ආසාත්මික තත්වයන් ගැන අම්මල දන්නේ මොනවද?

allergy-child

අසාත්මික තත්වයන් පිළිබඳව බොහොමයක් මව්වරුන් නොදැනුවත් කිව්වොත් නිවැරදියි. මන්ද බහුතරය සිත සිටින්නේ අසාත්මිකතාවයක් පිටතට පෙන්නුම් කරන්නේ කියන්නේ සම මත ඇති වන පලු හෝ ලප ලෙස පමණක් කියාය. ඒත් අසාත්මිකතාවයක් යනු ඊට වඩා බරපතල විය හැකි තත්ත්වයකි.

අසාත්මිකතාවයක් පෙන්නුම් කරනු ලබන රෝගතත්ව,

  • ඇදුම රෝගය
  • හතිය
  • පීනස

සාමන්‍යයෙන් ඇතැම් ආහාර වර්ග, දූවිල්ල වැනි සාමාන්‍ය තත්වයන් වුවද අසාත්මිකතා ඇති වන පුද්ගලයන්ට රෝග ඇති කළ හැකියි. අන්න ඒ නිසාම මෙවැනි රෝගතත්ව දරුවන්ට දිගින් දිගටම ඇති වීමේදී විමසිලිමත් විය යුතුය. ඇතැම් නිවෙස්වල ඇතිකරන සුරතලුන් නිසා දරුවන්ට ඇදුම වැනි තත්ත්වයන් ඇති විය හැකිය. ඒ සරතලුන්ගේ ලොම් හේතුවෙනි. නමුත් ඇදුම රෝගය ඇතිවීමට හේතු වන මේ තත්ත්වය ඉවත් නොකර රෝගයට ප්‍රතිකාර කිරීම සාර්ථක නොවේ. එයින් රෝගය නිට්ටාවට සුව කිරීම කළ නොහැකියි.

දරුවන්ට අසාත්මිකතා ඇති විය හැකි බව හඳුනා ගන්නේ කොහොමද ?

මේ සඳහා භාවිත වන පරීක්ෂණය වන්නේ චර්ම රෝග පරීක්ෂණය (Skin Testing) යි.  මෙහිදී ඔබේ දරුවා යම් දෙයකට අසාත්මිකතාවයක් පෙන්වනවාද යන්න පරීක්ෂණයට ලක් කෙරෙයි. උදාහරණ වශයෙන් දරුවෙකුට දිගින් දිගටම යම් රෝග තත්වයක් පැවති නම් ඒ පිළිබඳව ඇති වෙන සැකය මත එය ඇති වන්නේ යම් ආහාරයක් නිසාද? නැතිනම් යම් පාරිසරික සාධකයක් නිසාද යන්න සොයා බැලීමට මෙම පරීක්ෂණය ඉවහල් වේ.

මේ පරීක්ෂණය සිදු කෙරෙන්නේ කෙසේද?

දිගින් දිගටම පවතින යම් රෝග තත්ත්වයක් ඇති විට දරුවාගේ වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස් පරිදි තත්වය හට ගන්නෙ යම් ආහාර වර්ගයක් ලබා ගත් පසු ද යන්න පිළිබඳව සුපරික්ෂාකාරිව සිටිය යුතුය. එසේ සැක කෙරෙන ආහාර වර්ග සඳහා දරුවා අසාත්මිකතාවයක් පෙන්නුම් කරයිද යන්න පිළිබඳව චර්ම රෝග පරීක්ෂණයට යොමු කර ස්ථිර කර ගැනීම සිදුවෙනවා.

මෙම චර්ම රෝග පරික්ෂණයෙදී අසාත්මික හේතූන් වන ආහාර වර්ග සහ පාරිසරික හේතු මෙන්ම සත්වයන් යන අවස්ථා සඳහා වෙන් වෙන් වශයෙන් රසායන ද්‍රව්‍ය යොදා ගැනීම සිදු කෙරේ. එසේම පරීක්ෂණයට යොමු වීමට පෙර ද වෛද්‍ය උපදෙස් මත දරුවට ලබා නොදිය යුතු ආහාර/ඖෂධ වර්ගයන් පිළිබඳවද වෛද්‍යවරයා මව්පියන් දැනුවත් කරන අතරම ඒවා ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතු වේ. නැතහොත් පරීක්ෂණයේ ප්‍රතිපලවල නිරවද්‍ය බව සහතික කළ නොහැකි බැවිනි.

මෙසේ යම් දරුවෙකු යම් දෙයකට අසාත්මිකතාවයක් පෙන්නම් කරන බවට පරීක්ෂණයෙන් සනාථ වූ පසු ද දරුවාට නොදිය යුතු ආහාර වර්ග, ඖෂධ වර්ග මෙන්ම දරුවා රැකගත යුතු පාරිසරි තත්ත්ව පිළිබඳවත් මව්පියන් දැනුවත් කිරීම සිදු කෙරේ.

පරීක්ෂණය සිදු කෙරෙන්නේ මෙහෙමයි

චර්ම රෝග පරීක්ෂණයට තම දරුවන් යොමු කිරීමට ඇතැම් මව්වරු තුළ අනියත බියක් ඇති නමුත් මේ පරීක්ෂණය වේදනාකාරී තත්වයක් නම් නොවේ. මෙහිදී සිදු කෙරෙන්නේ සම මත අසාත්මිකතා පරීක්ෂණය සඳහා යොදා ගන්නා රසායන ද්‍රව්‍ය සම මත එක් එක් ස්ථානවල තවරා සම මත ඉතා සුළු සීරීමක් ඇති කිරීමයි. ඉන් විනාඩි 25ක් පමණ කාලයකින් ප්‍රතිපල ලබා ගත හැකියි. එතැනදී ඔබේ දරුවාට අසාත්මිකතාවය ඇති වන්නේ කුමන හේතුවක් මතද යන්න වැටහ ගත හැකියි. මෙහිදී අසාත්මිකතාවයන් වලක්වා ගැනීමට උපදෙස් ලබා දීමද සිදු වේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේදී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය එම්. එන්. ජයවර්ධන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here