- Advertisement -

ඔබේත් ළදරුවාගේත් සම ඇතුලාන්තයෙන්ම සුරකින සොබාදමේ අපූරු සත්කාරය

-

සම යනු අපේ සිරුරේ විශාලතම ඉන්ද්‍රිය ලෙස හැඳින්වේ. ඉතාමත් සංවේදී ඉන්ද්‍රියයක් වන සම මගින් අභ්‍යන්තර පටකවලට රැකවරණය සලසන අතරම ශරීරයේ උණුසුම පාලනය කිරීමත් සිරුරේ නිපදවෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමත් සිදුවේ. මේ හේතුව මත සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන් සමග මනා සමායෝජනයක් ඇතිව සම ක්‍රියාත්මක වේ. ඒ නිසාම සම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අපගේ වගකීමක් ලෙස දැක්විය හැකියි.

අපි අපේ සම පිළිබඳව සැලකිලිමත් විය යුතු වන්නේ මෙලොවට බිහි වූ දින පටන්මය. තම බිලිදාගේ සම කෙරේ වැඩි අවධානයක් යොමු කර වැඩිවියට පත් වන ඔබේ දරුවාට පෝෂණීය පැහැපත් සමක් හිමිකරදීමේ වගකීම පැවරෙන්නේ මව්වරුන්ටය. අන්න ඒ නිසාම  අපි කවුරුත් මේ පිළිබඳව දැනුවත් වීම වඩාත් වැදගත් වේ.

- Advertisement -

Mother&Childඅලුත උපන් ළදරුවෙකුගේ සම මත Vernix නමින් හැඳින්වෙන ඉටි වැනි ආවරණයක් ඇති අතරම එය සමේ ආරක්ෂාව වෙනුවෙන් ස්වාභාවිකවම හටගන්නකි. ළදරුවා ඉපිද සතියක් පමණ ගත වන විට ඉබේම එය ඉවත් වී යයි. ළදරුවෙකුගේ සම පිඩාවට පත්විය හැකි ආකාර දෙකක් ඇති අතරම එකක් රුධිරය හරහාද අනෙක බාහිර පාරිසරික හේතු නිසාද වේ. එසේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති විය හැකි දුර්වලතා ළදරු සමේ එක් එක් අසාධන තත්ත්වයන් ඇති වීමට හේතු විය හැකිය. මෙවැනි එක් එක් හේතු මත කැසිම්, ඉරිතැලීම් මෙන්ම සම අවපැහැ ගැන්වීම වැනි තත්ත්ව ළදරු සමේද දැකිය හැකිය. අන්න ඒ නිසාම ඔබේ ළදරුවාගේ සමට බාහිර පරිසරයේ හේතු සාධක මත සිදුවන හානිදායක තත්වයන් වලක්වාගැනීම මවකගේ වගකීමයි.

 

ඈත අතීතයේ සිට මව්වරුන් ස්වභාවික දේ යොදාගෙන ළදරුවන්ගේ සම පෝෂණය කරන්නට හේතු වී ඇත්තේ ස්වභාවික අමුද්‍රව්‍ය කිසිදු විටෙක සුසුනිඳු බිලිඳු සමට හානිකර නොවන නිසාය. ඊට අමතරව ස්වභාවික අමුද්‍රව්‍ය හරහා ළදරු සම පෝෂණය වීමයි. තවද බිලිඳු සමේ තෙතමනය ආරක්ෂා වීමද ඉතා වැදගත් වේ.

අපේ මෙන්ම අපේ දරුවන්ගේ සමේ නිරෝගී බව රැකගන්න අපි නිරන්තර උනන්දු විය යුත්තේ මේ නිසයි. ශරීර අභ්‍යන්තරයට වගේම බාහිරවත් විශාල ප්‍රතිලාභ රැසකින් සමන්විත ආමන්ඩ් ගැන ඔබ දැනුවත් විය යුතු වන්නේ සුන්දර සමකට අවශ්‍ය නිසි පෝෂණය ආමන්ඩ් ඔබට හිමි කරදෙන නිසාමයි. මන්ද ආමන්ඩ් නිරෝගී සමකට අත්‍යවශ්‍ය වන විටමින් A, B2, B6 හා E වලින්ද අනූන වන අතරම විටමින් E වැඩි ප්‍රමාණයක් අන්තර්ගත නිසා සම පෝෂණයට ද විශාල සහයක් ලබාදේ.

අලුත උපන් ළදරුවෙකුගේ සම තරම් මුදු මොලොක් අන් දෙයක් මතකයට නැගෙන්නේද නැති තරම්ය. ඒ සුසිනිදු බව ඒ ආකාරයෙන්ම රඳවා ගැනීමට හැකි නම් සෑම මවක්ම ඒ වෙනුවෙන් ඉදිරිපත් වනු නිසැකය. ආමන්ඩ් බිලිඳු සමේ සුසිනිඳු බව එලෙසින්ම රැක ගන්නා බව ඔබ දන්නවද? බොහෝ ආසියානු රටවල ළදරුවන් නැවීමට පෙර/පසු ආමන්ඩ් ඔයිල් යොදා මුදු සම්භාහනයක් සිදු කරන අතරම ඒ හරහා සමේ මෘදු බව වැඩි කරමින් පෝෂණය කරයි. සමේ තෙතමනය ආරක්ෂා කරයි. එසේම මාංශ පේශීන් මෘදුව සැහැල්ලු කරන නිසා ළදරුවා සුව නින්දකට වැටේ.

ඔබේ දරුවාගේ උපතේ සිටම පැහැපත් සමකට අවැසි අඩිතාලම යෙදීමේ වගකිම පැවරෙන්නේ මව්පියන්ට නිසාම ආමන්ඩ් පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වේ.

අද වන විට සම නිරෝගී සහ පැහැපත් කර ගැනීමට සිදු කරන බොහොමයක් සත්කාර අතරින් ඉහළ පෙලේ සත්කාර අතරට එක්වෙන ආමන්ඩ් හා සම්බන්ධ සත්කාර පිළිබඳව ඔබ දැනුවත්ද යන්න සැක සහිතය.

ආමන්ඩ් මගින් අපේ සමට මෙන්ම සිරුරටද වාසි රැසක් සලසයි.

ආමන්ඩ් සිරුරට ලබාදෙන ප්‍රතිලාභ

  • සිරුරේ මේද ප්‍රමාණය පාලනය කරයි.
  • මොළයේ සංවර්ධනයට සහය වේ.
  • දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවධානම අවම කරයි
  • ප්‍රෝටීන් සපිරි නිසා සම පෝෂණයට ඉවහල් වෙයි
  • විටමින් E/A අනූනයි.
  • කැල්සියම් සපිරි නිසා සෛල වෙත පෝෂක උරා ගැනීමට සහය වෙයි.
  • අස්ථි සෞඛ්‍ය වර්ධනය කරයි
  • ප්‍රතිශක්තිකරණ හැකියාව සවිමත් කරයි
  • පිළිකා අවධානම අවම කරයි
ආමන්ඩ් සමට ලබාදෙන ප්‍රතිලාභ

  • සම පැහැපත් කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම හොඳින් පිරිසිදු කිරීමේ හැකියාව පවති
  • විටමින් E අනූන බැවින් සමට මනා පෝෂණයක් එක්කරන ආමන්ඩ් සම පෝෂණය කර තෙතමනය රැකගැනීමට සහය වෙයි.
  • ආමන්ඩ් ඔයිල් මොයිස්චර්රයිසරයක් ලෙස භාවිත කළ හැකිය
  • මුහුණේ මේකප් ඉවත් කිරීමට යොදා ගත හැකිය
  • සිරුරේ ඕනෑම තැනක ආලේප කිරීමට හැකියාව ඇත
  • සමේ තෙතමනය රැකදෙමින් වියලි බව දුරලයි

 

ඕනෑම සමකට සුදුසු මේ පහසු ආමන්ඩ් සත්කාරය ඔබත් අත්හදා බලන්න

රැයක් පොගවා ගත් ආමන්ඩ් ඇට අඹරා කිරි සමග මිශ්‍ර කර සම මත ආලේප කරන්න. වියලුණු පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිනෙන් දින ඔබේ සම පැහැපත් වන ආකාරය ඔබම අත්දකින්න.


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article