බේබි ටෝක්…

mother-talking-with-baby

තොටිල්ලේ ඉන්න අපේ පුංචි පැටියන්ට බහ තෝරන්න තව කල් තිබෙන බව ඇත්ත. ඒත් මේ කිරිකැටියෝ අපිත් එක්ක අදහස් සන්නිවේදනය කරන්න හරිම කැමැත්තෙන් ඉන්න බව දැන් මනෝවිද්‍යාඥයින් විසින් හොයා ගෙන තිබෙන සත්‍යක් බවට පත් වෙලා තිබෙනවා. මේවා අහන අපේ අත්තම්මලානම් මෙහෙම කියාවි “අපි නම් ඉස්සර පුංචි ඈයෝ එක්ක මොනවා හරි දොඩවනවා…” එතකොට පුංචි දරුවන් කථාවට මොන තරම් ආසාවක් දක්වනවාද කිව්වොත් ඒ ගොල්ලන් කියන්නේ කටෙන් කෙල පුම්බන්නේ එයාලත් අපේ කතාබහට සම්බන්ධ වෙන්න තිබෙන උත්තේජනය නිසයාලු. හැබැයි මේ අය නම් විද්‍යාත්මක හේතු අනුව නොවෙයි. තමන්ගේ දරුවන්, මුණුපුරන් ඇසුරින් ලද් අත්දැකීම් අනුව තමයි මේ නිගමන ගොඩ නගා ගත්තේ.

දෙමව්පියන්ගෙනුත් උත්තර අවශයි …

අම්මලා අහන ප්‍රශ්න වලට දරුවාට උත්තර දෙන්න තවම භාෂාව දන්නේ නැහැනේ. බබාගේ භාෂාව අම්මාට, තාත්තාට තේරෙන විදිහට සන්නිවේදනය කරන්න බැරි වුනාම පුංචි වුනත් හිතට යම් පසුබෑමක් ඇති වෙන බව දැන් අධ්‍යන මගින් පෙනී ගිය කරුණක්. ඒ නිසා ඔවුන් දෙමව්පියන්ට ලබා දෙන අවවාදය වෙන්නේ ඔබ දරුවාගෙන් යම් පැනයක් අහලා එතැනින් නවතින්න එපා. ඒ වෙනුවෙන් පිලිතුරත් ලබා දෙන්න. දරුවා සෑහීමට පත් වෙන්නේ එවිටයි.

බබාට බඩගිනියිද..? අහලා එතැනින් නවතිනන් එපා. “පුතුට බඩගිනියිනේ… අම්මා කිරි දෙන්නං… බබාගේ බන්ඩිය පිරුනානේ… ඔව් දැන් බඩ පිරිලා…” මේ විදිහට දරුවාගෙන් ලැබෙන පිලිතුර දෙමව්පියන් විසින්ම ලබා දීම නිසා පුංචි පැටියා මහත් සතුටට පත් වෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

දරුවා සමග කතාව …

හය හතර නොතේරෙන පැටියා පැත්තතට කරල තම තමන්ගේ වැඩපොල කර ගැනීමත් එතරම් සතුටුදායක තත්වයක් නොවෙයි. දරුවන්ටත් සමාජය අවශයි. මීට කලකට පෙරාතුවත් සමාජ විද්‍යාඥවරියක වන “මාගරට් මීඩ්” විසිනුත් පෙන්වා දී තිබුනේ පවුලේ බොහෝ දෙනෙක් ඇසුරේ හැදෙන දරුවන් හුදෙකලාව හැදෙන දරුවන්ට වඩා සන්නිවේදන හැකියාවන්ගෙන් සංවර්ධනය වී සිටින බවයි. අම්මා , තාත්තා දරුවා සමග කතා බහ කරන කාලය තක්සේරු කිරීමට ඇය උපාංග නිවසේ සවි කිරීමෙන් ලබා ගත් දත්ත විශ්ලේෂණයෙන් මේ බව පෙන්වා දී තිබුණා. එහිදි ඇය පැහැදිලිවම පෙන්වා දුන්නේ දෙමව්පියන් ඇසුරේ වැඩි කාලයක් කතා බහ සමග ගෙවන දරුවන්ගේ භාෂා පමණක් නොව සන්නිවේදන හැකියාවන්ද ඉතාම දියුණු තත්වයක පැවැති බවයි.

අලුත් අධ්‍යනයක් … “බේබි ටෝක්”

දරුව්නගේ කතා බහ වැඩිදියුණු වීම වෙනුවෙන් අම්මා තාත්තාගේ දායකත්වය අළලා  අලුත්ම අධ්‍යනයක් මෑතකදී සිදු වුණා. වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ඉගෙණුම් සහ මොළය සංවර්ධනය පිලිබඳ අංශයේ  මහාචාර්ය “නාරා ෆර්ජාන් රම්රිස් ( Naja Ferjan Ramírez )” විසින් සිදු කරන ලද මෙම අධ්‍යනයට පවුල් 77 ක මාස හයක් වයසැති දරුවන් සම්බන්ධ කර ගත්තා. තවත් පවුල් කීපයක දරුවන්ද මේ අධ්‍යනයට සම්බන්ධ කර ගෙන එක් කොටසක් වෙනුවෙන් “බේබි ටෝක්” වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඔවුන් ලබා දුන් උපදෙස් වුනේ දරුවන්ගේ බසට සමීප වෙමින් ඔවුන් සමග කථා කිරීම වගේම යම් යම් වචන අවධාරනය කරමින් නැවත නැවත කීම වගේම සුරතල් ආකාරයට ඔවුන් සමග මේ වචන හුවමාරු කිරීමයි.

මාස දහහතරකින් පසුව මේ දත්ත විශ්ලේෂනය කරන විට පැහැදිලිව පෙනී ගියේ “බේබි ටෝක්” සමග සම්බන්ධ වුන දරුවන්ගේ වාග් කෝෂයත් වඩා පුලුල් ව තිබුනා පමණක් නොව, ඔවුන්ගේ සන්නිවේදන හැකියාවත් “බේබි ටෝක්” වැඩ සටහනට සම්බන්ධ නොවුන දරුවන්ට වඩා දියුණු මට්ටමක පැවැති බවයි. ගෙවුන මාස හය සහ දහහතරක් වෙන විට දෙමව්පියන් සමග හොදින් සන්නිවේදනය ගොඩ නගා ගත් දරුවන්ගේ කථන හැකියාවන් 15% ක සංවර්ධනයක් ලබා තිබුනත්, මේ අන්දමින් පාලනය නොකල දරුවන් ඉහත කාල සීමාවේදී ලබා තිබුනේ 7 % ක සංවර්ධනයක් පමණයි.

ඔන්න අපේ දෙමව්පියන්ටත් අවධානය යොමු කළ යුතු අවස්ථාවක්. “අනේ දරුවා වඩා ගත්ත දවසක් මතක නැහැ…” සමහර තාත්තලා මේ විදිහට කිව්වත් අම්මා තාත්තා කොහොම හෝ දරුවා සමග වචන හුවමාරු කර ගෙන පොඩිත්තාත් පවුලේ පුංචි සාමාජිකයෙක් වුනත් වැදගත් චිතයක් බව සිතාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්.

– University of Washington News ඇසුරින්  –
 
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here