින්වත් දරුවන් වෙනුවෙන් වූ පසුබිම සකස් කරනවා.

ඇතැම් ආහාරපාන මගින්ද කුසහොත් කලලයේ ලිංගය තීරණය වන බැව් හඳුනා ගත හැකි බවට විශ්වාසයක් විය. “ජෝසප් ස්ටොල්කොවිස්කි” සහ “ජේකස් ලොරේන්” යන ප්‍රංශ ජාතික වෛද්‍යවරුන්ගේ අදහස අනුව විවාහක කාන්තාවකට පුතෙක් අවශ්‍ය නම් ඇය වැඩියෙන් ආහාරයට ගත යුත්තේ අර්තාපල්, වයින්, බීර සහ ළුෑණුය. ගැහැණු දරුවෙක් අවශ්‍ය නම් බිත්තර, යෝගට් සහ කේජු ආහාරයට ගත යුතුය. අතීතයේ පැවැති මෙම අනුමානයත් බොහෝ දුරට සාර්ථකව තිබූ බවට සාක්ෂි ඇත. එම වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තෝරා ගත් අම්මාවරු 247 ක් දෙනා අතරින් මෙම ආහාර රටාව නිසා මව්වරු 202 ක් දෙනා තමන්ගේ අවශ්‍යතාවය අනුව දුව හෝ පුතා යන සිහිනය සැබෑ කර ගෙන ඇත.

ජීව විද්‍යාත්මකව දරුවෙක් පිලිසිඳ ගන්නේ පියාගේ ශුක්‍රානුවක් මවගේ ඩිම්බ ශෛලයට එක්වීමෙන්ය. ජීවියෙකුගේ ආවේණික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන වර්ණදේහ 23 බැගින් ශුක්‍රාණු සහ ඩිම්බ ශෛලවල පිහිටා ඇත. ඩිම්බ ශෙලවල ඇත්තේ “එක්ස්(X)” ගනයේ වර්ණදේහ පමණක් වුනත් ශුක්‍රණු සෛල දෙවර්ගයක් ඇත. ඒවා “එක්ස්(X)” සහ  “වයි(Y)” වර්ග වේ. “එක්ස්(X)” ගණයේ  ශුක්‍රානුවක් මගින් ගැහැණු දරුවෙක්ද, “වයි(Y)” මගින් පිරිමි දරුවෙක්ද නිර්මාණය වේ.

අද ස්කෑන් පරික්ෂණ මගින් කලලයේ සිටින දරුවාගේ ලිංගය බොහෝ දුරට හදුනා ගත හැකි වුනත් එයිනුත් අනුමාන වරදින අවස්තාවන් ඇත. ඒ වගේම ඉන්දියාව, බිහාරය වැනි රටවල්වල ගැහැණු දරු කලල විනාශ කිරීමේ සමාජගත සිද්ධීන් නිසා කලල පරීක්ෂාවෙන් අකටයුතුත් සිද්ධ වෙනවා.

ඒ විතරක් ‍නොවෙයි, කට ඇති පුතා සහ රුව ඇති දුවක යන පවුල් සැලසුම් සංකල්පය නිසාත් කල් තබා හඳුනාගන්නා කලල පරීක්ෂාවෙන් නූපන් දරුවන්ට ඉතාම අසාධාරණයන් සිද්ධ වෙනවා.පළමු දරුවා වෙනුවෙන් අනේ ලැබෙන දරුවා භාරගන්නවා …යැයි අපි සිතනවා. එහිදී දරුවෙක් වෙනුවෙන් වූ අවශ්‍යතාවය පමණක් ඉතා දැඩිව ඇතැත් දෙවැනි තුන්වැනි දරු උපත්වලදී මෙම තත්වය නිසා මව්රුන් දුර්මුඛ වෙන අවස්ථාවන්ද නැතුවා නොවේ. මුලින්ද දියනියක් ලද හෝ පුකෙතු ලද මවක් දෙවැනි දරුවාගේ අවශ්‍යතාවයට අනුව දුව හෝ පුතා නොවුනේ නම් සිත්තැවුලට පත් වෙනු ඇත. එතැනින්ද නොනැවතී තුන්වෙනි දරුවා වෙනුවෙන් වූ උත්සාහයේදී ඒ දරුවාගේ තමාගේ ආශාව ඉටු නොකර මුල්ම ප්‍රතිඵලය වූයේ නම් මහත් සේ සංතාපයට පත් වෙනු ඇත. එහෙත් විය යුත්තේ එය නොවේ. නුඹ දුවක වුනත්..නුඹ පුතෙකු වුනත් සැබෑම සෙනහස ආදරයයි….යන දාරක ප්‍රේමයෙන් යුක්ත බන්ධනය පමණයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article