වයස අවුරු දෙක සහ පහ අතර කාලය තුල දරුවකුගේ වර්ධනයේ විවිධ පැතිකඩවල ශිග්‍ර දියුණුවක් දක්නට ලැබේ. ස්වාධීනව තමාගේ වැඩ කටයුතු කර ගැනීමේ අඩිතාලම වැටෙන්නේද, තමාගේ පවුලෙන් ඈත්ව පෙර පාසල ඇතුළු බාහිර සමාජයට හැඩ ගැසීමේ මුල් පියවර් ඇරබෙන්නේද මෙම අවධියේය.
මෙම කාලය තුල පාසල් අධ්‍යාපනය ඇරබීමට අවශ්‍ය බුද්ධි වර්ධනයේ අංශ වන මතකය , යම් දෙයකට දිගු වෙලාවක් අවධානය දීම , විසදීමේ හැකියාව , සංවිධාන ශක්තිය ආදිය දියුණු වේ.මේ කාලය තුල හිතින් මවා ගත් යහළුවන්, චරිත ගැන කතා කිරීම හා හිතින් කතා හැදීම ආදිය සාමාන්‍ය තත්වයකි.මේ කාලය තුල වර්ධනය වන තවත් වැදගත් කුසලතාවක් වනුයේ සම වයසේ දරුවන් හා හිතින් මවාගත් සෙල්ලම් ක්‍රියාකාරකම් වල යෙදීමේ හැකියාවයි. සාමාන්‍ය ජිවිතයේ දරුවා අත් දකින දෑ එනම් මව කෑම ඉවීම, තේ හැදීම, දරුවා නෑවීම, බෙහෙත් ගැනීමට වෛද්‍යවරයා හමු වීම ආදී අවස්ථා සෙල්ලම් බඩු යොදාගෙන අන් අය හා අනුකරණය කිරීමට දරුවා පෙළබේ.
මෙම ක්‍රියාකරකම් දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම මනෝ සමාජීය වර්ධනයටද මෙහෙවින් ඉවහල් වේ. එබැවින් මෙම කාලය තුල මෙබදු ක්‍රියාකාරකම් වල දරුවා යෙදවිමට දෙමව්පියන් හෝ රැකබලා ගන්නන් ගේ අවධානය යොමු විය යුතුය. කිසියම් දරුවකු ගේ හිතින් මවා ගෙන සෙල්ලම් වල දීමේ හෝ අනුකරණය කිරීමේ කුසලතාවය අඩුබව හැගේ නම් ඒ ගැන විශේෂ අවධානයක් දක්වා දරුවා එවැනි ක්‍රියාකාරකම් වල වැඩි වශයෙන් යොදවා ගත යුතුය.එමෙන්ම මෙය ඕටිසම් තත්වයේ ලක්ෂණයක්ද විය හැකි බැවින් විමසිලිමත් වීම වටී.
මෙම කාලය තුල භාෂාව තව දුරටත් වර්ධනය වන අතර වයස හතර/පහ වන විට විවිධ සංකිර්ණ වචන , ව්‍යාකරණ, කාලය හගවන ක්‍රියා පද භාවිතයෙන් අන් අයෙකු හා සංවාදයේ යෙදිය හැකිවේ. පෙර පාසල් දරුවන් තනිව කතා කිරීමද සමහර විට දැකිය හැකි අතර එය සාමාන්‍ය තත්වයකි. ගණන් කිරීම, මුලික අකුරු උච්චාරණය ආදී හැකියාවන් වර්ධනය මේ වයසේදී වර්ධනය වීම ඇරබේ. නමුත් මෙය පවුල් පසුබිම ,සංස්කෘතික පසුබිම, සමාජ තත්වය ආදිය මතද රදා පවතී.
මනෝ සමාජීය වර්ධනයේ ද වැදගත් වෙනස්කම් කිහිපයක් ම මේ කාලය තුල සිදුවේ. පෙර පාසල් වයසේ දරුවන් ස්වාධින විමට උත්සාහ දරන බැවින් වැඩිහිටියන්ගේ නීති වලට අවනත නොවීම , තමාට අවශ්‍ය දෙයක් නොලැබුණහොත් කලහකාරී ලෙස හැසිරීම ආදී ලක්ෂණ දැකිය හැක. විශේෂයෙන් නිවසෙන් පිට ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම දෙමව්පියන්ට අසීරු අත්දැකීමක් විය හැකි නමුදුබොහෝ විට වයසෙන් වැඩෙත්ම එය අඩු වී යයි. තමාගේ අවශ්‍යතා ප්‍රකාශ කිරීමට අවශ්‍ය භාෂා කුසලතා දියුණු නොවීම හා ආවේග හදුනා ගැනීම හා පාලනය අපහසු වීම මේ හැසිරීම වලට බොහෝ විට හේතු වේ.
අනුකම්පාව, සහ කම්පනය වැනි වඩාත් සංකීර්ණ හැගීම් ක්‍රමයෙන් දියුණු වීම තවත් වැදගත් වර්ධන පියවරකි.උදාහරණයක් ලෙස මව කණගාටුවෙන් සිටිනු දුටුවහොත් ඒ ගැන ප්‍රශ්න කිරීමට හා වචනවලින් සැන සවිමට උත්සාහ දැරීම දැකිය හැක. නමුත් හැගීම් ප්‍රකාශ කරන ආකාර ය දරුවා වැඩෙන සංස්කෘතික පරිසරය මත වෙනස් විය හැකියි.
දරුවන්ගේ භාෂා කුසලතාවය දියුණු වනවාත් සමග ඔවුන්ට සම වයසේ අන් දරුවන්ගේ ගති ලක්ෂණ සරලව විස්තර කිරීමේ හැකියාව ලැබේ. එසේම වයස පහ වනවිට ආහාර ගැනීම , ඇදුමක් ඇදීම ආදිය තනිව කර ගැනීමේ හැකියාව ලැබේ.
ගැහැණු පිරිමි වෙනස පිළිබද කුතුහලය, ඒ පිළිබද ප්‍රශ්න කිරීම,ජනක ඉන්ද්‍රිය ස්පර්ශ කිරීම ආදිය මේ වයසේදී දැකිය හැකි සාමාන්‍ය ලක්ෂණයන්ය. නමුත් වැඩිහිටි සමීප සබදතා අනුකරණය කිරීම , බලහත්කාරයෙන් අන් අයට සමීප විමට උත්සහ දැරීම ආදිය අපචාර වලට ගොදුරු වූ දරුවන් තුල දැකිය හැකි බැවින් ඒ පිළිබද දෙමාපියන් විශේෂයෙන් සැලකිලිමත් වියයුතු වේ.
ඇත්තෙන්ම මෙම අවධිය තුල සිදුවන වෙනස්කම්වලින් අපේක්ෂා කරන්නේ වයස අවුරුදු පහ පසු වූ විට පාසල් අධ්‍යාපනය සදහා දරුවා හැඩ ගැස්වීමයි. මේ කාලයේ ඉහත විස්තර කල පරිදී බුද්ධිමය ,භාෂා හා මනෝ සමාජීය වර්ධන පියවර සාර්ථකව පසු කරන දරුවන්ට පහසුවෙන් පාසල් ජිවිතයට හැඩ ගැසිය හැක. කෙසේ වුවද මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වේ. සමහරවිට බුද්ධි වර්ධනය අදාළ ලෙස වර්ධනය වුවද වෙනත් අංශයක් උදාහරණය ලෙස මනෝ සමජිය අංශයෙන් යම් දරුවෙක් පසුගාමී විය හැක. විමසිලිමත් දෙමව්පියන්ට මෙවැනි දෑ කලින් හදුනා ගත හැකි අතර එමගින් දරුවාට අවශ්‍ය අමතර සහය ලබා දිම පහසු වේ.
ප්‍රථමික පාසල් අවධියේ දරුවන්ගේ වර්ධන පියවර ගැන ඉදිරියේ දී සලකා බලමු.
මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට