- Advertisement -

සාප්පු සවාරිය පටන් ගන්න පෙරාතුව හිතන්න යමක්

-

උත්සව කාලයයි, පාසල් නිවාඩුවයි එකට එකතු වුනාම දරුවන් සමග සාප්පු සවාරියත් පටන් ගන්න අම්මලාට සිද්ධ වෙනවා. පුංචි කාලයේදී නම් අම්මට, තාත්තාට හිතට ඇල්ලුව ඇඳුමක්, පැලඳුමක් අරගෙන දීලා පුංචි හිත් සැනසුවාට දැන් නම් ඒ විදිහට බැහැ. දරුවන් උස් මහත් වෙද්දී ඒ අයගේ කැමැත්තටත් ඉඩ දෙන්නඑපායැ. ඒ නිසා අම්මාට දරුවන් එක්ක සාප්පු සවාරියේ යද්දී මේ ගැනත් ටිකක් හිතේතියාගෙනම ගමන පටන් ගත්තොත් හොඳයි.

මුලින්ම ලැයිස්තුවක් සකසා ගන්න …

දියණිවරුන් සමග සාප්පු යද්දී ඒ වෙනුවෙන්ම පැය ගනනාවක් ගෙවන්න අවශ්‍ය නිසා අම්මාගේ උවමනාවන් සමහර විට අමතක වෙන්න පුලුවනි. ඒනිසාම අද දවසේ මිළට ගන්නා දේ ගැන ලැයිස්තුවක් සමග ගමන පටන් ගත්තොත් වඩාත් හොඳයි.

- Advertisement -
වඩාත් ගැලපෙන්නේ උදය වරුවයි …

හැන්දෑවට සාප්පුවල විතරක් නොවෙයි, නගරයේත් තදබදයඉතාම වැඩියි. මේ නිසා අවශ්‍ය දෙයක් තෝරා ගන්න විතරක් නොවෙයි, මිළට ගන්නා ඇඳුම මිම්මට ගැලපෙනවාදැයි බලන්නවත් ඉඩපාඩුවක් නැහැ. ඒ නිසා උදේ වරුවේ සාප්පු සවාරිය පටන් ගත්තාම වඩාත් හොදයි. මේ වේලාවට සාප්පුවල සේවකයන් වුනත් අලුත් බවකින් සිටින නිසා ඔවුන්ගෙනුත් උදව් ලබා ගන්නපුලුවන්. හවස් වෙන විට සේවකයනුත් තේහෙට්ටුවට පත්ව ඉන්න නිසා ඔබේ අවශ්‍යතාවය ගැලපෙනහොඳම විදිහට ඉෂ්ට නොවෙන්න පුලුවනි.

ඇස්තමේන්තුවක් පිළියෙල කරගන්න…

ග‍‍ඟේ මුහුදේ දැම්මත් ගාණක් මිම්මක් තියෙන්න එපායැ. ඒ නිසා මිලට ගන්නා දේවල් සහ ඒ වෙනුවෙන් වූ වැය ගලපා ගෙන පුංචි ඇස්තමේන්තුවක් හදා ගන්න. ඒ මොකද කිව්වොත් අතිරේක දෙයක් ගන්න අවශ්‍ය වුනොත් මේ ඇස්තමේන්තුව සමග ගලපා ගෙන එය මිළට ගැනීමේ හැකියාව තිබෙනවාද නැත්ද ගැන තීරණයක් පහසුවෙන්ම ගන්න පුලුවනි.

සේල් ගැනම හිතන්න එපා …

සේල් පොළවල් වලින් මිළට ගැනීමේ යම් යම් වාසිතිබෙන්න පුලුවනි. ඒත් උත්සව අවස්ථාවක තෑගි දීමට මිලට ගන්නා ඇදුම් නම් සේල් පොළකින් ලබා ගැනීම අවදානම්. ඊට හේතුව යම් විදිහකට ඔබ තෑගි දෙන අයට මේ ඇදුමේ යම් මදිපාඩුවක් වුනොත් එය මාරු කර ගැනීමට අවස්ථාවක් නොතිබෙන්න පුලුවනි. තවත් අවස්ථාවක්අමතක කරන්න එපා. පුංචි පලුදු වීම්, කිලිටිවීම් නිසාත් මේ විදිහට මිළ අඩු කිරීම් කරලා ඔවුන්ගේ අලාබය අවම කර ගැනීමට සේල් දාන අවස්ථාවන් තිබෙනවා. මොන දේ වුනත් ඔබ එවන් ස්ථානවලින් මිලට ගැනීම වරදක් නැහැ. එහෙත් තෑග්ගක් දීමට යමක් ගන්නවා නම් වගකිව යුතු ආයතනයකින්ම මිලට ගැනීම වඩාත් වැදගත්.

මුදල් එක තැනකම තබා ගන්න එපා …

මේ කාලයට ගැට කපන්නන්ද අපි සමග සාප්පු සවාරියේයනවා. ඉතින් ඒ අයට පහසුවක් වෙන විදිහට ඔබේ මුදල් පසුම්බි නිතරම අනාරක්ෂිතව තබාගන්න එපා. ඒ වගේම මුදල් එකම තනක නොතබා කීප තැනකම ප්‍රවේසම් සහතිකව තබන්න. දැන්නගරයේ අලුත්ම සෙල්ලමක් තිබෙනවා. බොහොම ජැන්ඩියට ඇඳ පැළදගෙන සිටින කාන්තාවන් බස්වලගමන්ගනිද්දී අත් බෑග් ඉල්ලා ගෙන තබා ගන්නවා. අපිත් මේ විදිහට තවත් කාන්තාවකට බෑගය දෙන්නේ “අනේ අපිට බොහොම ලෙන්තගුතව කරන උදවව්ක්නේ…” යන සිතුවිල්ලෙන්. ඒත්මෑතකදී මේ වගේ සිදුවීම් දෙකක්ම අපේ ඇසුරු කරන උදවියට සිද්ධ වී තිබෙනවා.  සෙනග තදබදයේ අපි බෑගය දිහාට ඇහැ එල්ල කර ගෙනඉන්නේ නැහැ. “ස්තූතියි” කියල බෑග් එක අරගෙන බසයෙන් බැහැල වෙනත් තැනක දී අවශ්‍ය දේ ගැනීමට බලද්දී අත්බෑගයේ තිබුන පුංචි මුදල් පසුම්බිය නැති බව මේ දෙන්නාම දැනගත්තා. කොහොම වුනත් විලාසිතාවට ඇඳ පැළදගෙන සිටියට කාන්තාවකට වුනත් ඔබේ අත්බෑගය දෙනවා නම් ඒ අසලින්ම ඔබත් රැඳී ඉන්න. ඒ වගේම මුදල් තිබෙන පසුම්බිය ඉතාම සුරක්ෂිතව පහසුවෙන් ගත නොහැකි විදිහට තබා ගැනීමත් වැදගත්.

බඩගින්නට පිපාසයට පිලියම් සලසා ගෙන යන්න … 

සාප්පු යන හදිස්සියට උදේ ආහාරය වත් නොගෙන පාරටබහින්න එපා. ටික වේලාවක් යද්දී දැනෙන බඩගින්න නිසා සාප්පු යෑමත් වෙහෙසකරයි. වතුරබෝතලයක් පවා රැගෙන යෑම වැදගත්. පිපාසයට විකල්ප මග තොට තිබෙන බව ඇත්ත. ඒත් මෙම පානවර්ග සෞඛ්‍යට අහිතකර වගේම අමතර මුදලක් අහිතකර දේ වෙනුවෙන් වැය කිරීමේ ප්‍රයෝජනයක් තිබෙනවායැ. වැසිකිළි, කැසිකිලි අවශ්‍යතාවයන් වුනත් නිදහස් කරගෙනම ගමන පටන් ගන්න.

කුලී රථයක් ගන්නවා නම් අවම දුරකින්..

තෑගි බෝග රැගෙන එනවිට පයින් ගමන අපහසුනම් ඒ වෙනුවෙන් කුලී රථයක් කැඳවනවා නම් අවම දුරකින් පටන් ගැනීමට සැලසුම් කරන්න. අවශ්‍ය සියල්ල අවසානයට ලබා ගෙන ඒ අවම දුර සිට කුලී රථයකින් පැමිණීමෙන් වැය ශීර්ෂය කළමනාකරණයකින් කර ගැනීමට පුලුවනි.

වට්ටම්පත්, වගකීම් සහතික …

සමහර ආයතන වෙතින් ඔබට වට්ටම්පත් ලැබී තිබෙන්නපුලුවනි. මේවාත් රැගෙන යන්න. සමහර විට එය ඔබ අද මිලට ගන්නා දෙයට යම් මිළ අඩුකිරීමක් ලබා දෙනු ඇති. ඒ වගේම අද මිළට ගන්නා දේ වෙනුවෙන් බිල්පත් ඉල්ලා සිටින්න. යම් අඩුපාඩුවක් වෙතොත් එය මාරු කර ගැනීමට හැකියාව තිබෙනවාදැයි විමසා සිටින්න. වගකීම් සහතික අවශ්‍ය මිලදී ගැනීම් වෙනුවෙන් ඒවා ඉල්ලා සිටින්න. ඉතුරු මුදල් ලබා ගැනීමේදී නිවරැදිතාවය සහ බිල්පතේ සදහන් පරිදි ඔබ මිළට ගත් හැම දෙයම අසුරා ගෙනතිබෙනවාදැයි නැවත බලන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article