පොඩ්ඩො හැදෙන්නෙ අපි දිහා බලාගෙන.මේ කියමන කොයිතරම් ඇත්තක්ද කියල මේක කියෙව්වම ඔයාලටම තේරුම්ගන්න පුලුවන් වෙයි.
අද සමාජයේ දරුවො වැරදි කරනකොට අම්මල තාත්තල දරුවන්ට සැර වැර කරල ඒ වැරද්ද හදන්න උත්සාහ කරනව අපි ඕන තරම් දැකල තියනව නේද? ඒත් ඔයාල කාට හරි හිතුණද කිසිම දෙයක් නොතේරෙන පොඩි දරුවෙක් උපතින් මේ කිසිම දෙයක් අරගෙන එන්නෙ වත්, එයාල දැනගෙන කරන්නෙවත් නෑ කියල. ඇත්ත කතාවනම් බබාල මේ හැමදේම ඉගනගන්නෙ සමාජයෙන්.එයාල ඒ දේවල් අනුකරණය කරනව.
ඉතිං දෙමව්පියෝ විදියට අපි මූලික අඩිතාලම හරියට නොදැම්මොත් අපේ දරුවො හැදෙන්නෙත් ඉගනගන්නෙත් සමාජෙ එයාලට උගන්නන දේවල්. නොදරුවො කරන දේවල් නෙ කියල ඇස් කන් පියාගෙන හිටියොත් අපිට කවදාහරි ලොකු පසුතැවිල්ලකින් ජීවත් වෙන්න වෙයි.
ඒ නිසා මේ ගැන හිතන්න.එක පාරක් නෙවෙයි සිය දහස් වතාවක්.
1. හොඳ පුරුදු පුරුදු කරන්න පුලුවන් ඔයාලට ම තමයි.
“මෙන්න පුතේ මේක කන්න” කියල බබාට කෑමක් දීල හැරිල යන්නෙ නැතුව බබා ඒක ගත්තම “පුතේ අම්මිට thank you කියන්න” බබා thank you කිව්වම පෙරලා අනිත් පැත්තට ඔයා කියන්න “you are welcome” කියල. එහෙම කියද්දී කොයිතරම් හුරතල් ද කියල බලන්නකෝ. දවසට කී වතාවක් නම් අවස්ථා ලැබෙයිද මේ හොද පුරුද්ද බබාට ඉගන ගන්න.
ඔයාගෙ අතින් බබාට හිත් රිදවීමක් හරි,අපහසුතාවයක් හරි වුණොත් මානය බිමින් තියල බබාට “sorry” කියන්න.ඔයාට අත්දකින්න පුලුවන් වෙයි බබා අතින් එහෙම දෙයක් වුණාම එයා ඔයාව අනුගමනය කරමින් පෙරලා සමාව ඉල්ලන දවසට.
අවුරුද්දයි මාස 11ක් වුණත් මට අමතක වෙන වෙලාවටත් ඒ හොද පුරුදු මතක් කරල දෙන්න තරම්,පොතක් වැරදීමකින් ඉරුනත් “I’ m sorry” කියල පොතට වදින්න තරම් මගෙ දුව මේ දේවල් එයාගෙ ඇතුළාන්තයටම ග්‍රහණය කරගෙන ඉවරයි.
2. බලි කුරුටු බිත්තියේ නොඇන්දොත් ?
ගොඩක් අම්මල ගෙ මතයක් තමයි බිත්තියේ බලිකුරුටු ඇන්දෙ නැත්තම් ළමයට ඒක වැරදියට බලපානව කියන එක.ඒත් ඒක අපිම හදාගත්ත දෙයක්. මගෙ දුව ඉස්සරලම පාට අරගෙන අදින්න පටන් ගත්ත දවසෙ මම එයාට පාට පෙට්ටිය ත් එක්කම ලොකූ චිත්‍ර පොතක් දුන්නා. ලොකු white board එකක් ගෙනත් දුන්නා.එයා දැන් අදින්නෙ ඒවගෙ.බිත්ති වල නෙවෙයි.ලියන්නෙ පොත් වල මිසක් බිත්ති වල නෙවෙයි කියන අවබෝධය එයාට තියනව.ඇයි අපි වැරදි දේවල් වලට අනුබල දෙන්නේ.බලන්න පුංචි බබාලා වටපිටාවෙන් නේද ඉගනගන්නෙ.
3. කෑම කන්න නියමිත තැනක්.
ගොඩක් අම්මල බත් කවාගන්න ගම වටේ යනව බත් පිගානත් අරගෙන.ගමේම අය දන්නව ඔන්න අර ගෙදර බබා දැන් කෑම කන්නයි යන්නෙ කියල.ඊටත් වඩා බබා හිතන්නෙ කෑම කන්නනම් ගම වටේ යන්න ඕන කියල. එහෙම කරන්න එපා.කෑම කවන්න අපේ ලේසියට වැරදි දේවල් බබාලාට පුරුදු කරන්න එපා. මුලදි ටිකක් අමාරු වෙයි.ඒත් පස්සෙ බබාම තේරුම් ගන්නව කෑම කන්නෙ මෙතැනදී විතරයි කියල.
පුංචි කමට මගෙ දුව මම කෑම එක පිගානට බෙදනකොට එයාගෙ පොඩි feeding chair එකයි ,කෑම හැලෙනවට එලන mat එකයි සූදානම් කරනව.මේක මට කරන්න පුලුවන් වුණා නම් ඔයාලට බැරි වෙන්නෙ නෑ.
4. බබාටත් වගකීම්.
අද සමාජයේ අම්මල ආදරේට කියල බබාලාට කරන ලොකු වැරද්දක් තමයි ඉතාම පුංචි වැඩ පවා අම්මලම කරල දෙන එක.ඒකෙන් බබාට යහපතකට වඩා වෙන්නෙ අයහපතක්. පුංචි පුංචි වගකීම් බබාලට දෙන්න.
– රෙදි වැලෙන් රෙදි ගේනකොට බබාටත් ටිකක් දෙන්න.
– එලවළු තෝරන්න දෙන්න.
– බබාගෙ සෙල්ලම් බඩු අස් කරන්න දෙන්න.
මේ පුංචි වයසට මගෙ දුව කරන වැඩ ටිකක් ඔයාල එක්ක් බෙදාගන්නම්.
– එයාගෙ සෙල්ලම් බඩු එයාම අස් කරනව.
– ඇඟ සෝදන්න කලින් මාරු කරපු ඇදුම් එයාම බාස්කට් එකට දානව.
– බිම කුණු තිබුණොත් ඒව කුණු කූඩෙට පවා දානව.කවදාවත් තැන තැන කුණු දාල නෑ.
ඉතිං බලන්නකෝ පොඩි දරුවනේ කියල ඔහේ බලාගෙන හිටියනම් මේ දියුණුව මට මගෙ බබාගෙන් දකින්න වෙන්නෙ නෑ නේද?
5. වැසිකිළි යන්න නියමිත තැනක්.
අපි දැකල තියනව මොන්ට්සෝරි යන බබාල පවා ඇදුමෙ මූත්‍රා කරගන්නව.නමුත් උත්සාහ කළොත් අපිට ඒක පවා නිවැරදි කරන්න පුළුවන්.
මේ පුංචි වයසට මළපහ කිරීමට වගේම මූත්‍රා කිරීමට පවා මගෙ බබා වැසිකිළිය පාවිච්චි කරනව.රාත්‍රියටවත් ඇදේ මූත්‍රා කරන්නෙ නෑ.ඕන වුණා ම එයාම කියල ඇදුම් ඉවත් කරල වැසිකිළි යට යනව.මට තියෙන්නෙ එයාව පරෙස්සමට එක්කගෙන යන්න විතරයි.
මේ පුරුද්ද ඇති කරන්න මම කළේ පුංචි දෙයයි දවස් දෙකක් විතර පැයෙන් පැයට වගේ බබාව වැසිකිළියට එක්කගෙන ගියා.එයා දැම්මෙ නැතත් එක්කගෙන ගියා.ඒකෙන් එය තේරුම් ගත්ත මේ යන්නෙ මෙහෙම වැඩකට,ඒකට නියමිත තැන මෙතනයි කියල.
ඉතිං බලන්න , පුංචි කැපකිරීමකින් අපිට අපේ දරුවන්ගේ ජීවිත වල කොයිතරම් වෙනසක් ඇති කරන්න පුළුවන්ද කියලා.