- Advertisement -

ප්‍රසුතවේදනාව සහ වේදනානාශක

-

දරුවෙක් කුස පිලිසිඳගත් දිනයේ පටන් කාන්තාවකගේ බලාපොරොත්තුව මේ කිරිකැටියාගේ මුහුණ දැකීමයි. ඒ වෙනුවෙන් අම්මා දරණ ප්‍රසව වේදනාව පවා ඔවුන්ට වේදනාවක් නොවන තරමටම මේ බන්ධනය ඉතාම ශක්තිමත්. ඒ තරමටම දරුවා මුල් කර ගෙන අම්මාගේ හිතේ ඇති වෙන බැඳීම කිසිම ලෙසකින්වත් වෙන් වෙන්නේ නැහැ.

අදින් දශක දෙක තුනකට පෙරාතුව දරුවන් බිහි කිරීමේදි අද වගේ නිර්වින්දන තත්වයක් යටතේ දරුවන් බිහි කිරීමට අවස්ථාවක් තිබුනේ නැහැ. ඒ නිසාම ඇතැම් අවස්ථාවලදී දරුවාගේ වගේම අම්මාගේ ජීවිතයත් අවදානමට පත් වුණා.

- Advertisement -

අද තත්වය මීට වෙනස්. අද අම්මා කෙනෙකුට තමාගේ ප්‍රසවය ස්වභාවිකද එහෙම නැත්නම් සිසේරියන්ද යන්න තෝරා ගන්න පුලුවනි. වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කම් වෙනුවෙන් අම්මා යොමු කරන අවස්ථාවනුත් තිබෙනවා.

“සිසේරියන්” යන වචනය අපි ලබා ගෙන තිබෙන්නේ රෝම භාෂාවෙනුයි. මේ වචනයේ අදහස අම්මා මිය යන්නට පෙරාතුව ගර්භාෂය කඩා හෝ දරුවා පිටතට ගැනීමයි. රෝම ජාතිකයන් විසින් මව මියයන්න අවදානමක් තිබෙනවා නම් ගර්භාෂය කඩා දරුවා පිටතට ගත්තා. ජුලියස් සීසර්ගේ මව “අවුරේලියා” තමාගේ පුතුට උපත දුන්නේ මේ විදිහටයි. ලතින් භාෂාවට අනුව “caedere” යනුවෙන් අදහස් කරන්නෙත් කැපුමක් යන්නයි.

බොහෝ මව්වරුන් තවමත් ස්වභාවික ප්‍රසවයට කැමැත්තක් දක්වනවා. ඒ වගේම නින්දට පත් කරන වේදනා නොදැනෙන ඖෂධ මගින් ප්‍රසව වේදනාව මග හැර ගැනීමේ හැකියාවත් තිබෙනවා. ප්‍රසව වෛද්‍ය විද්‍යාවේ පර්යේෂකයන් විසින් මේ සංකල්පය මුල් කර ගෙන අධ්‍යනයක් සිදු කරනු ලැබුවා.

මෙම අධ්‍යනය කරනු ලැබුවේ “කැලිෆෝනියාවේ ස්ටැන්ඩ්ෆෝර්ඩ්” වෛද්‍ය විද්‍යාලයේ බ්‍රැන්ඩන් කාවොල්හෝ විසිනුයි. ඔවුන් මෙහිදී ගැබිණි මව්වරුන් වෙත ප්‍රශ්නාවලියක් ලබා දුන්නා. ලබා ගත් දත්ත විශ්ලේෂනයේදී ප්‍රමුඛත්වය දුන්නේ දිගු වේලාවක ප්‍රසව වේදනාව මධ්‍යම මට්ටමින්  සහ කෙටි වේලාවක ප්‍රසව වේදනාව තීව්‍ර මට්ටමින්  විදිහටයි.බොහෝ මව්වරුන් දිගු වේලාවක් අඩු වේදනාවකින් ලබන්නට කැමැති වුණා.

මෙම අධ්‍යන වාර්තාව ගැන අදහස් දක්වන සියැටල්හි වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය රෑත් ලැන්ඩන් සඳහන් කරන්නේ අවම වේදනාව ගැන අදහස් ඇති වෙන්නේ කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන් ඉදිරිපත් වන මව්වරුන් බවයි. දෙවැනි දරු ප්‍රසුතිය වෙනුවෙන් සූදානම් මව්වරුන්ගේ අදහස වන්නේ කෙසේ හෝ පැය විසිහතර තුළ තමාගේ දරු ප්‍රසුතිය සිදු කිරීමයි. පළමු දරුවා ලැබීමේදී ලද අත්දැකීම් පාදක කර ගෙන ඔවුන් තුළ මේ අදහස් ගොඩ නැගී තිබෙනවා.

මේ අතර වෛද්‍ය කාවනෙල් සඳහන් කරන්නේ දරු ප්‍රසුතිය බොහොම සංකීර්ණ අවස්ථාවක්. ඒ ගැන කල් තබා තක්සේරු කිරීම අපහසුයි.කාන්තාවන්ගේ කලබා බර අනුවත් ප්‍රසුතියේ සංකුලතාවයන් සිදු වෙනවා.ඒ වගේම දරුවා පිටතට පැමිනෙන විටත් ප්‍රසුතිය පහසු කරන උපාංගයන් යෙදීම සිදු වෙනවා. මේ නිසා පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වේදනා නාශක අවමයෙන් භාවිතා වෙන විට වේදනාව දැනුනත් ප්‍රසවය ඉක්මනින් සිද්ධ වෙන බවයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article