- Advertisement -

තේ, කෝපි, චොකලට් දරුවන්ට ගුණයි

-

අම්මලා දරුවන්ට දෙන්නේ හොඳම දෙයයි. ඒ පිලිගැනීමට නැවත නැවත තර්ක විතර්ක අවශ්‍ය නැහැ. ඒ වුනත් සමහර දරුවන්ට දිය යුතු දේ නොදී ඉන්නේ දෙමව්පියන් ඒ ගැන දැණුවත්බවක් නැති නිසයි.

අපි නිතරම දරුවන්ට බත්, පළතුරු වැඩි පංගුවක් ලබා දීම උනන්දුයි. ඒවායේ දරුවන්ට අවශ්‍ය පෝෂණය නොඅඩුව තිබෙන නිසා මේ වෙහෙසකර තත්වයට දෙමව්පියන් පත් වීම අමුතු දෙයක් නොවෙයි.

- Advertisement -

මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන අන්දමට දරුවන්ට තේ, කෝපි වගේම චොකලට් ලබා දීමත් ඉතාම වැදගත් මේවායෙන් ලැබෙන වාසි දැන හදුනා ගත් දිනකදී නම් දෙමව්පියන්ගෙන් දරුවන්ට මේ වෙනුවෙන් තහංචි පැනවෙන එකක් නැහැ.

මේ අධ්‍යන වාර්තාව පසුගිය නොවැම්බර් 2 වැනි දා ප්‍රකාශයට පත් වුන අතර එය නොවැම්බර් 25 වැනි දින “නේචර් කෙමිස්ට්‍රි” සඟරාවේ පළ වී තිබෙනවා. මේ පර්යේෂනය සිදු කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා හි Auburn විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක්.

තේ, කෝපි වලට නම් පුංචි දරුවන් එතරම් ඇල්මක් නැහැ. ඒත් චොකලට්වලට නම් අකමැත්තක් නැතුව ඇති. අපි බොහෝ විට චොකලට් ගැන හිතන්නේ පෙම්වතුන්ගේ ආදර සංකේතයක් විදිහට මිසක පුංචි දරුවන්ගේ කැමැත්තක් කියල කිසිම හැඟීමක් නැහැ. සමහර දෙමව්පියන් දත් දිරන, පණු අමාරුව වැනි හේතු කාරණා ඉදිරියට අරගෙන චොකලට් වෙනුවෙන් තහංචි පනවා ගන්නවා.

දැන් ඉතින් තහංචිය අඩු කරන්න වෙනවා

මේ අධ්‍යන කණ්ඩායමට අයත් වුනේ නියුම්බර්ග් හි ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ජෛව රසායන මහාචාර්ය ඉවානා ඉවානොයි බර්මැසොවි සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි Auburn විශ්ව විද්‍යාලයේ පර්යේෂක වරයෙකුයි.

සින්ක් වලින් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් (oxidative stress) අඩු කරන්න පුලුවනි

අද හැම කෙනෙක්ම කතා බහ කරන්නේ ජීවිතයේ වෙහෙසකර බව ගැනයි. මේ තත්වය මානසිකවත් ඒ තරම් සතුටුදායක නැහැ. වෙහෙසකර තත්වය නිසා නොදැනීම ඇති වෙන මානසික වෙනස්කම් සුලුවෙන් සලකනන් බැහැ. ඒ විතරක් නොවෙයි, ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් (oxidative stress). මේ තත්වය නිසා අපි වියපත් වීම ඉක්මන් කරනවා වගේම ජීවත්වීමේ ආයු කාලයත් කෙටි වෙනවා. ඒත් චොකලට්, තේ, කෝපිවල සින්ක් අන්තර්ගත නිසා සින්ක්වල බලපෑමෙන් මේ වෙහෙසකර තත්වයට පිලියම් ලබා ගැනීමට පුලුවනි.

ඒ තත්වය සිද්ධ වේනනේ මෙහෙමයි. සින්ක් hydroquinone ලෙසින් ක්‍රියාකාරී වීමෙන් මේ ඔක්සිඩේට් වෙහෙසකර තත්වයට එරෙහිව කටයුතු කරනවා. මේ කාබනික hydroquinone සුපිරි ඔක්සයිඩ් තත්වය නිසා පිලිකා වැනි මාරාන්තික තත්වයන්ගෙන් පවා ආරක්ෂාව ලබා ගැනීමට පුලුවන් බව මේ අධ්‍යනය මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ වගේම සහ චොකලට්වල සින්ක් එකතු වීම නිසා නිර්මාණය වෙන superoxide dismutase enzyme එන්සයිමය මගින් වයසට යෑම බොහෝ දුරට පාලනය කර ගන්නත්  පුලුවන් වෙනවා. ඒ නිසා ඔබේ දරුවන් අනාගතයේදී වයසට වඩා තරුණව සිටීමට වාසනාවන්තයන් වේවි. මේ අතිවිශේෂ ඔක්සයිඩ් සංයෝගය මගින් ආහාර පරිවෘතත්කි ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වා ගැනීමටත් යම් යම් හානි සිදු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාවනුත් මග හැරීමට තරම් ශක්තිමත්.

දැන් ඉතින් ඔබත් තේ කෝපි වගේම චොකලට් දරුවාට දීමට බිය වෙන්න එපා.

Journal reference: Nature Chemistry

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article