- Advertisement -

දකුණේ පැතිර යන බව කියන “අභිරහස් වෛරසය” ගැන දන්නවද?

-

සමාජ ජාලා වෙබ් අඩෙවි මෙන්ම පුවත් විකාශ මගින් ද මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන වෛරස රෝගයක් පිළිබඳ පුවත ඔබේත් ඇස ගැටෙන්නට ඇති. දකුණු පළාතේ පමණක් රෝගය පැතිර ඇති බව කීවද මේ වන විට දිවයිනේ හැම පළාතකම වගේ මව්වරුන් මේ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. ඒ වගේම අනියත බියකින් පසුවෙනවා. අන්න ඒ නිසාම මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමටයි අපගේ මේ සූදානම.

මොකද්ද මේ වයිරස් එක…?

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් දරුවන් කිහිප දෙනෙකුට මරු කැද වූ මෙම රෝග තත්ත්වයට හේතු වී ඇත්තේ ඇඩිනෝ සහ RSV නමින් හැඳින්වෙන වෛරස දෙකකි. ඇඩිනෝ වෛරසය ශ්වසන පද්ධතිය, ආහාර මාර්ග පද්ධතිය, ඇස්, මුත්‍රවාහිනී පද්ධතිය, ස්නායු පද්ධතිය වැනි පද්ධති ආසාධනයට ලක් කළ හැකි මට්ටමේ වෛරස් කාණ්ඩයකි.මෙම වෛරස දෙක මගින් අසාමාන්‍ය නිව්මෝනියා තත්ත්වයක් ඇති විය හැකි අතරම ඕනෑම වයසක පුද්ගලයෙකු මේ තත්ත්වයට ගොදුරු විය හැකි වුවත් වැඩි අවධානමක් පවතින්නේ,

- Advertisement -
  • වයස අවුරුද්දට අඩු ළදරුවන් සහ 65ට වැඩි වැඩිහිටියන්
  • දිගු කලක් මුලුල්ලේ ශ්වසනාබාධ ඇති දරුවන් හා වැඩිහිටියන්
  • වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් වැනි ප්‍රතිශක්තිය අවම රෝගීන්
  • දියවැඩියා රෝගීන්
  • ගැබිනි මව්වරුන් යන අයයි
රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් දැකිය හැකි වන රෝග ලක්ෂණ පහත පරිදි වේ.

  • තද බල ලෙස සෙම් සොටු ගලමින් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව
  • කැස්ස
  • උගුරේ අසාධන
  • තද උණ (ෆැරන්හයි අංශක 102 – 103 දක්වා පමණ)
  • දරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වීම
  • කිරි උරාබීම ප්‍රතික්ෂේප කිරීම
  • ශ්වසන අපහසුතා
  • වමනය

මීට අමතරව ඇඩිනෝ වෛරසය මගින් ආසාධනයට ලක්වන කොටස අනුව පෙන්නුම් කරන රෝග ලක්ෂණ වෙනස් විය හැකිය.

  • පාචන තත්ත්වය
  • ඇස් රෝස පැහැයක් ගැනීම
  • ඇස්වලින් කබ/කඳුළු ගැලීම
ප්‍රතිකාර

මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක ඖෂධ වර්ග ලබාදීම වැදගත් නොවන්නේ මෙය බැක්ටීරියා ආසධනයක් නොවන බැවිනි. මෙය වෛරස ආසාධනයක් බැවින් එය සිරුරෙන්ම සුව වීම සිදුවිය යුතුය.

  • හැකි තරම් දියර වර්ග දරුවාට ලබාදෙන්න
  • විවේකීව සිටීමට සලස්වන්න
  • පිරිසිදුව තබාගන්න
  • වෛද්‍ය උපදෙස් මත රෝහල් ගතකරන්න

මෙම වෛරස අසාධානය සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් පවති.  නමුත් තදින් ඇති වූ ශ්වසන ආසාදන වන කැස්ස වැනි තත්ත්වයන් සුව වීමට දිගු කාලයක් ගත විය හැකිය. නිව්මෝනියා තත්ත්වය නම සුව වීමට සති දෙකක් හතරක් වැනි කාලයක් ගත විය හැකිය.

රෝහල්ගත විය යුතු තත්ත්ව

  • වයස මාස තුනට අඩු / ගැබිනි මව්වරුන්/ වයස අවුරුදු 60ට වැඩි රෝගීන් වීම
  • තද උණ දින කිහිපයකට වඩා වැඩි කාලයක් පැවතීම
  • රෝගය වැළඳී සතියක් ගත වුවද රෝග ලක්ෂණ නරක අතට හැරීම
  • හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කිරීම
  • ඇසේ අසාධන තත්ත්වය උග්‍ර වීම/වේදනාකාරී වීම
  • විජලනය තත්ත්වයට පත්වීම
  • වෙහෙසකාරී බව/දුර්වල බව
  • මුත්‍රා පිට කරන වාර ගණන අඩුවීම
රෝගය පැතිර යෑම වලක්වා ගැනීමට නම්

මෙම තත්ත්වය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ විය හැකි රෝග තත්ත්වයකි.  මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් දරුවන් බේරා ගැනීමට නම් රෝගය පැතිරීම අවම කිරීම සඳහා අප සියලු දෙනා ක්‍රියාත්මක විය යුතුය.

ඒ සඳහා

  • රෝගය වැළදුණු දරුවන් සම්පුර්ණයෙන් සුවය ලබන තෙක් වෙනත් දරුවන් අතරට එවීමෙන් වලකින්න
  • රෝගි නම්, කහින හෝ කිවිසන විට තම මුඛය හා නාසය ආවරණය කර ගැනීමට කාරුනික වන්න. එමගින් අනෙක් අයට රෝගය බෝ වීමේ අවධානම අවම වේ
  • ඔබේ දරුවාට අන් අයගේ ආහාර/වතුර බෝතල්/ලේන්සු භාවිතයෙන් වලකින ලෙසට තරයේ අවවාද කරන්න
  • දරුවාට තම දෑත හොඳින් පිරිසිදු කිරීමට උපදෙස් දෙන්න. ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න
  • කෑම පිසීමට පෙරත් දරුවන්ට ආහාර ලබා දීමට පෙරත් වැඩිහිටි ඔබේ පිරිසිදු බව පිළිබඳව සැලකිලිමත් වෙන්න
  • මෙම වෛරසය ජලය හරහා ද පැමිණිය හැකි බැවින් රෝගය පැතිරෙන කාලය තුළ නාන තටාක, ඇල දොළ ආදියෙන් දරුවන් ඈත් කරතබන්න. ජලය හරහා ඇති වන තත්ත්වයේදී ඇස් රෝස පැහැ වෙන තත්ත්වය දැකගත හැකිය
  • සෙනඟ ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන යාමෙන් වලකින්න රෝහලක් වෙත ගියද තමන්ගේ වාරය එන තුරු හැකිතාක් වෙන්ව සිටීමට වග බලාගන්න
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article