ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි

child-suffering-from-fever

වර්තමන සමාජයේ බොහෝ දෙනා අතර මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්වය පිළිබද දැඩි කතබහට ලක්වෙනවා. සාමාන්‍ය වැසි සහිත කාලගුණයක් පවතින විට වෛරස් ආසදන ඇති විමේ අවදානම සුලබව දකිය හැකියි. ඒ අතරින් මේ දිනවල ප්‍රධාන මාතෘකවක් ලෙස මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්වය දකගත හැක. ඉතින් මෙම රෝග තත්වයෙන් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යය.

බොහෝ දෙනා වැඩිදුර අසා ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත උණ රෝග තත්ත්වයක්  පිළිබදවය. සාමාන්‍ය වෛරසය වැඩිපුරම දක්නට ලබෙන්නේ උණ  සහ සෙම්ප්‍රතිශ්‍යාව ලෙසය. නමුත් ඉන්ෆ්ලුවෙන්සා උණ ඊට වඩා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාවේ ප්‍රභේද

ඉන්ෆ්ලුවෙන්සා උණ, ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B, ඉන්ෆ්ලුවෙන්සා A1H1 යන ආදි ප්‍රභේද කිහිපයක් ලෙස දක්නට ලැබේ. මේවා අතරින්  A H1N1 වෛරස්  ආසදනය 2009 සිට ලෝකයේ අධි වසංගත  තත්ත්වයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම වෛරසය ඉතා දරුණු තත්වයකි.

ඉන්ෆ්ලුවෙන්සාව වැළදෙන  ආකරය

මෙය අසාදිත  පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට  පහසුවෙන් බෝ වන රෝගයකි. ආසදිත පුද්ගලයකු ගේ  ශ්වසන (සෙම/සොටු දියර/වතය) මගින් මෙම වෛරසය ව්‍යාපත වේ. වෛරසය, රෝගියෙකු කිවිසුම් හරින විට හෝ සෙම/සොටු ඉවත් කරන විට වාතයට පිට වී ව්‍යාප්ත වේ. මෙහිදි ආසදිත පුද්ගලයෙකු කිවිසුම් හරින විට සහ සෙම සොටු ඉවත් කරන විට ප්‍රවේශම්  විය යුතුයි.

රෝගියෙක් කිවිසුම් හරින විට අත්ල භාවිත නොකළ යුතුය. සෑම විටම ලේන්සුවක/ටිශූ කඩදාසියක් භාවිත කිරීම සුදුසුයි. තවද එසේ නොමැති අවස්ථාවක වැලමිට භාවිත කිරිම අත්ලට වඩා සුදුසු වේ. මන්ද යත් අත්ල මත තැවරීමෙන් ආසදනය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිය. තවද ආසදිත පුද්ගලයෙකු ගේ තුවාය/පිඟාන/කෝප්පය ආදීය  ඔහු/ඇය පමණක් භාවිත කිරීම සුදුසු වේ.

එමෙන්ම මෙම රෝගය කූඩා දරුවන්ට වැලදීමේ  අවදානම  වැඩිය. යම් හෙයකින් මෙම රෝගී  තත්ත්වය  වැළදුන  හොත්  අසනීපය  සුව වෙන තෙක් පාසල්/පෙර පාසල් නොයැවීමට දෙමාපියන් වග බලගත යුතුය.

මෙම වෛරසය ශරීරය තුළ ක්‍රියාත්මක  වන ආකරය

මෙම වෛරසය ප්‍රබල වශයෙන්ම බලපෑම් කරන්නේ ශ්වසන පද්ධතියටයි. මුලින්ම නාසයෙන් වෛරසය ඇතුළු වන අතර පසුව නාසය උගුර ආශ්‍රිතව  ආසදන තත්ත්වයන් ඇති කරයි . අප ශරීරයේ, ශ්ලේශ්මල පටකය නැතහොත්  සාමාන්‍ය  ව්‍යවහාරයේ අප හඳුනන ශ්ලේෂ්මල  හෙවත් සෙම පවති. මෙම සෙම සම්බන්ධයෙන් සමාජයේ විශාල බියක් පවතී. සෙම ශරීරයෙන් පිටතට පැමිණීම හිතකර තත්ත්වයකි. සෙම අප ශරීරයේ පවතින ප්‍රතිෂක්තිකරණයේ කොටසකි. සෙම වැඩිපුර ශ්‍රාවය වනුයේ  ශරීරයෙන් වෛරස ඉවත් කිරීමටය. සෙම සඳහා වෙනත් විශේෂ ප්‍රතිකාර  අවශය නොවේ. ඉන් පසුව අප ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය හදුනාගෙන එවා මගින් ප්‍රතිදේහ නිෂ්පාදනය කරයි. (මෙම ක්‍රියාවලිය ආසදනය වී සතියකට පසු ක්‍රියාත්මක වේ) ඉන්පසුව එමගින් වෛරසය පාලනය කරයි. එම නිසා සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට නම්, විවේකය සහ උණ පාලනය තුළින් මෙම රෝගය සුව වේ.  ශරීරය දුර්වල  පුද්ගලයෙකුට නම් ඉන්ෆ්ලුවෙන්සා මගින් සංකූලතා ඇති කරයි. නිරෝගී තරුණ පුද්ගලයෙකුට වෛරසය සදහා විශේෂ ප්‍රතිකාර අනවශ්‍යය. තම ශරීරයෙ ප්‍රතිශක්ති පද්ධතිය දියුණු නම් දවස්  4 ක් 5 ක් අතර ඉබේම  සුව් වේ. නමුත් මුල් දවස් 4-5 අතර සාමාන්‍ය තද උණ ගතියක් පවතී.

රෝග ලක්ෂණ

  • සෙම්ප්‍රතිශ්‍යව
  • නාසයෙන් සොටු දියර ගැලීම
  • ඇඟ පත වේදනාව
  • හිසේ කැක්කුම
  • ඇස් රතු වීම

මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණ තත්ත්වයකදී  වුවත් ඇති විය හැක.

ඉන්ෆ්ලුවෙන්සාවේදී මෙම වේදනාව දරුණු ස්වභාවයක් ගනී.

  • අධික උෂ්ණත්වය
  • මස්පිඩු වේදනාව
  • තද හිසේ කැක්කුම
  • ඇස් ආශ්‍රිත ආසදන
  • වමනය/පාචනය

මෙහිදි ප්‍රථමයෙන් රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කළ යුතු ය.

වයස් ප්‍රභේද

සාමාන්‍යයෙන් මෙම රෝගය වැළදීමේ අවදානම පවතින්නේ කුඩ දරුවන්ට සහ මහලු අවදියේ පසුවන අයටයි. විශේෂයෙන්ම වයස අවරුදු  5ට අඩු දරුවන් සහ වයස අවරුදු 60 වැඩි පුද්ගලයන් මෙම වෛරසයෙන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතුය.

උණ තත්ත්වය ප්‍රථමයෙන් නිවසේදී පරික්ෂා  කරන ආකරය

වැඩිහිටි  පුද්ගලයෙකුගේ නම් උණ පරික්ෂා කරගත යුත්තේ උණ කටුව දිව යට තබමින්ය. සාමාන්‍ය උණ තත්ත්වයක් නම් ෆැරන්හයිට් 100 ( සෙල්ශියස් අංශක 38) වැඩිවිය යුතුයි. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ නම් (වයස අවරුදු 6 ට අඩු) උෂ්ණත්වය පරික්ෂා  කර ගත යුත්තේ උණ කටුව  අත යට තබමින්ය. මෙහිදි උෂ්ණත්වය නිවැරදිව ලබාගැනීමට නම්  පවතින උෂ්ණත්වය ෆැරන්හිට් නම් 1(සෙල්ශියස් නම් 0.5) ක් එකතු කරගත යුතුයි. මෙම මූලික දැනුම නොමැතිකම නිසා බොහෝ පුද්ගලයින් සාමාන්‍ය උෂ්ණත්වයකදී පවා අනවශ්‍ය බියක් ඇති කරගනී. ඉහත සදහන් කර උෂ්ණත්වයන් පවතී නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි.

ප්‍රතිකාර

සාමාන්‍ය උණ රෝගයකදී විවේකිව සිටීම,  උෂ්ණත්ව පාලනය සඳහා පැරසිටිමෝල්  භාවිත කිරිම දියර වර්ග බාවිත කිරිම සුදුසු වේ. නමුත් දින 3කට වඩා උණ තත්ත්වය පවතී නම් අනිවාර්යෙන්ම සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතුය.

විශේෂයෙන්ම කුඩා දරුවන් හා වයස අවරුදු 60 ට වැඩි පුද්ගලයින් ගර්භණි මාතාවන් අනිවාර්යෙන්ම ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමුකළ  යුතු වේ.

ඉන්පසු වෛද්‍යාවරුන් කුමන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ද යන්න හඳුනා ගැනීමට සෙම සාම්පලයක් මගින් පරීක්ෂණ  කර ඒ සදහා සුදුසු ප්‍රතිකාර  ලබාදේ.

 ඉන්ෆ්ලුවෙන්සාවෙන්  පසු ඇතිවෙන ද්විතික සංකුලතා

ඉන්ෆ්ලුවෙන්සාවෙන් පසු නිව්මෝනියාව ඇදුම වැනි සංකූලතා පසුකාලීනව ඇති වීමේ හැකියාව පවතී. තවද සාමාන්‍ය සංකුලතා ලෙස කනේ ආසාදන දැකිය හැක.

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී  සුදුසු ආහාරපාන

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයකදී ආහාරපානවල බලපෑමක් නැත. රෝගියාට රුචි ආහාරපාන ගැනීමේ හැකියාව පවතී. නමුත් සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයකදී ආහාර අරුචිය ඇතිවන නිසා දියර වර්ග ගැනීම වඩා සුදුසු වන්නේ එසේ නොමැති වීමෙන් විජලන තත්ත්වයක් ඇති වීමේ අවධානම වැඩි බැවිනි.

ලංකා හොස්පිට්ල්ස්හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති මොල්ලිගොඩ මහත්මිය සමගින් සාකච්ජා කර සසිනි අරවින්දි විසින් සකසන ලද ලිපියකි.

 

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here